ජීවිතයේ සුන්දරම ගමන්මග සහ අසීරුතම ගමන් මග, මිහිබට මේ තාක් නොසිටි අලුත්ම ජීවියක ඇරඹුම. ගර්භණී පළමු මාසය තුළ ගමනේ සුන්දර අත්දැකීම ගැනයි.
ඔබ තුල හටගන්න අලුත් ජිවය කියන්න සුදානම් වෙන මේ කථාව කුමක්ද?
මාස 10 ක්, සති 40 ක් තිස්සේ අදුරු කුටියක ගත කරමින් ඔබේ ලෙයින් පෝෂණය වෙන්න නියමිත මේ පුංචි හාදයා යන ඉරණම් ගමනක පළමු මාසයේ එයාගේ අත්දැකීම් මෙසේ අකුරු වෙන වගයි.
ගර්භණී පළමු මාසය - පළවෙනි නැවතුම

මගේ ජීවිතය පටන් ගත්තේ හරි අපූරු මොහොතක.
අම්මයි තාත්තයි ආදරෙන් වෙලිලා හිටපු මොහොතක, දහස් ගණන් තාත්තාගේ ජාන අරගෙන යන ශුක්‍රාණු අතර එක අති දක්ෂයෙක් පැලෝපීය නාල අසලදී අම්මාගේ ජාන රැගත් ඩිම්බය මුණගැහෙනවා.
ඒ ඩිම්බයේ රලු බිත්තිය බිදගෙන යුක්තාණුවක් හදන්න පුලුවන් වෙන්නත් ඒ අති දක්ෂයාටම විතරයි.
ඒ යුක්තාණුව අම්මාගේ හා තාත්තාගේ ජාන මිශ්‍ර කරලා කිසිදිනෙක මෙලොව නොසිටි අලුත්ම ජීවියෙක් හදන්නයි මේ සුදානම, ස්ත්‍රී පුරුෂ බව නම් තීරණය වෙලා ඉවරයි.

දැන් මේ යුක්තාණුව බෙදෙන්න පටන් ගන්නවා. සෛල දෙකකට ඉන් පස්සේ කිහිපයකට.
ජීවියෙකුගේ හැඩයක් නොගත් මේ සෛල පොදිය පැලෝපීය නාල දිගේ ඇවිත් අම්මාගේ ගර්භාෂයට ඇතුල් වෙනවා.
එහි තියෙන සුවපහසු තැනක ඒ සෛල පොදිය රෝපණය වෙනවා.
ඒ මං මගේ අම්මාට ලෙයින් සම්බන්ධ වෙන පලමුවතාව, අනවසරයෙන්ම මං ඇයගේ ගර්භාෂයේ පුංචි ඉඩක් වෙන් කරගත්තා.

මට මතකයි ඒ අතරේ දවසක් මගේම කියලා හදවතක පළමු රිද්මය පටන් ගත්තා.ඒ හඩ කිව්වේ අම්මේ මං ඔයාට ගොඩාක් ආදරෙයි කියලා.
ඒ වගේම මගේ මුහුණ, ඇස්, කන්, නාසය සහ කට පුංචියට නිර්මාණය වෙන්න පටන් අරන්, අනේ මං අම්මා වගේ වේවිද?
නැත්තම් තාත්තා වගේ වේවිද? මං නම් කැමති දෙන්නා වගේම වෙන්න තමයි.
ඒත් ඉතින් අම්මා වගේ වුනත් තාත්තා වගේ වුනත් මම ඔය දෙන්නාගේම සුදු පැටියා නේද?
මේ එක මාසයක් තුල නැතහොත් මුල් සති තුන තුළ මගේ ජීවයේ නැවතුමයි.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.