theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

5 අවම කියවීම
රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්නරසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

වෙනස්ම විදියට සැර දැනෙන්න දයියා චිකන් කමුද?

කුකුල් මස් රෙසිපි අතර තවත් රසවත්ම රෙසපියක් ඔබ වෙත ගෙන එන්නයි අපේ මේ සුදානම,

පෙපර්  යොදා කුකුළු මස් බැදහෝ ග්‍රිල් කර වැඩිපුර  තක්කාලි ඉස්ටුවක් එක්කර සකස් කරගන්නා රසවත් කරියක් සකස් කරන ආකාරය අපි බලමු.

මේ රෙසපිය නයිජිරියාවේ නිවාස වල හැදෙන රසවත් ආහාරයක්. ශ්‍රී ලාංකික අපිත් එය රස විදලා බලමු නේද?

මෙම රසවත් කරිය චුට්ටක් සැර වුනත් ටිකක් ලොකු දරුවන් නම් එහි රසයට  කැමති වේවි. මෙහි විශේෂත්වය නම් එය සකස් කිරීම පහසු වීමයි. අමුත්තන්ට පිළිගන්වන්න වුවත්  මෙය කදිම ආහාරයකි.

ඔන්න බලන්නකෝ මෙය කොතරම් රසවත්ද කියනවා නම් එක් වරක් රස බැලුවොත් ඊලග වර නම ඇහෙන කොටත් කටට කෙළ වුනාවි.

කුකුල් මස් රෙසිපි : කටට සැර කුකුළු මස් කරිය

රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

මෙම පෙපර් යෙදු  කුකුළු මස් කරිය සදහා වු  වට්ටෝරුවේ රස වැඩි කර ගන්න  බැදපු මස්, මාළු සමඟ එකතු කරන්න පුළුවන්. ලොකු ඉස්සන් එකතු කිරීමෙන් රස දෙගුණයක් කරගන්න පුළුවන්.

ඔන්න එහෙනම් අලුතින් ඉගෙන ගන්න රසවත් කුකුල් මස් කරිය හදලා පවුලේ හැමෝම එක්ක රස විදින්න.

කුකුල් මස් රෙසිපි සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

  • කුකුල් කකුල් 20 ක්
  • ලොකු තක්කාලි ගෙඩි 3 ක්
  • පිසින තෙල් හැදි 2 1/2
  • රතු බෙල් පෙපර් 2 ක්
  • ලොකු ළූණු 2 ක්
  • කොච්චි මිරිස් 2 ක් හෝ 3 ක්
  • අඹරන ලද ඉඟුරු තේ හැදි 1 
  • කුකුළු මස් තම්බා ගත් වතුර  කෝප්ප 11/2
  • සුදුළූණු බික් 3
  • තක්කාලි ඉස්ම ග්‍රෑම් 70 
  • තුනපහ තේ හැදි 1/2
  • තයිම් තේ හැදි ½
  • සුප් කැට
  • රස අනුව ලුණු

කුකුල් මස් රෙසිපි එක සකස් කරන ආකාරය 

රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න

  • කුකුළු මස් හොඳින් පිරිසිදු කර ගන්න.
  • මේ සෝදා ගත් මස් ටික විශාල බදුනකට දමාගන්න. එයටම  ළූණු, තුනපහ, තයිම් , ගම්මිරිස්, සුප් කැට සහ ලුණු දමා හොදින් තවර ගන්න.
  • ඉගියක් - කුකුළු මස් චිකන් සුප්  කැට සමඟ වල රැයක් පෙගෙන්න හැරීමෙන් රස වැඩි කරගන්න පුළුවන්. සුදුළූණු කුඩු, මිශ්‍ර ඖෂධ පැළෑටි, ඇරෝමැට් කුළුබඩු සහ සූරියකාන්ත තෙල් රස වැඩි කිරීමට උපකාරී වෙනවා.
  • කුකුල් මස්  ඉහත රස කාරන වල පොගවා ගත්තත් පිසීමට පෙර කුකුළු මස් නැවත කුළුබඩු වල දවටා ගැනීම අවශ්‍ය වෙනවා.  එය ඉතා රසවත් කිරීමට ත වග බලා ගන්න. 
  • ඉස්ටුවක් පිළියෙල කිරීමේදී මස් වතුර භාවිතා කිරීම අවශ්‍ය වෙනවා.
  • මස් තම්බා මෘදු  වූ විට, කුකුළු මස් ග්‍රිල් කරන්න නැතිනම් ගැඹුරු තෙල් වල බැදගන්න. එසේ සකස් කල මස් පසෙකින් තබන්න.
  • පෙපර්, තක්කාලි , කොච්චි, ළූණු ගෙඩියක් සහ ඉඟුරු වලින්  සුමට පේස්ට් එකක් සකස් කර පසෙකින් තබන්න. 
  • ඔබට අවශ්‍ය නම් මෙම මිශ්‍රණය මෘදු නොකර මදක් තලා ගන්නත් පුළුවන්.
  • විශාල බදුනක් ලිප මත තබා සාමන්‍ය ගානට ගින්දර යොදා  තෙල් හැඳි 2 ක් බදුනට එක් කරන්න.
  • එය රත්වෙන  විට, කපා ගත් ළූණු ගෙඩියකින්  1/2 ක් එකතු කරන්න. එය රන්වන් පැහැ වෙන තුරු බැදගන්න
  • සුදුළූණු එක් කර සුවඳ එන තෙක් බැද ගන්න. සුදුළූණු පිච්චෙන්න හරින්න එපා. 

  • ඉන්පසු එයට  කලින් සකස් කල මිරිස් මිශ්‍රණය, තුනපහ තේ හැදි 1/2 , තයිම් , සුප් කැට 3 ක් සහ ලුණු එකතු කරන්න.
  • පමණට වඩා මිශ්‍රණය මස් වල දවටා නොගැනීමට වගබලා ගන්න.
  • දැන් තක්කාලි ඉස්ම එකතු කරන්න. මෙය පිළිස්සීමෙන් වලක්වා ගැනීමට  මිනිත්තු 5 ක් නොකඩවා කලවම් කරන්න.  
  • ඔබට පසුව මස් තැම්බු වතුර එකතු කිරීමට ඇති බවත් එහිත් ලුණු අඩංගු බවත් ලුණු එකතු කිරීමේදි මතක තබා ගන්න.
  • පෙපර් අඩකින් පමණ අඩු වන තුරු  මිනිත්තු 10-15 ක් පමණ මෙය බැදෙන්න හරින්න. 
  • එය බැදෙන තුරු , කුඩා භාජනයක් ලිප මත සාමාන්‍ය ගින්දරේ තබා තෙල් හැදි 1 ක් එක් කරන්න.
  •  එය රත් වු විට, ලියා ගත් ළූණු එකතු කරන්න. එය  සුවඳ එන තුරු බැදෙන්න හරින්න.
  • රස දෙකෙන්ම යුත් මිශ්‍රණයක් ලබා ගැනීම  සඳහා සුදු සහ රතු ළූණු මිශ්‍රණයක් භාවිතා කරන්න.
  • දැන්, බැදපු හෝ අඹරන ලද කුකුල් මස් එකතු කරන්න.
  • සෝස් එක සෑම  කුකුළු මස් කැබැල්ලක් ආවරණය කරන බවට වග බලා ගන්න.
  •  මිනිත්තු 5-8 අතර කාලයක් අඩු හා මධ්‍යම තාපයේ මේ ඉස්ටුවක් තබන්න.
  • ඉඟිය: ඉස්ටුව  කුකුළු මස් තුළටකා වැදීමට හැකි වෙන පරිදි, ඔබට ටූත් පීක් එකකින් කුකුළු මස් වල කුඩා සිදුරු සිදුරු හදනන් පුළුවන්.

කුකුල් මස් රෙසිපි

  • ඔන්න දයියා කුකුල් මස් එක උණු උණුවෙන්ම මේසයට යන්න  සුදානම්
  • තව මද වේලාවක් ස්ටුව ලිප මත තිබෙන්න හැරීමෙන් එහි රසවත් බව වැඩි කරගන්න පුළුවන්.

කුකුල් මස් වල පෝෂණය 

නොපිසු මස් ග්‍රෑම් 100 ක පෝෂණ අගය:

  • ජලය - 73 ග්රෑම් (3% පෝෂක)
  • ප්‍රෝටීන - ග්‍රෑම් 23.6 (පෝෂ්‍ය පදාර්ථ 39%)
  • මේද - 1.9 ග්රෑම් (3% පෝෂක)
  • කාබෝහයිඩ්රේට් - 0.4 ග්රෑම් (0.2% පෝෂක)

කුකුල්ට මස් වල විටමින්

  • විටමින් ඒ (රෙටිනෝල්) - 8 mg.
  • විටමින් බී 1 (තයමින්) - 0.068 mg.
  • නියාසින් (vitamin බී 3 හෝ පීපී) - 10,604 mg.
  • විටමින් බී 2 (රයිබොෆ්ලැවින්) - 0.092 mg.
  • විටමින් බී 5 (පැන්ටොතනික් අම්ලය) - 0.822 mg.
  • ෆෝලික් අම්ලය (vitamin බී 9) -  4 mcg.
  • විටමින් බී 6 (පිරිඩොක්සීන්) - 0.54 mg.
  • විටමින් බී 12 (සයනොකොබලමින්) - 0.38 mcg.
  • කොලීන් (vitamin බී 4) - 65 mg.
  • විටමින් ඊ (ටොකෝෆෙරෝල්) - 0.22 mg.
  • විටමින් කේ (ෆිලෝක්වීනෝන්) -  2.4. mcg.

ඛනිජ

  • පොටෑසියම් - 239 mg;
  • කැල්සියම් - 12 mg;
  • මැග්නීසියම් - 27 mg;
  • සෝඩියම් 68 mg;
  • පොස්පරස් - 187 mg.
  • යකඩ - 0.73 mg;
  • මැන්ගනීස් - 18 mcg;
  • තඹ - 40 mcg;
  • සින්ක් - 0.97 mg;
  • සෙලේනියම් - 17.8 mcg.

කුකුල් මස් වල ගුණ 

  • විෂ නාශක ගුණ සහිතයි
  • රක්තහීනතාවය සඳහා රෝග නිවාරක කාරකයක් ලෙස ක්‍රියා කරයි
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහය දක්වමින් ප්‍රතිශක්තිය ඉහළ නංවයි.
  • ප්‍රජනක ක්‍රියාකාරිත්වයට වාසිදායක බලපෑමක් ඇති කරයි.
  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
  • අස්ථි සහ මාංශ පේශි ශක්තිමත් කරයි.
  • කොලෙස්ටරෝල් අඩු කරයි.
  • රුධිර පීඩනය ස්ථාවර කරයි.
  • සීනි මට්ටම අඩු කරයි.
  • මුළු ශරීරය සඳහාම ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි
  • පරිවෘත්තීය ක්‍රියාවලීන් සාමාන්‍යකරණය කරයි.

ඔබ ලගත් මෙවැනි වෙනස් විදියේ රසවත් රෙසපි තියෙනවාද? එහෙනම් ඒවා අපිත් සමග බෙදා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

මුල් රචනය:AyeeSha

අමතර මුලාශ්‍ර - පෝෂක සංයුතිය හා ගුණ පිළිබද තොරතුරු si.pastureone.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • රසම රස කටට සැර කුකුළු මස් කරියකට කදිම වට්ටෝරුවක් මෙන්න
බෙදාගන්න :
  • රසම රස බටර් චිකන් රෙසිපියක්

    රසම රස බටර් චිකන් රෙසිපියක්

  • අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

    අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

  • රසම රස බටර් චිකන් රෙසිපියක්

    රසම රස බටර් චිකන් රෙසිපියක්

  • අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

    අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it