සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

දරුවන්ගේ වර්ධනය සති 1 ක බබාගේ වර්ධන සංධිස්ථාන

දරුවන්ගේ වර්ධනය සති 1 ක් වෙන විට ඔබේ දරුවා සුන්දර හුරුබුහුටි දරුවෙක් නේද?

මාස නවයක් කුස දරා සිටි ඒ කිරි හීනය සැබෑ වෙලා දැන් සතියක් තිස්සේ ඔබේ දෝතේ හිනා වෙනවා නේද?

ඔබගේ අලුත උපන් දරුවාගේ ජීවිතයේ පළමු සතිය තුළ සංවර්ධනය සම්බන්ධයෙන් ගොඩාක් දේවල් සිදුවනු ඇතැයි ඔබ නොසිතුවත් එය එසේ නොවේ.

දරුවන්ගේ වර්ධනය සති 1

සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

ශාරිරික සංවර්ධනය

ඔබේ සති 1 ක් වයසැති දරුවා පිරුපුන්ව පෙන්වන මේද තට්ටු  තවමත් වර්ධනය වී නැහැ.

තව මාස කිහිපයකින් මේ පුංචි මිනිසා පෙරලීමට සුදානමින් සිටියි. නමුත් ඔබේ දරුවා තමයි ලෝකයේ සුන්දරම දරුවා.

මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවාගේ මධ්‍ය දිග හා බර * පහත පරිදි වෙනවා.

පිරිමි ළමයින්

- දිග: 49.8 cm (අඟල් 19.6)

- බර: 3.3 kg (රාත්තල් 7.4)

ගැහැණු ළමයින්

- දිග: 49.2 cm (අඟල් 19.4)

- බර: 3.3 kg (රාත්තල් 7.3)

ඔබේ දරුවාගේ හිස වට ප්‍රමාණය *  පහත පරිදි වෙනවා.

පිරිමි ළමයින්: සෙන්ටිමීටර 34.5 (අඟල් 13.6)

ගැහැණු ළමයින්: සෙන්ටිමීටර 33.9 (අඟල් 13.3)

ශරීරයේ සෙසු කොටස් හා සැසඳීමේදී ඔබේ දරුවාගේ හිස විශාලව පෙනෙනවා.

ඔහුගේ / ඇයගේ අත් පා සිහින් හා දිගු වෙනවා. මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයකි.

දවස පුරාම ඔබේ දරුවා දෙස ඔබ පුදුමයෙන් බලා සිටියත්, ඔහු / ඇය ඔබ දෙස නැවත බැලුවේ නැත්නම් කලබල වෙන්න එපා.

ළදරුවාගේ ඇස් පෙනීම තවමත් වර්ධනය වෙමින් පවතින අතර ඔහුට / ඇයට  සමීප දර්ශන පමණක් දකින්න පුළුවන්.

එමනිසා, ඔබේ සති 1ක් වයස දරුවා ඔබේ  ඇස් දෙස ගැඹුරින් බලා සිටීම වෙනුවට, ඔබේ ඇහිබැම, හිසකෙස් හා ඔබේ මුඛය දෙස බලා සිටිනු ඔබට දකින්න පුළුවන් වේවි.

ඔහු / ඇය සමහර විට ඇස් වපර කර බලන්න පුළුවන්. මේ සියල්ල සම්පුර්ණයෙන්ම සාමාන්‍යයයි.

ඔබේ හිස සෙමෙන් සෙමෙන් දෙපසට ගෙන යාමෙන් ඔබේ දරුවාගේ ඇස් පෙනීම ශක්තිමත් කරගන්න.

ඔහුගේ / ඇයගේ දෑස් ඔබ හා එහා මෙහා යනවාදැයි බලන්න. මෙය කිරීමෙන්, ඔබ ඔහුගේ / ඇයගේ අක්ෂි මාංශ පේශි ශක්තිමත් කිරීමට දායක වෙනු ලබනවා.

එසේම, පාට පාට ගොඩක් සහිත ළදරු සෙල්ලම් බඩු වෙනුවට, කළු, සුදු සහ රතු වැනි ඉහළ වෙනස්කම් ඇති වර්ණ සහිත සෙල්ලම් බඩු තෝරන්න.

ඔබේ දරුවා මාස හයක් පමණ වන තුරු, ඔහුට / ඇයට වඩාත්ම දැකිය හැක්කේ මෙම වර්ණයි.

මෙම වර්ණ මගින් ඔබේ කුඩා දරුවාට ඔහුගේ / ඇයගේ ඇස් පෙනීම වර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට හැකි වෙනවා.

ඔබේ දරුවා ඉපදී පැය 24 කට පසු ඔහුගේ / ඇයගේ පෙකණි වැලෙහි අග කොටස  ඉවත් කරන්න ඇති නේද?

එසේ නැතිනම් ඔබ රෝහලෙන් පිටවීමට පෙර එය ඉවත් කර ගැනීම  ඩයපර් වෙනස් කිරීමට පහසුවක් වේවි.

ඔබේ දරුවාගේ පෙකණියේ අග කොටසේ මොන වගේ විය යුතුද?

සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

උපන් වහාම එය සුදු හා දිලිසෙන පෙනුමක් සහිත වෙන්න පුළුවන්.

සති කිහිපයක් ගත වෙන විට එහි  වර්ණය දුඹුරු, අළු හෝ කළු පැහැයට වෙනස් වෙන අතර එය වියලී සුව වෙනවා.

පෙකණියේ අග කොටස සාමාන්‍යයෙන් තනිවම වැටෙනු ලබනවා.

සුව කිරීම ප්‍රවර්ධනය කිරීම සදහාත් සහ ආසාදනය ඇතිවීම වැළැක්වීම සඳහාත් එයට  නිසි රැකවරණයක් ලබා දීම ඉතා වැදගත් වෙනවා. ඒ සම්බන්ධ උපදෙස් සොයා බලා දැනුවත් වෙන්න.

ඔබේ දරුවාගේ ලිංගේන්ද්‍රය  සහ පියයුරු ටිකක් ඉදිමී ඇති බවක් දකින්නට පුළුවන්. මෙය සාමාන්‍ය දෙයක් නිසා ඔබ එය දුටුවොත් කලබල වෙන්න එපා.

එසේ වන්නේ ඔබේ ගර්භාෂය තුල සිටියදී ඔබේ දරුවා අවශෝෂණය කරන හෝමෝනවල නිසයි.

එසේම, ඔබේ දරුවාගේ පහලට නැවුන ඝන රෝම ආවරණයක් පිටුපස ප්‍රදේශයේ, උරහිස් සහ නළලෙහි දකින්න පුළුවන්.

මෙම සිනිඳු රෝම ලනුගෝ ලෙස හැඳින්වෙන අතර ගර්භාෂයේදී ළදරුවන්ගේ සම ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. ඒවා සති කිහිපයක් ගත වෙන විට හැලී යනවා.

පහත ගැටලු ඇතිනම් වෛද්‍යවරයා හමුවෙන්න

  • ඔබේ දරුවාගේ පෙකණියේ අග කොටසින් ගන්ධයක් සහිතව සැරව පිටවෙනවා නම්

මානසික සංවර්ධනය

ඔබේ  දරුවා ගර්භාෂයෙන් පිටට ඇවිත් සතියක් ගත වෙලා වුනත් ඔබව හොඳින් හඳුනයි.

දරුවා ගර්භාෂය තුල සිටියදි ඔබ  ඔහුට / ඇයට ගායනා කල නිසාත් කතා කළ නිසාත් ඔබේ දරුවා ඔබේ කටහඩ දනී.

ඔබේ දරුවා කුස තුල සිටියදි බණ්ඩියට එල්ල කල පා පහරවල් ස්පර්ශ කල නිසා ඔහු / ඇය ඔබේ ස්පර්ශය දනී.

ඔහු / ඇය මව්කිරි බොනවිට   ඔබේ පියයුරු වලට නාසය තද කරන නිසා දැන්, ඔබේ දරුවා ඔබේ සුවඳ දනී.

මව්වරුනි,  ඔබේ ස්පර්ශය, ආදරය සහ කටහඩ යන සියල්ලම එකට වැඩ කිරීමෙන් ඔබේ දරුවාට ආරක්ෂිත බවක් ලබා දෙනවා.

නමුත් ඔබ වැඩි වැඩියෙන් ඔබේ දරුවා ස්පර්ශ කිරීම, ඔසවා ගෙන සිටීම  හා හුරතල් කිරීම මගින් ඔහුගේ / ඇයගේ මොළය වැඩි වැඩියෙන් ප්‍රතිචාර දක්වන අතර වර්ධනය වන බව ඔබ දන්නවාද?

ඒ නිසා ඔබ දරුවා හා කරන කතාබහ දරුවාගේ හැගීම් හා මානසික සංවර්ධනයට දිරි දෙන බව දැන දැනම ඔබේ කුඩා දරුවා සමඟ දිගටම කතා කරන්න.

දරුවන්ගේ වර්ධනය සති 1 :පෝෂණය හා සෞඛ්‍යය

සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

මෙම වයසේදි ඔබේ දරුවාගේ එකම පෝෂණ ප්‍රභවය වන්නේ මව්කිරියි.

මව්කිරි වල ප්‍රතිදේහ සහ ඛනිජ හා විටමින් වැනි වැදගත් හා වටිනා පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා.

ඔබේ මව්කිරි වල අඩංගු මෙම සංරචක මගින් සති 1 ක් වයසැති දරුවා විවිධ රෝගවලින් ආරක්ෂා කිරීමට උපකාරී වන අතරම ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වෙනවා.

කිසියම් හේතුවක් නිසා ඔබට මව්කිරි දීමට නොහැකි නම්, ඔබේ අලුත උපන් දරුවාට ලැබිය යුතු අනෙක් ආහාරය අලුත උපන් දරුවන් සදහා වන මව්කිරි ආදේශක පමණි.

සාමන්‍යයෙන් ඔබේ දරුවාගේ වර්ධනයට දිනකට කැලරි 368.7 ක් පමණ අවශ්‍ය වෙනවා.

මෙම අවස්ථාවෙහිදී ඔබේ දරුවා සඳහා ලබා දිය යුතු මව්කිරි / මව්කිරි ආදේශක ප්‍රමාණය:

  • මව්කිරි: අවුන්ස 19.3-30.4
  • මව්කිරි ආදේශක: අවුන්ස 16 - 24

ඔබේ කුඩා දරුවා දැනටමත් ඔබේ "රන් කිරි" නැතිනම්  උපතේදී නිපදවූ කොලස්ට්රම් වලින් ප්‍රතිලාභ ලබා ගෙන තියෙනවා.

ඔබ තවමත් එය නිෂ්පාදනය කරමින් සිටිනවා වෙන්න පුළුවන්.

කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ ජීවිතයේ දෙවන හෝ තුන්වන දිනය වන විට, ඔබේ දරුවාගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඔබේ කිරි සංයුතිය වෙනස් වෙනවා.

  • බබාට කිරි ඉල්ලන විට ලබා දෙන්න: ඔබ වෙහෙසට පත්ව සිටින බවත් නින්ද නොයන බවත් අපි දන්නවා. ඒ වගේම ඔබේ කුඩා දරුවාට පෝෂණය හෝ නිදාගැනීමේ රටාව පාලනය කළ නොහැකි අතර ඉල්ලුමට අනුව මව්කිරි ලබා දිය කළ යුතුය. එනම් කුසගින්න පිළිබඳ පහත දැක්වෙන සලකුණු ගැන ඔබ විමසිල්ලෙන් සිටිය යුතුය. හිස ගැස්සීම, මුව විවර කිරීම, අත උරාබීම වැනි ලක්ෂණ ඇත්නම් ඔබ මව්කිරි දීමට සුදානම් වෙන්න.

  • ඔබේ සති 1 ක් වයසැති දරුවාට ආහාර අතිරේකව සැපයීම අවශ්‍ය නැහැ. ඔහුගේ / ඇයගේ බඩ කිරිගරුඩ කැටයක ප්‍රමාණය පමණ වන අතර ඔබේ මව්කිරි වලට වඩා වැඩි යමක්  ලබා දුන් විට ඔහු / ඇය වමනය කිරීමට හේතු වෙනවා.
  • දින තුනක් හෝ පහක් පමණ වන විට ඔබේ කිරි ප්‍රමාණය වැඩි වෙනවා. කිරි නිෂ්පාදනයේ වැඩි වීමක් පෙන්නුම් කරන ඔබේ පළමු "පසුබෑම" ඔබට අත්විඳින්න පුළුවන්.
  • ඔබේ කිරි එරෙන  විට ඔබට පියයුරු වල කිරි පිරීම අත්විඳිය හැකිය. මෙය හැසිරවීමේ උපක්‍රමය නම් ඔබේ දරුවා පියයුර තදින් අල්ලා ඇති බව සහතික කිරීම සහ මව්කිරි දෙන බොහෝ විට ඔබේ පියයුරු හිස් කිරීමයි.
  • ඔබේ පියයුරු පිරි යන විට ඔබේ තනපුඩු සමතලා වී ඇති අතර, එය දරුවාට මුවට ගැනීමට අපහසු වෙනවා, කිරි ටිකක් අතින් දොවා ඉවත් කිරීමට උත්සාහ කරන්න.

ඔබට මව්කිරි දීමේ ගැටලුවක් තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා හෝ මවි කිරි උපදේශකයෙකු සමඟ කතා කර උපදෙස් ගැනීමට මතක තබා ගන්න.

මව්කිරි දෙන ළදරුවන් ජීවිතයේ පළමු දින තුන තුළ ටිකක් බර අඩු වෙනවා. මෙය සාමාන්‍ය දෙයකි.

සියයට පහේ සිට හත දක්වා පරාසය තුල අඩුවීම සාමාන්‍ය වෙනවා.

ඔබේ සති 1 ක් වයස වු දරුවාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන විට, ඔහුගේ / ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින බවත්, ඉතා අවදානමට ලක්විය හැකි බවත් මතක තබා ගන්න.

ඔබේ දරුවා සිප ගැනීමට විශේෂයෙන් දරුවාගේ  මුහුණ සහ අත් සිප ගැනීමට අන් අයට ඉඩ නොදිය යුතුය.

එසේම, ඔබේ දරුවාගේ මුහුණ මත සිප ගැනීමෙන් වළකින ලෙසත්, ඔබේ කුඩා දරුවා අල්ලා ගැනීමට පෙර අත් සේදීම ගැනත් පවුලේ සාමාජිකයන්ට මතක් කරන්න.

දරුවන්ගේ වර්ධනය සති 1 : එන්නත සහ පොදු රෝග

උපතේදී, ඔබේ කුඩා දරුවාට පහත සඳහන් එන්නත් ලබා දිය යුතුයි.

  • BCG: ක්ෂය රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණය
  • හෙපටයිටිස් බී - 1 වන මාත්‍රාව: හෙපටයිටිස් බී වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය

බීසීජී එන්නත ලබා දීමෙන් අනතුරුව දින දෙක තුනකට පසු සාමාන්‍යයෙන් කුඩා රතු ගැටිත්තක් එන්නත් කරන ස්ථානයේ දිස්වෙනවා.

මෙම ගැටිත්ත ප්‍රමාණයෙන් වැඩි වී පැසවා තුවාලයක් බවට වර්ධනය වෙනවා. කබොල වැටීමෙන් පසු කැළලක් ඉතිරි වෙනවා.

මෙය සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් මිස අතුරු ආබාධයක් නොවේ.

ඊළඟ එන්නත් නිවැරදිව සොයා බලා නියමිත වේලාවට ලබා දෙන්න.

මෙමවයසේදි  ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවම නොමේරූ බැවින් ඔහු / ඇය සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලට ගොදුරු වෙනවා.

අලුත උපන් බිළිඳකු තුළ සෙම්ප්‍රතිශ්‍යාව දරුණු ප්‍රතිවිපාක ලබා දෙන්න පුළුවන්.

එමනිසා, ඔබේ දරුවා අතපත ගාන ඕනෑම අයෙකු නිතරම අත් සේදීම ඇතුළු දැඩි සනීපාරක්ෂක පුරුදු වල  නියැලී සිටින බවට වග බලා ගන්න.

ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ කැස්සක් ඇත්නම් මාස්ක් පළඳින්න.

පවුලේ වෙනත් සාමාජිකයන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට  හෝ අසනීප වූ අය සුව වන තුරු ළදරුවන්ගෙන් ඈත්ව සිටිය යුතුය.

අවසාන වශයෙන්, මාරාන්තික HPV වෛරසය ඔබේ කුඩා දරුවාට සම්ප්‍රේෂණය විය හැකියි.

ඒ බැවින් ඔබ ඇතුළු කිසිවෙකු ඔබේ දරුවාගේ / ඇයගේ මුහුණ, මුඛය, අත් හෝ පාද මත සිප නොගන්නා බවට වග බලා ගැනීම වැදගත් වෙනවා

දරුවන්ගේ වර්ධනය සති 1 : අලුත උපන් දරුවා රැකබලා ගැනීම  

ඔබේ දරුවාගේ ජීවිතයේ මුල් සති කිහිපය තුළ දරුවාට ප්‍රමාණවත් මවිකිරි ලැබෙනවාද යන්න පරීක්ෂා කිරීමට  ඩයපර් පරීක්ෂා කරන්න.

දරුවා ඔබේ මව්කිරි පානය කල වහාම මළ කොළ, දුඹුරු පැහැයක් ගන්නා අතර ඊට පසු, එය කහ පැහැයට හැරෙනවා

කහ පාට මළපහ වල ඇට සහිත, අබ ක්‍රීම් වැනි පෙනුමක් තියෙනවා.

ඔහුගේ / ඇයගේ කිරි ප්‍රමාණය වැඩි වන විට වැඩිපුර ඩයපර් තෙත් වන බවද ඔබට දකින්න පුළුවන්.

සති 1 ක් වයසැති ළදරුවෙකුට සාමාන්‍යයෙන් පැය 24 ක් තුළ මළපහ කල ඩයපර් තුනක් හෝ පහක් පමණ මාරු කල යුතු වෙනවා.

කෙසේ වෙතත්, එය ළදරුවා ගෙන් ළදරුවාට වෙනස් වෙනවා.

සමහර ළදරුවන් සෑම ආහාරයකින්ම පසු මළ පහ පිටකරන අතර තවත් සමහර ළදරුවන් ආහාර වේල් කිහිපයකින් පසු විශාල මළපහ ප්‍රමාණයක් පිට කරයි.

ඔබ දිනකට  මුත්‍රා ඩයිපර පහක් හෝ හයක් මාරු කිරීමට සිදුවෙනවා.

ඔබේ අලුත උපන් බිළිඳාට පළමු වරට ස්නානය කිරීමට ඔබ බියවෙන්න පුළුවන්.

නමුත් එය නිසි උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂිතව කරන්න පුළුවන්.

දරුවන්ගේ වර්ධනය සති 1 :අලුත උපන් දරුවාගේ  ආරක්ෂාව

මව්වරුනි, ඔබේ දරුවා තවමත් ශක්තිමත් නොමැති බව මතක තබා ගන්න.

ඔබ ඔහු / ඇය ඔසවා ගෙන විට හා ඔහු / ඇය ස්නානය කරන විට  ඔහුගේ / ඇයගේ බෙල්ලට අතක් තබාගන්න.

ඔබේ දරුවාගේ හිස මත තෙල්වල ආසන්නයේ මෘදුව අල්ලන්න.

හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS) ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා, සෑම විටම ළදරුවා  නිදි කරවන විට ඔහුගේ / ඇයගේ උඩුකුරුව පැතලි තැබීමට මතක තබා ගන්න.

අමතර ඇඳ ඇතිරිලි, බ්ලැන්කට්, කොට්ට හෝ මෘදු සෙල්ලම් බඩු ඇඳේ නොතබන්න.

දරුවන්ගේ වර්ධනය සති 1 : නව දෙමාපියන්ගේ සුවතාවය

ගැබ්ගැනීමේ සිට සැබවින්ම ඔබේම දරුවෙකු ලැබීම දක්වා වූ හදිසි වෙනස ඔබට විශාල ලෙස දැනෙන්න පුළුවන්.

මේ නිසා, විශේෂයෙන් මාතෘත්වයේ මුල් දිනවල ඔබට ඕනෑ තරම් සහයෝගය ලබාගන්න.

මෙම අවස්ථාවේදී ඔබේ සහකරුට කළ නොහැකි එකම දෙය මව්කිරි දීමයි. නමුත් ඔබ හොඳින් සජලීකරණය වී ඇති බව සහතික කිරීමෙන් ඔහුට මේ සදහා  ඔබට සහාය වෙන්න පුළුවන්.

ළදරුවා ස්නානය කිරීම සහ ඩයපර් වෙනස් කිරීම වැනි කාර්යයන් දෙදෙනා අතර බෙදාගන්න.

ඔබ තුළ තවමත් බොහෝ හැඟීම් සහ හෝමෝන පැතිරී ඇති බව මතක තබා ගන්න. ඇතැම් විට අධික ලෙස දැනීම සාමාන්‍ය දෙයකි.

කෙසේ වෙතත්, ඔබ අසාමාන්‍ය ලෙස මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම්, ඔබේ කුඩා දරුවා සමඟ කිසිදු බැඳීමක් හෝ හැඟීමක් ඇති නොවන්නේ නම්, ඔබ ප්‍රමාදයකින් තොරව ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය.

(*මෙය මධ්‍ය දිග හා බර සහ හිස වට ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව)

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි