theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

5 අවම කියවීම
අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

පැටියාට අවුරුද්දක් සම්පුර්ණයිද? ‌මෙන්න ආහාර සැලසුමක්.

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු ගැන කතා කරන්නයි අපේ ‌මේ සුදානම.

ඔයාගේ බබාට දැන් වයස අවුරුද්දක් වෙලා නේද? මාස 06 ඉදන් පිළිවෙලට ආහාර හදුන්වා දෙමින් බබාට කෑම කවලා ඔබ හෙම්බත් වෙලාද? ඔන්න එහෙනම් අපි ගාව ඔබට සුභ ආරංචියක් තියෙනවා. ඔබේ පුංචි පැටියාට දැන් පවුලේ ආහාර දෙන්න පුළුවන්.

මොනවා දැන් බබාට වෙනම උයන්න අවශ්‍ය නැද්ද?

ඔව්. දැන් ඔබේ බබාට වෙනම උයන්න අවශ්‍ය නැහැ. අපි බබාට පවුලේ ආහාර දෙන්න පටන් ගනිමු. බබාට දැන් ලුණු හා සිනී හදුන්වා දෙන්න පුළුවන්. නමුත් ඒවා පෝෂණය සදහා කිසිවක් නොකරන බවත් ඒවා සීමා සහිතව ලබා දිය යුතු බවත් ඔබ මතක තබා ගත යුතුයි.

 

ආහාර ලබා දීම ආරම්භ කිරීමට පෙර මතක තබා ගත යුතු වැදගත් කරුණු

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

  • බබාට ප්‍රධාන ආහාර වේල් 3 ක් ලබා දිය යුතුයි.
  • එක් වරකට තේ කෝප්පයකට මදක් වැඩි වන සේ ආහාර ලබා දෙන්න
  • විවිධ එළවළු හා පළතුරු වර්ග 5 ක් වත් දවසකට ලබා දෙන්න.
  • පවුලේ අය සමග දරුවාට එක්ව ආහාර ගැනීමට අවස්ථාව දෙන්න
  • පෝෂණිය කෙටි ආහාර වේල් 2ක් දිනකට ලබා දෙන්න.

 

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු ලබා දීමට යෝජිත කාල සටහන

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

සෑම ආහාර වේලකට පසුවම  මව් කිරි ලබා දෙන්න.

කාලසටහන හදුන්වා දුන්නද දරුවන්ගේ ආහාර ගැනීමේ වේලාවන් මදක් එහා මෙහා වෙන්න පුළුවන්. නමුත් දිනකට නියමිත ආහාර වේල් ගණන නිසි පරතරයකින් ලබා දීමට කටයුතු කරන්න.

වේලාව ආහාර
පෙ.ව. 8.00 - 9.00 උදෑසන ආහාර වේල
පෙ.ව. 10.00 කෙටි ආහාර වේල
ප.ව. 12.00 දහවල් ආහාර වේල
ප.ව. 3.00 කෙටි ආහාර වේල
ප.ව. 6.00 -7.00 රාත්‍රී ආහාර වෙිල

සමබර පෝෂණය සදහා ලබා දිය හැකි ආහාර කාණ්ඩ

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

1.පිෂ්ඨය

  • බත්
  • ධාන්‍ය
  • අල
  • පිටි ආහාර

2.ප්‍රෝටින්

  • සත්ව ආහාර
  • කිරි ආහාර

3.මේදය

  • තෙල්
  • බටර්
  • මාගරින්
  • පොල්කිරි

4.විටමින් හා ඛනිජලවණ

  • එළවළු
  • පළතුරු
  • පලාවර්ග

5.ජලය

මේ සෑම ආහාර කාණ්ඩයකම අඩංගු ඔනෑම ආහාරයක් දැන් ඔබේ දරුවාට ලබා දෙන්න පුළුවන්.

ඔබේ දරුවාට අසාත්මික ආහාර ඇතිනම් ඒවා ලබා නොදෙන්න. එහි අඩංගු පෝෂක වෙනුවට වෙනත් විකල්ප ආහාර ලබා දෙන්න. 

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු: දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණයන් 

ආහාර වර්ගය දිනකට අවශ්‍ය ප්‍රමාණය
බත්, කිරිබත්, ඉදිආප්ප, ආප්ප, තෝසේ තේ කෝප්ප දෙකයි
පිසින ලද පරිප්පු, කඩල, මුංඇට,කවුපි ඇට වර්ග මේස හැදි 3- 6
විවිධ එළවළු වර්ග මේස හැදි 3- 6
පලා වර්ග තේ කෝප්ප 1/2
හාල් මැස්සන් හෝ 6 ක් 8 ක් පමණ
මස් , කුකුල් මස්, මස්, පීකදු හෝ ගිනි පෙට්ටියක් තරම් කුඩා කැබලි දෙකක්
කූනිස්සන් හෝ මේස හැදි 2 
බිත්තර  1
මව්කිරි/ කිරි ආහාර
මව්කිරි හෝ ආහාර වේලකට පසුව දිනකා දෙවරක් හෝ තුන්වරක්
චීස් හෝ ගිනි පෙට්ටියක තරමේ කැබැල්ලක්
මුදවපු කිරි/ යෝගට් කෝප්ප 1
පළතුරු දිනකට දෙවරක් - උදා මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්

 

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු සැලසුම් කිරීම - වේල අනුව ආහාර සැලසුමක්

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු

ආහාර වේල ආහාර
උදේ ප්‍රධාන ආහාර වේල
  • බත් 
  • කිරිබත්
  • බතල
  • රොටි
  • ආප්ප 
  • තෝසේ
  • ධාන්‍ය වර්ගයක්
  • සැන්විචස්
  • තෝසේ
  • ඉදිආප්ප
කෙටි ආහාර වේල 
  • යෝගට් 
  • පොඩි කරගත් පළතුරු
  • ත්‍රිපෝෂ
  • චීස්
දවල් ප්‍රධාන ආහාර වේල
  • බත් හා එළවළු
  • නුල්ඩස්
  • එළවළු තම්බා පාන් සමග
කෙටි ආහාර වේල 
  • යෝගට් 
  • පොඩි කරගත් පළතුරු
  • ත්‍රිපෝෂ
  • චීස්
  • බිත්තරයක්
  • සුප් එකක්
  • වඩේ
රාත්‍රි  ප්‍රධාන ආහාර වේල
  • එළවළු තම්බා පාන් සමග
  • නුල්ඩස්
  • බත් 
  • සැන්විචස්
  • රොටි
  • ඉදිආප්ප

 

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු සැලසුම් කිරීම - සතිය අනුව ආහාර සැලැස්මක්

 

කෘෂිකාර්මික රටක් වු අප රටේ ප්‍රධාන ආහාර වන්නේ බත්ය. නමුත් සමබර ආහාර වේලක් ලබා දෙන්නේ නම් එහි අනිවාර්යයෙන් බත් අඩංගු විය යුතුයයි නිතීයක් නැත. අවුරුද්දේ සිට පටන් ගන්නේ බබාට කෑම කැවීමට වඩාත් අසීරු අවධියයි. ඒ නිසා බබාට අනිවාර්යයෙන්ම විවිධත්වය අත්විදින්න දෙන්න. ඔබට කෑම වල රස , පැහැය වගේම කෑම වර්ග වෙනස් කර ලබා දෙන්න පුළුවන්. පහත දක්වා ඇත්තේ අප විසින් යෝජිත ආහාර සදහා වු සතියට සරිලන කාලසටහනකි. ඔබටත් ඔබගේ බබාගේ රුචිකත්වය අනුව කාලසටහනක් නිර්මාණය කරගන්න පුළුවන්.

සෑම ප්‍රධාන කෑම වේලකටම පසු දරුවාට අතුරුපසක් විදියට පළතුරු  ලබා දෙන්න.

 

  උදේ ආහාර ‌වේල කෙටි ආහාර ‌වේල දවල් ආහාර ‌වේල කෙටි ආහාර ‌වේල රාත්‍රී ආහාර ‌වේල
සදුදා ඉදි ආප්ප සමග බිත්තර කිරි හොදි යෝගට් 1 ක් බත් 

මාළු බැදලා

මැල්ලුමක්

අල කිරි හොදි

බෝංචි

කැරට් සලාදයක්

චීස් කැබැල්ලක් සමග පාන් පෙත්තක් නුල්ඩස් සමග පරිප්පු කිරට
අගහරුවාදා කිරිබත් සමග පැණිපොල් ත්‍රිපෝෂ අග්ගලා කහ බත් 

කුකුල් මස්

පරිප්පු

ගොටුකොළ සලාදයක්

බීට්රූට්

යෝගට් ඉදිආප්ප සමග බිත්තර කිරි හොදි

බදදා

කඩල එළවළු සමග තෙම්පරාදු කර චීස් කැබැල්ලක් සමග පාන් පෙත්තක් එළවළු නුල්ඩස්

සමග බිත්තරයක්

යෝගට් 1 ක් එළවළු තම්බා පාන් , තම්බා ගත් බිත්තර හා බැදපු මාළු පෙත්තක්
බ්‍රහස්පතින්දා බිත්තර සැන්විච් සමග චීස් කැබැල්ලක් යෝගට් එකක් එළවළු බත්

අල කිරිහොදි

බිත්තරයක්

බටු සලාදයක්

සුප් එකක් පාන් හා මාළු කිරිහොදි

එළවළු යෙදු ඔම්ලට් එකක්

සිකුරාදා  බතල, පොල් හා බටර් සමග යෝගට් එකක් බත්

වට්ටක්කා

මැල්ලුමක් 

බණ්ඩක්කා තෙල් දමා

හාල්මැස්සෝ බැද

බිත්තරයක් තම්බා

පරිප්පු වඩේ බිත්තර සැන්විච් සමග චීස් කැබැල්ලක්
සෙනසුරාදා රොටි හා බටර් චීස් කැබැල්ලක් සමග පාන් පෙත්තක් බත්

පතෝල හා අල කිරට

ගොටුකොළ සම්බෝලයක්

කැරට් තෙල් දමා

යෝගට් 1 ක් පොඩි කරගත් අල, මාළු,එළවළු 
ඉරිදා තෝසේ කිරි මාළු සමග යෝගට් 1 ක් කහ බත්

වැටකොළු

මැල්ලුමක්

කිරි මාළු

එළවලු සලාදයක්

චීස් කැබැල්ලක් සමග පාන් පෙත්තක් එළවළු බත්

මාළු කැබැල්ලක් බැද

පරිප්පු

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

මේ සරල අදහසක් විතරයි. ඔබටත් පුළුවන් මේ විදියට බබාට මාස 06 දෙන්න අවශ්‍ය ආහාර සටහන් කර ගෙන ඒ අනුව සතියෙන් සතිය වෙනස් වෙන අපූරු කාල සටහනක් හදාගන්න. සමබර ආහාර කාලසටහන ගැන ඔබේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න.

මුලාශ්‍ර healthychildren

ආහාර අත් ‌පොත

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සැලසුම්
  • /
  • අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 
බෙදාගන්න :
  • මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

    මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

  • මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

    මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it