theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

3 අවම කියවීම
දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවාදරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

දරු ප්‍රසූතියෙන් සම්පුර්ණ සුවය ලබන්න වසරක්වත් යනවා කියා අධ්‍යනයන්ට අනුව තහවුරු වෙයි.

දරු ප්‍රසුතියෙන් පසු සුවය ලබන්නට යන කාලය මේ පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව සමහර විට වෛද්‍යවරයා නිර්දේශ කරන කාලයට වඩා වැඩි කාලයක් වන්නට ඉඩ තියෙනවා.

බොහෝ විශේෂඥයින් කියන්නේ සති 6 ක් වගේ කාලයකින් සම්පුර්ණ සුවය ලැබෙනවා කියලයි. නමුත් අධ්‍යනයකට අනුව ඒ කාලය ඊට වඩා දිගු බව පවසනවා (ඩේලි මේල් වාර්තා කරයි).

ස්ටැන්ෆඩ් සරසවියේ (Stanford University) වෛද්‍ය ජූලි ව්රේ විසින් දරු ප්‍රසුතියෙන් සති 2-3, මාස 3, මාස 6-7 යන කාල සිමාවේ පසුවන මව්වරු ඇගේ අධ්‍යනයට ලක් කළා.

නමුත් සති 6 කින් සම්පුර්ණයෙන් සුවය ලැබිය හැකි කතාව එවිට සිහිනයක් බව පැහැදිලි වුණා. යථාර්තය නම් අවුරුද්දක වත් කාලයක් ඊට ගතවන බව පැහැදිලි වුණා. ඒ නිසාම බොහෝ මව්වරු කිව්වේ සති 6 ක් ගතවූ විට ඔවුන්ට ලැබෙන උදවු හා සැලකීමද අඩු බවක්.

“ දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්නට සති 6 කට වඩා කාලයක් ගතවන බව මව්වරුන් විශ්වාස කරනවා”

“පර්යේෂණ වලට අනුව අලුත දරුවන් බිහි කරන කාන්තාවන්ට මිත්‍රශීලීව සේවය කරන ආයතන බිහිවීමේ වැදගත්කම ඉස්මතු වෙනවා. මේ අම්මල කියන ආකාරයට සති 6 න් පසු සති 8 ක කාලයක් ඔවුනට උදවු අවශ්‍ය වෙනවා”. වෛද්‍ය ව්රේ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවා.

වසරක කාලය ඇත්තටම විවේකයෙන් සහ අන් අයගේ උදවුවෙන් ගෙවන්න ලැබෙනවා නම් එය ඔවුන්ට ඉතා වටිනවා. හෆින්ග්ටන් පෝස්ට් (Huffington Post) ට අනුව වසර දෙකක් ඉක්ම යන්නත් මත්තෙන් මේ නිසා මව්වරුන්ට කොන්ද ආශ්‍රිත වේදනා, ප්‍රසුතියේදී මැහුම් ආශ්‍රිත ව, ශ්‍රෝණි මාර්ගයේ ඇතිවන සංකූලතා වැනි රෝග පීඩාවන් ඇතිවෙන්න පුළුවන්.

දරු ප්‍රසූතියෙන් පසු සුවය

දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්නට කාලය

කායික සුවය වගේම මානසික සුවයත් ඉතා වැදගත්

ශාරීරික සුවය වගේම අලුත් අම්මා කෙනෙකුට මානසික සුවය හරිම අත්‍යවශ්‍යයි. ඇයට සියලුම දේවල් අලුත් අත්දැකීමක් වෙනවා. ඊට ඇය අවට ඉන්න පිරිසගේ උදවු හරිම අවශ්‍යයි.

සමහර විට ඇය රැකියාවක නියැළලුන කෙනෙක් නම් ඇයට එය තවත් අමාරු වෙන්න පුළුවන්. මාධ්‍ය වල පෙන්වන යථාර්තය ට ළඟ නැති දේවල් ඇත්ත ජීවිතයේදී විහිලු බව තේරුම් ගත යුතු වෙනවා.

“ඇය අම්මා කෙනෙක් වුනාට පස්සේ ශරීරය සම්පුර්ණයෙන් වෙනස් වුනානම් ඇයට එය මානසික වදයක් වෙන්න පුළුවන්.ඇය ලස්සනට හිටපු කාලය ඇයට කන්ණාඩියෙන් දකින විට අදහා ගන්න බැරි වේවි. මේ නිසා විෂාදය හා මානසික අතතීන්ට අම්මලා ගොදුරු වෙන්න පුළුවන්". ඩේලි මේල් ඕස්ට්‍රේලියා මනෝ වෛද්‍ය ජෝ ලැම්බල් පවසනවා.

ඔබට එය පුංචි දෙයක් ලෙස හැඟෙන්න පුළුවන්. එත් ඇයට එය හුඟක් ලොකු දෙයක්.

රෝයල් කොලේජ් ඔෆ් මිඩ් වයිෆ්ස් හි  මැක්ඩොනල්ඩ් ට අනුව අලුත් අම්මලට ඔවුනට ලැබිය යුතු ආදරය, කරුණාව, රැකවරණය බොහෝ විට හරි හැටි ලැබෙන්නේ නැහැ. මේ නිසා ඔවුන් බොහෝ අපහසුතාවයන්ට පත් වෙන්නේ ඔවුන්ට මෙය සාමාන්‍ය දෙයක් වශයෙන් ලෝකය පෙන්වන්න උත්සහ කිරීමත් සමගයි.

අම්මල බොහෝ ශරීරයේ අපහසුතාවන්ට මේ කාලයේ ලක් වෙනවා. අධික මහන්සිය, පිට කොන්දේ වේදනා  මේ අතර බහුලයි. මේවා බොහෝ සුළු කරණා ලෙස අන් ඇය දැක්කත් එය ඇයට නම් සුළු කරණා නොවෙයි. ඇය වැඩි දුරටත් කියනවා.

දරුවෙක් ලැබුන අලුත් අම්මා කෙනෙකුට පුංචි පැටියට වගේම ආදරය, කරුණාව, රැකවරණය හරිම වැදගත්.

ඇය මාස ගානක් පුරා විඳි බරින් සැහැල්ලු වුවත් ඇය අලුත් අත්දැකීම් ලබමින් අලුත් ජීවිතයකට හුරු වෙන අවස්ථාවේ ඇයට හැමෝගෙම ආදරය, උපකාර අවශ්‍යයි. සම්ප්‍රදායික මත වලින් බැහැර වෙලා ඇයව ආදරෙන් බලාගන්න සමාජය වග බලා ගත යුතුයි. theAsianparent Sri Lanka අපේ උත්සාහය ඒ වෙනුවෙනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

janine

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා
බෙදාගන්න :
  • පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

    පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

  • බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු

    බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු

  • පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

    පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

  • බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු

    බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it