theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?

5 අවම කියවීම
අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?

පුතෙක් සිටීම අම්මා කෙනෙක්ට ශක්තියක්. මේ එවන් අත්දැකීම් ඇති මවක් අත්දැකීම් ඇසුරින් ලියන ලද පුතෙක් සිටිමේ වාසි 10 ක් ගැනයි.

පුතෙකු සිටීමේ වාසි කිහිපයක් ගැන ඔබට කියන්නයි අපේ මේ සුදනම් වන්නේ. මේ පුතෙක් සිටීම පමණක් හොදයි කියන්න ගන්නා උත්සහායක් නොවේ.

පුතෙක් ගෙදරට ශක්තියක් නම් දුවෙක් ගෙදරට වාසනාවක්.

ඉතින් පුතාලා ඉන්න අම්මලාට එයින් තියෙන ප්‍රයෝජන 10 ක් අපි මේ සමග ඉදිරිපත් කරනු ලබනවා.

පුතෙකු සිටීමේ වාසි 10 ක්

පුතුන්ට මේවා කියන්න එපා

අපේ සමාජයේ ඒ තරම්ම නොපෙනුනත් ගොඩාක් අම්මලා පුතෙක්ට වැඩි කැමැත්තක් දක්වනු ලබනවා.

එය තම පුද්ගලික කැමැත්ත වන අතර එවැනි කැමැත්තක් තිබීම ගැන අපි කාටවත් වරදක් කියන්න බැහැ.

ඉතින් පුතලා කිහිපදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් සිය අත්දැකීම් ඇසුරින් පුතෙක් සිටීමේ වාසි 10 ක් මෙලෙස ඉදිරිපත් කරනු ලබනවා.

1. මානසිකත්වය වෙනස් වෙනවා හරිම අඩුයි

සාමාන්‍යයෙන් ගැහැණු ළමයින්ගේ මානසිකත්වය නිතර වෙනස් වෙනවා.

ඔවුන් ලාබාල වියේදි තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න සටන් කරන බව මව්වරුන් බොහෝ විට පවසනවා.

නමුත් සාපේක්ෂව බැලු විට පිරිමි ළමයින් අතර එවන් තත්වය අඩුයි.

ඔවුන්ගේ මානසිකත්වය නිතර නිතර වෙනස් වෙන්නේ නැහැ.

ඔවුන් එවන් අවස්ථා වලදිද ගැහැණු ළමුන් තරම් දරුනු වන්නේ නැහැ.

2. බර දේවල් ඔසවා ගෙන යන්න ඔවුන් උදව් කරනවා

පිරිමි දරුවන් ශක්තිය උරගා බලන්න කැමතියි.

ගෘහ භාණ්ඩ ගෙනයන්න. ඉණිමඟ එහාට මෙහාට  ගෙනෙන්න. ගමන් මලු කාර් එකට දාන්න.

සිල්ලර බඩු බෑග් ට්‍රොලිය තුළට දැමීමට අම්මට උදව් කරන්න වගේම බඩු මල්ල මෝටර් රථයෙන් ගෙදරට ගෙන ඒමට උදව් කරන්න පුතාලා  කැමතියි වගේම ඒ සදහා ඉදිරිපත් වෙනවා.

3. ඇදුම් පැළදුම් ලබා දීමේ ගැටළු නැහැ

අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?

පිරිමි ළමුන් අලුත් ඇදුම්ද නැතිනම් භාවිතා කරන ලද ඇදුම්ද යන්න ගැටළුවක් කරගන්නේ නැහැ.

ඒ වගේම ගැහැනු ළමයින්ට වගේ විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙන්නෙත් නැහැ.

ඒ නිසා ඔවුන් හැමදාම අදින කමිසය , ටීෂර්ට්, කලිසම යන ඇදුම් වලින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්.

එම ඇදුම් විලාසිතා වෙනස් නොවන නිසා ඇදුම් වසර ගානක් භාවිතා කරන්නත් පුළුවන්.

4. ඉක්මනින් සුදානම් වෙනවා

ගැහැණු දරුවන් නාන කාමරය භාවිතයට හා ඇදුම් ඇදීමට ටිකක් වැඩි වේලාවක් ගන්නවා.

සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙක් නාන කාමරයෙන් පිටතට එන වේලාවට වඩා වැඩි වේගයකින් පිරිමි ළමුන්ට ඒ සියල්ල කර සුදානම් වී අවසන් වෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දත් මදින්න හා නාන්න වුවත් ඔවුන් ගන්නා කාලය සාපේක්ෂව අඩුයි.

5. සාප්පු සවාරි ඉක්මනින් නිම කරනවා

පිරිමි ළමුන් ගැහැණු ළමුන් මෙන් සාප්පු සවාරි සදහා කාලවේලාව ගන්නේ නැහැ.

ඔවුන් තම අවශ්‍යතා ඉක්මනින් මිලදී ගෙන සාප්පු සවාරිය අවසන් කරනවා.

පිරිමි ළමුන් තම අම්මා සමග වුවත් සාප්පු සවාරි යාමට කැමති නැහැ.

අම්මාත් කාන්තාවක් නිසා ඇයද සාප්පු වල පැය ගණන් ගත කරන බව ඔවුන් දන්නවා.

6. ඔවුන් පරම්පරාවේ නම ඉදිරියට ගෙන යනවා

අප සමාජය තුල පිරිමි දරුවන්ට විවාහයෙන් පසු තම වාසගම බිරිදට මෙන්ම දරුවන්ටද ලබා දිය හැකියි.

අපි බහුතරය දරන්නේ පියපාර්ශවයෙන් අපට ලැබුන පරම්පරා නාමයයි.

මෙලෙස පරම්පරාවක නම පරම්පරා ගණනක් ඉදිරියට ගෙන යා හැක්කේ පිරිමි ළමුන්ටයි.

7. අනෙක් පුංචි පුංචි උපාංග සදහා වියදමක් නැහැ

පිරිමි ළමුන්ට කොණ්ඩා කටු හා කූරු මාල අවශ්‍ය වන්නේ නැහැ.

ඔවුන්ට ඇදුමේ පාටට ගැලපෙන්න සපත්තු හැන්ඩ් බෑග් අවශ්‍ය නැහැ.

මේකප් සදහා වියදම් නැහැ. බ්‍රා ,සනීපාරක්ෂක තුවා වැනි අමතර වියදම් නැහැ.

ඉතින් පුතාලා ඉන්න අම්මලාට  මේ වගේ දේවල් වලට වියදම් නැහැ.

8. පිරිමි ළමුන් ගැබ් ගැනීමේ අවදානමක් නැහැ

ගැහැණු දරුවන් බිදෙන වීදුරු වගේ. තදින්ම ආරක්ෂා කල යුතු වෙනවා.

ඇය විවාහයට පෙර ලිංගිකව හැසිරුනොත් ගැබ් ගැනීමේ ලොකු අවදානමක් තියෙනවා.

ආසියානු රටක් වු අප රටේද සමාජය තුල ගැහැණු දරුවන් විවාහයට පෙර ලිංගිකව හැසිරීම පිළිනොගන්නා බැවින් ගැහැණු දරුවන් තදින්ම ආරක්ෂා කරන්න වෙනවා.

පිරිමින්ට ගැබ් ගැන්වීමේ හැකියාව තිබුනද ගැබ් ගැනීම ගැන අවදානමක් නැහැ. 

* මෙහිදි පිරිමි ළමුන් ගැබ් ගැන්වීම කිරීම නිවැරදි යැයි කියන්නේ නැහැ. මෙහි අරමුණ වන්නේ ඔවුන් ගැබ් ගැනීමේ අවදානම අඩු නිසා දෙමව්පියන්ට ඒ ගැන සිතේ බරක් නැති වීම පමණයි. ඊට අමතරව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ලිංගිකව සම්ප්‍රේෂනය වීමේ රෝග වලට ගොදුරු වීමේ අවදානම ගැහැණු පිරිමි කොයි කාටත් තියෙනවා.

9. පිරිමි දරුවෙකු සිටින විට  ප්‍රශ්නයකට පිරිමි ඇසින් අදහසක් ගන්න තව කෙනෙක් ඉන්නවා

සාමන්‍යයෙන් අදහසක් දක්වන විට පිරිමි පාර්ශවයෙන් අදහසක් දෙන්න ඉන්නේ සැමියා විතරයි.

පුතෙක් ඉන්න කොට පිරිමි පාර්ශවයෙන්ම තවත් අදහසක් ගන්න කෙනෙක් මවට ලැබෙනවා. 

පිරිමි ළමයින් සිතන ආකාරය ඉගෙන ගැනීම සිත්ගන්නා කාරණාවක්.

ඒ මගින් ඔවුන්ගේ හිතේ ඇති දේ ගැන පිළිබඳ අදහසක් ලබාගන්න පුළුවන්

10. ආදරණීය පුරුෂයෙකු ලෙස ඔහු ඇති දැඩි කිරීමට අවස්ථාව ලැබෙනවා

raising sons well

අද ලෝකයේ ගොඩාක් නරක වැඩ කරන පිරිමින් ඉන්නවා.

ඔවුන් ඒ තත්වයට පත්වෙන්න ඔවුන් හැදුනු වැඩුනු ආකාරය බලපාන්න ඇති.

නමුත් මවකට  ආදරණීය, පක්ෂපාතී, ගෞරවනීය, ඔරොත්තු දීමේ ශක්තියෙන් යුත් හා විනයගරුක පිරිමින් දරුවන් හදා වඩා ගනිමින් සමාජයට වැඩදායක පුරවැසියන් බිහිකරන්න පුළුවන්.

ඔවුන් අනාගත ඔවුන් කොතැන හිටියත් නිවැරදි මිනිසුන් කිරීමේ මුලික වගකීම ඇත්තේ මව්වරුන් ලගයි.

පුතෙකු සිටීමේ වාසි විතරද? දුවෙක් සිටීමේ වාසි නැතිද?

මේ ලිපිය කියවන හැමෝම ඊලගට මේ ප්‍රශ්නය  අහනවා. මේ ලිපිය පටන් ගන්නා විට කියු යමක් යලි මතක් කරන්නම්.

පුතෙක් ගෙදරට ශක්තියක් නම් දුවෙක් ගෙදරට වාසනාවක්.

මේ ලිපිය පුතුන් තුන්දෙනෙක් හදා වඩා ගත් මවක් තම අත්දැකීම් ඇසුරින් ලියන ලද්දකි.

දුවක් කියන්නේ නිවසක ශ්‍රියා කාන්තාව, ඉතින් ඇයත් නිවසක සිටීම බොහොම වටිනවා.

ජිවයේ අඛණ්ඩ පැවැත්මට පිරිමින් මෙන්ම ගැහැනුන්ද අවශ්‍ය වෙන නිසා දුවෙක් කියන්නෙත් වටිනා සම්පතක් කියලා ඔබ දන්නවා ඇති.

ඉතින් අපි නුදුරේදිම තවත් ලිපියකින් දුවෙක් සිටීමේ වාසි ගැනත් තොරතුරු අරගෙන එනනම්.

පුතාලා ඉන්න මව්වරුනි, මේ ලිපියේ අඩංගු කාරණා වලට ඔබටත් යමක් එකතු කරන්න තිබේද? එසේනම් ඔබගේ අදහස් අප හා බෙදා ගන්න.

මුලාශ්‍ර - daysofmum.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?
බෙදාගන්න :
  • දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන  විද්‍යාත්මක හේතු 7 ක්

    දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන විද්‍යාත්මක හේතු 7 ක්

  • දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

    දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

  • දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන  විද්‍යාත්මක හේතු 7 ක්

    දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන විද්‍යාත්මක හේතු 7 ක්

  • දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

    දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it