theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ රතී සුවයෙන් උණුසුම් කල හැකි නිවසේ ස්ථාන 10 ක්

5 අවම කියවීම
ඔබේ රතී සුවයෙන් උණුසුම් කල හැකි නිවසේ ස්ථාන 10 ක්ඔබේ රතී සුවයෙන් උණුසුම් කල හැකි නිවසේ ස්ථාන 10 ක්

ඔබේ සරාගයේ ගින්න ඇවිලෙන්නේ නිදන කාමරයේ විතරමද?

හොදම ලිංගික ඉරියව් අත්හදා බලන්න නිදන කාමරය ඔබට තෝතැන්නක් වන බවට නොඅනුමානයි.

එය ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. නමුත් හැමදාම එකම තැනක සෙක්ස් කරන එක බෝරින් වෙන වේලාවකුත් ඔබ දෙපළටම ඇති නේද?

එහෙනම් ඔබේ වඩා උණුසුම් රංගනය කරලියට ගෙන එන්නට කල හැකි දේවල් නැතිද?

කලබල වෙන්න එපා.  කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉන් ප්‍රධාන වෙනස්කමක් ගැන ඔබට කියනන්යි මේ සුදානම.

හොදම ලිංගික ඉරියව් අත්හදා බලන්න නිදන කාමරයෙන් පිටට එන්න

මේ කියන දෙයත් එක්ක ඔබ පොඩ්ඩක් ෂොක් වෙන්න පුළුවන්. ඒත් දෙන්නා එක්ක නිදන කාමරයේ පිටත මුළු ගේපුරාම සරාගයේ ගිනි අවුළුවන්න.

එය ඔබට අලුත් අත්දැකීමක් මෙන් උපරිම තෘප්තියක් ලගා කර දේවි.

දැන් ඉතින් මේ කියන ස්ථාන මොනවාද කියලා ඔබ කල්පනා කරනවා නේද? ඒ ගැන වැඩිය හිතන්න අවශ්‍ය නැහැ. මෙන්න එවන් සරාගී තැන් 10 ක්ම

1. මුළුතැන් ගෙයි මේසය මත කොහොමත් උණුසුම්

මොනවා අපි උයන පියන වැඩ වලදී කපන කොටන වැඩ කරන මුළුතැන් ගෙයි මේසය හොට් තැනක් වෙන්නේ කොහොමද?

කුස්සියේ මේසය ගොඩාක් වේලාවට සෙරමික් නිසා ශක්තිමත්. ඔබට චිත්‍රපටියක ජිවත් වෙනවා මෙන් දැනෙන්ට පුළුවන්.

ඒ නිසා සරාගී කතාකියමින් තෘප්තියේ උපරිමය සොයා යන්න පැකිළෙන්න එපා.

මුළුතැන් ගෙයි මේසය මත උයනවාට වඩා බොහෝ දේ සිදුවෙන බව දන්නේ ඔබ දෙපළ පමණයි. ඒක රහසක්.

2. සාලයේ සෝෆා එක මත හැගීම් ඇවිස්සෙනවා

ලිංගිකව හැසිරෙන ක්‍රම

දෙන්නා එක්ක සෝෆා එක උඩට වෙලා මූවී එකක් බලන ගමන් සුරතල් වෙන්න. සෝපාව කොතරම් සුව පහසුද?

ඒ නිසා නිදන කාමරයට දුවන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. කුෂන් කොට්ට ඔබේ ඒකාකාරි මෙට්ටයට වඩා රසවත් ඉරියව් සදහා හොද සහයක් ලබා දෙනවා.

මූවී එක බැලුවට පමණක් මදි ඔබ දෙපළත් සෝෆා එක මත සරාගී රංගනයක යෙදෙන්න.

3. පඩිපෙළ මතත් කදිමයි

ඔබට නම් එය ඇසෙන විටත් විශ්මයක් දැනේවි. නමුත් මෙම ස්ථානය සුවපහසු මදියැයි පෙනුනද එය වඩා සරාගී ඉරියව් සදහා ඉඩ පහසුව ලබා දෙනවා.

පඩිමත සිට පහසුවෙන් කල හැකි සුනඛ ඉරියව්ව ඔබ දෙදෙනාටම වැඩි තෘප්තියක් ලබා දෙනවා.

එහිදි සහකරු පිටුපසින් ඇතුල් වෙන විට සහකාරියට වඩා පහසුවෙන් ඉස්සරහාට තල්ලු නොවී සිටිය හැකි වෙනවා.

ටිකක් වැඩිපුර උත්තේජනයක් ලබා දෙන ටිකක් අසාමාන්‍ය ස්ථානයක් නේද?

4. සින්ක් එකට පිටුපා

ඒකත් ටිකක් අසාමාන්‍යයි නේද? ඒත් හරිම සරාගියි. එහිදි සහකාරියට සින්ක් එකට එරෙහිව තම අත් තබා  සහකරුට ලිංගික හැසිරීමේ පාලනය ලබා දෙනවා.

බොහෝ යුවළයන් සඳහා, මෙය සරාගී ස්ථානයක් වෙනවා.

5. කැඩපත ඉදිරියේ

ඔබේ ​​නාන කාමරයේ හෝ කාමරයේ ඇති කැඩපතක් ඉදිරිපිට ගොස් ඔබේ සරාගී රංගනයේ යෙදෙන්න.

ඒ අතර කැඩපත තුලින් ඔබේ සරාගී හැසිරීම් හා ඉරියව් නරඹමින් උත්තේජනයක් ලබාගන්න. එය ඔබ දෙපළට ඉහළ තෘප්තියක් ලබා දෙනවා.

ඒ වගේම ඔබ දෙපළගේ ඉරියව් වල අඩුපාඩුද නිරීක්ෂය කල හැකිය.

6.ඉදිරිපස දොරට පිටුපා

ඔබේ රතී සුවයෙන් උණුසුම් කල හැකි නිවසේ ස්ථාන 10 ක්

ඇත්තටම අන් අය දකිවි යැයි තිගැස්මෙන් සිදුකරන ලිංගික සම්බන්ධතා වලදී ඉහළ ප්‍රබෝධයක් ලබා දෙනවා.

ඒ නිසා ඉදිරිපස දොරටුව එවන් තිගැස්මකට කැමති සරාගී යුවලකට විශිෂ්ට ස්ථානයක් වෙනවා.

ඔබ සරාගයෙන් මන්මත් වී සිටින විට යමෙකු ඇවිදිනවා යන හුදු සිතුවිල්ල පවා ඔබ දෙදෙනාම නව මානයකට රැගෙන යනවා.

7. ෂවර් එක යට නැතිනම් බාත්ටබ් එකේ

 ජලය නිසා ලිහිසි බව අඩුවීම වෙනම කතාවකි.

නමුත් ෂවර් එක යට හෝ බාත්ටබ් එකේ ඔබට ලිංගිකව එක්වෙන්න පුළුවන් බව ඔබ දන්නවාද?

අවශ්‍ය නම් ලිහිසි ද්‍රව්‍ය සුදානම් කරගන්න. නාන කාමරයට සරාගය එක් කිරීමට ඉටිපන්දම් කිහිපයක් පත්තු කරන්න.

ඉන්පසු සීතල ජල බිංදු අතර ඔබේ උණුසුම් හැගීම් මුදා හරින්න. ඉන්පසු කවදාවත්ම ඔබ ඔබේ නාන කාමරය දෙස නීරස ඇහැකින් නොබලනු ඇත.

8. වෙනත් කෙනෙකුගේ නිදන කාමරයත් රසවත්

ලිංගික සංසර්ගය

ඔබේ නිවසේ තවත් අය ජිවත් වෙනවාද?

ඔබ ටිකක් අවදානම් සෙක්ස් අත්දැකීමට කැමති නම් ගෙදර ඉන්න මිතුරෙකුගේ, සහෝදර සහෝදරියකගේ හෝ දෙමව්පියන්ගේ නිදන කාමරයේ ලිංගිකව හැසිරීම ගැන ටිකක් හිතන්න.

තැන කොතැන වුවත් ඔබේ සතුට නියතයි. එය ඔබේ සුපුරුදු නිදි යහන නොවන නිසා ඔබට ටිකක් වෙනස් අත්දැකීමක් ලබා දෙනු ඇත.

නමුත් කාමරයේ නියම අයිතිකරුවා අමනාපයට පත් කිරීමට හෝ එම කාමර හැඩිකර දැමීමට උත්සහා කරන්න එපා.

ඔවුන් නිවසේ නැති වේලාවක් මේ සදහා යොදා ගන්න. නැවත එම කාමරය අස් කර කලින් තැබු පරිදිම තබන්න.

9. සෝපාවේ කාපට් එක උඩ

කාපට් එකක් මත කිසිවෙකු ලිංගික හැසීරීමක් ගැන සිතන්නේ නැහැ.

නමුත් ඔබට ටිකක් අමුතු අත්දැකීමක් අවශ්‍ය නම් ඊළඟ වතාවේ කාපර්ට් එක මතට යන්න.

ඔබ දෙදෙනාගේම සරාගයෙන් කාර්පට් එක අවුළුවා හරින්න. මෙට්ට උඩ මෙන් උඩ යට යාමක් හෝ ගැස්සීමක් මෙහි නැත.

10. ලොන්ඩරි කාමරයේ 

රෙදි සෝදන යන්ත්‍රයේ මගින් රෙදි සෝදන්න පුළුවන් කියලා විතරද ඔබ සිතා සිටියේ?

නැහැ ඊට වඩා වැඩි ලිංගික උත්තේජනයක් ලබා ගන්න මෙය යොදා ගන්න පුළුවන්. රෙදි සෝදන කාමරය හිටගෙන ලිංගික එක්වීම සදහා කදිම ස්ථානයකි.

රෙදි සෝදන යන්ත්‍රයේ අමතර කම්පන මගින් අත්‍යවශ්‍ය උත්තේජනයක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම ශබ්ද නගා ඔබ විදින තෘප්තියේ හඩ එහි හඩින් වසන් කරන්න පුළුවන්.

හොදම ලිංගික ඉරියව් අත්හදා බලන්න නිවසේ කොතැනත් විශිෂ්ටයි නේද?

නිවසේ නිදන කාමරයෙන් ඔබ්බට කොතරම් සරාගී ස්ථාන තියෙනවාද කියා ඔබ දැන් අදහසක් ගත්තා නේද?

ඊලග වතාවේ ඔබේ සරාගය නිදන කාමරයෙන් ඔබ්බට ගෙන යන්න අමතක කරන්න එපා.

එය අසීරු දෙයක් නොවේ.

ටිකක් වෙනස් විදියට හිතුවාහම සෑම දෙයක්ම ඔබ නොසිතනා තරම් රසවත් කරගන්න පුළුවන්.

ඔබේ ලිංගික ජිවිතයත් එහෙමයි.

ඒකාකාරි බව ඔබේ ලිංගික ආශාවට බුර බුරා නගින්නට ඉඩ ලබා දෙන්නේ නැහැ.

අන්න ඒ නිසා ඔබට දිනපතා වෙනස් විදියේ හොට් අත්දැකීම් අවශ්‍ය වෙනවා.

ඔබේ විවාහ ජිවිතය මෙන්ම ලිංගික ජිවිතයත් වර්ණවත් කරගන්න නම් ඔබ ඒ තුලින් මන්මත් වෙන්න.

මුලාශ්‍ර - popculture.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ රතී සුවයෙන් උණුසුම් කල හැකි නිවසේ ස්ථාන 10 ක්
බෙදාගන්න :
  • සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්

    සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්

  • ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

    ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

  • සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්

    සාර්ථක විවාහයට ලිංගික එක්වීම් කල හැකි ක්‍රම 4 ක්

  • ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

    ස්වාමිපුරුෂයන් දැනගත යුතු, කාන්තාවන්ගේ සැඟවුණු සුරාන්ත කලාප 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it