theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා තුල අනිවාර්යයෙන්ම වගා කල යුතු යහපත් ගුණාංග 10 ක්

5 අවම කියවීම
ඔබේ දරුවා තුල අනිවාර්යයෙන්ම වගා කල යුතු යහපත් ගුණාංග 10 ක්ඔබේ දරුවා තුල අනිවාර්යයෙන්ම වගා කල යුතු යහපත් ගුණාංග 10 ක්

දරුවාගේ බුද්ධිමය සංවර්ධනය වගේම දරුවා තුල වගා කල යුතු යහපත් ගුණාංගද ඇති බව ඔබ දැන සිටියාද?

තම දරුවාට හොඳ ළමයා කියා කියන්න දෙමව්පියන් කැමතියි.

නමුත් එය හේතු රහිතව කියන්න බෑහැ. එසේනම් අපි දරුවාව ඒ මට්ටමට හදා වඩා ගත යුතුයි.

ගොඩාක් අම්මලා තාත්තලා තම දරුවන්නේ පාසැල් අධ්‍යාපනය ගැන ගොඩාක් උනන්දුයි.

ඔවුන්ගේ පාසැල් වැඩ හොයා බලනවා. අවශ්‍ය පොත පත අරගෙන දෙනවා. ඒ විතරක් නෙමෙයි අමතර පංති පවා අරගෙන යනවා.

නමුත් දරුවාගේ බුද්ධිමය සංවර්ධනය වගේම දරුවා තුල වගා කල යුතු යහපත් ගුණාංගද ඇති බව ඔබ දැන සිටියාද?

දරුවෙකුගේ අනාගතය සාර්ථක වෙන්න මෙම ගුණාංග බුද්ධිය තරම්ම වැදගත් වෙනවා.

ඒ වගේම මෙම යහපත් ගුණාංග ඔබේ දරුවාට පාසැල් අධ්‍යාපනය සාර්ථක කරගන්න වගේම අනාගතයේ වගකීමෙන් යුත් වැඩිහිටියෙක් ලෙස සමාජයට පියමන් කරන්න උදව් කරාවි.

හොඳ ළමයා තුලින් පෙන්නුම් කෙරෙන යහපත් ගුණාංග 

ගණිත උපක්‍රම

1. කුතුහලය

කුතුහලය නිසා දරුවා ලෝකය දැන හදුනාගනියි.

දිනෙක නව නිපයුමක් කරන මිනිසෙකු බිහිවන්නේ මෙවන් කුතුහලය ඔහු තුල කුඩා කල සිටම වගා වී තිබුනොත් පමණි. 

නිරීක්ෂණ කතුවරයෙකු වන සැමුවෙල් ජොන්සන්ට අනුව කුතුහලය යනු ප්‍රබල බුද්ධියක වඩාත්ම ස්ථිර හා නිශ්චිත ලක්ෂණයකි. එබැවින් කුතුහලය නිසා ඉගෙනීම වඩාත් සිත්ගන්නාසුළු විය හැකි අතර එය නිෂ්ක්‍රීය චින්තනයට වඩා ක්‍රියාකාරී වීමට හේතු වෙනවා.

ඔබේ දරුවන්ගේ කුතුහලය දිරිගැන්වීමටත්, ඔවුන්ව නව ස්ථානවලට ගෙන ගොස් ඔවුන්ට අලුත් දේවල් ඉගැන්වීමටත් වග බලා ගන්න. අවට ලෝකය ගැන ඔවුන් උනන්දු කරවීමට ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්න යැයි ආචාර්ය බරූස් ඩී. පෙරී පවසනවා.

2. හොඳ ළමයා තුල සමාජ කුසලතා

සමාජ අන්තර්ක්‍රියා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ජීවිතයේ මූලික අංගයකි.

ඒ නිසා දරුවන්ට සුදුසු සමාජ කුසලතා ඉගෙනීම අත්‍යවශ්‍ය වෙනවා.

හොඳ සමාජ කුසලතා ඇති දරුවන්  අධ්‍යාපනයේදි මෙන්ම ගැටුම් නිරාකරණයට දක්ෂ වෙනවා.

සමාජය හා දරුවා ගනු දෙනු කරන ආකාරය එක් එක් දරුවා අනුව වෙනස් වෙනවා.

සමහර දරුවන් උපතින්ම සමාජශිලී වෙන නමුත් සමහර දරුවන් තුල අන් අයගෙන් ඈත් වී ජිවත්වීමේ ගුප්ත ගති ලක්ෂණ තිබිය හැකිය. 

ඒ නිසා කුඩා කාලයේ සිට දරුවන් අන් දරුවන් හා සෙල්ලම් කිරීමට යෙදවීමෙන් දරුවාගේ සමාජ කුසලතා වැඩි දියුණු කරන්න පුළුවන්.

3. ඔරොත්තු දීමේ හැකියාව

ජිවිතය දුෂ්කර වෙන කාල තියෙනවා. එය දරුවන්ට කියා වෙනසක් නැත.

එම අසීරු කාලයන් ජය ගැනීම සඳහා සෑම කෙනෙකුටම යම් මට්ටමක ඔරොත්තු දීමක් අවශ්‍ය වෙනවා. 

දරුවන් ඔරොත්තු දීමට ඉගෙන ගන්නා විට සිය ජිවිතයේ දුෂ්කර කාල වලදී එයට සාර්ථකව මුහුණ දිය හැකි වෙනවා.

නමුත් බොහෝ දෙමව්පියන් තම දරුවන් වේදනාකාරී තත්වයන්ට මුහුණ දෙනවාට කැමති නැහැ.

ඒ නිසා ඔවුන් සිය දරුවන් එවන් දුෂ්කර තත්වයන් ගෙන් ඈත් කර තැබීමට උත්සහ කරනවා. 

ඔබේ දරුවා පාසැලේදී හෝ මිතුරන් සමඟ ගැටළුවක් ඇත්නම්, ගැටලු විසදා ගැනීමට දරුවාට උදව් කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එවිට ඔහු එයින් පැන යාම වෙනුවට ගැටලුව කළමනාකරණය කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නවා.

දරුවාට සෑම තත්වයකදිම ඒ හා කටයුතු කිරීමට ඉඩ දී ප්‍රයෝගික පුහුණුව ලබා දීමෙන් දරුවාට ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගා ගන්න පුළුවන්.

4. අවංකකම

පුතුන්ට මේවා කියන්න එපා

ඔබේ දරුවා වංක දෙයක් කරන තෙක් දෙමව්පියන් මේ ගැන සැලකිලිමත් නැහැ.

නමුත් පුංචි දරුවන් තුල එම ලක්ෂණය ඉතා කුඩා කාලයේ සිට වර්ධනය කල යුතු ආචාර ධර්මයකි. 

ඔබට මෙම සාරධර්ම ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කරන්න.

මිතුරෙකු වෙනත් ශිෂ්‍යයෙකුගේ යමක් සොරකම් කිරීම දුටුවහොත් දරුවා කුමක් කරයිදැයි විමසන්න.

මෙලෙස කථා කිරීම සැබෑ ජීවිතය සඳහා දරුවෙකු සූදානම් කිරීමට උපකාරී වෙනවා.

5. විචික්ෂණ බව

විචික්ෂණ බව එහෙම නැත්නම් ගැටළු වලට විසඳුම් සෙවීම යනු මිනිසා තුල ළමා වියේදී වර්ධනය කළ යුතු ගුණාංගයකි.

දරුවන්ට අවශ්‍ය සියල්ල සපයා දීමෙන් පමණක් ඔවුන් විචික්ෂණ වන්නේ නැහැ.

මෙම ගති ලක්ෂණය දරුවන් තුළ පෝෂණය කිරීමට දෙමාපියන් කටයුතු කළ යුතු වෙනවා.

මේ සදහා  උපකාරී වන ක්‍රියාකාරකම් කිහිපයක් නිරත කරන්න. උදාහරණයක් ලෙස, ඉවත ලන ද්‍රව්‍ය සපයා දී ඒවායින් නව නිර්මාණය කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

6. නිර්මාණශීලීත්වය

නිර්මාණශීලිත්වය යනු කලාත්මක වීමම නොවේ. ඕනෑම ආකාරයක පරිකල්පනය සහ නිර්මාණාත්මක ප්‍රකාශනය මෙයට ඇතුලත් වෙනවා.

අධ්‍යයන කටයුතුවලට අමතරව, සංගීතය, ඡායාරූපකරණය, රංග කලාව, මැටිවලින් හෝ වෙනත් ද්‍රව්‍ය වලින් නිර්මාණ සෑදීම මෙන්ම චිත්‍ර ඇඳීම වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා ළමයින් යොමු කරන්න.

ළමුන් තුළ නිර්මාණශීලිත්වය වර්ධනය වෙන විට  ඔවුන්ගේ සන්නිවේදන කුසලතා ගොඩනැගීම, ගැටළු විසඳීම වැනි ඔවුන්ගේ මානසික හැකියාවන් වැඩිදියුණු වැනි ගොඩාක් ප්‍රතිලාභ ලැබෙන බව අමතක නොකරන්න.

7. සංවේදනය

මානසික වර්ධනයට සෙල්ලම් කිරීම

ළමයින්ගේ ස්වාභාවික සංවේදනය පිළිබඳ හැඟීම දිරිගැන්වීම සහ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට අන් අය ගැන සැලකිලිමත් වීමේ වැදගත්කම අවධාරණය කිරීම දෙමාපියන් සතු වගකීමකි.

සංවේදි දරුවන් ඇති දැඩි කිරීමෙන් සිදුවන්නේ මුළු මහත්  ප්‍රජාවටම යහපතක් සිදුවීම පමණක්ම නොවේ.

එය ඔවුන්ට වඩා යහපත් හැගීම් පිළිබද අවබෝධයක් ලබා ගැනීමටත් සමහර විට වඩාත් සාර්ථක වීමට පවා උපකාරී වෙනවා.

සංවේදනය ආකෘතිකරණය කිරීම සහ තමන්ට වඩා වෙනස් පොත් සහ චිත්‍රපටවල විවිධ චරිත වැනි  පුද්ගලයින් ගැන ඔබේ දරුවන්ගේ සංවේදනය ඇති කිරීම වැනි විවිධ ක්‍රම ඔස්සේ දරුවන් තුල සංවේදනය ගොඩනැගීමට පුළුවන්.

8. දැඩි බව

මෙය ඕනෑවට වඩා ආක්‍රමණශීලී වීම සහ වේදනාකාරී බිය උපදවන දෙයක් අතර තත්වයක් වෙනවා.

මෙහිදි  නිර්භීතව හා විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම, අවශ්‍ය විටෙක කථා කරන නමුත් ගෞරවයෙන් කටයුතු කිරීම සිදුවෙනවා.

සියලු මනුෂ්‍යයන් අතර පරිණත හා සාමකාමී සබඳතා ඇති කිරීම සඳහා අවශ්‍ය දැඩි බව අත්‍යාවශ්‍ය කොටසකි. 

විවිධ සන්නිවේදන ක්‍රම පැහැදිලි කිරීම සහ විවිධ අවස්ථාවන් රඟ දක්වමින් දැඩි බව ඵලදායී වන්නේ කෙසේද යන්න දරුවාට ඉගැන්වීම වැනි දේවල් කරන්න පුළුවන්.

9. නිහතමානිකම

නිහතමානි වීම දරුවෙකු ඉගෙන ගත යුතු තවත් වැදගත් ගුණාංගයකි.

නමුත්  ප්‍රශංසාව පමණක් ලබා දෙන වර්තමාන දෙමාපියන් නිසා ළමයින් තවමත් නිහතමානිකම ඉගෙනීම අභියෝගයක් වෙන්න පුළුවන්. 

නිහතමානිකම නැති දරුවෙකු දිනෙක උඩඟු වැඩිහිටියෙක් වීම සිදුවෙන්න පුළුවන්.

දරුවෙකු අන් අය තමාට වඩා පහත් යැයි නොසිත විට ඔහුගේ හැකියාවන් සහ ජයග්‍රහණ ගැන පුරසාරම් දොඩන්නට යන්නේ නැත.

දරුවන්ට නිහතමානිකම ඉගැන්වීම ආරම්භ කිරීමට  එය ආදර්ශනය කිරීම සුදුසු වෙනවා.

10. විශ්වාසය

ධනාත්මක ආත්ම අභිමානයක් තිබීම හැසිරීමට හා සතුටට ප්‍රබල සහසම්බන්ධයක් තියෙවාලු. ඒ නිසා විශ්වාසයක් ඇති කර ගැනීමට දරුවෙකුට ඉගැන්වීම වැදගත් වෙනවා.

ඔබේ දරුවාට නිරන්තර හා අධික ලෙස ප්‍රශංසා කිරීම ඵලදායී නැහැ. 

ඒ වගේම දරුවාගේ නරක හැසිරීම් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ධනාත්මක හැසිරීමට ප්‍රතිලාභ ලබා දෙන්න.

ඇතැම් විට ළමයින්ට අසමත් වීමට සහ තනිවම ඇති බාධක ජය ගැනීමට ඉඩ දීම අනාගත උත්සාහයන් සඳහා ඔවුන්ගේ විශ්වාසය ගොඩනංවනවා.

ඔවුන්ට උදව් කිරීමට සෑම විටම දෙමව්පියන් නොසිටින බව ඔවුන්ට දැනෙන්න දෙන්න.

එවිට ඔවුන්ට තනිවම අභියෝගයන්ට මුහුණ දිය හැකි යැයි විශ්වාසයක් ඇති කරගන්න අවශ්‍ය වේවි.

ඔබේ දරුවාට හොඳ ළමයා ‌ලෙස හදුන්වන්න පුළුවන්ද? සිතා බලන්න

මෙවන් වැදගත් ගුණාංග ඔබේ දරුවන් තුල වගා කිරීමෙන් ඔවුන්ව රටට වැඩදායි පුරවැසියන් බවට පත් කරන්න.

මුලාශ්‍ර -  www.learningliftoff.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • ඔබේ දරුවා තුල අනිවාර්යයෙන්ම වගා කල යුතු යහපත් ගුණාංග 10 ක්
බෙදාගන්න :
  • අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

    අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

  • අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

    අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it