theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

5 අවම කියවීම
අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

අපගේ ජිවිතයේ අපි නිතර භාවිතා කරන අපි ‌නොහිතන පිළිකාකාරක ගැනත් දැනගනිමු.

අපගේ ජිවිතයේ අපි නිතර භාවිතා කරන සමහර දේවල් පිළිකාකාරක අපි දන්නේ නැහැ.

සමහරක් ඒවා එහෙමයි කියලා දැනගෙනත් අපි තවම භාවිතා කරනවා. මේ ගැන ඔබගේ දැනුම කොතරම්ද? අද අපි ඔබට පිළිකාකාරක 10 ක් හදුන්වාදෙන්නයි සුදානම

ඔබත් ඔබේ පවුලත් නිරෝගිමත්ව සිටීම අපිට වැදගත් වෙනවා. අන්න ඒ නිසයි ඔබට හානිකර  හැමදෙයක්ම ඔබ වෙත ගෙන එන්නේ.

ඒ නිසා එවන් වැදගත් තොරතුරු රුසක් අඩංගු මෙම ලිපිය හා එක්වෙන්න.

මහරගම අපේක්ෂා රෝහලට ගිහින් තියෙනවාද? මරණය එනතුරු බලා හිදින ඒ බලාපොරොත්තු රහිත ඇස් ඔබ එකවරක් හෝ දැක තියෙනවාද?

එහි හිදින්නේ වයසක අය පමණක් නොව අලුත උපන් කිරිකැටියාගේ සිට මරණ මංචකයේ හිදින මහල්ලා දක්වාම පිළිකා මාරයා හා සටන් කරයි. ජිවිතය අනිත්‍යයයි තමයි.

එහෙත් මෙලෙස මරු වැළද ගන්නට අප කිසිවෙකු කැමති නැහැ.

පිළිකාව

අසාමාන්‍ය හාපාලනයකින් තොරව ගුණනය වන සිරුරේ සෛල නිසා පිළිකා නම් තත්වය ඇතිවෙනවා. එය සිරුරේ  ඔනෑම තැනක වැඩෙමින් විවිධ පිළිකා තත්ව ඇතිකරන්න පුළුවන්.

වසරකට සෑහෙන්න ජිවිත ගණනාවක් බිලිගන්නා පිළිකාව මුල් අවදියේදි පාලනය කල හැකි වුවද එය කල්ගත වන විට සුව කල නොහැකි තත්වයට පත්වෙනවා.

විවිධ ප්‍රතිකාර ක්‍රම මගින් එය මර්ධනයට උත්සහ කලද අතුරු ඵල කිහිපයක් ඇති කරමින් එය ඔබේ ප්‍රතිශක්තිය සම්පුර්ණයෙන්ම බිද දමන්නේය. 

පිළිකා වැඩි වීමට ප්‍රධාන හේතුවක් ලෙස අපගේ ආහාර රටාව හා ජිවන රටාව පෙන්වා දෙන්න පුළුවන්.

අපි එදිනෙදා ජිවිතයේ සමීපව ඉන්න මේ පිළිකාකාරක 10 න් ඔබත් හැකි පමණ ඈත්වෙන්න. 

1. පිළිකාකාරක ‌ලෙස  දුම්කොළ

අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

ඔබ දුම් පානය කරන්නවාද නැතිනම් දෙවන හෝ තුන්වෙනි ක්‍රමයේ දුමට නිරාවරණය වෙනවාද?

ඒ ඔනෑම ක්‍රමයකින් අවම වශයෙන් දුම්කොළවල ඇති රසායනික ද්‍රව්‍ය 70 ක්වත් පිළිකා ඇති කිරීමට හේතුවෙන බව ඔබ සමහර විට නොදන්නවා ඇති.

මද පමණ දුම්පානය කලද ඔබ පිළිකාවට ගොදුරු වන්න පුළුවන්. ඒ අතරින් පෙනහළු පිළිකා ඇතිවීම දුම්පානය කරන්නන් අතර වැඩිය. 

මීට අමතරව බුලත්විට කෑමට දුම්කොළ භාවිත කරන නිසා ඔබට මුඛ පිළිකා ඇතිවීම වැඩි අවදානමක් තියෙනවා.

2. පිළිකාව වඩවන රේඩොන්

අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

මෙම වායුව ස්වභාව දහමේ සුළු වශයෙන් ඇති අතර එය හානිදායක නැහැ. 

නමුත් එය ඔබ නිවස තුල ඇති කර ගෙන ආශ්වාස කරන්නේ නම්, එය හානිකර නොවු  සීමාව ඉක්මවා යන්න පුළුවන්. රේඩෝන් නිසා ඔබේ පෙණහලුවල පටලය බිඳ වැටෙනවා.

එය පෙනහළු පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුවයි. 

ඔබට මෙම  රේඩෝන් වායුව  දැකීමට බැහැ. එ වගේම එහි  සුවඳක් නැහැ.

 නමුත්  නිවසේ් රේඩොන් මට්ටම පරීක්ෂා කල හැකි විශේෂ පරීක්ෂණ ක්‍රම තියෙනවා.

3.පිළිකාකාරක ‌ලෙස ඇස්බැස්ටෝස්

පිළිකාකාරක

වහල ආවරණ, සිවිලිමේ තහඩු සහ මෝටර් රථ අමතර කොටස් ශක්තිමත් කිරීම සදහා ඇස්බැස්ටෝස් වල ඇති රළු, කුඩා කෙදි යොදාගන්නවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නමුත් මෙම තන්තු කැඩී ගියවිට එම කුඩු ඔබ ආශ්වාස කරන්නේ නම්, ඒවා ඔබේ පෙණහලුවල තැන්පත් වෙනවා. දැනට අධ්‍යන මගින්  ඇස්බැස්ටෝස් පිළිකා කාරකයක් බව සොයාගෙන තියෙනවා.

ඔබේ රැකියාවේදී ඔබ ඇස්බැස්ටෝස් කුඩු වලට නිරාවරණය වෙනවා නම් ආරක්ෂිත ආම්පන්න පැළඳ ගන්න. මේවා ඔබගේ නිවසේ ඇති නම් ප්‍රවේශම්කාරිව ඉවත් කිරීම කරන්න.

මීට අමතරව ළදරු නිෂ්පාදන වලද මෙම ඇස්බැස්ටෝස් කෙදි තිබුන බව පසුගිය දා අනාවරණය වු බව ඔබට මතක ඇති නේද? ඒ නිසා ඔබ මිලදී ගැනීම් කරන විට ඒවායේ අඩංගු ද්‍රව්‍ය ගැන විමසිලිමත් වෙන්න.

4.පිළිකාකාරක ‌ලෙස රසට හැපෙන, දුඹුරු පාට ආහාර

පිළිකාකාරක

අර්තාපල් වැනි සමහර එළවළු ඉහළ උෂ්ණත්ව වලට රත් කළ විට ඒවා ඇක්‍රිලමයිඩ් නම් රසායනිකය ඇතිවෙනවා. අල චිප්ස් වැනි ගැඹුරු තෙලේ බදින ලද ආහාර පිළිකාකාරක බව සොයා ගෙන තියෙන්නේ ඒ නිසයි. 

මෙලෙස රන්වන් පැහැය හෝ තද දුඹුරු පැහැය වෙනුවට දුඹුරු පැහැයක් ගන්නා තෙක් ආහාර පිළිස්සීම, රෝසට් කිරීම, බැදීම හා ටෝස්ට් කිරීමෙන් ඔබ සකස් කරගන්නා ගන්නා ප්‍රමාණය අඩු කරන්න.

ඒවා කොතරම් කටට රහ වුනත් එහි ඔබගේ මාරයා සැගවී ඇති බව අමතක නොකරන්න.

5.පිළිකාව වඩවන ෆෝමල්ඩිහයිඩ්

පිළිකාකාරක

ප්ලයිවුඩ් සිට සමහර රෙදි දක්වාම  ෆෝමල්ඩිහයිඩ් කියන මෙම රසායනික ද්‍රව්‍යය බොහෝ ගෘහ නිෂ්පාදනවල භාවිතා වෙනවා. 

ෆෝමල්ඩිහයිඩ් එක්ක නිතර ගැවසෙන පුද්ගලයින්ට එය පිළිකා හැදීමට හේතුවක් වෙන බව අධ්‍යයන වලින් සොයාගෙන තියෙනවා .

ඔබ  නිවසට අවශ්‍ය දැව නිෂ්පාදන හෝ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට පෙර, එහි ෆෝමල්ඩිහයිඩ් අඩංගු දැයි සොයා බලන්න. සෑම දිනකම ඔබේ නිවසින් වාතය පිටවීමට ඉඩ සලසා ආර්ද්‍රතා මට්ටම අඩු මට්ටමක තබා ගන්න.

6.පිළිකාකාරක ‌ලෙස පාරජම්බුල කිරණ

පිළිකාකාරක

පාරජම්බුල කිරණ සූර්යයාගේ සිට හෝ වෙනත් ආකාරයකින්  ඔබේ සමට අවශෝෂණය වුවහොත් එය එහි සෛල වලට හානි කරන බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

බොහෝ සමේ පිළිකා ඇතිවීමට හේතුව වන්නේ පාරජම්බුල කිරණයි.

පරිසර දුෂණය හා දේශගුණික විපර්යාස නිසා මෙම කිරණ තවත් ශක්තිමත් වෙනවා. ආරක්ෂිතව සිටීමට, හිරු ආවරණ ආලේපන වලින් ඔබේ සම ආරක්ෂා කරගන්න. නැතිනම්  තොප්පියක් සහ අව් කණ්ණාඩි පළඳින්න.

7.පිළිකාකාරක ලෙස ඇල්කොහොල්

අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

ඔබ වැඩිපුර මත්පැන් පානය කරන විට සමහර පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. එලෙස ඇතිවෙන පිළිකා වනුයේ හිස හා බෙල්ලේ ඇතිවෙන පිළිකා, අන්නස්‍රෝත පිළිකා, පියයුරුපිළිකා, අක්මාවේ පිළිකා හා මහා අන්ත්‍ර පිළිකායි.  

බියර්, වයින් සහ ශක්තිමත් මත්පැන් සාදන විට නිපදවන පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්න පුළුවන්.

හැකිතරම් ඇල්‌කොහොල් පානය කිරීමත් එය අඩංගු කර නිෂ්පාදනය කරන ආහාර අවම කිරීමටත් වගබලාගන්න.

8.පිළිකාකාරක ලෙස සැකසූ මස්

අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

බේකන්, සොසේජස් වැනි  කල් තබා ගන්නා හෝ රස කර ඇති ඕනෑම මස් වර්ගයක් මහා බඩවැලේ පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරනවා.

ඉදහිට මෙම ආහාර ගත්තත් හැකි පමණ මෙම සැකසූ මස් ආහාරයට ගැනීම සීමා කරන්න.

9.පිළිකාකාරක ලෙස එන්ජින් එකෙන් එන දුම

අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

ට්‍රක්, බස්, දුම්රිය සහ සමහර කාර් පවා ඩීසල් නම් ඉන්ධන භාවිතා කරජ ධාවනය කරනු ලබයි. ඩීසල් එන්ජින් මගින් පිට කරන වායුව සහ ද්‍රව්‍ය පෙනහළු පිළිකා සහ වෙනත් වර්ගවල පිළිකා ඇති කරනවා.

රථවාහන තදබදය තුල හෝ ඩීසල් මගින් ධාවනය වන වාහන අසල කාලය ගත කිරීමෙන් වළකින්න.

එය ඔබට කරන්න සිදුවේ නම්, ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ගන්න.

10.පිළිකාව වඩවන පරිසර දූෂණය

අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්

දූෂිත එළිමහන් වාතය තුළ දූවිලි හා පිළිකා ඇති විය හැකි ලෝහ හා ද්‍රාවක අඩංගු වෙන්න පුළුවන්. 

ඔබට තනිව පරිසර දූෂණය වළක්වා ගන්න බැහැ තමයි. නමුත් වාහන භාවිතය  වෙනුවට ඇවිදීම හෝ බයිසිකල් පැදීම මගින් පරිසරය රැක ගැනීමට දායක වෙන්න ඔබට පුළුවන්.

දේශීය මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් අනුගමනය කර වාතයේ ගුණාත්මකභාවය නරක වන දිනවල ගෘහස්ථව සිටින්න.

එවන් පරිසර තුල ආරක්ෂක උපාය මාර්ග පිළිපදින්න. දුෂිත වායුන් ඇති තැන්වලින් ඉවත්ව සිටින්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අපි නිතර අහන දකින පිළිකාකාරක 10 ක්
බෙදාගන්න :
  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

    The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

    The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it