theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

5 අවම කියවීම
ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

කාන්තා ඔබට නිදි යහන කටු යහනක් ‌නොවන්න නම් ‌මේ කාරණා දැනුවත් ‌වෙන්න.

කාන්තාවන්ගේ සුරාන්තය හා බැදුනු මේ විශ්මිත කාරණා ගැන සමහරවිට මේ ඔබ අසන පළමු අවස්ථාව වෙන්න පුළුවන්.

ඔබ මධුසමය ගත කරන මොහොතේ වගේම  විවාහයෙන් වසර දහයකට පසුත් හොද ලිංගික ජිවීතයක් ගත කිරීම ඇත්තමට ශාරිරික බැදීමට එහා ගිය දෙයක්.

ඔබේ සැමියාගේ සිරුර හා එහි අවශ්‍යතා සියල්ල හොදින් අවබෝධ කර ගැනීම තුලින් මනා ලිංගිකත්වයක් විවාහ දිවිය තුල හසුරවා ගන්න හැකි වෙනවා.

නමුත් ඔබේ අවශ්‍යතා හදුනාගැනීම හා ඔබේ ලිංගික දිවිය තුල තෘප්තියක් ලැබීමද  විවාහ දිවිය තුල මනා ලිංගිකත්වය යන්නටම අයත් වෙනවා.

මෙය සාර්ථකව ඉටු කරගන්න නම් ඔබේ සුරාන්තය ගැන රසවත් වගේම අලුත් තොරතුරු සොයායෑම තරම් තවත් දෙයක් තියෙනවාද?

කාන්තා සුරාන්තය ගැන මේ අපූරු කරුණු කියවීමෙන් පසු ඔබට ඔබේ සැමියා සමඟ ලිංගිකව හැසිරීම නැවුම් අත්දැකීමක් කරාවි.

  1. කාන්තාවන්ගේ සුරාන්තයෙන් 70% ක්ම ලබා දෙන්නේ  ක්ලිටරිසය මගිනි

ක්ලිටරිස් නැතිනම් භගමණිය තුල ස්නායු අන්ත  8,000 කට වැඩියෙන් තියෙනවා. එපමණ විශාල ස්නායු ප්‍රමාණයක් තිබියදි කාන්තාවන්ගේ සුරාන්තය සදහා උත්තේජනය මෙහි සිදුවීම පුදුමයට කරුණක් නෙමෙයි නේද?

බොහෝ කාන්තාවන්ට යෝනිය තුලට වඩා භගමනිය තුලින් සුරාන්තය ලගා වුවද, ඒ දෙකම වුනත් ලැබෙන්න පුළුවන්. මෙය මිශ්‍ර සුරාන්තයකි.

මෙම උපරිම තෘප්තියක් ලබා ගැනීමට ඇඳෙහි මායිමට උඩින් පාද තබාගෙන උඩුකුරුව වැතිර සිටීම වැනි සමහර ඉරියව් වලින් පුළුවන්.

එවිට ඔබේ භගමනිය උත්තේජනය කිරීම සඳහා ඔබේ සැමියාට ලගා විය හැකි පරිදි ලිංගිකව එක්වීමේදී ඔබේ ශ්‍රෝණිය ඉහළට ඔසවන්න.

  1. මේ සදහා වයසේ බලපෑමක් තියෙනවා

ලිංගික පර්යේෂකයෙකු සහ Because It Feels Good  නම් පොතේ කතුවරයා වන වෛද්‍ය ඩෙබී හර්බනික් පවසන පරිදි, සුරාන්තයේ ගුණාත්මකභාවය සහ සංඛ්‍යාතය වයසින් සමග ඉහළ යනවා.

“වයස සමග සුරාන්තය පහසුවෙන් ලබා ගත හැකි වෙනවා” ඇය පැහැදිලි කරනවා.

 "නිදසුනක් ලෙස,  අවසන් වරට ලිංගිකව හැසිරුණු විට සුරාන්තය ලැබීම  සැලකු විට එය වයස අවුරුදු 18 ත් 24 ත් අතර කාන්තාවන්ගෙන් 61% ක්ද, වයස 30 ගණන්වල කාන්තාවන්ගෙන් 65% ක්ද, 40 සහ 50 දශකවල කාන්තාවන්ගෙන් 70% ක්ද එය ලබා ගන්නවා, " ඇය තව දුරටත් පැහැදිලි කරනවා.

මෙසේ වීමට නිශ්චිත හේතුවක් නොමැති වුවද, වයස සමඟ ලැබෙන ලිංගික අත්දැකීම් සහ විශ්වාසය මේ සුරාන්තය ලැබීම හා සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

  1. ඔබේ ආත්ම අභිමානයට ‌මේ සමග සම්බන්ධතාවක් තියෙනවා

ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

බොහෝ කාන්තාවන්ට, තමන්ගේ හැකියාවන් විශ්වාසයෙන් යුතුව විදහා දැක්වීම හා ඔවුන්ගේ සම්බන්ධතාවය තුල සුරක්ෂිතව වීම සුරාන්තයට එළඹිමටත්  පූර්ව අවශ්‍යතාවයක් වෙනවා.

තම ලිංගික සම්බන්ධතාවය ගැන අනාරක්ෂිතභාවයක් නොමැති කාන්තාවකට වඩා හොඳ ගුණාත්මක සුරාන්තයක් ලබා ගන්න පුළුවන්.

එයට හේතුව වන්නේ සුරාන්තය ලැබීම ශාරිරික සම්බන්ධතාවයෙන් ඔබ්බට යෑමයි. එය ඔබගේ මානසික හා හැගීම් වල ස්වභාවය මතද රදා පවතියි. 

ඒ නිසා ඔබේ ලිංගික හැගීම් ඔබේම බව වටහා ගනිමින් සැමියා හා සතුට සොයා යෑමේ පළමු පියවර තබන්න. 

  1. ශරීර වේදනාවට සුරාන්තය හොද ඖෂධයක්

සුරාන්තය සතුටක් ලබා දෙනවා පමණක් නොව වේදනාවන්ට සහනයක් ලබා දෙන බව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

අධ්‍යයනයට සහභාගී වූවන්ගෙන් 47% ක් වාර්තා කළේ හිසරදය සමනය කිරීමේදී වේදනා නාශක වලට වඩා වේගයෙන් සුරාන්තය ලැබීමෙන් එය සමනය වු බවයි. 

“ආතරයිටිස් වලින් ඇති වන වේදනාව, ශල්‍යකර්මයෙන් පසු වේදනාව සහ දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාව ඇතුළු සියලු ආකාරයේ වේදනාවන් සමනය කිරීමට සුරාන්තයට හැකි බවට සාක්ෂි තියෙනවා, “ ලොස් ඇන්ජලීස් හි හෙදියක් වන ලීසා ස්ටර්න් Woman's Day වෙත පැවසුවා.  

  1. සුරාන්තය  තත්පර 20 ක් දක්වා පවතින්න පුළුවන්

එය තත්පර 20 ක් නොව ඊට වඩා දිගු වේලාවක් වුවත් පවත්ගන්න පුළුවන්. මෙන්න ක්‍රමය

කාන්තා සුරාන්තය වැඩි වේලාවක් පවතින්න පුළුවන්.  ඒ සදහා ඔබේ සංවේදි ස්ථානය සොයා ගත යුතු වෙනවා.

මෙය සැමවිටම ඔබේ භගමනිය අසල පවතින්නේ නැහැ. එහි පිහිටීම එක් එක් කාන්තාව සඳහා වෙනස් වෙනවා.

නමුත් එය සාමාන්‍යයෙන් යෝනි මාර්ගය තුළ දක්නට ලැබෙන තරමක් රළු පැල්ලමක් වෙනවා.

  1. සුරාන්තය අත් දකින කාලය ඔබේ බිය පහව යයි

ඔබේ මුළු ශරීරයම හිරි වැටීම සිදුවෙන්න පුළුවන්. නමුත් ඔබේ මොළයේ කොටසක්  හැඟීම්, බිය සහ ආරක්ෂාව වැනි ප්‍රතීක පාලනය කිරීම මඳකට ක්‍රියා විරහිත වෙනවා.

ඔබේ ශරීරය ඔක්සිටොසින් හෝ “ආදර හෝමෝනය” විශාල ප්‍රමාණයක් මුදාහරින අතර එමඟින් ඔබේ සැමියා කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති වෙනවා.

Medical News Today වලට අනුව, සුරාන්තය ඔබව සැහැල්ලු කරනවා පමණක් නොව, එය මොළයේ සමහර හැගීම් අක්‍රීය කිරීමට මොළය උත්තේජනය කරනවා. පුදුමයි නේද?

  1. සෑම කෙනෙකුම අවම වශයෙන් එක් වරක්වත් ව්‍යාජ සුරාන්තයක් ලැබෙන්න පුළුවන්

කණගාටු වෙන්න එපා.  මෙය ඔබට පමණක් නොවෙයි අනෙක් අම්මලාටත් වෙලා තියෙනවා.  කාන්තාවන් මෙසේ වීමට විවිධ හේතු තියෙනවා.

සැමියාගේ ආත්ම අභිමානයට හානියක් කිරීමට අකමැත්ත මෙන්ම එය දිගටම පවත්වා ගත නොහැකි තරම් වෙහෙසට පත්වීම ඉන් සමහරක් වෙනවා.

ලිංගික සම්බන්ධතාවයකදී  "ඔබ එය ලබා ගන්නා තෙක් ව්‍යාජ ලෙස පෙන්වීමෙන්" කිසිදු හානියක් සිදු වන්නේ නැහැ.

නමුත්, ඔබ හා ඔබේ සැමියාට සැබවින්ම තෘප්තිමත් අත්දැකීමක් ඔබට අහිමි ගන්නවා වෙන්න පුළුවන්.

එබැවින් ඔහු සමඟ ඔබේ අවශ්‍යතා කතාබහ කරන්න. ලිංගික සම්බන්ධතාවය  සාර්ථක කරගන්න එක්ව කටයුතු කරන්න.

  1. සිපගැනීමෙන් හෝ තනපුඩු උත්තේජනය කිරීමෙන් පවා ඔබට සුරාන්තය ලබන්න පුළුවන්

ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

ශිෂ්ණය ඇතුල් කිරීම සුරාන්තය ලබා ගැනීමට ඇති එකම ක්‍රමය නොවේ. සිපගැනීම්, සුරතල් කිරීම  හෝ තන පුඩු උත්තේජනය කිරීම වැනි ලිංගික නොවන උත්තේජනයන් පවා තෘප්තිමත් බව ලගා කර ගත හැකි බව සොයාගෙන තියෙනවා.

ලිංගික සම්බන්ධතා කලාවක් සේ සලකා ඔබ එහි නිර්මාණශීලී වන්න. ලිංගිකව එක්වීමේදී තෘප්තිමත් වීමට ස්ථිර ක්‍රමයක් නැහැ.

එය  සමහර විට පහසුවෙන් ලගා විය හැකි අතර සමහර විට ඒ සදහා ගොඩාක් වෙහෙස මහන්සි වීමට සිදුවෙනවා. වැදගත් දෙය නම් ලිංගික සම්බන්ධතාවය තුලදි උද්යෝගයෙන් එහි යෙදීමයි.

  1. ලිංගිකව හොදින් උත්තේජනය වෙන  යුවළ අතර පවා සුරාන්තයේ අඩුපාඩු තියෙන්න පුළුවන්

ඔබේ සැමියා තෘප්තිමත් වුවත්  ලිංගිකව හැසිරෙන විට ඔබට සුරාන්තය ලබා ගත නොහැකි  බලාපොරොත්තු සුන් කරගන්න එපා.

වඩාත්ම ලිංගික සම්බන්ධතාවයන්දි ගැලපෙන යුවල පවා මේ තෘප්තිමත් බව ලැබීමේදී නොගැලපීම් අත්විඳින්න පුළුවන්.

“අපට තවමත් තෘප්තිමත් වීමේ නොගැලපීම් තියෙනවා” 

"පුරුෂයින්ගෙන් 85% ක්ම ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාවය තුල සිය සහකාරීයට තෘප්තිමත් වු බව සිතූ අතර, එසේ තෘප්තිමත් වු බවට වාර්තා වී ඇත්තේ කාන්තාවන්ගෙන් 64% ක් පමණි,"

යැයි වෛද්‍ය හර්බනික් සඳහන් කරයි.

  1. බොහෝ කාන්තාවන්ට තෘප්තිමත් වීමට ටික වේලාවක් ගතවෙනවා

ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

සුරාන්තය ලැබීමේ  වේගය අනුව නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. 

ඔබේ සැමියා ඉක්මනින්ම උච්චතම අවස්ථාවට ලගා විය හැකි අතර, ඔබට තෘප්තිමත් වීමට මිනිත්තු 20 ක පමණ ඒ සදහා පෙර  සුදානමක් හෝ ක්‍රියාකාරකම් අවශ්‍ය වෙන්න පුළුවන්.

කණගාටු වෙන්න එපා. මෙය සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි.

ඔබ ඔබේ සැමියා සමඟ ඒ ගැන කතා කරන කල යුතු බවත්, එබැවිට ලිංගිකව හැසිරෙන විට ඔහු වේගය මනදගාමී කල හැකි බවත් ප්‍රවීණයන් නිර්දේශ කරනවා.

මෙහිදි ශුක්‍රාණු පිටවීම වළක්වා ගැනීම සඳහා ඔහුගේ ශිෂේණය පාදමට පීඩනය යෙදීමෙන් කළ හැකිය.

නමුත් ඔහුගේ මනස සන්සුන් කර ගැනීම හා අවධානය යොමු කිරීමද වැදගත් වෙනවා.

මේ සදහා ඔහුගේ පැත්තෙන් විශාල අවධානයක් යොමු කිරීමට සිදු වුවද, ඇත්තෙන්ම අවසාන ප්‍රතිඵලය හොද වේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්
බෙදාගන්න :
  • 10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

    10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

  • අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

    අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

  • 10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

    10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

  • අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

    අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it