theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නොදැනුවත්ව හෝ දැනුවත්ව අප දරුවන්ට නිතර දෙන හානිකර උපදෙස් 10ක්

5 අවම කියවීම
නොදැනුවත්ව හෝ දැනුවත්ව අප දරුවන්ට නිතර දෙන හානිකර උපදෙස් 10ක්නොදැනුවත්ව හෝ දැනුවත්ව අප දරුවන්ට නිතර දෙන හානිකර උපදෙස් 10ක්

ඔබටත් මෙවැනි අවවාද  ලැබී තිබෙනවාද? එසේ නම් ඔබ තනි වී නැහැ. අවුරුදු ගානක් තිස්සේ ඔවුන්ට ලැබී ඇති අයහපත් දරුවන් රැකබලා ගැනීම උපදෙස් මොනවාද යන්න සොයා ගැනීමට අපි මව්වරුන්ට කතා කළා. එහි ප්‍රතිඵලය අපිව සිනානැංවීමට මෙන්ම කම්පිතව නිහඬ කිරීමට සමත් වුනා. තව විස්තර දැනගැනීමට කියවන්න.

දෙමාපියන් ලෙස අපි දවස්පතා අප දරුවන්ට විවිධ උපදෙස් දෙනවා. හොඳ හිතින් දුන්නත් මේ හිතකර උපදෙස් අතර දරුවන්ට හානිකර උපදෙස් තියෙන්නටත් පුළුවන්. 

අනෙක් අයට අපට කිසිසේත්ම අවශ්‍ය නොවන උපදෙස් ලබාදීම අනුමත කරන මවක් හෝ පියෙක් වීම කෙබඳු ද?

අපිට  හානිදායක රැකබලා ගැනිමේ උපදෙස් ලැබේ නම් අනෙක් මව්වරුන්ටත් එසේ ලැබෙනවා විය යුතුය.

අපි හැම තැනකම අසා එවැනි (කිසිසේත්ම  නො පිළිගත යුතු ) ඔවුන්ට ඔවුන්ගේ මිතුරන්, පවුලේ අය, අමුත්තන්ගෙන් ලැබුණු හිංසාකාරිත්වයේ සිට අසාමාන්‍යතාවය දක්වා පරාසයක විහිදෙන අවවාද අපි සොයාගත්තා.

එවැනි කවදාහරි  ලැබිය හැකි හානිදායකම ප්‍රමුඛ පෙළේ උපදෙස් අපි තෝරා ලැයිස්තු ගත කරනු ලැබුවා.

නොදැනුවත්ව හෝ දැනුවත්ව අප නිතර දෙන දරුවන්ට හානිකර උපදෙස් 10ක්

1. නහය හදන්න නහය මිරිකන්න. දරුවන්ට හානිකර උපදෙස්

ඔව් අම්මා,  ඔබ කියවන දේ  නිවැරදියි. අලුත් මව්වරුන්ට ඔවුන්ගේ දැනුමැති ආච්චි අම්මා සහ දැනුමැති අමුත්තන් විසින් නහය තියුණු වී මනා හැඩයක් ලබා දීමට ඔවුන්ගේ දරුවාගේ  නහය ඔවුන්ගේ ඇඟිලි අතරට තබා ඉහළ පහළ තෙරපනු ලබනවා.

අප විශ්වාස කරන්න. අපි ඔබට කියනවා. එය ප්‍රතිඵල රහිතයි. ඒ වගේම ඔබ ඔබගේ දරුවාට ආදරය කරන බවත් ඔහුගේ නාසය හැඩය කුමක්දැයි ගැටලුවක් කර නොගන්නා බවත්  අපට නිසැකයි.

2. ඔබේ දියණියගේ ඇහි පිහාටු දිගටම පිරුණු ස්වභාවයකට පත් කිරීමට ඒවා කතුරකින් කපන්න.

මෙය ලෝකය පුරා සුපතල වූවක් බව පේනවා. දරුවන්ගේ මවුවරුන් ඔවුන්ගේ දරුවන්  වයස සති තුනේ දී ඔවුන්ගේ දියණියගේ ඇස් පිහාටු කැපිය යුතු බව  කාන්තා නෑදෑයන් විසින් පවසනවා. (මෙය පුතුන් සඳහාද සමහරු  යොදාගන්නවා.)

ඒවා පිරුණු ස්වභාවයන් දිගට වැවීම සදහා ඔවුන්ගේ අසරණ දරුවන්ට මෙම තත්වයට මුහුණ දෙන්න ඇති බව අපි පිලිකුලෙන් හිතෙනවා.

3. දරුවන්ගේ ඇඟිලිවල මිරිස් ආලේප කිරීමෙන් ඔහු ඇඟිලි ඉරීම නවත්වනවා.

දරුවා ඔහුගේ මහපටැඟිල්ල උරා බොනවා නම් සමහරවිට මුලු අතම මුවෙහි දමාගන්න ඉඩ තිබෙනවා.

නමුත් ඔබට වෙන අවසන් දෙය වන්නේ ඔබේ නැන්දල කියන මෙන්න මේ දේ වෙනවා.

ඔබ උණුසුම් සෝස් හෝ මිරිස් තෙල්  ඔහුගේ ඇඟිලි මත තවරන්න. එතකොට ඔහු ඇගිලි බොන්නේ නැහැ.

ඒක කිරීමට මොන තරම් භයානක දෙයක්ද? ආදරණීය නැන්දල ඔබට ස්තූතියි.

ඔබේ උපදේශයට ස්තුතිවන්ත වෙන්න බැහැ. අපේ දරුවන් හිංසාවට පත් කිරීමෙන් ඔවුන්ගේ ජීවිත කාලයටම බයට පත් කිරීම අපි විශ්වාස කරන්නේ නැහැ.

4. ඔබේ දරුවාට හැඩීමට ඉඩ දීමෙන් නින්දට පත් වේ. දරුවන්ට හානිකර උපදෙස්

මේක විවාදශීලි දෙයක් බව ඇත්තයි. අපි පුංචි පැටියා අඬන විට අපට දැනෙන හද පැලෙන වේදනාව අපි හැමෝටම හුරුපුරුදුයි.

නමුත් මව්වරුනි මම ඔයාට වඩා විශිෂ්ඨයි කියන මව්වරුන්ගේ දරුවන්ට  හැඩීමට ඉඩ දීමෙන් නින්දට පත්වේවි කියන ආකල්පයට ඇහුම්කන්  නොදෙන්න.

හදවතින් හිතන්න ඔබේ දරුවාට මාස හයකට අඩුයි නම් ඇය අනිවාර්යයෙන්ම අඬන්න හේතුවකටයි. එක්කෝ එනම් ඇය තෙමාගෙන, නැතිනම් බඩගිනි හෝ වේදනාවෙන් ඉක්මන් ප්‍රතිචාරයක් ඉතා පහසුවෙන් ඇය සුව පහසුවට පත්වෙවි.

ඒ මගින් ඇයගේ කෝප ප්‍රමාණය ද අඩු වීමට හේතුවේවි.( ඔබගේත්)

5. ඔබගේ දරුවා ඔබව හැපුවොත් ඔහු ආපසු හපන්න.

මෙය කවදා හරි ලැබෙන නරකම අවවාදයට ලෙස කිරුලු පැළඳිය යුතුය. මගේ පුංචි දරුවා කිරිබොන විට මගේ පිය  හැපුවොත් මම ඇගේ පුංචි කම්බුලක් සපා ප්‍රතිචාර දැක්විය යුතු බවත් එවිට දරුවා එහෙම වුනහම දැනෙන්නේ මොන වගේ ද දම්දැනගෙන එය නැවත නොකරාවි යැයි මගේ සැමියාගේ නැන්දනිය  මට කිව්වා.

මම ඇය දෙස බියපත්ව බැලූ විට, "මගේ ලේලි ඇයගේ පුතණුවන්ට එහෙම කළා. ඔහු ඉන්  පාඩමක් ඉගෙන ගත්තා. ඔහු  ආයෙ කවදාවත් එහෙම කලේ නැහැ" යැයි ඇය පිළිතුරු දුන්නා.

මව්වරුනි  ඔබ මව්කිරි දෙන විට ඔබේ දරුවා වැරදීමකින් ඔබේ පියයුර වැරදීමකින් සැපුවොත් කරුණාකරලා ඔහුව නැවත සපන්න එපා.

ඔහුගේ නහය මෘදුව මිරිකන්න උත්සහ කරන්න. එවිට ඔහු කිරිබොන බව තේරුම් ගනිවි.

එය ලෝකය පුරා වූ මව් කිරි දෙන මව්වරුන් උත්සාහ කර පරික්ෂා කල ක්‍රමයක් වේ.

කෙසේ නමුත් ඔබේ ළදරුවා අනෙක් දරුවන් හෝ ඔබව හපාකන්න පටන් ගතහොත් කරුණාකර ඔහු ආපසු හපන්න එපා. 

6. දරුවා නිදා ගත් විට නිදාගන්න.

ඔව්, එහි හොඳ අරුතක් තියෙනවා. නියම ප්‍රායෝගික ආවවාදයක්, කරනවට වඩා පැවැසීම පහසුයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

බොහෝ අලුත් මව්වරු මෙම අවවාදයෙන් බොහෝ විට කෝපයට පත් කරනවා.

ඔබේ දරුවා නිදාගත් විට ඔබට ඇග සෝදගන්න, තේකක් බොන්න, මනුෂ්‍යයෙක් වගේ දැනෙන්න වේලාව වන්නේ ඒ වේලාව නිසයි.

7. මත්පැන් ටිකක් තොල ගෑමෙන් දරුවාට සුව නින්දක් ලැබේ.

මත්පැන් සහ සම්බන්ධ අවවාද නොසිතා පවසන අනතුරුදායක ඒවා වෙනවා.

ඒවා දරුවාගේ දත් එනවිට  දරුවාගේ දත්වල  මත්පැන් ආලේප කිරීමේ සිට මව්කිරි දීමේදී වයින් වීදුරු දෙක තුනක් පානයෙන් ඒවා මව්කිරි වලට ගොස් එමගින් දරුවාට සුව නින්දක් ලැබේ යැයි පවසන දේ දක්වා වූ පරාසයක වෙනවා.

මත්පැන් සුළු ප්‍රමාණයක් වුවත් දරුවන්ට විෂ විය හැකි බවත් කිසිම වෙලාවක කිසිම හේතුවක් මත සෘජුවම නොදිය යුතු බවත් මතක තබා ගන්න.

8. රාත්‍රියට ඔබේ දරුවාට කිරි වෙනුවට වතුර දෙන්න. දරුවන්ට හානිකර උපදෙස්

මෙය වටිනාකමෙන් තොරයි. බොහොමයක් මව්වරුන් ඔවුන්ගේ පුංචි දරුවන්ට වතුර ස්වල්පයක් ඔවුන් රාත්‍රීයේ අවදි වූ විට ලබා දෙන ලෙස අවවාද ලැබී තිබෙනවා.

අවස්ථානුකූලව පානයට කිරි නොමැති බවත් රාත්‍රිය අවදි වී කිරි ඉල්ලා සිටීම නවත්වන බවත් ඔවුන් ඉගෙන ගනී.

ඇත්තෙන්ම ඔවුන්ට රාත්‍රිය අවදිවන්නේ වතුර පානය සඳහා නොවෙයි. මව්වරුනි, ඔවුන්ට ඇහුම්කන් දී දරුවන්ට වතුර දෙන්න එපා.

කුසගිනි වූ දුකට පත්වූ වර්ධනය වෙන දරුවෙක්ට ඔහුගේ මූලික අවශ්‍යතා නොලැබේ නම් කෙසේ වෙයිද?

9. දරුවා දවල් දවසේ අවදිව තැබීමෙන් රාත්‍රියේදී සුව නින්දකට පත්වේ.

මෙය අප තුළ වේදනාවක් මතුකරනවා. පුංචි දරුවෙක් දවල් දවසේ අවදියෙන් තබා ගන්නෙ කෙසේද? මාස දෙකේදී  දරුවාට නිදාගැනීමේ  ගැනීමේ චර්යාවක් පුහුණු කල බව කියන මව්වරුන් දෙස අපි විශ්මයෙන් බලනවා.

දරුවෙක් පමණට වඩා උත්තේජනය වු විට හා පමණට වඩා වෙහෙසට පත්වු විට ඉහත නිදා ගැනීමේ චර්‍යාවන් බිඳී යන බව ඔබ දන්නවා?

ඔබේ දරුවාට කුමන වයසක දී වුවද ඔවුන් යම් ප්‍රමාණයක නින්දට  අදාල රටාවක්  අවශ්‍ය වෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවී වැඩි විස්තර ලබාගන්න.

10. ඔහුට කාර් සීට් එකක් නොතිබුණාට කමක් නෑ.

ඔබ මොනවා කලත් ඔබේ මව ඔබගේ දරුවා ඇයගේ උකුළේ තබාගෙන ඉදිරි අසුනේ යන බව පවසන විට ඔබේ හිතට එකඟ වේවි.

නමුත් එවිට ඔබේ මව කියන දේ අහන්න එපා. ඔබේ දරුවාට ආසන පටි ඇති  කාර් සීට් එකක වයසට ගැළපෙන අයුරින් තැබීම අවශ්‍ය වෙනවා.

බොහොමයක්  රිය අනතුරු වලදී ළදරුවන් හා දරුවන් වින්ඩ්ස් ස්ක්‍රීන් එක දෙසට විසි වෙනවා. මොකද ඔවුන් කාර් අසුනේ ආසන පටි නිවැරදිව දමා නොතිබීම හෝ ඉදිරි අසුනේ ගමන් කිරීම නිසා වේ. දරුවාගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලැබිය යුතු අතර ඔබේ වටිනා දරුවාව එම ස්ථානයේ ආරක්ෂිත බව ඔබ සහතික කළ යුතු වෙනවා.

ඔබේ දරුවාගේ සුරක්ෂිතතාවය පිළිබඳ ඇති පැතිකඩවල් ගැන ඔබ ව්‍යාකූල නම් හැමවිටම විශේෂඥයකුගේ උපදෙස් පතන්න.

ඔබට කවදා හරි භයානක දරුවන් රැකබලා ගැනීම ගැන උපදෙස් ලැබී තිබෙනවාද? පහලින් සටහනක් යොදා එය අප සමග බෙදා ගන්න.

මෙවැනි භයානක දරුවන් රැකබලා ගැනීමේ උපදෙස් පිළිබඳ දැනුම ඔබ දෝතට තිලිණ කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • නොදැනුවත්ව හෝ දැනුවත්ව අප දරුවන්ට නිතර දෙන හානිකර උපදෙස් 10ක්
බෙදාගන්න :
  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

    දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

    දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it