ඔබේ නිවස තුළ ඇතිවිය හැකි ඉතා සුලබ අනතුරු 10 ක්

ඔබේ නිවස තුළ ඇතිවිය හැකි ඉතා සුලබ අනතුරු 10 ක්

ගෙදරදී දරුවන් මුහුණ පාන සුලබ අනතුරු 10 ක් සහ ඒවා වැළැක්වීම සඳහා ඔබට ගත හැකි පියවර මෙම ලිපිය විස්තර කරයි.

නිවසේදී සිදුවන අනතුරු ගැන නම් අපිට කතා නොකරම බැහැ... සංකල්පිත ලෝකයක නම් අපේ නිවාස ආරක්ෂිත පරිපූර්ණ දිව්‍යලෝකයක් ලෙස සිතන්න පුළුවන්. නමුත් සත්‍ය වන්නේ අප ජීවත් වන සුන්දර ලෝකය තුළ එය එසේ නොවීමයි. ඒ නිසාම අපේ නිවාස තුළ අපට විය හැකි අනතුරු එමටයි. මින් බොහෝ දුරට ගොදුරු බවට පත්වන්නේ පුංචි දරුවන්මයි. මේ අතර දරුවන් මුහුණ පාන සුලබ අනතුරු 10 ක් හා ඉන් ඔබට වැළකීමට මේ අනතුරු ගැන දැනුවත්ව හිඳිම වැදගත් වන්නට පුළුවන්.

නිවසේදී සිදුවන අනතුරු

නිවසේදී සිදුවන අනතුරු

1. බිමට වැටෙන ද්‍රව්‍ය

පුංචි පැටවුන් යන්තම් ඇවිදින්න පටන් ගන්න කාලේදී ඔවුන් දකින දකින දේ අදිනවා, ගන්න බලනවා. ඒ නිසා සිදුවිය හැකි අනතුරු ගැන සැලකිලිමත් වීම වැදගත්. විශේෂයන් විදුලි වයර්, මේස රෙදි වැනි දේවල් ඇද දමන්න ඔවුන් පෙළඹෙනවා. ඒත් මේ සම්බන්ධ ද්‍රව්‍ය ඒ නිසා ඔවුන්ගේ ඇඟට පෙරලෙන්න පුළුවන්.

2. පැටලීම් හා වැටීම්

කවුරුත් වැටෙන්න පුළුවන්. නමුත් මෙහි අවධානම පුංචි දරුවන්ට වඩා වියපත් අයට වැඩියි. සමහර වැටීම් නිසා අත පය කැඩීමට පවා ළක්වෙන්න පුළුවන්. කෙනෙක් වැටීම නිසා නිදිමත ගතිය, වමනය, මතකය නැතිවීම වැනි දේවල් සිදුවුවහොත් ඒ ගැන වහාම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.

3. තැලීම් සිරීම්

තැලීම් සිරීම් වලට අයිස් තැබීම ක්ෂණිකව ක්‍රියාත්මක වන ප්‍රථමාධාරයක්  ලෙස දැක්විය හැකි අතර එය ඉඳිමීම ඇතිවීම පාලනය කරනවා. නමුත් ඊට වඩා බරපතල තත්වයකදී නම් තැල්ම සමග කැඩීම්, විසන්ඳි වීම් ඇතිවෙන්න පුළුවන්. ඉඳිමුම හා වේදනාව දිගටම පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්.

4. උළුක්කු වීම

උළුක්කුවක්, ලිග්මන්ට් අතර ( සන්ධි අතර සබඳතාවය) ඇදීමක් ඇතිවීමෙන් සිදුවන්න පුළුවන්. මීට දණහිස වළලුකර , මැණික් කටුව වැනි ස්ථාන වල මෙය බහුලව සිදු වෙන්න පුළුවන්. වේදනාව අඩු කර ගැනීමට ක්ෂණික අයිස් තැබීම කළහැකියි.

5. කැපීම්

නිවසේදී සිදුවන අනතුරු

කැපීමද සුළු හෝ දරුණු ලෙස සිදු වෙන්න පුළුවන්. හම කැපීම නිසා රුධිරය පිටවෙනවා. කැපීමක් ඇතිවූ විට ලේ ගැලීම සිදුවන තැනට පීඩනයක් ලබාදී ලේ ගැලීම නැවත්වීම සිදුකළ යුතු වෙනවා. නමුත් ඉතා දරුණු තත්වයන් වලදී තුවාලය හාවීමට මැහුම් දැමීමත් සිදු කරනවා.

6. පිළිස්සීම්

දරුවන් බොහෝ විට පිළිස්සීම් වලට ගොදුරු වන්නේ නොදැනුවත්ව රත්වූ කෑම භාජන හා පිසින උපකරණ ඇල්ලීම නිසයි. විශේෂයෙන් ගින්දර භාවිත වන තැන්වල දරුවන් ඈත් කර තබාගැනීම වැදගත්. උදාහරණ ලෙස ස්තිරික්කය, විදුලි ලිප් ආදිය දක්වන්න පුළුවන්. කෙනෙක් නිවස තුළ පිලිස්සීමකට ලක්වුවහොත් වහාම ගලන ජලයට පිළිස්සුම් තුවාලය නිරාවරණය කිරීම හානිය අවම කරනවා.

7. සිරවීම්

පුංචි පැටවුන් අතට අසුවන දේ කටට දමා ගන්නවා. ඉතින් මුවේ සිරවෙන ප්‍රමාණයේ දේවල් ගැන ඔවුනට අවබෝධක් නැති නිසා එය ස්වරාලය තුළ හිරවීමෙන් ඔක්සිජන් ගමනය අවහිර වෙනවා. දෙමාපියන්ට සිරවූ දෙය ගැනීමට අපහසු නම් වහාම හදිසි අනතුරු ඒකකයට දරුවා ගෙන යායුතු වෙනවා.

8. විෂවීම්

නිවසක් තුළ අත්‍යවශ්‍ය විය හැකි නමුත් මිනිසුන්ට විෂ විය හැකි නිෂ්පාදන භාවිතය අවශ්‍ය වෙනවා. සමහර පිරිසිදු කිරීම් ඛාරක, තෙල් වර්ග, බ්ලිච් බෙහෙත් ද්‍රව්‍ය ලොක් කර තැබිය හැකි ස්ථාන වල තැබීම ඉතා වැදගත්.

9. වීදුරු හා සම්බන්ධ වන අනතුරු

නිවසේදී සිදුවන අනතුරු

මෙම අනතුරු සමහර විට ජනේල නැතිනම් මුළුතැන්ගෙයි උපකරණ වලින් ඇතිවෙන්න පුළුවන්. වීදුරු සම්බන්ධ කර ඇති ගෘහ භාණ්ඩ මේ අතර ප්‍රධානයි. මෙය දරුවන්ට හිතකර වන ලෙස සාදා තිබීම වැදගත්.

10. දියේ ගිලීම්

වතුර ඇති තැන ගිලීම් ගැන සැලකිලිමත් වීම වැදගත්. එය පිහිනුම් තටාකයක් හෝ නාන ජල බඳුනක් වගේම කුමන හෝ වතුර භාජනයක් විය හැකි නිසා ඒ ගැන අවධානය වැදගත්.

 

theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය නිරතුරුවම මේ අනතුරු ගැන ඔබව  දැනුවත් කරන්නේ ඇසිපිය හෙලන ඇසිල්ලක ඔබට හා දරු පැටියාට මේ අනතුරු ඇති වෙන්නට ඇති ඉඩ කඩ ඇති නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි