මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

දරුවාට ‌මේ සනීපාරක්ෂක පුරුදු කරන්න.

දරුවාගේ පෞද්ගලික ස්වස්ථතාව ගැන අපි හිතන්න අවශ්‍ය ඇයි කියලා ඔබ දන්නවාද?

ඇත්තටම දෙමව්පියන් වශයෙන්, අපේ දරුවන් නිරෝගීව තබා ගැනීම සහ ඔවුන් රෝගී වීම වැළැක්වීම සදහා අපි ප්‍රමුඛතාවය දෙනවා නේද?

දැනට පවතින COVID-19 ලෝකය පුරා පැතිරීම  සහ උණ වර්ග පැතිරෙන සමය ආරම්භ වීමත් සමඟ අපි මේ ගැන හිතන්න අවශ්‍යයි කියන එක ඉස්මතු වුනා.

ඒ නිසාම අපගේ දරුවන්ට පෞද්ගලික සනීපාරක්ෂාවේ පිළිබඳ වැදගත්කම සහ රෝග පැතිරීම නැවැත්වීමට උපකාරී වන කාර්යභාරය ඉගැන්වීම විශේෂයෙන් වැදගත් වෙනවා.

ඒ සදහා ආරම්භයක් විදියට ඔබ ඔබේ දරුවන්ට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පිළිවෙත් 10 ක් අපි ඔබ වෙත ගෙන එනවා.

ඔබේ දරුවන්ට ඉගැන්වීමට දරුවාගේ පෞද්ගලික ස්වස්ථතාව හා සම්බන්ධ පිළිවෙත් 10 ක්

මේ පිළිවෙත් ඔ‌බේ දරුවාගේ එදිනෙදා ජිවිතයට ඇතුල් කර ඔබේ දරුවා නිරෝගීව තබා ගන්න

කොවිඩ් 19 පමණක් ‌නොව  අනෙක් ‌ලෙඩ ‌රෝග වලින් පවා ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට ‌මේ ‌හොද පුරුදු පිටුවහලක් ‌වේවි.

ඔබේ දරුවා ඔබේ සම්පතයි. ඔවුන් රැක ගැනීම හා ආරක්ෂා කර ගැනීම ‌දෙමව්පියන් ‌ලෙස අපිට ඇති වගකීමයි.

1. දරුවාගේ පෞද්ගලික ස්වස්ථතාව සදහා අත් සේදීම

මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

 සෑම දරුවෙකුම මුළුතැන් ගෙයි හෝ නාන කාමරයේ සින්ක් එක මට්ටමට උස වූ වහාම කියා දිය යුතු වටිනාම පාඩම වන්නේ අත් සේදීමයි.

මෙම පුරුද්ද අද ලෝකය මේ මුහුණ වී තිබෙන වසංගත රෝග තත්වය සදහා විශේෂයෙන් වැදගත් වෙනවා.

සබන් හා ජලය හෝ අතේ ගා අතුල්ලන ඇල්කොහොල් අඩංගු අත් සෝදන දියරයක් භාවිතා කර නියපොතු ඇතුළුව තම අත්වල සියලුම කොටස් හොඳින් අතුල්ලා තත්පර 20 ක් හෝ ඊට වැඩි කාලයක්  සේදිමට ඔබේ දරුවාට උගන්වන්න.

2.පොදු බාත්රූම් වල දොරවල් විවෘත කිරීම සඳහා ටිෂු එකක් භාවිතා කිරීම

පොදු බාත්රූම් වල දොරවල් විවෘත කිරීම සඳහා ටිෂු එකක් භාවිතා කිරීමට ඔබේ පවුලේ අයට නිතරම අවධාරනය කරන්න.

එසේ භාවිතා කිරීමෙන් පසු ටීෂු එක වගකීමෙන් යුතුව කසල බදුනකට දැමීමට ඔබේ දරුවන්ට උගන්වන්න.

3.නිවසට පැමිණි වහාම ඇගපත සෝදා පිරිසිදු කිරීම

මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

ඔබේ දරුවන් නිතරම ඇගපත සෝදා පිරිසිදු වීම කල  යුතු අතර, ඔවුන් පාසලේ සිට හෝ සවස් වරුවේ ක්‍රීඩා පිටියේ සිට පැමිණි  පසු අලුත් ඇඳුම් ඇදිය යුතුය.

4.අතපය සෝදා අලුත් ඇදුම් ඇදීම 

ඔවුන්ට ඇගපත  සේදීමට නොහැකි නම් හෝ ඒ සදහා ප්‍රමාණවත් කාලයක් නොමැති නම්, ඔවුන් පිරිසිදු බව තහවුරු කර ගැනීමටත්, ඔවුන්ගේ ශරීරයේ නිරාවරණය වූ කොටස් සේදීමටත්, එළිමහනේදි ඇදි  ඇඳුම් වලින් මාරු කිරීමටත් වග බලා ගන්න.

5.එළියට ගොස් පැමිණි ඇඳුම් පිටින් ඇඳ මත වාඩිවී නොසිටිම

මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

 එළිමහනේ ඇද සිටි ඇඳුම් වල කුණු දුවිලි මෙන්ම  බැක්ටීරියා හා ඇසට නොපෙනෙන පරපෝෂිතයන් සිටින්න පුළුවන්.

නිවසට පැමිණි වහාම එළිමහනේ ඇද සිටි ඇඳුම් ගලවා ඉවත් කිරීමට ඔබේ දරුවන්ට උගන්වන්න.

6.සපත්තු නිවස තුලට ගෙන නොඒම

පාවහන් නිවස තුලට නොගැනීමට දැඩිව කටයුතු කරන්න.

සපත්තු පතුලේ විශේෂයෙන් ම ඊකොලි ඇතුළු මළ ද්‍රව්‍ය හා බැක්ටීරියා වල අංශු මාත්‍ර පතිත වී පැමිණිය හැකිය.

මෙම රෝග කාරක නිසා දරුණු පාචනය, මුත්‍රා ආසාදන හා මෙනින්ජයිටිස්  පවා ඇති වෙන්න පුළුවන්.

7.ඇඳ / සෝෆා මත සපත්තු නොතැබීම

ඇඳන් සහ සෝපා මත හිඳින විට පාවහන් ඉවත් කිරීම වැදගත් වෙනවා. 

අපේ් ළමයින් ඔවුන්ගේ කාමරවල ඇති ඇදන් උඩ හෝ සෝෆා මත සපත්තු පිටින් උඩපනින විට අපි සියල්ලන්ම භීතියට පත්වෙනවා.

සෝෆා සහ ඇඳන් අපව  විවේක ගන්වන ස්ථාන වන අතර ඒවායේ අපගේ මුහුණු ඍජුවම ස්පර්ශ වෙනවා. ඒ නිසා දරුවන්ට එසේ කිරීමට ඉඩ නොදෙන්න.

8 නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම

ආහාර කවර , ආහාර අපද්‍රව්‍ය සහ කුණු යැයි සැලකෙන වෙනත් දේවල් නිසි පරිදි බැහැර කිරීමට ඔබේ දරුවාට උගන්වන්න.

නිසි ලෙස බැහැර නොකරන අපද්‍රව්‍ය අපව රෝගයට ගොදුරු කරගන්නා ගෘහස්ථ පළිබෝධකයන් නිවස තුළට ආකර්ෂණය කර ගන්න පුළුවන්.

ඒ නිසා කුණු කසළ කිසි විටෙකත් හැමතැනම නොදමන ලෙස ඔවුන්ට කුඩා කල සිටම ඉගැන්විය යුතුය.

9.ආහාර බෙදා නොගැනීම

බෙදාගැනීම හොඳ මිත්‍රත්වයන් ඇති කර ගැනීමේ වැදගත් අංගයක් තමයි. 

නමුත් ඔබේ දරුන්ට ඔවුන්ගේ මිතුරාගේ දිවා ආහාර පෙට්ටිවලට ඇඟිලි නොදැමීමටත්, ඔවුන්ගේ සැන්ඩ්විච් වලින් කොටස් රස නොබැලීමටත් දරුවන්ට උගන්වන්න.

ඔවුන් ටිෂු වලින් ආවරණය කර කිවිසුම් යාම හෝ කැස්ස සිදු කිරීමට  ඉගෙන ගත යුතු අතර කිසි විටෙකත් ඔවුන්ගේ ආහාර වලට ඒවා ඇතුල් නොවිය යුතුය.

විශේෂයෙන් කණ්ඩායම් ලෙස තබා ඇති බොහෝ ළමුන් ආහාර තැටියක ආහාර ගන්නා විට එය වැදගත් වෙනවා.

10.වස්තූන් ලෙව නොකෑම

ළමයින් උපතින්ම  ගවේෂණයට දක්ෂයි. ඒ නිසාම ඔවුන්  සෙල්ලම් බඩු ලෙවකෑමත්, කටේ දැමීමත් කරනවා.

මෙලෙස ඔබේ දරුවාට කටට වස්තූන් දැමීම හා බස්රථවල කවුළු සහ පොලු වැනි ආගන්තුක දේවල් ලෙවකෑමේ අන්තරායන් කියා දෙන්න.

ඔබේ දරුවන්ට ඉගැන්වීමට දරුවාගේ පෞද්ගලික ස්වස්ථතාව හා සම්බන්ධ පිළිවෙත් 10 හි වැදගත්කම

හොඳ පුරුදු ඇති කිරීමට හොදම ක්‍රමය ඔබම එය අනුගමනය කිරීමයි. ඔබේ දරුවා ඉතා  කුඩා කල සිටම පුරුදු ඇති කර ගැනීමට පටන් ගනී.

වයස මාස 2 ක් තරම් ඉක්මනින් ළදරුවන්ට රටා හඳුනාගත හැකි බව පර්යේෂණවලින් හෙළි වී තියෙනවා.

ඔබේ දරුවා නිතරම නිරීක්ෂණය කරන  අතර ඔහු / ඇය ඔබෙන් ඉගෙන ගන්නා හැසිරීම් අනුකරණය කරනවා.

ඔබේ දරුවා වෙනුවෙන් සෑම දෙයක්ම කිරීමට ඔබට අවශ්‍ය විය හැකියි.

නමුත්, ආරම්භයේ සිටම හොඳ සනීපාරක්ෂාව පිළිබද පුරුදු වලින් දරුවා පෝෂණය කිරීමත්  ඉතා වැදගත් වෙනවා.

ඔබේ නිවසේ පිරිසිදුකම යන මාතෘකාවට වැදගත්කමක් ලබා දීම සහ සනීපාරක්ෂාව පිළිබඳ වඩාත් ශක්තිමත් තන්ත්‍රයක් ආරම්භ කිරීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න.

සනීපරාක්ෂක පුරුදු ඔබේ දරුවාට පුරුදු කිරීම ගැන ඔබේ අත්දැකීම් කොහොමද?

ඔබටත් මේ ලැයිස්තුවට එකතු කිරීමට තවත් යමක් තියෙනවාද? ඔබේ අදහස් පහතින් සටහන් කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.