theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

5 අවම කියවීම
හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

සම්බන්ධතාවයකට ‌මෙම ගුණාංග 10 ඇත්තටම වැදගත් ‌වෙනවා.

ජීවිතය හා විවාහය සාර්ථක කරන, හොඳ විවාහයකට වැදගත් ගුණාංග මොනවාද කියලා ඇහුවොත් අපිට දෙන්න උත්තර ගොඩාක් තියෙයි.

නමුත් හරියට ඒ බැදීම තේරූම් ගත්ත ප්‍රමාණය හරිම අඩුයි. ආදරයකදි අපි හිතන්නේ විවාහයකින් එය අවසන් වෙනවා කියලා.

නමුත් විවාහයක් තුල සම්බන්ධතාවයක පටන් ගැන්ම එතැනයි කියලා අපි තේරූම් ගන්න අවශ්‍ය වෙනවා. ජිවත් වෙනවාට විවාහ ජිවිතය ගත කරන්න යාම ඔබ මෙන්ම ඔබේ සහකරුටත් ඔබ කරන අසාධාරණයක්.

ඒනිසා අද අපි කියන්න යන මේ දේවල් 10 ඔබේ විවාහය තුල පවත්වාගන්න.

ජීවිතය හා විවාහය සාර්ථක කරවන හොඳ විවාහයකට වැදගත් ගුණාංග 10 ක්

1. ඔබේ සහකරුගේ මානුෂිකත්වය තේරූම්ගන්න 

සම්බන්ධය ආරම්භ වු මුල් කාලයේ පැමිණි දුක් පැණි රසයි කිව්වත් කාලයක් යද්දි සම්බන්ධය තුල පැන නැගෙන ගැටලු ඔබට හිසරදයක් වෙන දවසකුත් උදාවෙනවා.

ඔබේ සහකරු කරන කියන දේවල් ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්.

එයා අදින විදිය , එයා කන විදිය , එයාගේ ගමන් බිමන් සමහරවිට ඔබට තරහා ගෙන දේවි

නමුත් මේවා අවබෝධ කර ගැනීම දිගුකාලීන සම්බන්ධතාවයක් සඳහා වැදගත් වෙනවා.

කිසිවෙකු සර්වසම්පුර්ණ නැහැ. ඔබගේ සහකරුගේ ඔබ කැමති දේවල් අකමැති දේවල් වලට වඩා වැඩියි නේද? ඉතින් ඇයි ඔබ මේ කැමති දේවල් ගැන නොසිතන්නේ? 

එබැවින් ඔබේ සහකරු ඔහුගේ මානුශික ස්වභාවය පෙන්වීමට පටන් ගත් විට, ඔවුන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න.

හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

2. ඔබ හා  ගෙවු පළමු වසර තුල ඔබ කටයුතු කළ ආකාරය මතක තබා ගන්න

ඒ කාලය පාඩමක් කර ගෙන ඔබේ සහකරු සමඟ ඇති දැන් සම්බන්ධයට එම ආකර්ෂණීය හැසිරීම් කිහිපයක් ඇතුළත් කරන්න.

කොතරම් සුව පහසු වුවත් සහකරුට ඔබව ලස්සනට නොපෙනෙන ඇදුම් ඇද කාලය ගත නොකරන්න.

ආකර්ෂණිය ඇඳුමක්, මේක් අප්ස් , සුවඳ විලවුන් ඔබට ආලේප කරන්න පුළුවන්.

අපි මේ ඔබට රූ රැජිනක් වෙන්න කියා කියනවා නොවෙයි.  න

මුත් ඒ මගින් ඔබේ සහකරුගේ බැල්ම ඔබ වෙතම වැටී තිබෙනවා දකින්න ඔබ කැමතියි යන්න පෙන්නුම් කරනවා. 

දෙන්නා එක්ක තනියම හවසට එළියට ගොස් විනෝද වු දවසක් මතකද?

එහෙනම් ආදරය කරන මුල් දවස් වල වගේ ලස්සනට ඇදගෙන සහකරු එක්ක එළියට ගිහින් චුට්ටක් විනෝද වෙලා එන්න.

3. ජීවිතය හා විවාහය සාර්ථක කරන හොඳ විවාහයකට වැදගත් ගුණාංගයක් ‌ලෙස සතියකට වරක් පිළිසදරක යෙදෙන්න

හැමදාම දෙන්නා එක්ක හවසට දවසේ වුන දේවල් කතාබහ කරනවා ඇති නේද?

නමුත් අපි දැන් මේ කියන්නේ ඒ ගැන නම් නොවෙයි. හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා දෙදෙනා අතර හොදින් අදහස් හුවමාරු විය යුතුයි.

අනෙකාගේ මතයට ගරු කල යුතු අතර හොදින් සවන් දෙන්නෙකු විය යුතුයි.

ඒ නිසා සතියකට වතාවක් සාමාන්‍ය කතාබහින් ඔබ්බට යමින් පවුල් ජිවිතය, ඉදිරි අනාගත සැලසුම්, රටේ තත්වය, විනෝදජනක යමක් ගැන සංකීරණ කතාබහක යෙදෙමින් අදහස් හුවමාරු කරගන්න.

මේ මගින් ඔබේ බැඳීම ශක්තිමත් කරන අතර ඔබේ සහකරු කොතරම් සිත්ගන්නාසුළු හා බුද්ධිමත්ද යන්න ඔබට මතක් කර දේවි.

4. දේවල් සරාගී ලෙස තබා ගන්න

ලිංගික සම්බන්ධතාවයකි පමණක් නොව ඔබේ සම්බන්ධයේ අනෙක් දේවල් සරාගීව තබාගන්න.

අනවශ්‍ය දේවල් කිරීම නවත්වන්න . ඒ සදහා  ඔබට කළ හැකි දේවල් කරන්න.

එකිනෙකාට අපුසන්න දේවල් හා අකමැති දේවල් ඔවුන් ඉදිරියේ කිරීම නවත්වන්න.

සහකරු අකමැති නම් ඔහු ඉදිරියේ දත් මදින්න, නියපොතු කපන්න යන්න එපා. සමහර දේවල් පුද්ගලිකව කිරීම ඔබට හොඳ ය.

5. ලිංගික ජිවිතය පවත්වා ගන්න

ඔබේ ජිවිතයෙන් ලිංගික ජිවිතය ගිලිහි යනවාද? ආදරය අහිමි වීම හෝ වෙනත් හේතුවක් එයට තියෙන්න පුළුවන්.

මේ සම්බන්ධයෙන් ඔබ දෙදෙනාම අවධානය යොමු කරන්න.

ලිංගිකත්වයට ප්‍රමුඛතාවය දෙන යුවලයන් සතුටින් සිටින බව වාර්තා වී තිබෙනවා.

ඔබ දෙදෙනා ගෙන් එක් අයෙකු හෝ ඒ සදහා මානසිකත්වයක නොසිටියද ස්පර්ශය හා ආදරය තුලින් ඒ තුලට ඔවුන් කැදවා ගන්න ඔබට පුළුවන්.

ඔබට ඔබේ කාර්යබහුල ජිවිතය හේතුවෙන් ලිංගික ජිවිතය මග හැරෙනවා නම් දෙදෙනාම කතා බහ කර ඒ සදහා කාලයක් වෙන් කරගන්න.

හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

6. සාධාරණ ලෙස සටන් කරන්න

ඔබ අතර වාදයක් ඇතිවෙන විට සෑම විටම අනෙක් පාර්ශවයටද තම අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න.

එසේ නොකර තනි තීරණ ගැනීමට යෑම ඔවුන්ට කරන අසාධාරණයකි. 

මෙසේ ඔවුන් අදහස් දැක්වීමට අවස්ථාව දෙද්දි ඔවුනට බාධා නොකර  සාවධානව සවන් දෙන්න.

බොහෝ විට මෙසේ කිරීමෙන් දෙදෙනාටම එකග විය හැකි විසදුමක් වුවත් සොයා ගන්න හැකි වේවි.

හොද සම්බන්ධතාවය මෙවැනි සටන් නැහැ යැයි සිතන්න එපා.

සටන් නොමැති නම් ඔබ දෙපල අදහස් හුවමාරු කරගන්නේ නැහැ කියන දෙය පැහැදිලියි.

7.  ජීවිතය හා විවාහය සාර්ථක කරන හොද විවාහයකට වැදගත් ගුණාංගයක් ‌ලෙස සමාවෙන්න යැයි පවසන්න

ඔබ අතින් යමක් වැරදුන විට හෝ මග හැරුන විට මට සමාවෙන්න කියන්න පැකිළෙන්න එපා. 

එය ඔබේ සම්බන්ධතාවය දිර්ඝ කාලීනව ගෙන යන්නත් ආදරයෙන් පුරවන්නත් දායක වේවි.

8. පුංචි පුංචි ආදරණිය අභිනයන්ට ගොඩාක් දේවල් කරන්න පුළුවන්

ඔබේ සම්බන්ධයට කොතරම් කාලයක් වුනත් පුංචි පුංචි ආදරණිය අභිනයන් ඔබේ ජිවිතය සුන්දර කරනවා.

සහකරු ගෙන් ලස්සන මල් මිටක් ලැබීම, පුංචි තෑග්ගක් ලැබීම පමණක් නොවෙයි පුංචි පුංචි ආදරණිය හාදු ඔබේ සහකරුගේ සිතේ ඔබ නිතර සිටින බවට සලකුණු වෙනවා.

ජීවිතය හා විවාහය

9. කිසිදු සම්බන්ධතාවයක් සෑම විටම 100% ආදරණීය හා උද්‍යෝගිමත් නොවන බව මතක තබා ගන්න

ඔබ මෙහිදි සත්‍ය තේරූම් ගත යුතුයි. එහීදි සම්බන්ධතාවයක ස්වභාවය තේරූම් ගන්න.

සම්බන්ධතාවයේ ආදරණියබව හා උද්යෝගය අඩු කාල වලදි එයින් පලා යන්න උත්සහ කරන්න එපා.ඔබේ ආදරය ශක්තිමත් කිරීමේ සැබෑ වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ මෙහිදීය.

10. ඔබේ සහකරුට ආදරය කරන්න, ඔබටත් ආදරය කරන්න

යහපත්, සෞඛ්‍ය සම්පන්න සබඳතා සෑදී ඇත්තේ යහපත් හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් දෙදෙනෙකුගෙනි.

ඔබේ සම්බන්ධතාවය වෙනුවෙන් ඔබව නොසලකා හරින්න එපා. එය අසාර්ථකයි.

ඔබේ සහකරු වෙනුවෙන්, ඔබ මනසෙන්, ශරීර‌යෙන් සහ ආත්ම‌ෙයෙන් සම්පුර්ණ ‌ලෙස පෙනී සිටීමට හැකි වන පරිදි සුදානම් වෙන්න.

එය එතරම් අභියෝගාත්මක ‌දෙයක් ‌නොවේ. කලයුත්තේ ඔබේ සහකරුට ආදරය කරන්නාක් ‌මෙන්ම ඔබටද ආදරය කිරීමයි.

ඔබටත් ‌මේ සම්බන්ධව ගැටළු ඇතිනම් නැතිනම් අදහස් දක්වන්න අවශ්‍ය නම් පහලින් සටහනක් ‌යොදන්න.

මුලාශ්‍ර - www.marriage.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්
බෙදාගන්න :
  • හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

    හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

  • හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

    හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it