theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට බෝවෙන රෝග 10ක්

9 අවම කියවීම
දරුවන්ට බෝවෙන රෝග 10ක්දරුවන්ට බෝවෙන රෝග 10ක්

දරුවන්ට බෝවෙන රෝග පිළිබඳ මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඔබටත් මේ රෝගයක්  සමඟ  අත්දැකීම් තිබේදැයි අපි දැනගන්න කැමතියි. කරුණාකර අපට දැන ගැනීම සදහා පහතින් සටහනක් යොදන්න.

දරුවන්ට බෝවෙන රෝග 10ක්

1. දරුවන්ට බෝවෙන රෝග: පැපොල (Varicella)

එය කුමක් ද?

පැපොල යනු Varicella zoster  නමැති වෛරසය නිසා ඇතිවන බෝවෙන වෛරස ආසාදනයකි. වැඩිහිටියන්ගේ  රෝග ලක්ෂණ දරුණු වුවද, දරුවන් අතර පහසුවෙන් ව්‍යාප්ත වේ.

පැපොල රෝගය ගර්භනී කාන්තාවන්, අලුත උපන් බිලිඳුන් සහ  රෝගීන් වැනි අඩු ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට   බරපතල ලෙස බලපෑම් ඇති කරන්න පුළුවන්.

එය පැතිරෙන්නේ කෙසේද? 

මෙම බෝවෙන රෝගය ඍජු සම්බන්ධතා මගින්  පැතිරේ. ආසාධිත පුද්ගලයකුගේ කැස්ස හෝ කිවිසුම් යෑම  මගින් වෛරසය ව්‍යාප්ත විය හැකි අතර  බිබිලි වල ඇති වන තරලය ස්පර්ශ වීමෙන්ද රෝගය බෝවේ. වියලුන බිබිලි වලින් ආසාදනය නොවේ.

බෝවෙන හා ආසාදිත අවධිය-

බිබිලි මතු වී පළමු හා දෙවැනි දින සිට සතියක් හෝ බිබිළි වියලී යන තුරු බෝවීමට අවදානම් යුගය වේ. රෝගය ආසාදනය වූ පසු ලක්ෂණ හට ගැනීම සඳහා දින 10 සිට 20 දක්වා ගත වනු ඇත.

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ 

දරුවන් රෝගී  වන අතර උණ  ඇති වේ. සමහර විට කැස්ස, උගුරේ අමාරුව, ආහාර  රුචිය නැතිවීම සහ හිසරදය පෙන්නුම් කල හැකිය. උණ හට ගෙන  පළමු දින දෙකෙන් පසු රතු පැහැති ලප දක්නට ලැබේ.

නිවාරණ පියවර 

පැපොල රෝගය වැළැක්වීමේ හොඳම මාර්ගය වන්නේ ඒ සදහා වු එන්නත ලබා ගැනීමයි.

2. දරුවන්ට බෝවෙන රෝග: Croup (වියලි කැස්ස සහිත රෝගයක්)

එය කුමක් ද?

Croup යනු ශ්වසන පද්ධතියේ වෛරස ආසාදනක්. 

මෙම ආසාදන හේතුකොට ගෙන ස්වර තන්ත්‍ර ඉදිමෙන අතර ඉන් ගොරෝසු හඩ පිටවීමක් සිදුවේ. මෙම බැරැන්ඩි වීම මෙහි හදුනා හත හැකි ලක්ෂණයක් වේ.

එය පැතිරෙන්නේ කෙසේද? 

Croup බෝවෙන රෝගයක් වන අතර  ඉතා සමීප සම්බන්ධතා හා ස්පර්ශය මගින් ව්‍යාප්ත වේ. ආසාධිත පුද්ගලයකු කැස්සක හා කිවිසුම් හැරීම  මගින් විෂබීජය පැතිර යා හැක.

බෝවෙන හා ආසාදිත අවධිය

Croup දින 5 සිට 6 දක්වා  දක්වා පැවතිය හැකි අතර ඒ හා සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන   මෙම කාලය තුල ආසාදනය වේ.

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ

රාත්‍රියේ බරපතළ වෙන  උගුර බැරැන්ඩියක් දක්වා වර්ධනය වන සෙම්ප්‍රතිශ්‍යාව , හඩ අඩුවීම, කැස්ස ඇතිවෙන විට සුළු ශ්වසන අපහසුතාවය

නිවාරණ පියවර

ආසාදිත අය සමඟ සම්බන්ධතා සීමා කිරීම සහ නිතර  සනීපාරක්ෂාව පවත්වා  ගැනීම සහ අත් සේදීම මෙම රෝගය පැතිරීම  වැලැක්වීමට උපකාරී වේ.

3. දරුවන්ට බෝවෙන රෝග: E. Coli ආසාදන 

එය කුමක් ද? E. Coli (Escherichia coli) යනු මිනිසාගේ හා සත්වයන්ගේ බඩවැල්වල ජීවත්වන බැක්ටීරියාවකි.

සමහර E. coli බැක්ටීරියා එතරම්ම භයානක නොවන අතර සමහර ඒවා ඉතා භයානක වේ. ඉන්  O157: H7 අතිශය අනතුරුදායක වන අතර  පාචනය සහ වමනය ඇති කරයි.

එය පැතිරෙන්නේ කෙසේද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අපිරිසිදු ආහාර (මද පිසින ලද ආහාර, පැස්චරීකරණය නොකල කිරි, නැවුම් නිෂ්පාදන සහ ආහාර සනීපාරක්ෂාවකින් තොරව  පිළියෙල කිරීම), සතුන්  හෝ මිනිස් මල වලින් අපිරිසිදු වුන ජලය , පෞද්ගලික සම්බන්ධතා මගින් මෙම රෝගය ආසාදනය විය හැකිය.

ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් සහ රෝගීන් වැනි  අඩු ප්‍රතිශක්තිකරණයක් ඇති අය විශේෂයෙන් මෙයට ගොදුරු වේ.

බෝවෙන හා ආසාදිත අවධිය

E. coli ආසාදනය වීමෙන් පසු දින 3 සිට 4 දින ආරම්භ වන අතර රෝග ලක්ෂණ සතියක් දක්වා පැවතිය හැක.

පළමු ලක්ෂණ සහ ලක්ෂණ

රුධිරය සමග පාචනය , බඩේ මස්පිඩු පෙරළීම, ඔක්කාරය හා වමනය.

නිවාරණ පියවර

ඔබ වැසිකිළිය භාවිතයෙන් පසු හොදින් අත් සේදීම , භාගෙට පිසු මස් ආහාරයට නොගැනීම, ඔබට හොද  ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබේ නම්  එය ඔබව E. coli ආසාදනය වීමෙන් වළක්වයි. ඇත්ත වශයෙන්ම, ආසාදන ඇති කෙනෙකුගෙන් ඈත්ව සිටීමද ඒ සදහා උපකාර වනු ඇත.

4. Hemophillus influenza Type B (Hib) 

එය කුමක් ද?

Hib යනු වයස අවුරුදු පහට අඩු දරුවන්ට බලපාන ප්‍රධාන බැක්ටීරියා ආසාදනයකි. බැක්ටීරියා Hemophillus influenza උගුරේ හා නාසයෙහි දක්නට ඇති නමුත් මොළයේ වැනි වෙනත් විෂබීජ වලින් තොර ප්‍රදේශද ආක්‍රමණය කළ හැකිය.

Hemophillus influenza බැක්ටීරියාවට විවිධ වර්ග 6 ක් (A සිට F) දක්වා ඇති අතර ඉන් B  වර්ගය වඩාත් මාරාන්තිකයි. Hib යනු දරුවන්ට මෙනින්ජයිටිස් සැදීමට  ප්‍රධානතම හේතුවකි.

එය පැතිරෙන්නේ කෙසේද?

ආසාධිත පුද්ගලයෙකුගේ කැස්ස හා කිවිසුම් කල විට ඇතිවෙන බිදිති  හරහා බෝවිය විය හැක.

බෝවෙන හා ආසාදිත අවධිය

දරුවා රුධිර පරීක්ෂණයකින් Hib ආසාදිත බව හදුනාගත්  විට ඔවුන් රෝහල්ගත කිරීම අවශ්‍ය  වේ.

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ

Hib ආසාදනය වී රුධිර සංසරණය පද්ධතියට ඇතුළු වී පෙනහළු හා මොළයට පැතිරුන විට එය ගැටළු කිහිපයකට හේතු වේ. උණ රෝගය, අවධානය අඩුවීම, ශ්වසන ගැටළු, සන්ධි වේදනාව හා දැඩි බෙල්ල මෙම ආසාදනවල ආරම්භක ලක්ෂණ වේ.

නිවාරණ පියවර

එන්නත් ලබා ගැනීමෙන් Hib සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිය.

5. අත්, පා සහ මුඛ රෝග (HFMD) 

එය කුමක් ද? 

HFMD යනු ආසාධිත පුද්ගලයාගේ මුඛය, අත් සහ පා වැනි ස්ථාන වල  බිබිලි  ඇති කරන   බෝවෙන  වෛරස ආසාදනයකි. වැඩිහිටියන්ට HFMD ඇති විය හැකි වුවද, දරුවන්ට එය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.  එය පැතිරෙන්නේ කෙසේද? -

HFMD ආසාධිත පුද්ගලයාගේ අසූචි මගින් කැස්ස හා කිවිසුම් මගින් ව්‍යාප්ත  විය හැකිය. බිබිලි වල ඇතුළත  තරලය මගින්ද රෝගය පැතිරේ.

බෝවෙන හා ආසාදිත අවධිය

මෙය ඉතා ඉක්මනින් බොවෙන  හෙයින්, බිබිලි  වියළී ගොස් වෛද්‍යවරයා  පාසැල් යැවිය හැකි බව නිර්දේශ කරන තුරු HFMD ආසාදිත  පාසල් යන දරුවන්ට නිවසේ තබා ගත යුතු වේ.

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ

උගුරේ අමාරුව , උණ, උගුර, උගුර, අත්  පාද සහ සමහර විට ඔවුන්ගේ පසුපස ප්‍රදේශයේ     බිබිලි ඇති වේ.  හිසරදය, වමනය, පාචනය සහ ආහාර රුචිය නැතිවීම ද ඇතිවිය හැකිය.

නිවාරණ පියවර

වැසිකිළිය භාවිතයෙන් පසු හොඳින් සේදීමෙන් සහ ආසාදිතයන් සමඟ සම්බන්ධතා වළක්වා ගැනීමෙන් හා ආහාර ගැනීමට පෙර සබන් ගා සොදින්  අත්  සේදීමෙන්.

6. හෙපටයිටිස් ඒ

එය කුමක් ද?

හෙපටයිටිස් ඒ යනු අක්මාවෙහි උග්‍ර ආසාධනය ඇති වෛරස් ආසාදනයකි. වැඩිහිටියන්ට හා දරුවන්ට හෙපටයිටිස් ආසාදනය  විය හැකිය.

මළපහ වලින් දුෂිත ආහාර (අපිරිසිදු ජලයෙහි සිටි සතුන් ගෙන් සකස් කල භාගෙට පිසු  මුහුදු ආහාර) හෝ වෛරසය ආසාදන නිසා අක්මාව තුළ දැවිල්ල  ඇතිවිය හැක.

එය පැතිරෙන්නේ කෙසේද?
ආසාදිත පුද්ගලයාගේ අසූචි හෙපටයිටිස් ඒ පැතිරෙන ප්‍රධාන ක්‍රමයකි. මිනිසුන් දුෂිත  ආහාර ආහාරයට ගැනීමෙන් හා දුෂිත වතුර පානය  කිරීමෙන් හෙපටයිටිස් ඒ ආසාදනය විය හැක.

දරුවෙක්ට හෙපටයිටිස් ඒ වැළදී ඇත්නම් දරුවාගේ මළපහ  දිවා සුරැකීමේ හෝ සෙල්ලම් මධ්‍යස්ථානයක ඇති සෙල්ලම් බඩු වල තැවරෙන අතර එය ස්පර්ශ කරන අනෙක් ළමයින් ඔවුන්ගේ දෑත් මුඛයට දැමීමෙන් එය වැළදිය  හැකිය.

බෝවෙන හා ආසාදිත අවධිය

හෙපටයිටිස් A වෛරසය පද්ධතියට ඇතුල් වු විට රාේග ලක්ෂණ මතුවීමට සති 2 සිට 3 දක්වා ගත විය හැක. සති කිහිපයකින් පසුව සම්පූර්ණ සුවය ලබා ගත හැක.

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ

ආහාර අරුචිය, ඔක්කාරය, වෙහෙස, බර අඩු වීම, උදර වේදනාව, උණ, සුදුමැලි වීම , පැහැය වෙනස් වු මුත්‍රා හා මලපහ ආදිය.

නිවාරණ පියවර

එන්නත් මගින් හෙපටයිටිස් ඒ වළක්වා ගත හැකිය.

7. ඉන්ෆ්ලුවන්සා (උණ) 

එය කුමක් ද?

ඉන්ෆ්ලුවන්සා යනු ශ්වසන පද්ධතියේ ඇතිවෙන බෝවෙන වෛරස් ආසාදනයකි. ඉතා කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයින්, ගර්භණී මව්වරුන් සහ රෝගින්  වැනි දුර්වල  ප්‍රතිශක්තීකරණ පද්ධති සමඟ ඇති අය මෙහි බලපෑම් වලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩිය.

එය පැතිරෙන්නේ කෙසේද? 

කැස්ස, කිවිසුම් යෑම, ආසාදිත කෙල මගින් හෝ ආසාදිත පුද්ගලයකු විසින් ස්පර්ශ කරන ලද දෙයක් ස්පර්ශ කර ඔබගේ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන්.

බෝවෙන හා ආසාදිත අවධිය

වැඩිහිටියන් රෝග ලක්ෂණ ආරම්භ වීමට දින එකක් හෝ දෙකකට පෙර ආසාදනය විය හැකි අතර පසුව  දින 5 සිට 7 දක්වා ආසාදනය විය හැකිය.  දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති අයට දිගු කාලයක් තිස්සේ ආසාදනය විය හැකිය .

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ

දියර ගලන නාසය සහ උගුරේ අමාරුව,උණ, හිස සහ ශරීරයේ වේදනාව හා විඩාව  දුර්ලභ අවස්ථාවලදී පාචනය සහ වමනය පැවතිය හැකිය.

නිවාරණ පියවර

සාමාන්‍යයෙන් සෞඛ්‍ය  සම්පන්න දරුවෙකු හෝ වැඩිහිටියෙකු සඳහා, සබන් සහ ජලය සමග අත් සේදීමෙන් හෝ ඔබගේ අත් වල සනීපාරක්ෂාව  පවත්වා ගැනීම  වැනි ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන්න.

ඔබට කැස්ස ඇතිවෙන විට, කිවිසුම් යනවිට  මුඛය ආවරණය කිරීම, ඉන්ෆ්ලුවෙන්සා  රෝගියෙකු සමඟ ඔබ සිටින විට මුඛ ආවරණයක්  පැළදීම, උණ රෝගයෙන් පෙළෙන දරුවන් පාසැලට නොයැවීම මගින්  වෛරසය පැතිරීම වැලැක්වීමට උපකාරී වේ. දුර්වල  ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට, උණ ප්‍රතිශක්තිකරණය  ලබා ගත යුතුය.

8. මෙනින්ජයිටිස්

එය කුමක් ද?

බැක්ටීරියා හෝ වෛරස ආසාදන නිසා මෙනින්ජයිටිස් හට ඇතිවිය හැක. මෙම ආසාදන මොළයේ හා කශේරුකාවේ ආවරණයේ ඉදීමිමක්  ඇති කරනවා. කුඩා දරුවන් , නව යොවුන් දරුවන්  සහ දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහිත වුවන් මෙනින්ජයිටිස් වලට පහසුවෙන්  ගොදුරුවේ. බැක්ටීරියා  මෙනින්ජයිටිස් වලට වඩා වෛරස් මෙනින්ජයිටිස්  සුලභ වන අතර ඒ තරම් බරපතලද නොවේ.

එය පැතිරෙන්නේ කෙසේද? 

මෙනින්ජයිටිස් රෝගයට බෝවන රෝගයක්  වන අතර, කැස්ස, කිවිසුම් යෑම  හා සමහර විට ආසාදිත පුද්ගලයන් විසින් ස්පර්ශ කර ඇති මතුපිටට ස්පර්ශ කිරිමෙන්.

බෝවෙන අවධිය

මෙනින්ජයිටිස් ගැටිත සති 2 ක් පමණ පැවතිය හැකි අතර  මෙම කාලය තුළ ආසාදිත පුද්ගලයන් ගෙන් බෝවේ.

පළමුවැනි ලක්ෂණ සහ රෝග ලක්ෂණ 

උණ, දැඩි හා වේදනාකාරී බෙල්ල, නිදිබරවීම, අවධානය  අඩුවීම, හිසරදය, වමනය. අඩු දරුවන්ට උණ හා සමාන රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවිය  හැක. ළදරුවන්ට බිබිලි ඇතිවිය හැකි අතර  ගුප්ත ලෙස හැසිරේ.

නිවාරණ පියවර

Hib, Meningococcal and pneumococcal එන්නත පිළිබඳව ඔබේ දරුවාගේ වෛද්‍යවරයා  සමඟ සාකච්ඡා  කරන්න.

9. කම්බුල්ගාය

එය කුමක් ද?

කම්බුල්ගාය  යනු  බෝවෙන රෝගයක් වන අතර parotid නම් කෙළ නිෂ්පාදනය වන ග්‍රන්ථි වල ඇති වේදනාකාරී ඉදිමීමක් ඇතිවීම  වේ.

බොහෝ විට කම්බුල් ගාය ඒ මගින් සුව වන නමුත් ඇතැම් අවස්ථාවන්හීදී meningitis, pancreatitis ස්වරූප ලෙස හෝ වෘෂණ කෝෂ, ඩිම්බ කෝෂ ආසාදන වැනි සංකූලතා හටගත හැක.

එය පැතිරෙන්නේ කෙසේද?

කම්බුල්ගාය ඉතා පහසුවෙන් බෝවෙන අතර සෘජු ස්පර්ශය හරහා පැතිරීම හෝ ආසාධිත පුද්ගලයකු කැස්ස හෝ කිවිසුම් මගින් පැතිරීම  සිදුවිය හැකිය.

බෝවෙන හා ආසාදිත අවධිය

බෝවීම  සති 2 සිට 3 දක්වා වන අතර, ආසාදිත කාලපරිච්ඡේදය රෝග ලක්ෂණ ඇතිවීමට දින 7 කට පෙර සහ රෝග ලක්ෂණ ඇතිවීමෙන්  දින 9 කට පසුව වේ.

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ

උණ, හක්ක කම්මුල්වල ඉදිමීම, හකු වල වේදනාව, හිසේ කැක්කුම, කනේ කැක්කුම , උගුරේ අමාරුව, මුඛය විවෘත කිරීමේදී වේදනාව, වෙහෙස, ආහාර රුචිය නැති වීම හා සමහර අවස්ථාවල වමනය ඇතිවීම

නිවාරණ පියවර

එන්නත් මගින් කම්බුල්ගාය  සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිය. කම්බුල්ගාය එන්නත සාමාන්යයෙන් සරම්ප හා රුබෙල්ලා ඇතුළත් MMR එන්නත මගින් ලබා දෙයි.

10. ඇස්ලෙඩ

එය කුමක් ද?

වැඩිහිටියන් හා ළමුන් යන දෙපාර්ශවයටම  ඇතිවෙන ඇස්ලෙඩ බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් , අසාත්මිකතාවයක් , තුවාලයක්  වේ. ඇස්ලෙඩ සෑදෙන්නේ conjunctiva නම් ඇස් බෝලයේ ඇති  විනිවිද පෙනෙන පටලය ආසාදනය වීමෙනි.

එය පැතිරෙන්නේ කෙසේද?

ඇස්ලෙඩ  ඉතා බෝවෙන සුළු වන අතර  හා සෘජු සම්බන්ධතා සහ ස්පර්ශ හරහා පැතිර යා හැක.

බෝවෙන හා ආසාදිත අවධිය

ඇස් රතු පාට වී කබ කදිළු පිටවෙන තාක් කල් ආසාදනය විය හැකිය.

පළමු ලක්ෂණ සහ රෝග ලක්ෂණ

එක් ඇසකින් හෝ දෙකෙන්ම කදුලු  පිටවීම  දැමී, සුදු හෝ කහ පිටවීම, කැසීම  සහ රතු පැහැය, ඇසේ අපහසුතාවයක් දැනෙන  සංවේදීතාව, ආලෝකයට සංවේදීතාව, දැවෙන සංවේදීතාව සහ බොද වී පෙනීම .

නිවාරණ  පියවර 

ඇස්ලෙඩ  වැලැක්වීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ හොඳ සෞඛ්‍ය  පුරුදු අනුගමනය කිරීමයි. සබන් සහ ජලය භාවිතා  කර  අත් නිතර සේදීම හා සේදීමට හා ඔබේ දෑස් කසන විට ඔබේ දෑස් පිරිමැදීම හා ඇතිල්ලීම  වළකින්න.

ළමයින්ගේ ලෙඩ රෝග පිළිබඳ මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.  ඔබටත් අත්දැකීම් තිබේදැයි අපි දැනගන්න කැමතියි. කරුණාකර අපට දැන ගැනීමට පහතින් සටහනක් ‍යොදන්න.

දරුවන්ට නිතර වැළදෙන බෝවෙන රෝග පිලිබඳ මේ තොරතුරු the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවන්ට බෝවෙන රෝග 10ක්
බෙදාගන්න :
  • කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

    කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

    කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it