theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අඩු ලිංගික හැසිරීම කලින්ම ආර්තවහරණය සිදුවීමට හේතු වනවාලු

4 අවම කියවීම
අඩු ලිංගික හැසිරීම  කලින්ම ආර්තවහරණය සිදුවීමට හේතු වනවාලුඅඩු ලිංගික හැසිරීම  කලින්ම ආර්තවහරණය සිදුවීමට හේතු වනවාලු

ලිංගික හැසිරීම සහ ආර්තවහරණය අතර සම්බන්ධයක් ඇති බව සොයා ගෙන තිබෙනවා. හොඳින් ලිංගික සම්බන්ධය පවත්වන කාන්තාවන්ගෙ ආර්තවහරණය පමා වෙනවා.

ඔබේ අඩු ලිංගික හැසිරීම ආර්තවහරණයට හේතු වන බවත් එය කලින්ම සිදු වෙන්නට හේතුවක් බව ඔබ දැනගෙන හිටියාද?

නිදහස් විද්‍යා රාජකීය සමාජය විසින් කරපු අධ්‍යනයකින් හෙලි වෙලා තියෙනවා කාන්තාවක් අඩුවෙන් ලිංගිකව හැසිරෙනවා නම් ඇයගේ ආර්තවහරණය ඉක්මනින්ම සිදු වෙන්න වැඩි ඉඩක් තියනවා කියලා.

ලිංගිකව සක්‍රීය කාන්තාවට එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ. ආර්තවහරණයට හේතු ලෙස එය දැනටම ඔප්පු වී හමාරයි.

කලින් කරන ලද අධ්‍යනයන් වලින් ලිංගික හැසිරීම සහ ආර්තවහරණය ගැන යම් අදහසක් ලැබුනත් නිරන්තරයෙන් ලිංහිකව එකතු වීම සහ ආර්තවහරණය පමා වීම යන්න නිසි ලෙස හොයාගෙන තිබුනේ නෑ.

නමුත් මෑතකදී කරන ලද පර්‍යේෂණයකින් ආර්තවහරණයට හේතු ලෙස අඩු ලිංගික හැසිරීම විශාල ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා.

ලිංගික හැසිරීම සහ ආ‍ර්තවහරණය - ආර්තවහරණයට හේතු

මාස 12ක කාලයක් එක දිගට මාසික ඔසප් වීම සිදු නොවුන විට එය ආර්තවහරණය කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් කාන්තාවකට ආර්තවහරණය සිදු වන්නේ වයස අවුරුදු 45 - 55 අතරයි.

ආර්තවහරණය නිසා කාන්තාවකට ශාරිරිකවද වෙනස් වීම් වලට ලක් වන්නට සිදු වනවා.

ඇයගේ ඊස්ට්‍රජන් මට්ටම අඩු වීම නිසා අස්ථි තුනී වෙන්නට පටන් ගන්නවා. එමඟින් ආතරයිටීස් වැනි තත්වයන් ඇති වීමට වැඩි අවධානමක් තිබෙනවා.

එමෙන්ම ඔස්ටියෝපොරෝසිස් වැනි තත්වයන් ඇති වීමේ යම් අවධානමක්ද තිබෙනවා.

මේ කාලයේ කාන්තාවක් තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්නට ඕනි. හෝමෝන වෙනස් වීම හේතු කොට ගෙන හදවත් රෝග අවධානමද ඉහල යනවා.

ආර්තවහරණයට හේතු දැන ගන්නට කලින් මේ කාලසීමාවේ ශරීරයේ සිදු වන වෙනස් වීම් දැන ගමුද?

ආර්තවහරණයට යම් කිසි කාල සීමාවකට පෙර සිටම සිරුරේ කැපී පෙනෙන වෙනස් කම් සිදු වෙන්නට පටන් ගන්නවා.

අත පයේ සම රැලි වැටීම, මුහුණේ සම ඇදීමකට ලක් වී මහළු පෙනුමක් ලැබීම මේ අතර දකිය හැකි සුවිශේෂී ලක්ෂණ වෙනවා.

ආර්තවහරණයට හේතු

අපහසුතා රාශියක්

ඔබ මේ කාලයට ළං වී සිටිනවා නම් ඔබට දැනෙනවා මේ කාලයේ ඔබේ කොණ්ඩය යන බවක්.

ඒ වගේම ඉක්මනින් බර වැඩි වෙන බවක් දැනෙන්නට ගන්නවා. මානසික තත්වයත් සැරින් සැරේ වෙනස් වෙනවා හෝමෝන වල බලපෑම නිසා.

නින්දේ ගැටලු, මුත්‍රා ගැටලු ඇති වෙනවා. යෝනි ශ්‍රාවයන්ගේ මඳ කම නිසා යෝනිය වියලි ගතියක් ගන්නවා. මේ නිසා ලිංගිකව එක් වීම අපහසු වෙන්නත් පුලුවන්.

ආර්තවහරණයට හේතු

නිරන්තරයෙන් ඔබේ සෞඛ්‍යය ගැන සෙවිල්ලෙන් ඉන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම නිරන්තර ව්‍යායාම සිදු කල යුතුයි.

මේ කලයේ ආතතියක් දැනෙන්නට පුලුවන් නිසා එය කළමණාකරනය කරන්නට අවශ්‍ය වෙනවා.

ඔබේ ජාන සහ ආර්තවහරණයට හේතු අතර සම්බන්ධයක් තියෙනවාද?

ඔබේ ජාන වැදගත් ස්ථානයක් උසුලනවා ආර්තවහරණය වන වයස සමඟ. ඔබේ අම්මාගේ සහ ආච්චිගේ ආර්තවහරණය සිදු වූ වයස බොහෝ විට ඔබේ ආර්තවහරණය සිදු වන වයස වීමට වැඩි ඉඩක් තියනවා.

ජීවන රටාවත් වයසට කලින්ම ආර්තවහරණය සිදු වීමට බලපානවාද?

ජීවන රටාව සහ විවිධ වෛද්‍යමය හේතුත් ආර්තවහරණයට හේතු ලෙස බලපානවා.

එවිට 45ටත් කලින්ම එය සිදු විය හැකියි. එයට ප්‍රතිකාර ලෙස කීමෝතෙරපි සහ හිස්ටෙරෙක්ටොමි සිදු කරනවා. ලිංගික ක්‍රියා නතර කිරීම හෝ සැලකිය ලෙස අඩු වීම වයසට කලින් ආර්තවහරණය සිදු වීමට බලපානවා.

ආර්තවහරණය සිදු වන සාමාන්‍ය වයස් සීමාව

ආසියාතික රටවල් වල ආර්තවහරණය සිදු වන සාමාන්‍ය වයස විදියට සලකන්නෙ වයස අවුරුදු 50 වේ.

නමුත් යුරෝපීය රටක එය වයස අවුරුදු 51 දක්වා වෙනවා. නමුත් මෙය ජාන, ලිංගික කටයුතු, ජීවන රටාව, වෛද්‍යමය හේතු සමඟ වෙනස් වෙනවා.

ලිංගික හැසිරීම හා ආර්තවහරණය සම්බන්ධ වෙන්නේ කොහොමද?

ආර්තවහරණය සිදු වන්නේ ශරීරයේ සරු කාලය අවසන් වූ විට. එතනින් පසු දරුවන් ලැබීමට ශරීරයට ඇති හැකියාවද වියැකී යනවා.

මේගන් ආනොට්ගේ පරියේෂණ වලට අනුව මැදි වයස් වල නිරෝගී කාන්තාවන්ගෙන් 28%ක ප්‍රමාණයකට ආර්තවහරණය සිදු වන වයස වැඩි වන අතර මාසයකට එක් වතාවක් ලිංගිකව හැසිරෙන කාන්තාවකගේ ආර්තවහරණය සිදු වන වයස සාපේක්ෂව අඩු වේ.

ඩිම්බ පිට කිරීමට ශක්තිය වැය වනවාද?

මේ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥයන්ගේ අදසට අනුව කාන්තාවක් මාසයකට වරක් ඩිම්බ පිට කරනවා. ඩිම්බ පිටකිරීමේ ක්‍රියාවලියට ශරීරයේ ශක්තිය වැය වෙනවා.

මෙම ක්‍රියාවලිය ප්‍රජනන ක්‍රියාවලිය සඳහා යොදා නොගැනුනොත් වැය වන ශක්තිය අපතේ යාමක් සිදු වනවා.

මේ අතරතුර ලිංගික හැසිරීම නවතා දැමුවොත් හරි අඩු කලොත් හරි මොළයට පණිවුඩයක් යනවා දැන් ආර්තවහරණයට කාලය හරි කියලා.

ඊට පසුව ශරීරය විසින් තීරණය කරනවා ඒ වැය කරන ශක්තිය වෙනත් ක්‍රියාවලියක් සඳයා යොදා ගන්නට අවශ්‍යයි කියලා.

ඩිම්බ පිට වීම අවසන් කරනවා ඉන්පසු. ආර්තවහරණය කියන්නේ එයයි.

ආර්තවහරණයට හේතු ලෙස බලපාන අනිකුත් කරුණු

ආර්තවහරණයට තවත් කරුණු බලපාන්න පුලුවන්. උදාහරණ විදියට

  • ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම,
  • ශරීරයේ BMI අගය,
  • දුම් පානය කරනවාද යන්න මත

ආර්තවහරණය සිදු වන කාලය වෙනස් වෙන්න පුලුවන්.

ආර්තවහරණය පමා වෙන්න පුලුවන් හේතු

පරියේෂණ වලින් හොයාගෙන තියන ආකාරයට

  • මුඛ සංසර්ගය,
  • ස්වයං වින්දනය,
  • ලිංගික ස්පර්ශයන්

නිසාත් ආර්තවහරණය සිදු වන කාලය පමා වෙනවා.

සිතන්නට යමක්

ඉතින් ඔබට දැනටම ආර්තවහරණයේ ලක්ෂණ යම් පමණකින් හෝ දැනෙනවා නම්, ඒ කියන්නේ රෑට නින්ද නොයාම, අධික ලෙස දහඩිය දැමීම, නිතර නිතර දුක සිතීම, කලකිරීම, තරහ යාම, වගේ ලක්ෂණ දැනෙනවා නම් සහකරු සම්ග හොඳ ලිංගික සම්බන්ධකමක් ගොඩ නඟා ගන්න.

ආර්තවහරණයට හේතු

ලිංගිකව ක්‍රියාශීලී වීමෙන් තරමක හෝ සහනයක් ලබා ගන්න ඔබට පුලුවන් වේවි. ආර්තවහරණය පමා කිරීම වගේම එය ඔබේ ආයු අපේක්ෂාවත් වැඩි කරනවා. ඒ වගේම එයින් ඔබව නිරෝගීව තබන්නට හැකියාවක් තියෙනවා.

මූලාශ්‍ර :- sg.theasianparent.com/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

annnirmani

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • අඩු ලිංගික හැසිරීම කලින්ම ආර්තවහරණය සිදුවීමට හේතු වනවාලු
බෙදාගන්න :
  • Women Who Have Less Sex More Likely To Develop Early Menopause, Study Finds

    Women Who Have Less Sex More Likely To Develop Early Menopause, Study Finds

  • විවාහයේ අඩු ලිංගික හැසිරීමට බලපෑ හැකි මානසික හේතු 5ක්

    විවාහයේ අඩු ලිංගික හැසිරීමට බලපෑ හැකි මානසික හේතු 5ක්

  • Women Who Have Less Sex More Likely To Develop Early Menopause, Study Finds

    Women Who Have Less Sex More Likely To Develop Early Menopause, Study Finds

  • විවාහයේ අඩු ලිංගික හැසිරීමට බලපෑ හැකි මානසික හේතු 5ක්

    විවාහයේ අඩු ලිංගික හැසිරීමට බලපෑ හැකි මානසික හේතු 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it