theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

5 අවම කියවීම
ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

දරුවාට  ප්‍රයෝජනවත් ලෙස පෙනෙන නමුත් බොහෝ විට හානිකර දෙමව්පියන්ගේ මෙම පුරුදු මගහැරීමෙන් ඔබේ දරුවාට  පූර්ණ බුද්ධිමය මට්ටම කරා ලගා වීමට උදව් වන්න.  

අධ්‍යාපනය ලැබීමේදී තම දරුවාගේ ඉගෙනීම ට සෑම වාසියක්ම ලබා දීමට දෙමව්පියන්ට අවශ්‍ය වීම  ස්වභාවිකය. මෙය ඔවුන්ව ඉස්තරම් පාසල් තුළට ඇතුල් කිරීම පමණක් නොව, දීප්තිමත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා උසස්  අධ්‍යාපනයක් ලැබීමට ඔවුන් යොමු කිරීමත් විය යුතු වෙනවා.

ඔබේ දරුවා මහන්සි වෙන තරමට වඩා මන්දගාමී යැයි ඔබ කනස්සල්ලට පත්ව සිටින අවස්ථා තිබේද?

ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනවත් ලෙස පෙනුනද ඔබේ දරුවාගේ බුද්ධිමය වර්ධනයට, දරුවාගේ ඉගෙනීම ට, බාධාවක් විය හැකි දේවල් තියෙනවා.

ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

ඔබේ දරුවාගේ ඉගෙනීම කෙරෙහි බාධාවක් විය හැකි දේ 10ක්

1. දරුවාගේ ඉගෙනීම වෙනුවෙන් සෑම දෙයක්ම කිරීම

කිසිම දෙමව්පියෙක් තම දරුවාට දුෂ්කර කාලයක් ලැබෙනවා දකින්න කැමති නැහැ. නමුත් සමහර අවස්ථාවලදී අරගල කිරීමට ඔවුන්ට ඉඩ ලබා දීම සමහර විට අවශ්‍ය වේ. නිදසුනක් වශයෙන්, එක් වරක් පමණක් විවෘත කිරීමට උත්සාහ කළ  මුද්‍රා තැබු  භාජනයක්  විවෘත කිරීම හෝ ඔවුන්ගේ විශේෂ අභියෝගාත්මක පාසැල්  පැවරුම් අවසන් කිරීම දැක්විය හැක. මෙම කුඩා දේවල්  ඔවුන්ට ඉගෙනීමේ අවස්ථාවන් ලබා  දෙයි.

2. ඔවුන්ට අවශ්‍ය  ඕනෑම දෙයක් මිල දී ගැනීම

ඔබ ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාදීම  සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. අවශ්‍ය වෙන දේවල් සහ අවශ්‍යතා  අතර වෙනස ඔවුන්ට ඉගැන්වීම වැදගත් වෙනවා.  ඔබට අවශ්‍ය වුවද ඔවුන්ට අවශ්‍ය සියල්ල මිලදී නොගැනීම  මගින් වටිනා යමක් ඔවුන්ට ලබේ. ඒ ද්‍රව්‍ය  මත සන්තෝෂය රදා නොපවතින  බව  මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ගේ ආදරය ත්‍යාගයන් සම්භාරයක් මත පමණක් රදා නොපවතින බවයි.

ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

3. ඔවුන්ට බොහෝ විකල්ප ලබා දීම 

මෙම පරම්පරාවේ  සියල්ලම  ඇඟිලි තුඩු මත තිබෙන නමුත්, බොහෝ විකල්පයන් තිබීම මගින්  ඔවුන්ව වෙහෙසට පත් කල හැකි අතර ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාව නැති විය හැකිය. නිදසුනක් වශයෙන්, ඔබ සෙල්ලම් බඩු සාප්පුවක සිටින අතර, ඔබ ඔවුන්ට  අවශ්‍ය  සෙල්ලම් බඩු එකක් තෝරාගන්න උපදෙස් දෙන්න.

සියලුම තේරීම් තුලින්  ඔවුන්ට තෝරා ගැනීමක් කර ගැනීම අපහසු  විය හැකි අතර, ඔබ ඔවුන් සදහා තෝරාගැනීමක් කිරීමෙන්  එය අවසන් වීමට ඉඩ ඇත.

4. ඔවුන් සඳහා තීරණ ගැනීම 

ඔබේ දරුවා සඳහා තීරණය ගැනිමේ  පුරුද්දක් ඔබට ඇතිනම්  පියවරක් ආපසු ගෙන ඔවුන්ට ඉගෙන ගැනීමට ඇති වටිනා පාඩම් අහිමි වන බව සිතන්න.

එය ඔවුන්  අවන්හලකදී ඇණවුම් කිරීම සදහා දිගු කාලයක් ගැනීම  තරම් සරල විය හැකිය. ඉවසිලිමත් වන්න. ඔවුන්ට අවශ්‍ය දේ පැවසීමට  ඉඩ දෙන්න. මෙ ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාවන් මෙන්ම ඔවුන්ගේ සන්නිවේදන හැකියාවන් ඒ මගින් දියුණු වේ.

ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

5. කම්මැලි පාඨකයන් වීමට ඔවුන්ට ඉඩ දීම 

කියවීම සහ ඉගෙනීම සඳහා කැමැත්තක් ඇති නොකිරීමෙන් ඔවුන්ගේ සංවර්ධනයට හානිකර විය හැක. කියවීම ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතයේ විශාල කොටසක් වනු ඇත. කියවීමේ පුරුද්දක් නොමැතිව වර්ධනය වීම හේතුවෙන් ඔවුන් අසීරුතාවයකට පත් වනු ඇත. ඔවුන් දුර්වල පාඨකයන් විය යුතු නැත.

ආසන්නතම උපකරණයට හෝ දුරස්ථ පාලනයට ළඟා නොවී ඔවුන්ට නිහඬව වාඩි  වී  කෙටි කතාවක් හෝ පරිච්ඡේද කිහිපයක් කියවීමට  කැමැත්ත තිබිය යුතුය.

කියවීමෙන් විනෝදයක් ලබාදීම තුලින් පහසුවෙන් ඔවුන්ව ඒ සදහා යොමු කල හැක.  ඔවුන් පීඩනයට පත් නොකරන්න. පවුල තුල විනෝදාත්මක  බැදීමක් අත් විදිමට ඉඩ ලබා දෙන කොටසින් කොටස කියවීම සදහා කියවන කාලයක්  වෙන් කර ගැනීමට  උත්සාහ කරන්න.

6. වැඩ කටයුතු මග හැරීමට ඉඩ දීම 

ඉගෙනීම කියවීම සහ පාසැලට යෑමෙන් පමණක් පෝෂණය නොවේ. එය  කඩිසර බව හා ඉවසීම අවශ්‍ය  ක්‍රියාකාරකම් හරහාද  පෝෂණය කරනු ලැබේ. වැඩ කටයුතු මගින්  දරුවන්ගේ ආත්ම අභිමානය හා උපකාරශීලී හැඟීම ගොඩනඟනු ලබයි. තමන්ගේ  කටයුතු  කිරීමට හෝ ගෙදර කටයුතු සදහා  උපකාර කිරීමට ඔවුන් පුහුණු කිරීම නොසලකා හරින්න එපා.

7. විශාල නරඹන කාලයක් (screen time) ලබා දීම දරුවාගේ ඉගෙනීම හානි කරයි 

රූපවාහිනිය හා වෙනත් උපකරණ බොහොමයක කාලය ගත කරන ළමයින් උදාසීන හා සමාජ විරෝධි වෙන බව කිව යුතු නොවේ.

8. ක්‍රීඩා හා ක්‍රියාකාරකම් වලින්  සම්බන්ධ වීමෙන් වලක්වා තබා ගැනීම දරුවාගේ ඉගෙනීම හානි කරයි 

සමාජ-මානසික ක්‍රම මගින් බුද්ධියද පෝෂණය කළ හැකිය.   අන්තර් ක්‍රියාකාරිත්වය හෝ කණ්ඩායම් ක්‍රියාකාරකම් අවශ්‍ය වන  ක්‍රීඩා හෝ වෙනත් ක්‍රීයාකාරකම් වල  ඔබේ දරුවාට නිතර වීමට ඉඩ ලබාදීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම, ඔවුන්ගේ සන්නිවේදනය සහ සහයෝගීතා කුසලතා ගොඩනැංවීමට උපකාර වේ.

එමෙන්ම  වෙනත් පුද්ගලයන් සමඟ සම්බන්ධ වීම හා ඔවුන්ට කරුණාව හා සැලකිල්ලෙන් සැලකීමට මෙන්ම මිත්‍රත්වයන් ඇති කිරීම සඳහා අවශ්‍ය නිපුණතා ඔවුන්ට ඉගැන්විය හැකිය.

9.සාධාරණ සීමාවන් සකස් නොකිරීම

විනයානුකූලව ළමයින් හදාවඩා ගැනීම  සඳහා සීමාවන් හා රීති අත්‍යාවශ්‍ය  බව සිතමින් පීඩනයට පත් වීම අවශ්‍ය නොවේ. එහෙත්, මෙම සීමාවන් දරුවන්ට  ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලබාදෙන  බව මතක තබා ගැනීම වැදගත්ය.

සාධාරණ හා යථාර්ථවාදී සීමා මායිම් ඇති කිරීම  තුලින් වඩාත් බුද්ධිමත් සහ වගකිමෙන් යුත්  වැඩිහිටියන් බවට පත්වීමට ඔවුන්ට උදව් කරයි. ඔව්, ඔවුන් වරින් වර මෙම නීති රීති ප්‍රතික්ෂේප  කල හැකි නමුත් ඒ මගින්  එය වඩාත් වැදගත් කරනු ලබයි.

10. සැම විටම ඔවුන්ට ජයග්‍රහණය ලබාදීම 

අසමත්වීම අත්විඳීමට ඉඩ දීමෙන් කවදාවත්ම ජයග්‍රහණය  තුලින් අත්විදිය නොහැකි දිගු කාලයක් පවතින  පාඩම් උගත හැකිය. දරුවන් සතුටින් බැලීමටත් ඔවුන්ගේ නොසංසුන් තාවයට මුහුණ දීමෙන් වැලකීමටත්   ඔවුන්ට ජයග්‍රහණය ලබා දීමට අරගල කරනවා විය හැකිය.

නමුත්  වෙහෙස මහන්සි වී කටයුතු   කිරීම හා සාධාරණව සටන් කිරීම තුලින් ජයග්‍රහණය සුන්දර වන බව ඔවුන්ට කියා දෙන්න.

නිදසුනක් වශයෙන්, ක්‍රීඩාවේදී, ඔවුන් ක්‍රීඩාවේදී පරාජය වේ යැයි ඔබ බිය වන නිසා ඔවුන් ක්‍රීඩා කිරීමෙන් වැළකීම මගින් උත්සාහ කිරීම හා සටන් කිරීම යන්න මෙන්ම ඔවුන් පරාජය වීමට  ඇති අවදානම පවා  ඉගෙන ගැනීම  වලක්වනවා.

අසමත් වීම ජීවිතයේ කොටසක් වේ. එබැවින් කුඩා අවධියේදී  සිටම එයට මුහුණ දීමට හැගීම් හා මානසික හැකියාවන් වලින්  සන්නද්ධ වීම වඩාත් සුදුසුය.

ඔවුන්ගේ ප්‍රයත්නය පිළිගැනීම වැදගත් වන අතර එය දරුවාගේ ඉගෙනීම ක්‍රියාවලියේ  කොටසක් වන බව ඔවුන්ට මතක් කරමින් එය ජයග්‍රහණය වුවත් හෝ පරාජය වුවත් ඔබ ඔවුන්ව සෑම අතින්ම ගැඹුරින්ම ස්ථාපිත  කල යුතුය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දෙමාපියන්ගේ ආදරයට සීමාවන් නැහැ. ඒත් දරුවන්ගේ යහපත් වෙනුවෙන් දෙමාපියන් මෙන්න මේ වගේ පුංචි සීමාවන් ටිකක් හදා ගත්තොත් හොදයි කියලා ඔබට මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?
බෙදාගන්න :
  • දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

    දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

  • දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!

    දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!

  • දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

    දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

  • දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!

    දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it