ලැබෙන්නට සිටින්නේ පිරිමි දරුවකු බව කියා පාන මිත්‍යා මත සහ විද්‍යාත්මක සත්‍යය

ලැබෙන්නට සිටින්නේ පිරිමි දරුවකු බව කියා පාන මිත්‍යා මත සහ විද්‍යාත්මක සත්‍යය

ලැබෙන්නට ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියා අම්මාගේ උදරයේ හැඩය අනුව කියන්න පුළුවන්ද? මෙවන් පාරම්පරික හා ඒ පිටුපස ඇති විද්‍යාත්මක පදනම ගැන බලමු.

ගර්භනී සමයේ, ඔබත්, පවුලේ සැමත්, ලැබෙන්නට සිටින පැටියාගේ ලිංගිකත්වය නැතහොත් ගැහැණු දරුවකු හෝ පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ දැන ගැනීමට බලා ඉන්නේ පුදුම කුතුහලයකින්.

පරම්පරා ගණනාවක් තිස්සේ පවතින මෙම කුතුහලය නිසාම, ළදරුවෙකුගේ ලිංගිකත්වය කල්තියා දැනගැනීම පිළිබඳව උපකල්පන, කථා සහ මිථ්‍යාවන් කිහිපයක් ඇති කර තිබෙනවා.

යුවළක් සඳහා මෙම ක්‍රම උත්සාහ කිරීම විනෝදජනක විය හැකි නමුත් ඒවා විද්‍යාත්මකව ඔප්පු කර නොමැති බැවින් ඒවා බැරෑරුම් ලෙස හෝ ස්ථීර ලෙස සලකන්නට බැහැ.

ඉතින් මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ ගර්භණී සමයේදී පිරිමි ළමයෙකු ලැබෙන බවට සංඥා සහ රෝග ලක්ෂණ පිළිබඳ එවැනි මිථ්යාවන් කිහිපයක් ගැන ඔබට කියන්නටයි.

ළදරුවෙකුගේ ලිංගිකත්වය තීරණය වන්නේ කෙසේද?

දරුවාගේ ලිංගිකත්වය තීරණය වන්නේ සංසේචනය වන අවස්ථාවේ දී (ශුක්‍රාණුවට ඩිම්බය හමු වූ විට) එහි වර්ණදේහ සැකසීමෙනි. කලලරූපයකට (හෝ දරුවාට) එක් එක් දෙමව්පියන්ගෙන් වර්ණදේහ 23 ක් ලැබෙනවා,

එහිදී එක් යුගලයක් සෑදී ඇත්තේ ළදරුවාගේ ලිංගිකත්වය තීරණය කරන ලිංගික වර්ණදේහ වලින්ය. දරුවාට X වර්ණදේහ දෙකක් තිබේ නම්, ඒ ගැහැණු ළමයෙක් වන අතර, එයට X සහ Y වර්ණදේහ තිබේ නම්, ඒ පිරිමි ළමයෙකි.

ගැබිනි අවදියේ හත්වන සතිය පමණ වන විට ලිංගික වෙනස්කම් ඇතිවීම ආරම්භ වන අතර ඒවාට ජාන හා පාරිසරික සාධකද බලපානු ඇත.

ගර්භනී මවට පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ - මිථ්‍යාව සහ සත්‍යය

ගැබිනි මව පිළිසිඳ ඇත්තේ පිරිමි ළමයෙකු බව ඇඟවුම් කරන පොදුවේ විශ්වාස කෙරෙන පොදු රෝග ලක්ෂණ හෝ සංඥා කිහිපයක් අපි මෙහි ලැයිස්තුගත කරමු. ළදරුවාගේ ලිංගිකත්වය අනුමාන කිරීම විනෝදයක් විය හැකි මිථ්‍යාවන් ගවේෂණය කරමු!

1. උදෑසන අපහසුතා (Morning sickness)

මිථ්‍යාව: උදෑසන අසනීප ගතිය හෝ ඔක්කාරය අත්විඳින්නේ නැති නම්, එය ඔබ පිරිමි දරුවකු පිළිසිඳ ඇති බවට සලකුණකි.

සත්‍යය: උදෑසන අසනීප (ඔක්කාරය හා වමනය) ගර්භනී කාන්තාවන්ගේ 70% ත් 80% ත් අතර ගැබ්ගැනීමේ පොදු රෝග ලක්ෂණයකි.

පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ

එය බොහෝ දුරට පළමු ත්‍රෛමාසිකයට පමණක් සීමා වී ඇති නමුත් සමහර කාන්තාවන් දරු ප්‍රසූතිය දක්වාම එය අත්විඳිය හැකියි. හෝමෝන වෙනස්කම් එයට හේතු වන බව විශ්වාස කෙරෙන නමුත් ඊට හේතුව දරුවාගේ ලිංගිකත්වය නොවේ.

2. හෘද ස්පන්දන වේගය : පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ

මිථ්‍යාව: දරුවාගේ හෘද ස්පන්දන වේගය විනාඩියකට ස්පන්දන 140 ට අඩු නම්, එයින් පෙන්නුම් කරන්නේ මව විසින් පිරිමි දරුවකු පිළිසිඳගෙන ඇති බවයි.

සත්‍යය: මෙය සනාථ කිරීම සඳහා කිසිදු පර්යේෂණ දත්ත නොමැති අතර මෙය නොමඟ යවන සුළු ප්‍රකාශයකි. පළමු ත්‍රෛමාසික කාලය තුළ භ්‍රෑණ හෘද ස්පන්දන වේගයෙහි ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ වෙනස්කම් යන මාතෘකාව යටතේ කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ පළමු ත්‍රෛමාසිකයේ පිරිමි දරුවාගේ හෝ ගැහැණු දරුවාගේ හෘද ස්පන්දන වේගය අතර සැලකිය යුතු වෙනසක් නොමැති බවයි.

ලිංගිකත්වය නොසලකා, සාමාන්‍ය භ්‍රෑණ හෘද ස්පන්දන වේගය 120 සිට 160 bpm වේ. ගර්භනී සමයේ මුල් අවධියේදී  එය (140 සිට 160bpm දක්වා) ඉහළ යා හැකි අතර, පසු අවදියේ (120 සිට 140bpm දක්වා)පහළ යා හැකිය.

3. සම සහ හිසකෙස් තත්ත්වය : පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ

මිථ්‍යාව: පිරිමි දරුවකු පිළිසිඳ ඇති විට මවගේ සම කුරුලෑ වලින් තොර විය හැකි අතර, ගැහැණු දරුවකු මවගේ අලංකාරය උරාගන්නා බැවින් මවගේ සම පිරිහී යයි. පිරිමි දරුවකු පිලිසිඳගත් විට මවට දිගු හා දීප්තිමත් හිසකෙස් ඇත.

සත්‍යය: මෙම ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිඳු සාධක හෝ දත්ත නොමැත. ගර්භණී සමයේදී සම සහ හිසකෙස් වෙනස් වීම හෝමෝන මට්ටම් වල වෙනස්වීම් අනුව සිදුවේ.

හෝමෝන වෙනස්කම් නිසා ළදරුවාගේ ලිංගිකත්වය කෙසේ වුවත් ඇතැම්විට මවගේ සම පැහැදිලි සහ දීප්තිමත් විය හැකි අතර තවත් විටක සම සහ හිසකෙස් රළු විය හැක. කුරුලෑ සහ හිසකෙස් වැටීමට හේතු විය හැක.

4. දොළදුක

මිථ්‍යාව: මවට ඇඹුල් හෝ ලුණු සහිත ආහාර සඳහා වැඩි ආශාවලක් ඇත්නම්, ලැබෙන්නට සිටින්නේ පිරිමි දරුවකු විය හැකියි.

ඩිම්බ මෝරන කෑම

සත්‍යය: මෙම ප්‍රකාශය සනාථ කිරීමට කිසිඳු දත්ත හෝ විද්‍යාත්මක සාක්ෂි නොමැත. තෘෂ්ණාවට හේතු විය හැක්කේ හෝමෝන වෙනස්කම්, පෝෂණ ඌනතා, ඖෂධ විද්‍යාත්මකව ක්‍රියාකාරී ද්‍රව්‍ය (විශේෂිත ආහාරවල අඩංගු වීම) සහ සංස්කෘතික හා මනෝ සමාජීය සාධක ය. කෙසේ වෙතත්, මෙම උපකල්පන සඳහා සහය දැක්වීමට ප්‍රමාණවත් තරම් පර්යේෂණ දත්ත නොමැත.

5. උදරයේ පිහිටීම

මිථ්‍යාව: උදරය පහත් වී පිහිටීම පිරිමි දරුවෙකු ලැබෙන බව පෙන්වන සලකුණකි.

සත්‍යය: මවගේ උදරයේ පිහිටීම දරුවාගේ ලිංගිකත්වය ඇඟවුම් කරන්නේ නැත. journal Birth සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ අධ්‍යයනයකින් කියැවෙන්නේ  මේවා දරුවාගේ ලිංගිකත්වය පුරෝකථනය කිරීමේ ක්‍රම නොවන බවයි. ගර්භනී කාන්තාවකගේ උදරයේ පිහිටීම සහ ඉරියව් වෙනස්වීම් දරුවාගේ ප්‍රමාණය හා ඔබේ ගර්භාෂයේ හැඩයට සම්බන්ධ විය හැකිය.

6. මනෝභාවය වෙනස් වීම (Mood changes)

මිථ්‍යාව: පිරිමි දරුවකු පිළිසිඳ ඇති විට මවගේ මනෝ භාවය වෙනස් නොවේ. නමුත් ගැහැණු දරුවකු පිළිසිඳ ඇති විට මනෝ භාවය නිතර සංතුලනය වනු ඇත.

සත්‍යය: ගර්භණී සමයේදී මනෝභාවය වෙනස් වීම සිදුවන්නේ හෝමෝන වෙනස්කම් නිසා මිස දරුවාගේ ලිංගිකත්වය නිසා නොවේ.

7. මුත්‍රා වල පැහැය

මිථ්‍යාව: ගර්භණී සමයේදී ඔබේ මුත්රා වල වර්ණය වෙනස් වන අතර, එය අඳුරු පැහැයක් ගනී නම්, එයින් පෙන්නුම් කරන්නේ පිරිමි දරුවෙකු පිළිසිඳ ඇති බවයි.

සත්‍යය: ගර්භණී සමයේදී මුත්‍රා වෙනස්වීම් බහුලව සිදු වේ. අඳුරු පැහැති මුත්‍රා පහ වීම විජලනය වීමේ සංඥාවක් විය හැකි අතර එය ඔක්කාරය හා වමනය නිසා සිදුවිය හැකිය. ආහාර, ඖෂධ සහ ආහාර අතිරේක සමඟ මුත්‍රා වල වර්ණයද වෙනස් විය හැකි අතර එය දරුවාගේ ලිංගිකත්වය ගැන අනාවැකි සමඟ සම්බන්ධ නොවේ.

8. පියයුරු වල ප්‍රමාණය

මිථ්‍යාව: පිරිමි දරුවෙකු පිළිසිඳගත් මවගේ දකුණු පියයුරු වම් දරුවාට වඩා විශාලයි.

සත්‍යය: ගර්භණී සමයේදී සිදුවන හෝමෝන වෙනස්කම් රුධිර ප්‍රවාහ වැඩි දියුණු කරන අතර පියයුරු පටක වල වෙනස්කම් ඇති කරයි. උපතින් පසු ඔබේ දරුවා පෝෂණය කිරීම සඳහා මව්කිරි සැපයීමට සූදානම් වන විට පියයුරු ඉදිමීමට නැඹුරු වේ. කෙසේ වෙතත්, පියයුරු වෙනස්වීම් දරුවාගේ ලිංගිකත්වයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

9. සීතල පාද

මිථ්‍යාව: මවගේ දෙපා සිසිල් නම්, එය ඔබ පිරිමි දරුවෙකු පිළිසිඳ ඇති බව කියාපාන ලක්ෂණයකි.

පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ

සත්‍යය: ගර්භණී සමයේදී සීතල පාද ඇතිවිය හැක්කේ දුර්වල රුධිර සංසරණය, දියවැඩියාව හෝ අධික ශීත කාලගුණය නිසා විය හැකිය. වැඩිදුර රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා ගැබිනි මව තම වෛද්‍යවරයා හමුවිය යුතුයි.

10. බර වැඩිවීම : පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ

මිථ්‍යාව:  පිරිමි දරුවකු පිළිසිඳ ඇති විට, මවගේ උදරයේ වැඩිපුර බර පිටතට දිස්වේ. නමුත් ඔබ ගැහැණු දරුවකු පිළිසිඳ ඇති විට, මුහුණ ඇතුළුව ශරීරය පුරා දරුවාගේ බර බෙදා හැරේ.

සත්‍යය: බොහෝ ගර්භනී කාන්තාවන් ගර්භණී කාලය පුරාම බර වැඩිවන අතර සැලකිය යුතු බර වැඩිවීමක් සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීමක අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය දරුවාගේ ලිංගිකත්වය අනුව තීරණය වන්නක් නොවේ.

මූලාශ්‍ර: momjunction.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි