දරුවා නාහට අහන්නේ නැති මැරෑටියෙක් වන්නේ ඔබ කරන වැරදි 10

දරුවා නාහට අහන්නේ නැති මැරෑටියෙක් වන්නේ ඔබ කරන වැරදි 10

දඩබ්බර දරුවන් බිහි කරන්නේ ඔබ නොදැනුවත්වම ඔබේම වරදින් කියා ඔබ දන්නවාද?

ඔබේ දරුවා මැරෑටියෙක් මෙන් ක්රියා කිරීම සාමාන්ය දෙයක්ද? එසේත් නැතිනම් මවුපියන් ලෙස ඔබ කර ඇති සමහර වැරදි වලින් දඩබ්බර දරුවන් බිහි කරනවා ක්‍යා ඔබ දන්නවාද?

ඔබ දෙමව්පියෙක් නම්, ඔබේ දරුවා සාප්පු සංකීර්ණයක් මැද, නෑ හිත මිත්‍ර නිවසකදී හෝ ක්‍රීඩා පිටියකදී මුළුමහත් ලෝකයම ඔබව විනිශ්චය කරන බවක් ඔබට දැනෙන තරමට අප්‍රසන්න අත්දැකීමක් ඔබට ඇති කරනවාද?

නමුත් ඔබේ දරුවාට තමන්ට අවශ්‍ය දේ නොලැබෙන සෑම අවස්ථාවකම මෙවැනි හැසිරීම් නිතර සිදුවන බව පෙනේ නම් ඔබ කුමක් කළ යුතුද?

නැතහොත් දරුවා ඔබ සමඟ එකට එක කතා කර ඔහුට/අවශ්‍ය කුඩාම දෙයක් හෝ පහසුවෙන් ලබාගන්නවාද?

ඇතැම් විට සමහර මිතුරන් ඔබේ දරුවා මගහරින බවක් ඔබට දිස් වනවා වන්නටත් පුළුවන්. නැතහොත් වෙනත් ළමයින් ඔහුගෙන් ඈත් වී සිටින අතර, ඔබේම දෙමව්පියන් පවා අදහස් දක්වා ඇත්තේ දරුවා ටිකක් නරක් වී ඇති බවද?

හිතට එකඟව මෙය සත්‍යයක් බව ඔබ පිළිගන්නට මැළි වේවි. නමුත් ඔබේ දරුවා පාලනය කරගත නොහැකි තරමට දඟ වෙලාද? නැතහොත් සමහර විට – සමහර විට – දෙමව්පියන් වශයෙන් ඔබ යම් වැරැද්දක් කර තිබේද?

දරුවා සෙල්ලම් බඩු සාප්පුවක බිම පෙරළී සිටින විට, ඔබ ඔහුට තවත් සෙල්ලම් ට්‍රක් රථයක් මිල දී නොගන්නා නිසා පයින් ගසමින් කෑගසමින් සිටින විට, විනිශ්චය කරන සියලු දෙනාම ඔබ දෙස බලාගෙන කෝපයට පත් වෙනවා ඇති.. එහෙම නේද?

කිසිම දෙමව්පියෙක් තම දරුවා මැරෑටියෙක් බව පිළිගැනීමට කැමති නැහැ.

 

දඩබ්බර දරුවන්

කිසිම දෙමව්පියෙක් තම දරුවා මැරෑටියෙක් බව පිළිගැනීමට කැමති නැහැ.

ගුවන්විදුලි ඩී.ජේ. කෙනෙක් වන ශාන් දෙදරු පියෙක් වගේම දුෂ්කර දරුවන්ගේ අභියෝගයට ලක් වන්නෙක්. ඔහු පවසන්නේ දරුවන්ගේ හැසිරීමට දෙමාපියන් පිටම වරද පැටවීම සාධාරණ නොවන බවයි.

“අම්මාට හෝ තාත්තාට හිසරදයක් ඇති කරන දුෂ්කර දරුවෙකු මා දුටුවහොත්, මගේ උපකල්පනය සරලයි: ඒ ඉන්නේ දුෂ්කර දරුවෙක්. කාලයාගේ ඇවෑමෙන්, ඔහු/ඇය ඇතැම් ගතිලක්ෂණ වලින් වර්ධනය වීමට හෝ යම් ආකාරයකින් පරිණත වීමට ඉඩ ඇත. නමුත් මේ මොහොතේ, මට පෙනෙන්නේ ඒ ඉතා දුෂ්කර දරුවෙක් බවයි, ”ඔහු පවසයි.

අවුරුදු හතරට අඩු ළමයින් සෑම මොහොතකම රණ්ඩු සරුවල් කිරීම සාමාන්‍ය දෙයක් වුවද, තම කුඩා දේවදූතයාට පුංචි රතු අං පැළවෙමින් එන බව හඳුනාගැනීමට දෙමාපියන්ද වටහා ගත යුතුය.

සමහර විට ඔහු හෝ ඇය තර්ක කිරීමට තරම් වයසින් මුහුකුරා ගිය විට, දේවල් නැවත  ඇගයුම් කරන්නට කාලය පැමිණුනා විය හැක.

තම දරුවා අශෝභන බව කිසිවෙකු ඇසීමට කැමති නැත. නමුත් හොඳ දෙමව්පියෙකු තම දරුවා නරක් වූ මැරෑටියෙක් ලෙස වැඩෙනවාටද කැමති නැත.

පහත දැක්වෙන්නේ ඇතැම් දෙමව්පියන් විසින් සිදුකරන ලද වැරදි 10 ක ලැයිස්තුවක්. එය ඇත්ත වශයෙන්ම අශෝභන ලෙස හැසිරීම දිරිගන්වන අතර දිගු කාලීනව හානිකර විය හැකිය.

1. නරක හැසිරීමට විපාක දීම

ඔබේ දරුවා අතුරුපස සඳහා චොකලට් ෆඩ්ජ් කේක් පෙත්තක් කෑවා පමණක් නොව දැන් ඔහුට අයිස්ක්‍රීම් එකක්ද අවශ්‍යයි කියා සිතන්න.

ඔබ ඔහුට “එපා” යැයි කියන්නේ ඔහුට දිනකට ප්‍රමාණවත් තරම් සීනි ප්‍රමාණයක් ආහාරයට ගෙන ඇති බව ඔබට හැඟෙන නිසාය.

එමඟින් ඔහු ඉවක් බවක් නැතිව කෑගසන්නට පටන් ගනී.

අත මිට මොළවා මේසයට ගසමින් ලෝකයේ අවසානය මෙන් හයියෙන් කෑ ගසද්දී සියලු දෙනාම දැන් ඔබ දෙස බලා සිටිති.

ඔබ තවමත් ඔබේ ආහාර වේල අවසන් කර නැති නිසා ඔබට අවන්හලෙන් පිටතට ගොස් රකුසු බැලුම් වලින් මිදෙන්නටද බැරිය.

නමුත් ඔබ කුමක් කීවත් කුමක් කළත් ඔබේ දරුවා තවමත් ඔහුගේ මුළු වීරියෙන්ම කෑගසයි!

ඒ නිසා ඔබ අවසානයේ ඔහු වෙනුවෙන් දෙවන අතුරුපසක් ඇණවුම් කරන්නට තීරණය කරනවා.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: ඔබේ දරුවාගේ ඉල්ලීම් ඉටු කිරීම – විශේෂයෙන්ම කෑකෝ ගසා ඔබව උපහාසයට ලක්වන කාලය තුළ – තදින් කෑගසන තාක් කල් අම්මා තාත්තා ඔහුට උවමණා දේ දෙන බව ඔහුට වැටහෙන්නට ගනී.

සායනික මනෝ විද්‍යාඥ වෛද්‍ය වාස්කෝ ලොප්ස් පවසන්නේ මෙය උගත් හැසිරීමක් වන අතර එය කොන්දේසි සහිත ප්‍රතිචාරයක් බවට පත්වන බවයි.

“දරුවා කැකෝ ගසා දෙයක් ලබාගත් අවස්ථා 10න් 5ක් පමණක් වුවත්, ඔහුට එය සාර්ථක වන වාරයක් පාසා දරුවාගේ එම හැසිරීම වඩාත් ශක්තිමත් වනවා.

ඒ නිසා ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඔවුන් එම හැසිරීම දිගටම කරගෙන යනු ඇත.

ඔබේ හදවතට පුන්චි රිදුමක් දී ඔහුට අවශ්‍ය දේ පලබාගන්නට පුළුවන් බව දරුවාට පසක් වනවා.

මේ නිසා අවශ්‍ය ඕනෑම දෙයක් ලබා දීමට පෙර දිගින් දිගටම හ හඬා වැලපීමට සිදුවන බව ඔබේ දරුවා දනී.

2. සැබෑ ලෝකයෙන් ඔවුන්ව ඕනෑවට වඩා ආරක්ෂා කිරීම

දෙමව්පියන් වශයෙන් අපට හැඟෙන්නේ අපගේ දරුවාට හානියක් නොවන ලෙස තබා ගැනීම අපගේ යුතුකම බවයි.

ස්වාභාවිකවම, අපි ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කරමු.

අපෙන් සමහරෙකු සීමාවෙන් මදක් ඔබ්බට යා හැකි අතර, අප නොකරන එකම දේ වන්නේ දරුවා වටා බුබුලු තට්ටු ඔතා ඔවුන්ට “නරක දෙයක්” සිදුවීමෙන් වැළැක්වීම පමණයි.

ඔබේ දරුවාගේ මතයට ඇහුම්කන් නොදී ඔබ ඔහු වෙනුවෙන් සියලු තීරණ ගන්නවාද? එසේත් නැතිනම් දරුවාට යමක් වැරදුනු විට ඔහුව බේරා ගැනීමට වේගයෙන් ඉදිරියට යනවාද?

සැබෑ ලෝකයේ කටුක යථාර්ථයෙන් දරුවා උපරිමයෙන් ආරක්ෂා වී ඇති බව තහවුරු කර ගැනීම සඳහා ඔබ ඔබට හැකි ප්‍රමාණයටත් වඩා පියවර ගන්නවාද?

මෙය වැරැද්දක් වන්නේ ඇයි: මෙම විශේෂිත මාපිය ශෛලිය හෙලිකොප්ටර් දෙමාපියන් (Helicopter Parent) විසින් අනුගමනය කරනු ලැබේ.

එමඟින් ඔබේ දරුවා ස්වාධීන වීම, ඔවුන්ගේ වැරදි වලින් ඉගෙනීම සහ ඔවුන් විසින්ම ගැටළු විසඳීම වළක්වයි.

එය දඩබ්බර හැසිරීමට තුඩු දිය හැකි අතර අභියෝගයන්ට මුහුණ දීමෙන් පසු සමෘද්ධිමත් වීමේ හැකියාවද අඩපණ කරනු ඇත.

ඔබේ දරුවා සෑම විටම ඔහුට/ඇයට අවශ්‍ය දේ ලබා ගන්නේද?

මෙය වැරැද්දක් වන්නේ ඇයි: මෙම විශේෂිත මාපිය ශෛලිය හෙලිකොප්ටර් දෙමාපියන් (Helicopter Parent) විසින් අනුගමනය කරනු ලැබේ.

එමඟින් ඔබේ දරුවා ස්වාධීන වීම, ඔවුන්ගේ වැරදි වලින් ඉගෙනීම සහ ඔවුන් විසින්ම ගැටළු විසඳීම වළක්වයි.

එය දඩබ්බර හැසිරීමට තුඩු දිය හැකි අතර අභියෝගයන්ට මුහුණ දීමෙන් පසු සමෘද්ධිමත් වීමේ හැකියාවද අඩපණ කරනු ඇත.

දඩබ්බර දරුවන් 2

ඔබේ දරුවා සෑම විටම ඔහුට/ඇයට අවශ්‍ය දේ ලබා ගන්නේද?

3. හිස් තර්ජන කිරීම

ඔබේ දරුවා බිත්ති, බිම සහ තේ මේසය පුරා ලිවීම විනෝදජනක යැයි සිතා චිත්‍ර ඇඳ ඇතැයි සිතමු.

ඒ වෙනුවට කඩදාසි මත චිත්‍ර නිර්මාණය කරන ලෙස ඔබ ඔහුට මතක් කර දෙනවා. නමුත්  ඔහු දිගින් දිගටම නිවස විනාශ කර දැමුවහොත් ඔබ ඔහුගේ සියලු පාට සියල්ල ඔහුගෙන් ඉවත් කරගන්නා බව ඔහුට කියන්න.

නමුත් ඔහු ඔබව නොසලකා හැරීමට තීරණය කරන අතර විසිත්ත කාමරයේ බිත්තිය පුරා ඇඳීම දිගටම කරගෙන යයි.

ඔබ ඔහුගෙන් පාට ටික ඉවතට ගැනීම ගැන තවදුරටත් කල්පනා කරයි. නමුත් අවසානයේ ඔබ සුසුමක් හෙලා දරුවාගේ ග්‍රැෆික් එක දිගටම කරගෙන යාමට ඉඩ දෙනවා.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: අනාගතයේ දී ඔබ ඔහුව හික්මවීමට උත්සාහ කරන විට ඔහු ඔබව බැරෑරුම් ලෙස සලකන්නේ නැහැ.

මන්ද ඔබ ඔහුට පවසන දේ අනුගමනය නොකරන බව ඔහු දන්නා බැවිනි.

4. දඩබ්බර දරුවන් හට හිමිකම් පිළිබඳ හැඟීමක් ලබා දීම

අපි හැමෝම අපේ දරුවන්ට ආදරය කරන අතර ඔවුන්ට ප්‍රශංසා කිරීමෙන් සහ ඔවුන්ට යහපතක් වන පරිදි ඔවුන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට උත්සාහ කරමු.

ඔබේ දරුවාට ඔහු කෙතරම් විශේෂද යන්න දැනුම් දෙන්නට ඔබට අවශ්‍යය. ඔහු සම්පූර්ණ කරන සෑම කුඩා කාර්යයක්ම (ඔහු ආහාර ගැනීමෙන් පසු ඔහුගේ පිඟාන බේසම තුළට දැමීම වැනි) බොහෝ ප්‍රීතියෙන් සමරනු ලැබේ.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: අපෙන් කිසිවෙකු පුහු මාන්නයෙන් යුත් දරුවෙකු ඇති දැඩි කරන්නට කැමති නැහැ.

නමුත් බොහෝ විට අපගේ දරුවන් වෙනුවෙන් උපරිමය කිරීමට අප දක්වන ආදරණීය උත්සාහයේ දී, අපි ඕනෑවට වඩා ඔවුන් වෙනුවෙන් කැප වෙනවා.

අපි ඔවුන්ගේ ගමන් මඟෙහි ඇති ඕනෑම බාධකයක් ක්ෂණයකින් ඉවත් කර පමණට වඩා වඔවුන්ගේ පුංචි උත්සාහයන් වර්ණනා කරනවා.

මෙහිදී අප නොදැනුවත්වම කරන්නේ ළමයින්ට තමන් වෙනුවෙන්ම කිරීමට, වැරදිවලින් ඉගෙන ගැනීමට හෝ අභියෝග ජය ගැනීමට ඇති අවස්ථාව අපි නැති කිරීමයි.

දඩබ්බර දරුවන් 3

ඔබ මවුපියන් බව මතක තබා ගන්න. එබැවින් නැවි කපිතාන් විය යුත්තේ ඔබයි!

5. ඔබේ දඩබ්බර දරුවන් හට ලොක්කා වීමට ඉඩ දීම

ඔබ ඔබේ පොඩ්ඩා “රාජකීය” ලෙස හඳුන්වන අතර ඔහුගේ සෑම අවශ්‍යතාවක්ම හා බන්දේසියක තබා ඔහුට පිළිගන්වනවා.

ඔබේ පොඩ්ඩාට ලොකු කම් කිරීමට ඔබ ඉඩ සලසනවා.  පොඩ්ඩා විධානය කරන පමාවෙන් ඔහුට අවශ්‍ය දේ සැපයීමට ඔබ නොදැනුවත්වම ඔහුගේ සේවය පිණිස සෑම මොහොතකම සිටිනවා.

ඔබට වැඩිපුරම අවශ්‍ය දරුවාගේ සතුට වන බැවින් මේ හැසිරීමට ඔබ අකමැති වුවත් ඔබ ඊට ඉඩ දෙනවා.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: ඔබේ දරුවාට පෞද්ගලික වහලෙකු සේවයේ සිටීම  විනෝදයක් සේම, ඔහු ඔබට බලයලත් චරිතයක් වීමට ඉන් ඉඩ සැලසෙනවා. ඔබ ඔහු වෙනුවෙන් විශාල තීරණ ගත යුතුයි.

Your Kid’s a Brat and It’s All Your Fault පොතේ කතුවරයා වන ඉලේන් රෝස් ග්ලික්මන් මෙසේ පවසයි. “පුහුණුව ලත් හා දැනුමැති සහ විශ්වාසවන්ත කෙනෙකු භාරව සිටින බව දැනීම ඔබට සැනසීමක් ගෙන දෙනවා සේ,. ඔබ ලොක්කා බව දැන ගැනීමෙන් ඔබේ දරුවාටද සැනසීමක් දැනෙනු ඇත. ” යන්නයි. එම නිසා දරුවාගේ ආකල්ප වෙනස් කළ යුත්තේ කුඩා කාලයේදීම බවයි.

6. ඔබව නටවන්නට ඔවුන්ට ඉඩ දීමෙන් දඩබ්බර දරුවන් බිහි වේ

ඔබ ඔබේ දරුවාගේ පාපිස්නය බවට පත් වෙලාද? දරුවාට ඔබට නපුරු ලෙස කතා කිරීමට හෝ ඔබට පහත් ලෙස සැලකීමට ඉඩ දී තිබේද?

ඔහු යම් දෙයක් ගැන කලබල වූ විට, ඔහු ඔබට කෑගසයි. ඔබේ කොණ්ඩය අදියි. ඔබේ පපුවට පයින් ගසයි. ඔබට නම් වලින් අමතයි.

ඔහුගේ/ඇයගේ කේන්තිය ඔබේ පිටින් යවනවාද?

මෙය වැරැද්දක් වන්නේ ඇයි: ප්‍රචණ්ඩත්වය පිළිතුර නොවන බව ඔබේ දරුවාට දන්වා ඔහුගේ හැඟීම් වඩා හොඳ ආකාරයකින් ප්‍රකාශ කිරීමට ඔහුව දිරිමත් කරන්න.

කනිදරුවාට අම්මලාට සහ තාත්තාට අත එසවීම කිසි විටෙකත් අනුමත නොකළ යුතු අතර, මෙම නරක හැසිරීම නිවැරදි නොවන තාක් කල්, ඔහු අන් අය කෙරෙහි ද ආක්‍රමණශීලී වීමට හැඩගැහෙනු ඇත.

දඩබ්බර දරුවා 4

ඔබේ දරුවා සුද්ද කිරීමට අන් අයට දොස් පැවරීම වෙනුවට දරුවා දඩබ්බරයෙකු බව පිළිගන්න.

7. දඩබ්බර දරුවන් රැකීමට වෙනත් අයට හා දේවල් වලට දොස් පැවරීම

ඔබේ දරුවාට කිසිම වරදක් කළ නොහැකි අතර, යමෙකු ඔහුට යමක් චෝදනා කළ විට ඔබ ඔහුව ආරක්ෂා කිරීමට ඉක්මන් වේ.

ගුරුවරයා පන්තියේදී අවධානය යොමු නොකරන බව පැවසුවහොත්, ඇය කම්මැලි බවත්  විනෝදජනක ලෙස පාඩම නොපැවැත්වීම ගැන ස්වයංක්‍රීයව ඇයට දොස් පවරයි.

නැතහොත් ඔබේ ළමයා තම මිතුරා සමඟ ඔන්චිල්ලාව බෙදා ගැනීමට අකමැති නිසා ක්‍රීඩා පිටියේ රණ්ඩුවකට පැටලුණු විට, ඔබේ කුඩා දරුවාගේ විනෝදය විනාශ කිරීමට උත්සාහ කිරීම නිසා ඔබ ඉක්මන් වී අනෙක් දරුවාට සමච්චල් කරයි.

ඇතැම් විට ඔබ ගෙදරට පැමිණි විට දකින්නේ ඔබේ දරුවා ඔහුගේ අයිපෑඩ් එක බිඳ දැමීමට සමත් වී ඇති බවයි.

මේ නිසා ඔබේ ගෘහ සේවිකාවට ඔහු ගැන විමසිල්ලෙන් නොසිටීම ගැන බැණ වදින අතර ඔහුට වරදක් නොපටවයි.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: ඔබේ දරුවාට කිසිම වරදක් කළ නොහැකි යැයි ඔබ සිතන්නේ නම් සහ යම් තත්වයක් ඇති වූ විට එය අනෙක් සියල්ලන්ගේම වරදක් විය යුතු යැයි ඔබ සිතන්නේ නම් ඔබ කරන්නේ ඔහුට යහපතට වඩා හානියක් පමණි.

ඔහුගේ ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ඇති බව ඔහු කිසි විටෙකත් ඉගෙන නොගන්නා අතර ඔහුට සියල්ලෙන් ගැලවිය හැකි යැයි සිතයි.

ඔහු වැඩෙන විට ඔහුගේ ජීවිතයේ යම් වැරැද්දක් සිදු වූ විට ඔහු දිගින් දිගටම අනුන්ට දොස් පැවරිය හැකි අතර එය ඇත්ත වශයෙන්ම ඔහුගේම ක්‍රියාවක් බව පිළිගන්නේ නැත.

8. දෙමව්පියෙක් වනවාට වඩා මිතුරෙකු වීම දඩබ්බර දරුවන් ඇති කරයි

ඔබට අවශ්‍ය වන්නේ “සන්සුන්, කූල් දෙමාපියෙකු” වී ඔබේ දරුවා සමඟ හොඳම මිතුරන් වන්නටයි.

ඒ නිසා ඔබ විහිළු තහළු කරන අම්මා හෝ තාත්තා වී දරුවාගේ මිතුරා මෙන් ක්‍රියා කරන්නට උත්සාහ කරයි. ඔහු ඔබ සමඟ සමීප බැඳීමක් ඇති කර ගැනීමට වැඩි කැමැත්තක් දක්වනු ඇතැයි සිතයි.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට ඕනෑ තරම් මිතුරන් සිටී. නමුත් ඔහුට/ඇයට ඔබෙන් සැබවින්ම අවශ්‍ය වන්නේ ඔබ ඔහුට මඟ පෙන්වීමට සහ වැරැද්දෙන් නිවැරදිව ඉගැන්වීමට උපකාර කරන වගකිවයුතු දෙමාපියෙකු වීමයි.

ප්‍රවීණ සමාජ සේවක ජැනට් ලේමන් පවසන්නේ, “දෙමව්පියන් වශයෙන් අපගේ කාර්යභාරය වන්නේ අපේ දරුවන්ට වැරදි ලෙස හැසිරෙන විට ඉගැන්වීම, පුහුණු කිරීම සහ ප්‍රතිවිපාක ලබා දීමයි.

කෙසේ වෙතත්, ඔබ එයින් මිතුරාගේ භූමිකාවට ලිස්සා ගියහොත්, නීතිය පැනවීම සහ ඔබේ දරුවාගේ නුසුදුසු හැසිරීමට සීමාවන් පැනවීම  කළ නොහැක්කක් වනවා. ”

මැරෑටි දරුවා

9. දඩබ්බර දරුවන් රකින්නට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම

ඔබේ දරුවා විකාර සහගත ලෙස හැසිරෙමින් කලබලයට පත්වන විට, මෙම හැසිරීමට හේතුව කුමක් විය හැකිදැයි ඔබ තේරුම් ගැනීමට උත්සාහ කරයි – සමහර විට ඔහුට නිදිමතද? නැත්නම් බඩගිනිද? නැත්නම් කම්මැලි ද?

ඔහු දඩබ්බර ලෙස හැසිරීමට හේතුවක් තිබිය යුතුයි නේද?

ඔහුට වයස අවුරුදු හතක් වන අතර තවමත් සාප්පුව මැද වැතිරී සිටින්නේ ඔහුට තවම ගෙදර යාමට කැමැත්තක් නැති හෙයින්.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: වයස අවුරුදු හතරට පසු, නිතර නිතර දඩබ්බර ලෙස හැසිරීම ගැන සැලකිලිමත් විය යුතුය.

ඔබේ දරුවා වයසින් වැඩෙත්ම, ඔහු පරිණත වීමට පටන් ගන්නා අතර ඔබට ඔහු සමඟ තර්ක කිරීමට හැකි විය යුතුය.

ඔබ මෙම තත්වය වරදක් බව ප්‍රතික්ෂේප කරන තාක් කල්, ඔහුගේ හැසිරීම කාලයත් සමඟ නරක අතට හැරෙනු ඇත.

10. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන්නට සිටීම

ඔබේ දරුවා තවමත් පුංචියි කියා ඔබ සිතන නිසා ඔබ ඔහුගේ නිෂේධාත්මක හැසිරීම පිළිගන්නවා.

සමහර විට ඔහු කල් යත්ම මැරෑටි ගතියෙන් මිදෙන බව ඔබ විශ්වාස කරනවා.

මෙය වැරැද්දක් වන්නේ ඇයි: අධ්‍යයනවලින් පෙනී යන්නේ දඩබ්බර දරුවන් බොහෝ විට නරක් වූ වැඩිහිටියන් බවට පත්වනු ඇති බවයි.

මේ නිසා ඔවුන්ටද පහත ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නටත් සිදු වේවි:

  • චිත්තවේගීය පරිණතභාවය නොමැනි වීම
  • දුර්වල ගැටළු විසඳීමේ කුසලතා නොමැති වීම
  • නොසැලකිලිමත් වීම
  • අවාසනාවන්ත ලෙස හුදෙකලා බව

මේ කාරණා නිසා ඔබේ හදවතින් එන පුංචි කටහඬට ඇහුම්කන් දෙන්න. දරුවාගෙ මැරෑටි ගතියෙන් ඔහුඉ මුදවාගෙන හික්මීමෙන් යුත් පුද්ගලයෙක් බවට පත් කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

Niloufer Perera