theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

4 අවම කියවීම
ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණාගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

ගර්භණී මව්වරුන්  බය නොවිය යුතු කාරණා ලැයිස්තුවක් අපි සකස් කලා. වැඩි විස්තර දැනගන්න කියවන්න.

ඕනෑම ගර්භණී මවකට  තම ගර්භනී කාලය ගැන  භීතියට පත්වීම සාමාන්‍ය  දෙයක් වෙනවා. කෙසේ වෙතත්, ගර්භනී කාලයේදී හැම පුංචි  දෙයක් ගැනම දුක් විය යුතු  යුතු නැහැ . ගර්භණී මවට උපදෙස් අතුරින් ගැබිනි මව්වරුන් බය නොවිය යුතු කාරණා ලැයිස්තුවක් මේ.

ගර්භණී මවට උපදෙස්: ගැබිනි මව බිය නොවිය යුතු  කාරණා 10ක්

1. ගබ්සාවීම : ගර්භණී මවට උපදෙස්

කිසිම මවක් ගර්භණී සමයේදී ගබ්සා වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මෙය මව්වරුන් අතර තියෙන  බහුල බයක් වේ.

නමුත් යථාර්ථය වන්නේ ගර්භණීවීම් විශාල  සංඛ්‍යාවක් අවසන් වන්නේ  නිරෝගී  දරු උපතකිනි.

ගැබ් ගැනීම්වලින්  ගබ්සාවීම 20% කටත් වඩා අඩු වශයෙන් සිදු වන අතර, එය ඔබට සිදුවීමට ඇති ඉඩ කඩ බොහෝ සෙයින් අඩු වේ.

එපමණක්ද නොව, බොහෝ ගබ්සාවීම සිදු වන්නේ පළමු ගර්භනී සතිවලදීය.

සමහර මව්වරුන්  ඔවුන් ගැබ්ගත් බව හෝ ගබ්සාවීම සිදු වු බව දන්නේ නැහැ.

ඔබේ දරුවාගේ හදවතේ රිද්මය  හදුනා ගැනිමෙන්  පසු  ගබ්සාවීම සදහා වු අවස්ථා 5% තරම් ඉතා පහත් මට්ටමකට  වැටේ. ඒ නිසා ඇත්තටම කණගාටු  වෙන්න දෙයක් නැහැ.

2. උදෑසන වමනය :  ගර්භණී මවට උපදෙස් 

සමහර මවුවරුන් උදෑසන වමනය  ඔවුන්ගේ  ආහාර අනුභව කිරීම අඩු කර ඔවුන්ගේ දරුවාගේ වර්ධනය සඳහා ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට ඔවුන්ට නොහැකි වනු ඇතැයි බයවෙනවා.

යථාර්ථය නම්  ඔබ ගන්නා ආහාර වලින් අවශ්‍ය පෝෂණය අවශෝෂණය කර ගැනීමට  ළදරුවන් ඉතා කාර්යක්ෂම වේ.

එබැවින් ඔබට තදින් උදෑසන වමනය ඇති විට ,ඔබ  ආහාරයට  ගන්නේ බිස්කට්  එකක් පමණක්   වුවද, ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැන කණගාටු වන්න එපා.

3. වැරදි දේ ආහාරයට ගනීද 

ආහාර ගැන කථා කරන විට, තම දරුවාට හානිකර දෙයක් ආහාරයට ගනිවි යැයි  බොහෝ මව්වරුන්  ගොඩක් බය වෙනවා.

විශේෂයෙන් ම බොහෝ මව්වරුන් තම දරුවාට වර්ධනය සිදුවීමට විටමින් හා අතිරේක පෝෂක විශාල  වශයෙන් ලබා  ගැනීමට සිදුවීමෙන් පීඩනයට පත්වීමෙන්    මෙය  සත්‍ය  වෙනවා.food for conceiving a baby girl

කෙසේ වෙතත්, යථාර්ථය නම්, ඔබේ දරුවා නිරෝගී වීමට සුදුසු ආහාර හා පෝෂණ අතිරේක මොනවාදැයි ඔබේ වෛද්‍යවරයා ගෙන් විමසන්න.

ඔබේ වෛද්‍යවරයා ආහාරයට ගැනීම සුදුසු බව පවසනවා  නම් සෑම කුඩා දෙයක් ගැනම කනස්සල්ලෙන් හා ශෝකයට  පත් නොවන්න.

4. අධික ලෙස ආතතියට  පත්වීම 

ගර්භනී කාලයේ දී මානසික ආතතිය ඔබට යහපතක් නොවේ.

ඉන් වඩා  පීඩනයට  පත්වීම   වඩාත් නරක ය.

ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඔබේ ගර්භනී කාලයේදී වෙහෙස දැනීම  සාමාන්‍ය  දෙයක් වේ.

කෙසේවෙතත්, අධ්‍යනයන් මගින් පෙන්වා දී ඇත්තේ මෙම ආතතිය ඔබේ දරුවාගේ සමස්ත සෞඛ්‍ය මත අවම බලපෑමක් ඇති කරන බවයි.

ඔබ කනස්සල්ලට පත්විය යුතු එකම දෙය වන්නේ දැවෙන  පීඩනයයි. සාමාන්‍ය  ආතතිය පහසුවෙන් පාලනය කළ හැකිය.

5. දරුවා දෝෂ සහිතව ඉපදීම

බොහෝ මව්වරුන් තම දරුවා දෝෂ සහිතව උපදී වි යැයි   බිය වෙනවා. කෙසේ වෙතත්, ඔබේ දරුවාට උපතින්ම දෝෂ ඇතිවීමේ අවස්ථා  4% ක් පමණයි. ඒ නිසා ඒ ගැන කරදර විය යුතු නැත.

ගර්භණී මවට උපදෙස්

6. නොමේරූ දරු උපත් සිදුවේවිද : ගර්භණී මවට උපදෙස්

නොමේරූ දරු උපත් සිදුවීමේ සම්භාවිතාවය  13% ක් පමණ වේ. කෙසේ වෙතත්, බොහෝ නොමේරූ දරු උපත් ගැබ් ගැනීමෙන් සති 34-36 අතරතුරදී සිදු වන අතර එය තවමත් නොමේරූ දරු උපත් වේ.

නමුත් මේ අවධියේදී උපදින ළදරුවන්ගේ ජීවිතය ආරක්ෂා වීම  ඉතා ඉහළ මට්ටමක පවතී.

ඉතින් නොමේරූ දරු උපත් සිදුවීම ගැන කනස්සල්ලට පත්විය යුතු නැහැ .

7. ප්‍රසුතියෙන් පසු බර අඩු  කර ගැනීමට නොහැකි වීම

දරු උපතෙන් පසු ඔබේ බර  අඩු කර ගැනීමට අපහසු නමුත් එය කනස්සල්ලට පත්විය යුතු දෙයක් නොවේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සෞඛ්‍ය  සම්පන්න ආහාරයක් ගැනීම හා ඔබේ ගර්භණී කාලය තුළ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමෙන් ඔබට දරු උපත ලැබීමෙන් පසු බර අඩු කර ගැනීමට  උපකාරී වේ.

8. ගර්භණී සංකූලතා

ගර්භණී සමයේ ඇතිවෙන අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි සංකූලතා  ඇති විය හැකි නමුත්, ඒ සදහා  අවස්ථාව  5-8% අතර වේ.

ගර්භණී මවට උපදෙස්

එය වයස අවුරුදු 18 ට අඩු හෝ 35 ට වඩා වැඩි අයට  වැලදෙන  අතර, බොහෝ ගර්භණී කාන්තාවන් මේ ආකාරයේ සංකූලතා ගැන කනස්සලු නොවිය යුතුය.

9. දරු උපතින් පසු ලිංගික ජීවිතය වෙනස්  වේවි

ඔබේ සැමියා සමඟ පෙර සේම හැසිරීම සඳහා යම් කාලයක් ගත විය හැකිය. නමුත් ලිංගික ජීවිතය   දරු ප්‍රසූතියට පවා වෙනස් කල නොහැක්කකි.  

ටිකක් ගතවෙන්න දෙන්න.  ඔබේ ශරීරය ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇත.

10. ප්‍රසුතිය වේදනාකාරී වේවි

සැහැල්ලුවෙන් සිටින්න. නිහඬව සිටින්න, ඔබේ ප්‍රසුතිය තුළදී, ඔබේ වෛද්‍යවරුන් ඔබට එය පහසු කිරීම  සඳහා කළ හැකි සෑම දෙයක්ම කරනු ඇත.

වේදනාව සමනයට බොහෝ  විකල්ප  තිබේ. දරු ප්‍රසුතිය සදහා  බය වෙන්න එපා.

ඇත්ත වශයෙන්ම, ඔබ ඔබේ දරුවා මාස 9 ක් කුස තුල දරාගෙන  සිටියා. දරුවාගේ උපත ප්‍රීතියකි.

ගර්භණී මව්වරුන්  බය නොවිය යුතු කාරණා ආදරයෙන් ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා
බෙදාගන්න :
  • ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

    ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

  • ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

    ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

  • ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

    ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

  • ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

    ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it