theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගික එක්වීමකදි රුධිරය වහනය වුනාද? එහෙනම් මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

5 අවම කියවීම
ලිංගික එක්වීමකදි රුධිරය වහනය වුනාද? එහෙනම් මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්ලිංගික එක්වීමකදි රුධිරය වහනය වුනාද? එහෙනම් මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

ලිංගික එක්වවිමකදි රුධිරය පිට වුනාද? එහෙනම් ‌මේ ‌හේතු 10 දැනුවත් ‌වෙන්න.

ලිංගික එක්වීම කොතරම් නිවැරදිව කලත් සමහර වේලාවට නොහිතු කරදර වලට මුහුණ දෙන්න වෙනවා.

ලිංගික එක්වීමකට පසු යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම එවැනි තත්වයකි.

සාමාන්‍යයෙන් රුධිරය කියන්නේ යෝනි මාර්ගයට අලුත් දෙයක් නම් නොවෙයි.

කාන්තාවකගේ ඔසප් වෙන දින කිහිපය තුල මෙන්ම ගර්භනි සමයේ සිදුවෙන සුළු රුධිර ගැලීම් සාමාන්‍යයෙන් සිදුවෙනවා.

නමුත් ලිංගික එක්වීමකින් පසු රුධිරය වහනය වීම ඔබව බියපත් කලත් එය බියවන්නට තරම් බරපතළ තත්වයක් නොවන බව අධ්‍යනයන් අනාවරණය කරලා තියෙනවා.

ඔසප් සිදුවෙන කාන්තාවන්ගෙන් සියයට හයක් පමණ සෑම වසරකම මෙම තත්වය අත්විඳින අතර, ආර්තවහරණයෙන් වු  කාන්තාවන්ට එසේ වීමට වැඩි ඉඩක් තියෙනවා.

නමුත් ඔබ ලිංගිකව එක්වීමේදී නිරන්තර රුධිර වහනයක් සිදුවෙනවා නම්,  වේදනාව හෝ වෙනත් රෝග ලක්ෂණ ඒ සමඟ තිබේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

රෝම ඉවත්  කිරීම

ලිංගික එක්වීම නිසා රුධිරය වහනය වීමට හේතු

1.ඔබ ඔබේ යෝනි මාර්ගය සීරීමට ලක්වීම 

ඔබ අතර සිදු වුයේ රළු ලිංගික එක්වීමක් නම් හෝ එම ලිංගික එක්වීම සිදුවීමේදි ලිහිස් බව අඩු නම් ඔබේ යෝනි මාර්ගය සිරීමට ලක්වී රුධිරය වහනය වෙන්න පුළුවන්.

බොහෝ විට, මෙම කුඩා  සීරීම් දින කිහිපයක් තුල ඉබේම සුව වෙනවා.

නමුත් ඉදහිට සිදුවිය හැකි තරමක් ලොකු සීරීම් ආසාදනය වීම වළක්වා සුව කරගැනීමට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

ඔබේ යෝනි මාර්ගය වියලි නම් ලිහිසි ද්‍රව්‍යයක් භාවිතයෙන් මේ තත්වය අඩු කරගන්න පුළුවන්. 

2.ඔබේ ගැබ් ගෙලට තද පහරක් වැදීම

ලිංගිකව එක්වීමේදී ඔබ ඔබේ ගැබ්ගෙලට තද පහරක් වැදුනහොත් රුධිරය වහනය වෙන්න පුළුවන්.

ඔබේ ගැබ්ගෙලෙහි කිසියම් ගැටිත්තක් ඇතිනම් ඒත් රුධිරය ගැලීමක් වෙන්න ඉඩ තියෙනවා.

ඔබ ලුපයක් පළදිනවා නම් , ලිංගිකව එක්වීමේදී ඔබේ ගැබ්ගෙල තුවාල වීමට හැකියාවක් තියෙනවා.

 ඒ මගින්ද රුධිර වහනයක් වෙන්න පුළුවන්. යම් අසාමාන්‍ය රුධිර ගැලීමක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

ලිංගික එක්වීමකදි රුධිරය වහනය වුනාද? එහෙනම් මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

 

3.ඔබේ ඔසප්වීම සිදුවෙන විට, එය ආරම්භ වීමට ප්‍රථම හා එය අවසන් වු වහාම

ඔබ ඔසප් සමයේ  ලිංගිකව හැසිරෙන්නේ නම්, ඔබ මේ ගැන දන්නවා වෙන්න පුළුවන්. 

ඔබේ ඔසප් වීම ආරම්භවීම ආසන්නයේ ලිංගිකව හැසිරීමෙන් හා ඔබ සුරාන්තය ලබා ගැනීමෙන්  ඔබේ ඔසප් වීම දිනකට හෝ දෙකකට කලින් ආරම්භ වීමට හේතු වෙනවා.

ඒ වගේම ඔබේ ඔසප් වීම අවසන් වු වහාම  ඔබ ලිංගිකව හැසිරෙන්නේ නම්, සිදුවෙන සෙලවීම හමුවේ ගර්භාෂයේ ඉතිරි වු ඔසප් රුධිරය ඇත්නම් එය ඉවත් විය හැකි අතර එම රුධිරය පැහැය හා ගන්ධය වෙනස් වෙන්න පුළුවන්

4.ඔබ ගර්භණි නම්

ගර්භණී සමයේදී රුධිරය බිදු කිහිපයක් පිටවීම සාමාන්‍යයි. එසේ වන්නේ ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසායි.

ගර්භණී සමයේ ක්‍රියාත්මක වෙන හෝමෝන ගැබ්ගෙලට බලපෑම් කළ හැකි අතර ගැබ්ගෙලෙහි පිටත පෘෂ්ඨයේ ඇති සෛල වලින් රුධිර වහනය වීමේ වැඩි අවදානමක් තියෙනවා. 

තුවාල වීමට පවා පුළුවන්. නමුත් ඔබට මෙම රුධිර වහනය වැඩි හෝ අසාමාන්‍ය බවක් දැනේ නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

ලිංගික එක්වීමකදි රුධිරය වහනය වුනාද? එහෙනම් මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

5.ඔබේ දරු ප්‍රසුතිය ලගදි සිදු වී නම් හෝ ඔබ මව්කිරි දෙනවා නම්

දරු ප්‍රසූතියෙන් පසුව සහ මව්කිරි දෙන විට ඔබේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම පහත වැටෙනවා. 

මේ නිසා ඔ‌බේ යෝනිය වියලි බවක් අත්විඳිය හැකි අතර ලිංගිකව එක්වීමේදී රුධිරය ගැලීම සිදුවිය හැකියි .

ඔබේ යෝනි මාර්ගය වියලි නම් ලිහිසි ද්‍රව්‍යයක් භාවිතයෙන් මේ තත්වය අඩු කරගන්න පුළුවන්. 

6. ඔබට ආර්තවහරණය සිදුවෙනවා නම්

ආර්තවහරණය සිදුවෙන විට  හෝමෝන වෙනස්කම් සිදු වෙන නිසා නිතර රුධිර වහනය වීමි සිදුවිය හැකි අතර ලිංගික එක්වීමකින් පසුවද එය සිදුවෙන්න පුළුවන්.

ඒ වගේම මේ සමගම ඔබේ ශරීරය ඊස්ට්‍රජන් නිෂ්පාදනය අඩු වෙන බැවින්, ඔබේ ස්වාභාවික ලිහිසි තෙල් නිපදවන අඩු වී  යෝනි පටක තුනී වෙනවා.

ලිහිසි දුව්‍ය භාවිතය හෝ වෛද්‍ය උපදෙස් මත ඊස්ට්‍රජන් ක්‍රීම් එකක් භාවිතය සිදු කල හැකිය.

7.ඔබේ කන්‍යා පටලය ඇදීමට ‌හෝ ඉරීමට ලක් වු විට

ලිංගිකව එක්වීමේදී ඔබේ කන්‍යා පටලය ඇදීම හෝ ඉරි යෑම නිසා රුධිරය පිටවෙන්න පුළුවන්.

යෝනි විවරය අසල ඇති තුනී, මාංසමය පටකය කන්‍යා පටලයයි.

සමහර අයට මෙම කන්‍යා පටලය පිහිටන අතර තවත් පිරිසකට මෙය උපතින්ම පිහිටන්නේ නැහැ.  

යෝනි මාර්ගයට බාහිරින් යමක් ඇතුල් කිරීමේදි මෙම පටලය බිදි යාමට පුළුවන්. 

8. ඔබට ආසාදනයක් ඇති විට

යීස්ට් ආසාදනය, බැක්ටීරියා වර්ජිනිස් වැනි ආසාදනයක් නිසා ‌මෙසේ ‌වෙන්න පුළුවන්.

නැතිනම් ක්ලැමීඩියා සහ සිෆිලිස් වැනි  සමහර ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග නිසා ඔබට මෙවැනි රුධිර වහනයක් සිදුවෙන්න පුළුවන්.

ඒ වගේම ‌මෙම රුධිර වහනය සමඟ ගන්ධය වෙනස් කිරීම, ස්‍රාවයන් ඇතිවීම සහ කැසීම හෝ දැවිල්ල ඇතුළුව වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. 

ප්‍රතිකාර නොකළහොත් මෙය ගැබ් ගෙල ඇතුළු ඔබේ ප්‍රජනන අවයව ආසාදනය කරන්න පුළුවන්.

9. ලිංගික එක්වීම නිසා රුධිරය පිටවීම ඔබේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා

ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් යනු ගර්භාෂය තුළ හා අවට  ඇතිවෙන පිළිකා නොවන වර්ධනයකි.

ඒවා ප්‍රමාණයෙන් විශාල නම්, ලිංගිකව එක්වීමේදී වේදනාව ඇති කළ හැකි අතර සමහර විට රුධිරය පිටවීමද සිදුවෙන්න පුළුවන්.

මේ තත්වය සදහා ඔබේ වෛද්‍යවරයා හමු වී සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

10.ඔබට වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති විට 

ලිංගිකව එක්වීමේදී ලේ ගැලීම ගැබ්ගෙල, ගර්භාෂය හෝ යෝනි පිළිකා ඇතුළු අනෙකුත් සෞඛ්‍ය තත්වයන්ගේ රෝග ලක්ෂණයක් ලෙසද සිදුවෙන්න පුළුවන්. 

ඔබ ලිංගිකව එක්වීමේදී නිතර රුධිරය වහනය වෙනවා නම්, ඒ සමග වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණ සමඟ තිබේ නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

සමහර විට ඔබත් මේ තත්වයන් අත්විදිනවා ඇති.

අපි ලිපිය ආරම්භයේදි මෙලෙස යෝනි මාර්ගයෙන් රුධිර පිටවීම එතරම් බරපතල තත්වයක් නොවන බව අධ්‍යන හෙලි කර ඇති බව ඔබව දැනුවත් කළා.

නමුත් මෙලෙස රුධිර පිටවීම අධික නම්, එහි යම් අසාමාන්‍යතාවයක් ඇතිනම් ඒ සමග ‌වෙනත් ‌‌රෝග ලක්ෂණ ඇති ‌වේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීමට අමතක නොකරන්න. 

මුලාශ්‍ර - www.refinery29.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ලිංගික එක්වීමකදි රුධිරය වහනය වුනාද? එහෙනම් මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

    කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

    කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it