theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

යෝනියේ ගඳ නිකුත්වීම රෝගයක පෙර නිමිත්තක්ද?

5 අවම කියවීම
•••
යෝනියේ ගඳ නිකුත්වීම රෝගයක පෙර නිමිත්තක්ද?

මේ ගන්ධයන් 10 න් ඔබේ ‌යෝනියේ නිරෝගීකම මැන ගනිමුද?

යෝනියෙන් ගඳ නිකුත් වීම සිදුවෙනවාද?  සුදුළූණු, පාන් සහ මාළු? මේ ආහාර  වට්ටෝරුවක් නම් නෙමෙයි. ඇත්තටම මේ ඔබේ යෝනියේ නිකුත්වෙන ගඳ ලැයිස්තුවක්.
ඉතින් මොනවාද මින් සෞඛ්‍යයට හිතකර හා මොනවාද එහෙම නොවෙන්නේ කියලා ටිකක් හොයලා බලමු නේද?
ඔබේ සිරුරේ අනෙක්  කොටසක් වගේම , ඔබේ යෝනි මාර්යෙනුත් මද ගන්ධයක් වහනය වෙනවා.
දහඩිය දැමීම,  පෞද්ගලික සනීපාරක්ෂක මට්ටම, හෝමෝන හෝ ආහාර වේල මේ සඳහා බලපානවා.
ඔබේ යෝනි ගඳ මල් සුවඳ මෙන් නොවීම ස්වාභාවිකයි. ඒත් සෑම මොහොතකම එය පිරිසිදු කිරීමේ ආතතියකින් ඔබ සිටිය යුතු නැහැ. නමුත් ඔබේ යෝනියේ ස්වාභාවික ස්වභාවයේ  වෙනස්වීම් එයින් එන සමහර ගන්ධයන් ගෙන් හඳුනාගන්න පුළුවන්.
එවිට ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෙත ගොස් පරීක්ෂා කර ගන්න පුළුවන්.

යෝනියෙන් ගඳ : සාමාන්‍ය හා අසාමාන්‍ය ගන්ධ?

පොදු යෝනි ගන්ධ

සිංගප්පූරු මහ රෝහලේ (SGH) ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවට අනුව, ඔබේ යෝනි මාර්ගය ඉතා සියුම් වෙනවා.
ඒ වගේම එහි සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා සහ කැන්ඩිඩා (හෝ යීස්ට්) කුඩා ප්‍රමාණයක් අඩංගු වෙනවා.
ඔබේ  යෝනියේ සාමාන්‍ය pH අගය 3.5 - 4.5 අතර ඕනෑම අගයක තියෙන්න පුළුවන්. මෙම pH අගය තුල දැඩි යෝනි ගන්ධයන්ට, කිසියම් අපහසුතාවයන්ට හා ආසාදන වලට හේතුවෙන කිසිදු නරක බැක්ටීරියාවක් වැඩෙන්නේ නැහැ .
යෝනියේ මේ pH අගය අසමතුලිත වීම නිසා එහි කැසීම්, වේදනා හා අසාමාන්‍ය පිටවීම් වැනි ආසාදන ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. ඔබ අත්විදින්න පුළුවන් මේ යෝනි ගන්ධ ලැයිස්තුවත් කියවලා බලන්නකෝ .

1. යෝනියෙන් ගඳ නිකුත් වීම: මාළු ගඳ

හේතුව: බැක්ටීරියා වජිනෝසිස් (Bacterial Vaginosis (BV).)
මෙහිදී ඔබේ යෝනි මාර්ගයෙන් ප්‍රසන්න නොවු  මාළු සුවඳක් එක්ක සුදු හෝ අළු පැහැ තුනි වතුර වන් පිටවීමක් සිදුවෙනවා. ලිංගික එක්වීමකට පසු එය විශේෂයෙන් සිදුවෙනවා.
ප්‍රතිකාර:  වෛද්‍ය උපදෙස් යටතේ ප්‍රතිජීවක ඖෂධ ලබාගන්න.

2. යෝනියෙන් ගඳ නිකුත් වීම: බ්ලීච්න් හෝ ක්ලෝරීන් ගඳ

හේතුව: ලිංගික සංසර්ගයෙන් පසු කොන්ඩම් හෝ ශුක්‍රාණු නිසා
ඔබේ පෞද්ගලික ප්‍රදේශය හා එහි රෝම ලස්සන හා පිරිසිදුව තබා ගැනීමට‌ කොතරම් ඔබට අවශ්‍ය වුනත් එයින් ටයිල් මදින බ්ලිචින් ගඳක් හෝ ස්විමිං පූල් එකට දාන ක්ලෝරින් ගඳක් එනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න.
මෙම අමුතු ගඳ ඔබේ යෝනි මාර්ගයෙන් ස්වාභාවිකවම නිපදවන්නේ නැති වුනත් ඒ ගැන වද වෙන්න එපා කියලා තමයි වෛද්‍යවරියක සහ පූර්ණ සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ නිර්මාතෘ වන ලිසා රැන්කින් පවසන්නේ,
ප්‍රතිකාර: උණුසුම් ජලයෙන් සෝදන්න. එහෙත් මේ අමුතු සුවඳ දින කිහිපයකට පසු හෝ සංසර්ගයෙන් සතියකට පසු ඉවත්  නොවන්නේ නම්, ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

3. යෝනියෙන් ගඳ නිකුත් වීම: සුදුළූණු හෝ ළූණු ගඳ

හේතුව: ඔබේ ආහාර වේල
මෙම යෝනි ගඳ  ඔබ දිවා ආහාරය ගත් ආහාර නිසා ඇතිවෙන්න පුළුවන්.
අප ගන්නා ආහාර අපගේ ගඳ සුවඳට බලපානවා වගේම  ඒ ගඳ දින කිහිපයක් තියෙන්නත් පුළුවන්.
ප්‍රතිකාර: ළූණු, සුදුළූණු, ඇස්පරගස්, ව්‍යංජන වැනි ගන්ධ අධික ආහාර ගැනීම අඩු කරන්න.

4. යෝනියෙන් ගඳ නිකුත් වීම: කස්තුරි ගඳ

හේතුව: දහඩිය ප්‍රමාණය වැඩි වීම.
ඔබේ ව්‍යායාමය කිරීමෙන් පසුව හෝ යෙහෙළියන් සමඟ විනෝද වීමෙන් පසු නිවර්තන කාලගුණය තුළ දහඩිය දැමීමෙන් නිසා ඔබේ යෝනියෙන් ටිකක් කස්තුරි ගදක් වහනය වෙන්න පුළුවන්.
ඔබේ දහඩිය ග්‍රන්ථි මගින් නිකුත් වන තෙතමනය වැඩිවීම නිසා මෙය සාමාන්‍ය දෙයක්. ඒ ගැන ගොඩාක් දුරට කණගාටු  වෙන්න අවශ්‍ය නැහැ.
ප්‍රතිකාර: ව්‍යායාම කිරීමෙන් පසු ‌හෝ අධික ලෙස දහඩිය දමන කාර්යයකින් පසු ඇඟ සෝදා පිරිසිදු ඇඳුම් අඳින්න.

5.  පළතුරු සුවදක්

හේතුව: ඔබේ ආහාර වේල.
මෙම ලැයිස්තුවේ ඇති සියලුම යෝනි ගඳ වල් අතරින් මිහිරි සුවඳක් තිබේ නම් බොහෝ කාන්තාවන් (හෝ පිරිමින්) ඒ ගැන පැමිණිලි කරන්නේ නැහැ. ඔබ කන අන්නාසි, දොඩම් සහ මිදි වැනි පැඟිරි පලතුරු ඔබේ යෝනි තරලවල සුවඳ හා රසය මිහිරි කරන්න පුළුවන්.
ප්‍රතිකාර:  ඔබ පැඟිරි සුවඳට අකමැති නම් ඔබ පැඟිරි අඩංගු පළතුරු  ආහාරයට ගැනීම අඩු කරන්න.

6. යෝනියෙන් ගඳ නිකුත් වීම: ලෝහ ගඳ

හේතුව: ඔබේ ඔසප් වීම හෝ ලිංගික සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලය.
ඔබගේ මාසික ඔසප් වීම සිදු වුවා නම් හෝ ඔබ ලිංගික සංසර්ගයේ යෙදුනා නම්  මෙවැනි ගඳක් එන්න පුළුවන්. ඔබගේ pH අගය වෙනස් වීම මෙයට හේතු වන අතර දුර්ගන්ධය ඒ මොහොතේම පහව යා යුතුය.
ප්‍රතිකාර: උණුසුම් ජලය සමග සෝදන්න.

7. යෝනියෙන් ගඳ නිකුත් වීම: යීස්ට් ගඳ

හේතුව: යීස්ට් ආසාදනය
ඔබේ යෝනි මාර්ගයේ ස්වභාවිකවම යීස්ට් කුඩා ප්‍රමාණයක් තිබුණද, ඒවා අධික ලෙස වර්ධනය වීමෙන් අපහසුතාවයෙන් යුත් ආසාදනයක් ඇතිවෙන්න පුළුවන්.
ඔබේ යෝනී මාර්ගයෙන් සුදු පැහැ ඝන පිටවීමක් වෙනු ඔබට දැකිය හැකිය. ඒ වගේම යෝනියේ කැසීම, දැවිල්ල හෝ අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්.
ප්‍රතිකාර: දිලීර නාශක ඖෂධ,  ඔබේ ආහාර වේලෙහි ප්‍රෝබියොටික් වැඩි කිරීම.

8. රසායනික ද්‍රව්‍ය හෝ ඇමෝනියා ගඳ

හේතුව:  සනීපාරක්ෂාව අඩුවීම, බැක්ටීරියා වජිනෝසිස් (BV).
මුත්‍රා වල ඇමෝනියා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මුත්‍රා කිරීමෙන් පසු නිසි ලෙස නොසේදුවොත් එසේ වන්න පුළුවන්. නැතිනම් ඔබේ ප්‍රමාණවත් ජලය පානය නොකරයි නම්  ඔබේ මුත්‍රා වල ඇමෝනියා වැඩි සාන්ද්‍රණයක් ඇති වෙන්න පුළුවන්. ඒ මගින් මුත්‍රා වල පැහැදිලි ගන්ධයක් ඇති විය හැකිය.
කෙසේ වෙතත්, බැක්ටීරියා වජිනෝසිස් නිසාද මෙවැනි ගන්ධයක් එන්න පුළුවන්.
ප්‍රතිකාර: පෞද්ගලික සනීපාරක්ෂාව ඉහළ නංවන්න. වැඩිපුර ජලය පානය කරන්න. නැතහොත් ගැටලුව දිගටම පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

9. යෝනියෙන් ගඳ නිකුත් වීම: කුනු වූ මස් ගඳ

හේතුව: අමතක වූ සනීපාරක්ෂක උපාංග (e.g.tampons), යමක් ඇතුළත සිරවී තිබීම
සමහර විට  වැඩ කටයුතුවල නිසා හෝ ළමයින් රැකබලා ගැනීම නිසා කාර්යබහුල වෙනවා. ඒ නිසා අපට කෑමට හෝ වැසිකිළියට යාමට වෙලාවක් නැහැ.
ඔබ සනීපාරක්ෂක උපකරණ භාවිතා කරන්නේ නම් මෙය ගැටළු සහගත වෙන්න පුළුවන්.  ඒ නිසා අමතක වූ ගැහැණු සනීපාරක්ෂක උපකරණ  ඔබේ යෝනි මාර්ගයේ ඉතිරි වී තිබීමෙන් දුර්ගන්ධයක් ඇති කරන්න පුළුවන්.  එය කුණු වු මස් ගඳක් වෙන්න පුළුවන්.
එසේම, ඔබ  ඔබේ සහකරු සමඟ (හෝ ඔබ විසින්ම) ලිංගික ඇසුරකදී උත්තේජනය  වැඩි කර ගැනීම සඳහා උපකරණ භාවිතා කරන්නේ නම්, එම ක්‍රියාවලියෙන් පසු සෑම දෙයක්ම ඉවත් කිරීමට මතක තබා ගන්න.
ප්‍රතිකාර: යෝනී මාර්ගය තුළ කිසිවක් රැඳී නොමැති බවට සහතික කර ගන්න.  වෛද්‍ය උපදෙස් සඳහා වෛද්‍යවරයා වෙත යන්න.

 10. යෝනියෙන් ගඳ නිකුත් වීමක් නැහැ.

හේතුව: හොඳ සනීපාරක්ෂාව, අක්‍රියතාව.
ඔබේ යෝනි මාර්ගයෙන් කිසිදු ගන්ධයක් නොපැමිණේ නම්, කලබල වෙන්න එපා. එහි කිසි වරදක් හෝ අසාමාන්‍යතාවයක්  නැහැ. ඔබ බොහෝ විට බොහෝ පිරිසිදුව සිටින හෝ දහඩිය අඩුවෙන් දාන පුද්ගලයෙක් වෙන්න පුළුවන්.
සැකයක් ඇත්නම්,   වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට මතක තබා ගන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • යෝනියේ ගඳ නිකුත්වීම රෝගයක පෙර නිමිත්තක්ද?
බෙදාගන්න :
•••
  • යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

    යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

  • Vaginal Douching: Harmful Or Healthy?

    Vaginal Douching: Harmful Or Healthy?

  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

single
  • යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

    යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

  • Vaginal Douching: Harmful Or Healthy?

    Vaginal Douching: Harmful Or Healthy?

  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor