දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

දරු උපතින් පසු බිරිදට ලිංගික ජිවිතය තිත්ත ‌වෙන ‌හේතු 10 ක් ‌මෙන්න

දරු උපතට පසුව ලිංගික ජිවිතය ගැන බොහෝ අයට තියෙන්නේ ප්‍රශ්න පත්‍රයක්.

පිරිසක් මේ ගැන වෛද්‍යවරයෙකු සමග විවෘතව කථා කර උපදෙස් ලබා ගන්නා නමුත් තවත් පිරිසක් එලෙස විවෘත නැහැ.

ඒ නිසා අපි මේ පිළිබද තව දුරටත් කථා කරන්න හිතුවා. 

දරු උපතින් පසු ලිංගික ජිවිතය ඔබේ සම්බන්ධතාවය බිද හෙලන්න පුළුවන්. නැතිනම් පෙරටත් වඩා ශක්තිමත් වෙන්න පුළුවන්.

එලී ටේලර් නම් කතුවරයා එය ඔහුගේ එක් පොතක මෙහෙම පැහැදිලි කරනවා. “අමනාපය උපත් පාලන ක්‍රමයක් වන නමුත් ස්තුතිවන්තභාවය යනු විසල් ලිංගික උත්තේජකයක්.”

ඇත්තට දරු උපතින් පසු ලිංගික ජිවිතය අඩාල වෙන්න බිරිදගේ සෞඛ්‍යයට අමතරව වෙනත් හේතු තියෙනවාද?

සති 6 කට පසුවත් ඇය දිගින් දිගටම පැහැදිලි හේතුවක් නොදක්වා මෙය ප්‍රතික්ෂේප කරනවාද?

එහෙනම් මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්.

දරු උපතට පසුව ලිංගික ජිවිතය බිරිදට එපා කරන හේතු 10 ක්

දරු උපතින් පළමු මාස 12 කාන්තාවකගේ ජිවිත අභියෝගාත්මක වෙනවා. ඔබ ඇය ක්ෂණිකව යථා තත්වයට පත්වේයැයි සිතනවාද?

කාන්තාවක්ගේ සෞඛය නම් දරු ප්‍රසුතියෙන් පසු යථා තත්වයට පත්වීමට සති 6ක වත් කාලයක් ගත වෙනවා.

ලිංගික සම්බන්ධතාවයකට ඇය ශාරිරිකව නිරෝගි වී පමණක් ප්‍රමාණවත් නැහැ. ඇය ඒ සදහා මානසිකවත් සුදානම් විය යුතුයි.

මේ කාල වකවානුව තුල සැමියා බොහෝ ඉවසිලිවන්ත විය යුතුයි. බිරිදගේ මෙම තත්වය තාවකාලික බව ඔහු අවබෝධ කර ගත යුතුයි.

ඒ නිසා ඔබ මේ කාරණා අවබෝධ කරගෙන ඔබේ මේ සම්බන්ධතාවය රැකගැනීමට කටයුතු කල යුතුය.

1. දරු උපතට පසුව ලිංගික ජිවිතය : බිරිදට වෙහෙසට පත්වීම

අලුත් බබා ගෙදර ආවට පස්සේ අම්මාගේ ජිවිතයේ සිදුවෙන ප්‍රධාන වෙනස් වීමක් වන්නේ අඛණ්ඩ නින්දක් අහිමි වීමයි. 

ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා ලිංගික ආශාවන් සහ උද්දීපනය අඩු වෙන්න පුළුවන්.

ඒ වගේම දවසේ බබාගේ කටයුතු එක්ක මවක් ගොඩාක් කාර්‍ය බහුල වෙනවා. ඇයට නින්ද විතරක් නෙමෙයි වේලාවට කෑම නැහැ.

තමන් වෙනුවෙන් විනෝද වීමට කාලයක් නැහැ. ඒ නිසාම ඇය මානසික වශයෙන් පීඩනයට වගේම වෙහෙසට පත් වී සිටින්නේ.

ඇයට සිය සහකරු තෘප්තියට පත් කරන්න අවශ්‍යයි. නමුත් ඇයගේ පීඩනයට පත් මනස හා වෙහෙසින් අබල දුබල වු සිරුර ඒ සදහා සුදානම් නැහැ.

දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

විසදුම -

ඇයට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට උදව් කරන්න.

ඔබ ඇයත් සමග රාත්‍රියේ මාරුවෙන් මාරුවට  නිදි වරමින් දරුවාගේ අවශ්‍යතා ඉටුකිරීමට සහය දැක්වීමෙන් ඇයට නිදා ගැනීමට අවකාශයක් සලසා දෙන්න පුළුවන්. 

එහෙම නැත්නම් දරුවාගේ කටයුතු සදහා බිරිදගේ සහයට කෙනෙකු යොදවන්න පුළුවන්. ඒ මගින් ඇයට නිදාගන්න, ආහාර ගන්න හා තනිව සිටින්න වේලාවක් සකස් කර දෙන්න.

2.දරු උපතට පසුව ලිංගික ජිවිතය :ඇයට දවස පුරා තවත් අයෙකු රැකබලා ගැනීම

පියවරුනි, මේ කතා කරන්නේ අන් කෙනෙක් ගැන නොවේ.  ඇය ඔබේ දරුවා දවස පුරා රැකබලා ගන්නවා.

ඉන් ඇය බොහෝ පීඩනයට ලක් වී සිටින අතර ඇයට තනිව සිටීමට කාලයක් අවශ්‍ය වෙනවා. 

පුරාණයේ දරුවෙක් ලැබුනාහම උදව් කරන්න ඒ දරුවා ලොකු මහත් කරන්න ගමක් හිටියා. දැන් ඒ තත්වය වෙනස්.

දරුවෙකු දවස පුරා රැකබලා ගන්නවා කියන්නේ යුද්ධයක් වගෙයි.

ඉතින් කාන්තාවන්ට මානසික අවපීඩනය පවා ඇති වීම පුදුමයක් නොවේ. ඒ නිසාම ඔබේ ලිංගික ජිවිතය නිදන කාමරයෙන් ගිලිහි යන්නට පුළුවන්.

විසදුම - 

ඇයට කෑම පිසින්න, විවෙක ගන්න හෝ ස්නානය දෙන්න කාලය සපයමින් ඔබ දරුවා රැකබලා ගන්න.

ඔබට වියදමක් දැරිය හැකි නම් ඇයට සේවිකාවකගේ සේවය ලබා දෙන්න.

එසේ නොමැති නම් හිතවත් වැඩිහිටි කාන්තාවකගේ සේවය ලබා ගැනීමට ඇයට ඉඩ සලසන්න.

3.දරු උපතට පසුව ලිංගික ජිවිතය :ඇය මානසික අවපීඩනයෙන් පෙලීම

ඔබේ බිරිද මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් එය ඇයගේ ලිංගික ආශාවට පමණක් නොවෙයි සාමාන්‍ය ජිවිතයට පවා බලපෑම් ඇතිවෙනවා.

එපමණක් නොවෙයි එය ඔවුන්ව ජිවිත හානි කරගන්න පවා පොළඹවන්න පුළුවන්.

සමහර කාන්තාවන්ට දරු ප්‍රසුතියෙන් පසු මෙවන් තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

විසදුම

ඔබේ බිරිදට මෙවන් තත්වයක් ඇති නම් වහාම ඒ හා සම්බන්ධ වෛද්‍යවරයෙකු හමුවෙන්න.

ඇයව උපදේශන සේවා සදහා ගෙන යන්න. ඇය හා දරුවා පිළිබද නිතර විමසිල්ලෙන් පසුවෙන්න.

4.දරු උපතට පසුව ලිංගික ජිවිතය :ඇය ලිංගික එක්වීමේ වේදනාවට බියවීම

දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

සෑම දරු ප්‍රසුතියක්ම එක හා සමාන නොවේ. සමහර අවස්ථා වල ඇයගේ යෝනිය අවට ඉරියෑම් හෝ කැපිම් යෙදීමට සිදුවෙන්න පුළුවන්.

මේවා කාලයත් සමග සුව වුනත් කාන්තාවන් ඒ පිළිබද ගොඩාක් කණගාටු වෙනවා.

ඒ වගේම නැවත ලිංගික එක්වීමකදි වේදනාවක් දැනේයැයි බියකින් පසුවෙනවා.

විසදුම

ඇයට එලෙස තුවාල සිදු වී නම් ඒවා සුව වී නැවත ලිංගික ජිවිත ආරම්භ කිරීම ගැන වෛද්‍ය උපදෙස් ගන්න.

ඒ වගේම ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඒ වගේම ඇයට මානසිකව සුදානම් වීමට කාලය දෙන්න.

ඇය හා මේ ගැන කතා බහ කරන්න. බිය පහ කිරීමට ඇයව උපදේශන සදහා යොමු කරන්න.

ඒ වගේම ශිෂ්ණ්ය යෝනී මාර්ගට ඇතුල් නොකර වෙනත් ක්‍රම වලින් තෘප්තිය ලබා ගන්න උත්සහ කරන්න.

5.දරු උපතට පසුව ලිංගික ජිවිතය :ඇයට ලිංගික එක්වීමේදි වේදනාවක් ඇතිවීම ( Dyspareunia)

සාමාන්‍ය දරු උපතකින් පමණක් නොව සීසේරියන් සැත්කමකින් පසුවද ලිංගික එක්වීමකදි මාස ගණනක් යනතුරු වේදනාවට පත්වෙන කාන්තාවන් සිටිනවා.

විසදුම

මේ තත්වය අවබෝධ කරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න. ඇයට කාලය ලබා දෙන්න. අවශ්‍ය වුවහොත් වෛද්‍ය උපදස් ලබා ගන්න.

6.දරු උපතට පසුව ලිංගික ජිවිතය :ඇය මව්කිරි දීම

මවක් දරුවෙකු රැක ගැනීමට සියලු දේවල් කරනවා. මේ කාලයේ ඇතිවෙන හෝමෝන වෙනස් කම් නිසා මව්කිරි නිෂ්පාදන හා ස්වභාවික උපත් පාලනයක් සිදුවෙනවා.

නමුත් මෙම හෝමෝන ඇයගේ ලිංගික ආශාවට බලපෑම් කරනවා.

ඒ වගේම මව්කිරි දෙන සමයේ ඔබේ යෝනිය වියළි බවට පත් වී ලිංගික එක්වීමෙන් වේදනාවක් ලැබෙන්න පුළුවන්.

ඔබේ ඔසප් චක්‍රය යලිත් ක්‍රියාත්මක වු විට ඔබේ ලිංගික ආශාව නැවත ඇතිවෙනවා.

විසදුම්

යෝනියේ වියලි බවට ලිහිසිකාරක භාවිතා කරන්න. පුංචි පුංචි දේවල් වලින් ඇයව පුබුදුවා ගන්න.

ඇයව ලිංගික ජිවිතය සදහා උනන්දු කරවන්න. 

7.දරු උපතට පසුව ලිංගික ජිවිතය :අඩු ආත්ම අභිමානය සහිත වීම

දරුවෙකු ලැබීමෙන් පසු කාන්තාවකගේ සිරුර වෙනස්වීම ස්වාභාවිකයි. එය කාන්තාවන් ගොඩාක් හිතනවා.

සැමියා ඔවුන්ගේ ලස්සන අඩු වී ඇති බව සිතාවිදෝ ඇය බයයි. ඒ නිසා ඇයගේ ආත්ම අභිමානය අඩුවෙන්න පුළුවන්.

විසදුම 

ඔබේ බිරිද කොතරම් ලස්සනදැයි නිතර පවසන්න. ඒ බව අගවන්න. ඇයට බර අඩු කරගන්න අවශ්‍ය නම් ඒ සදහා සහය දෙන්න.

8.දරු උපතට පසුව ලිංගික ජිවිතය :ඔබ ඇය සතුටු නොකිරීම

කාන්තා ලිංගික ගැටළු

ඔබ ලිංගික හැසිරීම තුල ඔබගේ තෘප්තිය ගැන සිතනවා නම් ඇයට ලිංගික ජිවිතය එපා වෙන්න පුළුවන්. 

ඔබ ඇයගේ අවශ්‍යතා විමසා බැලුවාද? ඇය තෘප්තිමත්ද? තමා ගැන පමණක් සිතා කටයුතු කල විට ඇයට ලිංගික ජිවිතය තිත්ත වී යන්නට පුළුවන්.

විසදුම 

ඇය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඔබ ගැන පමණක්  නොව ඇය ගැනත් සිතා ලිංගිකව හැසිරෙන්න. ඇයව සුරාන්තය කරා ගෙන යාමට කටයුතු කරන්න.

9.දරු උපතට පසුව ලිංගික ජිවිතය :ඇය උපත් පාලන ක්‍රමයක් භාවිතා කරමින් සිටීම

විශේෂයෙන් හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම භාවිතා කරන විට කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩුවෙනවා.

විසදුම

ස්වභාවිකව උපත් පාලනය , ස්ථීර උපත් පාලනය, හෝමෝන නොවන කොණ්ඩම්, ලුප් වැනි උපත් පාලන ක්‍රම වලින් ඔබට සරිලන ක්‍රමයකට යොමු වෙන්න

10.දරු උපතට පසුව ලිංගික ජිවිතය : ඇයට පෙර සම්බන්ධතාවය නොලැබීම

බොහෝ කාන්තාවන්ට ලිංගික හැසිරීමකට පෙර සම්බන්ධය අවශ්‍ය වෙනවා.

ඒ කියන්නේ මව්වරුන්ට තම හවුල්කරුවන් සමඟ වැඩි සෙනෙහසක් හෝ ගුණාත්මක කාලයක් අවශ්‍ය වීමයි.

විසදුම

ඇයට ඔබේ අවධානය හා කාලය දෙන්න. ඇය හා කතා බහ කරන්න. සිප වැළද ගන්න.

සාර්ථක ලිංගික ජිවිතයක් යලි ඇරඹීමට නම් ඔබේ බිරිදට ලිංගික ජිවිතය රසවත් විය යුතුයි. ඉහත කාරණා 10 ගැන දැනුවත්ව ඉන්න.

මුලාශ්‍ර - www.bellybelly.com.au

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.