theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ බිරිඳ ලිංගිකව හැසිරීමට අකමැති වීමට හේතු 10 ක්

9 අවම කියවීම
ඔබේ බිරිඳ ලිංගිකව හැසිරීමට අකමැති වීමට හේතු 10 ක්ඔබේ බිරිඳ ලිංගිකව හැසිරීමට අකමැති වීමට හේතු 10 ක්

ඔබේ බිරිඳගේ ලිංගික ජීවිතයට බලපෑ හැකි මේ හේතු කාරණා තේරුම් ගැනීම තුළින් ඇය දෙ වෙනස් කෝණයකින් බලා ඔබේ විවාහය දීප්තිමත් කරගන්නට පුළුවන්.

මගේ බ්ලොග් පිටුව කියවන්නට එන පුරුෂයින් බොහොමයි. ඒ වගේම තමා එයාල මට ඊමේල් විශාල ගණනක් එවනවා. එයාල මට ඉදිරිපත් කරන වඩාත් පොදු ගැටළුව නම්, “මගේ බිරිඳ කිසි විටෙකත් ලිංගිකව හැසිරීමට කැමති නැහැ!” කියන දේ. බිරිඳ ලිංගිකව හැසිරීම ප්‍රතික්ෂේප කිරීම

ඉතින් අද මට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ කාන්තාවක් “අද බැහැ” හෝ "එපා" යැයි පැවසීමට හේතු ලෙස මට හමු වූ වඩාත් පොදු හේතු 10 ක්.

ඔබ කාන්තා පාඨකයින්ගෙන් කෙනෙක් නම්, මේ ලැයිස්තුව කියවන්න. මට යමක් මග හැරී ඇතැයි ඔබ සිතන්නේ නම්, ඒ ගැන අපට ලියා එවන්න!

ඔබ පිරිමි පාඨකයෙක් නම්, ලැයිස්තුව කියවා ඒවා ඔබ සමඟ යම් අනුනාදයක් වනවාදැයි බලන්න - ඉන්පසු ඔබේ බිරිඳ සමඟ  ඒ ගැන කතා කරන්න. (එය කිරීමට අපහසු නම්, විවාහය තුළ ලිංගිකත්වය තක්සේරු කිරීම පිළිබඳ සංවාදය ආරම්භ කිරීම සඳහා අප මීට කලකට පෙර ලියූ ලිපියක් මෙන්න).

ඔබේ බිරිඳ ලිංගිකව හැසිරීම ප්‍රතික්ෂේප කිරීම සිදුවීමට හේතු  10ක්

1. ඇයට ඔබ හා සම්බන්ධ වූ බවක් දැනෙන්නේ නැහැ

පිරිමින් ලිංගිකව හැසිරෙන්නේ ආදරය දැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් කාන්තාවන් හට ලිංගිකව හැසිරෙන්නට නම් ආදරය දැනිය යුතුය.

සාමාන්‍යයෙන් පුරුෂයෙකු ලිංගිකව හැසිරෙන්නේ දිගු නිහඬතාවයකට පසු නම්, එය කාන්තාවකට අමුතුම අත්දැකීමක් වනවා. ඇතැම් විට ඇයට එය අපහාසාත්මක හෝ පහත් හැඟීමක් පවා ඇතිකරන්නට පුළුවන්.

ඇයගේ හදපතුලේ සිදුවන්නේ කුමක්දැයි දැනගනීමට ඔබ සැලකිලිමත් වන බව ඔබ පෙන්වා නොමැති නම් සහ ඔබ ඔබේ සිතේ ඇති දේ ඇය හා බෙදාගෙන නොමැති නම්, ඔබට විවෘත වීම ඇයට අභියෝගයක් වනවා.

ඇයට, ලිංගිකත්වය යනු ශාරීරිකව අවදානමට ලක්වීමක්. එය කරන්නට අපහසුයි. ඔබ චිත්තවේගීය වශයෙන් අවදානමට ලක්ව ඇති බවක් ඇයට දැනෙන්නේ නැත්නම්, ලිංගිකත්වය බොහෝ පස්සා දිරෙන් එළියට යන්නක් වේවි.

පුරුෂයාට ඇත්ත වශයෙන්ම, ලිංගිකත්වය කියන්නේ චිත්තවේගීය අවදානමට දොරටුවක්. ලිංගික හැසිරීමෙන් පසුව ඔබට ඇය සමඟ එතරම්ම සමීප බවක් දැනෙනවා.

නමුත් ඔබ තේරුම් ගත යුත්තේ, ඔබේ විවෘත වීම ඇය බලාපොරොත්තු වන්නේ ලිංගික හැසිරීමට පෙරාතුව බවයි.

මේ නිසා, ලිංගික එක්වීමකට යොමු වන්නට කලින්, ඇය හා කතා බහ කරන්නටත්, ඇය සමඟ එකතු වී එකට වැඩපළ කරන්නටත් උත්සාහ කරන්න.

2. ඇය අධෛර්යයට පත්ව තිබීම (බිරිඳ ලිංගිකව හැසිරීම) 

කාන්තාවන් බහු කාර්යයන් කරන්නෝ වෙති; කාන්තා අපගේ ජීවිතයේ සෑම කෙනෙකු ගැනම අපට මහත් වගකීමක් ඇති බවක් හැඟෙන නිසා, එදිනෙදා කර්තවයන් නිරතුරුවම මතක් කරන අප හිස තුළ දවස පුරා මොර දෙන කටහඬවල් නිවා දැමීම අපට අපහසුයි.

දෛනිකව සිදු කළ යුතු දේවල් පිළිබඳව අපට නිරන්තර ආතතියක් දැනෙනවා. අපට කිරීමට ඇති දෑ බොහොමයි නම්, අපට රාත්‍රියේ විවේක ගැනීම අපහසු කාර්‍යයක් වනවා.

බිරිඳ ලිංගිකව හැසිරීම

කාන්තාවගේ ශරීරයට නිදහස්, සුව පහසු හැඟීමක් ඇති කර ගැනීම සඳහා  කාන්තාවන්ට ලිංගික හැසිරීමක් අවශ්‍ය වනවා.

කෙසේ නමුත්, මනසේ සුවපහසුව සහ නිදහස නැති තැන, ශරීරයද සන්සුන් වන්නේ නැහැ.

එබැවින්, දෛනික මානසික ආතතිය විසින් ශරීරයේ ලිංගික ධාවකය විනාශ කරනු ලබනවා.

පුරුෂයින්ට, ලිංගික හැසිරීම යනු අවධානය වෙනතකට යොමු කිරීමට ඇති සුපිරි විකල්පයක්.

කාන්තාවන්ට, අවධානය වෙනතක යොමුව තිබීම ලිංගික හැසිරීමට විශාල බාධකයක්.

මෙයට විසඳුමක්  තියේද? එතරම් අධෛර්යයට පත් නොවී සිටීමට ඇයට උදව් කරන්න!

ඇගේ සිත පුරා දිවෙන කර්තවයන් ලැයුස්තුව ගැන ඇඩගෙන් විමසන්න.

ඇතැම් දේ ලැයිස්තුවෙන් ඉවත් කරන්නට හැකි ඒවා විය හැකියි. ඒ ගැන ඇයට කියන්න, තීරණ ගන්නට උදව් කරන්න.

ඊළඟ දවසේ දිවා ආහාරය සකස් කිරීමට හෝ දරුවන්ගේ වැඩ කටයුතු වලින් යමක් කරන්නට් හෝ සවස් භාගයේ වැඩපළ වලට ඇයට උදව් කරන්න.

දවසේ අවසාන මිනිත්තු 15 ඇය සමඟ කතා බහ කරමින් ගත කරන්න. පසුදා සැලසුම් කරන්නට, ඒ ගැන අදහස් දෙන්නට ඇයට උදව් කරන්න.

එය ඇයට විශාල සහනයක් වී සිත නිදහස් කරගෙන සන්සුන් කරගන්නට අප්‍රමාණ රුකුලක් වනවා.

3. ඇයට තිබෙන්නේ උමං දර්ශනයක් (බොහෝ විට ළමයින් සඳහා; හෝ ඇගේ රැකියාව සඳහා)

යමක් අපගේ මනසෙහි ඇති විට, ඒ මත්තේම සිත යොමමින් සිටීම නැවැත්වීම දුෂ්කරයි.

පුරුෂයින් බොහෝ විට රාමුවක් තුළ ක්‍රියාකාරී වන අතර, කාන්තා අප යම් දෙයකින් කනස්සල්ලට පත්වූ විට හෝ අප මත විශාල අභියෝගයක් පැනවුණු විට, එය පසෙකට දැමීම  අතිශයින් දුෂ්කර වනවා.

එය අසනීප දරුවෙකු විය හැකියි. නැතහොත් කරදරයකට පත්ව සිටින දෙමව්පියන් විය හැකියි; වැඩපලේ කිරීමට නියමිත විශාල ව්‍යාපෘතියක් විය හැකියි;

නැතහොත් අර්බුදයක සිටින මිතුරෙකු විය හැකියි.

මෙකී නොකී කුමක් වුවත්, එවන් යමක් අප හදවතේ ඇති විට, ලිංගිකත්වය කෙරෙහි අවධානය යොමු කිරීම අසීරු කාර්‍යක් වනවා. (නැවතත් කිව හැක්කේ - ලිංගිකත්වයට අනුලෝමව අපගේ  මනසත් පැවත්විය යුතු බවයි!)

කළ යුතු දේ: ඇය කනස්සල්ලට පත්ව සිටී නම් ඇයට ඇහුම්කන් දෙන්න. ඇයට කතා කිරීමට ඉඩ දෙන්න. ඇය සමඟ යාච්ඤා කරන්න. ඉක්මන් නොවන්න.

ඇතැම් විට ඇයට ඇගේ සිතේ බර සියල්ල දෙවියන් ඉදිරියේ  තබන්නට කියා මතක් කිරීමක් අවශ්‍ය විය හැකියි!

කාන්තාවන් සැමවිටම “අද බැහැ” යැයි කියන්නේ ඔවුන්ට ලිංගිකව හැසිරීමට අවශ්‍ය නැති නිසාම නොවේ, ඔවුන්ට ඊට සාමාන්‍යයෙන් හේතුවක් තිබෙනවා.

4. ඇය හුදෙක් වෙහෙසට පත්ව සිටී (බිරිඳ ලිංගිකව හැසිරීම) 

ඔව්, ලිංගිකව හැසිරීම ඔබට වඩා හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වනවා.

නමුත් ඇය සැබවින්ම වෙහෙසට පත්ව සිටින විට, ලිංගිකත්වය එතරම් සිත්ගන්නා සුළු බවක් පෙන්වන්නේ නැහැ.

කළ යුතු දේ: ඔබ දෙදෙනාම ලිංගිකව හැසිරීමටදරුවන් ලැබුනට පස්සෙ ලිංගිකව හැසිරෙන්නට ඉඩක් නැද්ද?

පෙර එතරම් වෙහෙසට පත් නොවී ඇති බවට වග බලා ගන්න. ඔබ දෙදෙනාම නින්දට යාම සඳහා මූලික පියවර ගන්න.

සෑම රාත්‍රිය නින්දට යාමට සුදුසු වේලාවක් තෝරාගන්න.

ඇතැම් ගෙදර දොරේ වැඩ සහ දරුවගේ රාජකාරී වලදී හැකි තරම් ඔබට කළ හැකි සීමාවන් තුළ වගකීම ගන්න.

මීට හොඳ රීතියක් නම් මෙයයි: ඇය වැඩ කරන්නේ නම් ඔබත් ඊට එසේ කළ යුතුයි.

රාත්‍රී ආහාරයෙන් පසු, ඇය ළමයින් පිරිසිදු කිරීම හෝ දරුවන් නින්දට යැවීමේ නිරත වන්නේ නම්,. ඔබත් ඊට සමගාමීව කළ හැකි කාර්යයක් සොයා ගැනීමට වග බලා ගන්න!

5. ලිංගිකත්වය රසවත් යැයි නොහැඟීම (බිරිඳ ලිංගිකව හැසිරීම) 

අපි මෙම සත්‍යයට මුහුණ දෙමු: පිරිමින් සෑම විටම ලිංගිකත්වය තුළ උච්චතම අවස්ථාව රස විඳී.

කාන්තාවන්ට එසේ නැත. බොහෝ කාන්තාවන්ට ලිංගිකත්වය එතරම් විශාල සතුටක් යැයි හැඟෙන්නේ නැහැ.

විවාහ වැරදි

ඇතැම් විට ඇයට සුරතාන්තය වත් අත්දැකීම අපහසු වනු ඇත. සමහර විට ඇය එය සතුටුදායකදැයි තෝටාගැනීම පවා අපහසු වනු ඇත.

ඇතැම් විට“කමක් නැහැ පැටියෝ, මට කමක් නැහැ. මම කැමතියි ඔයා ළඟින් ඉන්න.” ඇය ඔබට පවසනු ඇති.

අවසානයේදී එයද යල්පැන යාවි. ඇයට අවංකවම සතුටක් නොදැනෙන්නේ නැත්නම් වසරින් වසර ලිංගිකව හැසිරීම ඇයට දුෂ්කර විය හැකියි.

විසඳුම: ඇයට සතුට ගෙනෙන්නේ කුමක්දැයි සොයා බලන්න! ඇගේ ලිංගික සතුට වැදගත් බව මතක තබා ගන්න (සහ ඇය සමඟ ඒ ගැන කතා කරන්න) ඇය සමඟ දින 31 ක් පුරා ලිංගිකව හැසිරෙන්න, මන්ද එය ඇයට හොඳ යැයි හැඟෙන දේ හඳුනා ගැනීමට එය උපකාරී වනු ඇත!

6. ලිංගික හැසිරීම ඇයගේ ආත්මාභිමානය විනාශ කරයි. ඔබ ඇයව පාවිච්චි කරන බවක් ඇයට හැඟේ.

දෙවියන් විසින් ලිංගිකත්වය ගුණාංග තුනකින් නිර්මාණය කර තිබෙනවා: අධ්‍යාත්මිකව සමීපතාව (ඔබ එක් අයෙකු සේ හැඟීම); චිත්තවේගීය සමීපතාව; සහ ශාරීරිකව සමීපතාව.

අවාසනාවකට මෙන්, ඇතැම් විට අපේ සංස්කෘතිය තුළ අප කායික දේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර මෙම ගුණාංග වෙන් වෙන්ව සලකන බැවින් ලිංගිකත්වය සැබවින්ම විසන්ධික අත්දැකීමක් වන්නට පුළුවන්.

නිදසුනක් වශයෙන්, ඔබ කාමුක දර්ශන බලන්නෙක් නම්, ඔබ අනෙක් කාන්තාවන් දෙස බැලීමෙන් ලිංගික සතුටක් ලබන බව ඇය දනී නම්, එවිට ලිංගිකත්වය අපිරිසිදු යැයි ඇයට හැඟෙනු ඇත.

ඔබට ඇයව ඇත්තෙන්ම අවශ්‍ය නැත; ඔබට ඇය අවශ්‍ය වන්නේ ලිංගික නිදහස් වීමට පමණයි. ඔබ ඇය සමඟ සිටින්නේ ඔබ නැරඹූ රූප ගැන සිතමින් විය හැකියි!

දැන්, එය එසේ නොවිය හැකිය. නමුත් ඔබ කාමුක දර්ශන භාවිතා කර ඇත්නම්, එය බොහෝ විට ඇගේ හීනමානයට හේතුව විය හැකියි.

ඔබේ ජීවිතයේ කාමුක දර්ශන ආශ්‍රිත ගැටලුව විසඳාගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳව ඇය සමඟ විවෘත වන්න.

ඔබේ ගැටළුව ගැන ඔබ ගන්නා පියවර මොනවාදැයි ඇයට කියන්න. ඔබට කාමුක දර්ශනවලට වඩා වෙනත් දෙයක් වෙත හැරවිය හැකිය.

නැතහොත් ඔබ තුළ කිසිඳු ගැටලුවක් නැතුවා විය හැකියි. ඇතැම්විට ඇය හැදී වැඩුණේ ලිංගිකත්වය ඇයට එරෙහි ආයුධයක් ලෙස විශ්වාස කරමින් විය හැකිය.

එවන් පසුබිමකින් පැමිණි විට විවාහය තුළ ලිංගිකත්වය පිළිබඳව උද්‍යෝගිමත් වීම ඉතා අපහසු විය හැකිය. එය එසේ නම්, ඇයට උපදේශන සේවා ලබා ගැනීමට උදව් කරන්න.

ලිංගිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව වෙනස් දෘෂ්ටිකෝණයක් ලබා ගැනීම සඳහා උපකාර වන පොත් පත් හෝ වැඩමුළු වලට සහභාගි වීමට ඇයව දිරිමත් කරන්න.

7. ඇගේ හෝමෝන මට්ටම බොහෝ සේ අසමතුළිත වීම

ඔව්, කාන්තාවකගේ ලිංගිකත්වය තුළ හෝමෝන විශාල කාර්යභාරයක් ඉටු කරයි! අපේ හෝමෝන අඩපණ වූ විට, අපගේ ලිබිඩෝව ද, ලිංගික උද්‍යෝගයද අඩු විය හැකිය.

ඇත්ත වශයෙන්ම යම් වැරැද්දක් ඇතැයි ඔබට සැකයක් ඇත්නම්, වෛද්‍යවරයකු හමුවීමට ඇයව දිරිමත් කරන්න.

නමුත් ඇයගේ හෝමෝන වල සමතුලිතතාව රැකගැනීමට වඩාත් හොඳින් සහාය වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දෙදෙනාම දැනුවත් වන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම අරඹන්න.

ඇසුරුම් කළ ආහාර සහ කෘතිම ආහාර ගැනීමෙන් වලකින්න. ව්යායාම කරන්න. හොඳ නින්දක් ලබා ගන්න.

8. ඇයට ලිංගිකව හැසිරීම සඳහා විශාල අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ, නමුත් ඇයට වෙනත් දේවල අවශ්‍යතාවයක් දැනෙනවා.

පුරුශයකුට, ලිංගිකත්වය ඔබේ මූලික අවශ්‍යතාවයන්ගෙන් එකක් විය හැකිය. නමුත් ඇය සැබවින්ම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ නම්, ඇගේ මූලික අවශ්‍යතාවන් ඊට වඩා වෙනස් විය හැකිය.

ඇතැම්විට ඇයට සාමකාමීව දැනෙන්නට අවශ්‍ය වන්නේ සෑම සතියකම පැය කිහිපයක් තනිවම ගත කිරීම විය හැකියි.

දරුවන්ගේ ඝෝෂාවෙන් මදකට ඈත් වී තනිව පොතක් කියවීමට, විනෝදාංශයක් කිරීමට හෝ නාන කාමරේ හෝ ටැංකියේ සබන් පෙණ තවරාගෙන ඔබේ තනියෙම ටිකක් වතුරට බැහැල ඉන්න වෙන්නට පුළුවන්.

ඒ ගැන ඇයගෙන් විමසන්න.  “ඔයාට දැනට වෙලාවක් නැත්තේ ඔයා කැමති කොයි දේ කරන්නද? ඔයාට ඒක වෙලා තිබ්බනම් ඒ දේ කරන්න සතුටු වෙනවාද?” ඉන්පසු සෑම ඊට සතියකම කාලය සොයා ගැනීමට ඇයට උදව් කරන්න!

9. ඇය ඇගේ ශරීරයට වෛර කිරීම

ඔබ ඈ දෙස බැලූ පමණින් ඇයව අවශ්‍ය විය හැකිය.

නමුත් ඇයට ඇගේ ශරීරය ගැන සකිසිඳු ප්‍රියතාවක් නැතැයි ඇයට හැඟේ නම්, ඇයට සරාගී බවක් දැනීම දුෂ්කර විය හැකිය.

බිරිඳ ලිංගිකව හැසිරීම

ස්ත්‍රියකගේ කාමුක හැඟීම් බොහෝමයක් බැඳී ඇත්තේ ඇයව වුවමනා බව ඇයට හැඟීමෙනි.

ඔබ ඇත්ත වශයෙන්ම අපහසුම අකාර්‍යය නම්, ඇයව ඇත්ත වශයෙන්ම ආශා කිරීම ඔබට ප්‍රමාණවත් නොවීමයි.

ඇයට ඔබ කැමති වීමට ඈ සුදුසු යැයි ඇයට හැඟිය යුතුය.

එබැවින් ඇගේ ස්වයං ප්‍රතිරූපය වැඩි කරන්න! කිසි විටෙකත් ඇය ආකර්ශනීය නැති බව ඇයට කියන්නට එපා.

ඇගේ ශරීරය ගැන ඔබ විශේෂයෙන් කැමති දේ ගැන ඇය සමඟ කතා කරන්න. ඔබ එකට විවේකීව සිටින විට, ඇයව එහි ස්පර්ශ කර ඇයට “මම මේ දෙස බැලීමට කැමතියි” යැයි ඇයට කියන්න.

ඔබ ඇයට ආදරය කරන්නේ ඇයිදැයි ඇයට කියන්න.

10. ඔබේ පිරිසිඳු කම සහ සනීපාරක්ෂා පුරුදු ප්‍රමාණවත් නොවීම.

අප්‍රසන්න සංවාද පැවැත්වීම දුෂ්කර වන අතර බොහෝ කාන්තාවන් ඒවායින් වැළකී සිටිති.

මට බොහෝ කාන්තාවන් මගෙන් ප්‍රශ්න එවා ඇත, “මගේ ස්වාමිපුරුෂයා දත් මදින්නේ නැති විට මම ඔහු හා ලිංගිකව එක්වන්නට ප්‍රිය නොකරන බව මා ඔහුට කියන්නේ කෙසේද?”

මෙය වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතී! ඔවුන් ලිංගික ඇසුරෙන් වැළකී සිටිති, නැතහොත් හැකි ඉක්මනින් ලිංගිකව හැසිරීමට උත්සාහ කරමින් එයින් මිදෙන්නට මග බලා සිටිති.

ඔබේ කට ගඳයි කියා කෙළින්ම කීමට ඔවුන් මැලි වෙති.

මෙය නිවැරදි කිරීමට පහසුය! ඔබ ඔබේ බිරිඳ සමඟ ලිංගිකව හැසිරීමට උත්සාහ කිරීමට පෙර, ස්නානය කරන්න. ඔබේ දත් මදින්න.

ඇයට අප්‍රිය ලෙස හැසිරෙන්නට එපා!

පිජාමා වල සිදුරු නොමැතිව ඒවා පැළඳ ගන්න! එය දේවල් වෙනස් කරනවා නියතයි. දැන් ඔබේ විවාහයේ මෙම අළුත් රසය විඳගන්න.

මූලාශ්‍ර: tolovehonorandvacuum.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • ඔබේ බිරිඳ ලිංගිකව හැසිරීමට අකමැති වීමට හේතු 10 ක්
බෙදාගන්න :
  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්

    ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්

    ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it