theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

6 අවම කියවීම
කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

කල් තියාගන්න පුළුවන් කෑම අපිට ආයෙත් මතක් ‌වෙන්න පටන් ගත්තා. ඒ ‌කොවිඩ් 19 වසංගතය එක්කයි.

මේ දවස්වල පැතිර යන කොවිඩ් 19 නිසා නිතර නිතර බඩු ගන්න මාර්කට් යන එක සුභ නැහැ.

මුදල් හුවමාරුවේදි වෛරසයත් හුවමාරු වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි ඒ වාගේ තියෙන බඩු භාණ්ඩ නිතර මිනිස්සු අත පත ගාන නිසා ඒවායේ රෝග කාරක රැදිලා තියෙන්න පුළුවන්.

ස්වයං නිරෝධායනය වෙන්න වුනොත් නැතිනම් ප්‍රදේශ පිටින් වැසීමක් කරන නිසා අපිට ආහාර පාන සපයා ගන්න විදියක් හිතන්න වෙනවා.

අන්න ඒ නිසා අපි අද ඔබට කල්තියා ගන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක් ගෙන එනවා.

කල් තියාගන්න පුළුවන් කෑම 

1. කල් තියාගන්න පුළුවන් කෑම: කරවිල 

කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

කරවිල සාමාන්‍යයෙන් ගොඩාක් දවසක් තියා ගන්න බැහැ. නමුත් ඔබට පුළුවන් කරවිල ටික පෙති කපලා හොදින් වේලලා හුලං නොවදින ලෙස සකස් කර කල් තබා ගන්න.

2. කල් තියාගන්න පුළුවන් කෑම: බටු මෝජු (Batu Moju)

අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු ග‍්‍රෑම් 500
  • රතු ළුණු ග‍්‍රෑම් 250
  • අමු මිරිස් ග‍්‍රෑම් 100
  • සුදුළුණු බික් 4 ක්
  •  ඉගුරු කැබැල්ලක්
  • අබ කුඩු මේස හැදි 1 1/2
  • වියලි මිරිස් කුඩු මේස හැදි  2
  • සීනි මේස හැදි  2
  • ලූණු කුඩු රස අනුව
  • විනාකිරි මේස හැදි 4-5 

සාදන  ක්‍රමය 

  1. වම්බටු සෝදා පිරිසිදු කර තිරු කපා ගන්න.
  2. දැන් එම වම්බටු තීරූ රන්වන් පාට වන තුරු බැදගන්න.
  3. රතු ළුණු පොතු හැර බැද ගන්න.
  4. පලා ගත් අමු මිරිස් කරල් බැද ගන්න.
  5. වියලි මිරිස් කුඩු, අබකුඩු, සිනි, අඹරාගත් සුදුළුණු, අඹරාගත් ඉගුරු, ලුණු කුඩු සහ විනාකිරි සියල්ලම හොදින් මිශ්‍ර කර ගන්න.
  6. දැන් එයට බැදගත් වම්බටු තීරූ, රතු ළුණු සහ අමු මිරිස් එකතු කර හොදින් කලවම් කර ගන්න.

3.හාල්මැස්සන් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල්මැස්සන් 500 g
  • බී ලූණු 1kg
  • කරපිංචා 
  • පොල්තෙල් 
  • කෑලි මිරිස්
  • සීනි ටිකක් 
  • ලුනු 

සාදන ක්‍රමය 

  1. හාල්මැස්සන් ටික හොදින් සෝදා වතුර බේරෙන්න තබන්න.
  2. ඉන්පසු හාල්මැස්සන් ගැඹුරු තෙල් වල බැදගන්න
  3. බී ලූණු සෝදා පිරිසිදු කර හීනියට ලියාගන්න.
  4. ඉන්පසු එම ලූණු වලට  ලුනු ටිකක් ඉහ රන්වන් පාට වෙනතුරු බැදගන්න.
  5. හාල්මැස්සන් හා බී ලුණු වල තෙල් බේරෙන්න තියන්න.
  6. කරපිංචාද එලෙසම මදක් බැද තෙල් බේරෙන්න තබන්න. 
  7. දැන් බදුනක්  ගෙන එයට කෑලි මිරිස් කුඩු ,සීනි ,ලුනු දමා හොඳින් මිශ්‍ර කර එයටම හාල්මැස්සන් ,බැදගත් ලුණු,කරපිංචා එක් කරන්න.
  8. දැන් එය පිරිසිදු කර වේලා ගත් වීදුරු බදුනක අසුරන්න.

4.කල් තියාගන්න පුළුවන් කෑම: මාළු ඇඹුල් තියල්

කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

පින්තූර: foodcnr.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • තලපත් හෝ වෙනත් ලොකු මාළු ග‍්‍රෑම් 500 
  • ගොරකා බික් කිහිපයක්
  • ගම්මිරිස් මේස හැදි 3 යි
  •  සුදුළුණු බික් කිහිපයක්
  • ඉගුරු කැබැල්ලක්
  •  කරපිංචා  කොළ ඉත්තක්
  •  අමු මිරිස් කරල් 2 
  • කුරුදු පොතු කැබැල්ලක්
  • ලූණු අවශ්‍ය පමණට

සාදන  ක්‍රමය 

  1. මුලින්ම හොද අලුත් මාළු තෝරා ගෙන ඒවා ලස්සනට කැබලි කපාගන්න. 
  2. ගොරකා, ගම්මිරිස්,  අමු මිරිස්, කරපිංචා,  කුරුදු පොතු, ඉගුරු, සුදුළුණු එකට දමා අඹරා පහේ මිශ්‍රණය සකස් කරන්න.  
  3. මෙම මිශ්‍රණයට අවශ්‍ය පදමට ලුණු එක් කරන්න.
  4. දැන් මැටි හට්ටියකට මේ මිශුණය දමා ඒ මත මාළු කැබලි අතුරා පහේ හොදින් තවරා ටික වේලාවක් තබන්න.
  5. දැන් එයට ජලය එකතු කර ලිප තබා හොදින් තම්බා ගන්න

5.ලුණු දෙහි

අවශ්‍ය ද්‍රව්‍ය,

  • හොදින් ඉදුණු දෙහි 
  • ලුණු 
  • බැදපු මිරිස් 
  • බැදපු තුනපහ 
  • කහ ස්වල්පයක්
  • දෙහි ඉස්ම 
  • සිනි 
  • කොච්චි මිරිස්

සාදන ක්‍රමය

  • හොදින් සේදු දෙහි ගෙඩි ටික වෙන් නොවන ලෙස, පලු හතරකට කපා ගෙන, හොදට ලුණු කුඩු  පුරවාගන්න.
  • දෙහි ටික දමා  තද අව්වේ දුඹුරු පාට වෙනකම් වේලා ගන්න. 
  • අවශ්‍ය ප්‍රමාණයට බැදපු මිරිස් කුඩු /තුනපහ කුඩු /කොච්චි මිරිස් /කහ /සීනි කවලම් කොට එයට මිරිකා ගත් දෙහි යුෂ දමන්න.  මැටි මුට්ටියක් ගෙන වියළා ගත් දෙහි ටික දමා එයට උඩින් කලින් සකසා ගත් දෙහි යුෂ මිශ්‍රණය දෙහි ටික වැසෙන පරිදි දමා මුට්ටිය වසා හොදින් හොලවන්න. 
  • දින කිහිපයක් යන විට ලුණුදෙහි මුට්ටිය රසවත්ව සකස් වෙනවා. ඔබට මෙය සුළං නොවදින සේ පිරිසිදු වීදුරු බෝතල් වල අසුරන්න පුළුවන්.

6.කල් තියාගන්න පුළුවන් කෑම: ගමේ අච්චාරු

  • රතු ලුණු 250g
  • කැරට් 150g
  • බෝංචි කැරට් 150g
  • අමු මිරිස් කරල් 10 
  • කුඩා ගැට ගස්ලබු ගෙඩියක් 
  • විනාකිරි කෝප්ප 1
  • අබ කුඩු මේස හැඳි 1-2
  • ලුණු
  • ඉඟුරු කැබැල්ලක්
  • සුදු ලුණු බික් 8 ක් 
  • කහ කුඩු 

සාදන ක්‍රමය

  1. ඉන්පසු තීරෑ කැපු රතු ලුණු, කැරට්, බෝංචි, මිරිස් කරල් හා ගස්ලබු ටික වෙන වෙනම විනාකිරි වල දමා මද වේලාවක් තම්බා ගන්න.
  2. අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. 
  3. මෙම පහේ  මිශ්‍රණය විනාකිරි භාජනයට දමා මිනිත්තු 2 ක් පමණ රත් කරගන්න
  4. එයට කලින් තම්බා ගත් එළවලු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  5. සෝදා වියලා ගත් වීදුරු බදුනක අසුරා තබන්න

7.සෝයාමීට් සීනි සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ලූණු 500g
  • සෝයා මීට් පැකට් එකක් කුඩු කරගන්න
  • කරපිංචා
  • කෑලි මිරිස්
  • ලුනු
  • සුදුළුෑණු – අවශ්‍ය නම්
  • ඉගුරු-  – අවශ්‍ය නම්
  • පොල්තෙල්

සාදන ක්‍රමය

  1. මුලින්ම ලූණු හීනියට ලියා රන්වන් පාට වෙන තුරු බැද තෙල් හිදෙන්න තියන්න
  2. කරපිංචාද එසේ බැද පසෙකින් තියන්න
  3. කුඩු කරගත් සෝයා මීට්ද රන්වන් පාට වෙන තුරු බැද තෙල් හිදෙන්න තියන්න
  4. ඉන්පසු බදුනක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත් කරන්න.
  5. අවශ්‍ය නම් මෙයට තලාගත් සුදුළූණු හා ඉගුරු ටික එකතු කර බැදෙන්න හරින්න.
  6. එයට කෑලි මිරිස් එකතු කර එය මදක් බැදුන පසු ලිප නිමන්න.
  7. එය නිමුණු පසු බැදගත් ලූණු, කරපිංචා හා සෝයා මීට් එකතු කරන්න. රස අනුව ලුනු එකතු කරන්න.
  8. නැතිනම් කෙලින්ම බැදගත් බැදගත් ලූණු, කරපිංචා, සෝයා මීට් මිශ්‍ර කර එයට රස අනුව ලුනු එකතු කරන්න.
  9. තෙල් ‌බේරෙන්න හැර  පිරිසිදු වීදුරු බෝතලයක අසුරා තබන්න.

8.කෙහෙල්මුව සීනී සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ලූණු 500g
  • කෙහෙල් මුවයක් ( හීනියට ලියාගත්)
  • කරපිංචා
  • කෑලි මිරිස්
  • ලුනු
  • සුදුළුෑණු
  • ඉගුරු

සාදන ක්‍රමය

  1. මුලින්ම ලූණු හීනියට ලියා රන්වන් පාට වෙන තුරු බැද තෙල් හිදෙන්න තියන්න
  2. කරපිංචාද එසේ බැද පසෙකින් තියන්න
  3. කෙහෙල් මුව කපා ලුණු හා කහ වතුරෙන් මිරිකා ගෙන රන්වන් පාට වෙන තුරු බැද තෙල් හිදෙන්න තියන්න
  4. ඉන්පසු බදුනක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත් කරන්න.
  5. අවශ්‍ය නම් මෙයට තලාගත් සුදුළූණු හා ඉගුරු ටික එකතු කර බැදෙන්න හරින්න.
  6. එයට කෑලි මිරිස් එකතු කර එය මදක් බැදුන පසු ලිප නිමන්න.
  7. එය නිමුණු පසු බැදගත් ලූණු, කරපිංචා හා කෙහෙල් මුව එකතු කරන්න. රස අනුව ලුනු එකතු කරන්න.
  8. නැතිනම් කෙලින්ම බැදගත් බැදගත් ලූණු, කරපිංචා, කෙහෙල් මුව මිශ්‍ර කර එයට රස අනුව ලුනු එකතු කරන්න.
  9. තෙල් ‌බේරෙන්න හැර  පිරිසිදු වීදුරු බෝතලයක අසුරා තබන්න.

9.කල් තියාගන්න පුළුවන් කෑම: කොහිල පෙති ක්‍රිස්පි

කොහිල අල

අවශ්‍ය ද්‍රව්‍ය :

  1. පෙති කපා ගත් කොහිල අල
  2. බිත්තර   01
  3. පාන්පිටි ටිකක්
  4. බිස්කට් කුඩු
  5. පොල්තෙල්
  6. රස අනුව ලුණු

 සාදන ක්‍රමය : 

  1. බිත්තරය, පාන්පිටි හා රස අනුව ලුණු එකතු කරගෙන බැටරය සකස් කරන්න.
  2. ඉන්පසු කොහිල පෙති බැටරයේ ගිල්වා බිස්කට් කුඩු දවටා ගන්න.
  3. එය ඔබට අධිශිතකරණයේ ගබඩා කර තබා තෙල් වල බැද ආහාරයට ගන්න පුළුවන්.

10.කල් තියාගන්න පුළුවන් කෑම: චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩාවට කපා ගත් පැසුනු අඹ 500g
  • සීනි 300g
  • විනාකිරි 200 ml
  • ඉගුරු සහ සුදුලූනු තේ හැදි 
  • මිරිස් කුඩු තේ හැදි 2
  • කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි  තේ හැදි ½
  • ලුනු 

සාදන ක්‍රමය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • භාජනයක් ලිප තබා එයට විනාකිරි දමා රත් කරන්න. එයට  සීනි ,ඉගුරු සහ සුදුලූනු ,මිරිස් කුඩු ,කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි,දිය ලුනු දමන්න. 
  • එයට  අඹ ටික දමා  මද ගින්නෙ උකු වනතුරු පිස ගන්න. 
  • පිරිසිදු කල බෝතල් වල දමා වසා තබන්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?
බෙදාගන්න :
  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it