theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

5 අවම කියවීම
විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්නවිවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ විවාහය තුල ලිංගික ජිවිතය සාර්ථක කරගන්න මේ පළපුරුදු උපදෙස් 10 වැදගත් වේවිද බලන්න.

විවාහයෙන් පසු ලිංගික ජිවිතය කොහොම එකක් වේවිද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවාද? ඒ සදහා ඔබට කිසිවෙකුත් නොකියන ලිංගික උපදෙස් 10 ක් අපි අද ගෙන එනවා.

බටහිර රටවලට නම් විවාහයට පෙර සිටම ලිංගික ජිවිතය අමුත්තෙක් නොවුනද විවාහ සහතිකය ආසියාතික අපේ රට වලට ලිංගික ජිවිතය සදහා දෙන බලපත්‍රයක් වැනියි.

නමුත් සිදුවෙන සිදුවීම් දෙස මොහොතක් බැලු විට ඒ ක්‍රම දෙකටම එහා ගිය අමුතුම ගුප්ත හැසිරීමක් මිනිසාගේ ලිංගික ජිවිතය හා බැදි පවතිනවා.

එහි රුචි අරුචි කම් එකිනෙකා අනුව වෙනස් වෙනවා. 

විවාහයෙන් පසු ලිංගික ජිවිතය කොහොම එකක් වේවිද ? මෙන්න ඒ සදහා ලිංගික උපදෙස්

ඒ ගැන අත්දැකිම් ඇති 10 දෙනෙකු ලබා දෙන ලිංගික උපදෙස් අපි බලමු.

ඔවුන් සිය විවාහ ජිවිතය ඇසුරින් ලබා දෙන මේ උපදෙස් ඔබගේ විවාහ ජිවිතය සාර්ථක කරගැනීමට අත්වැලක් වේවි කියා අපි සිතනවා.

  1. රාගය තාවකාලික නමුත් ආදරය ස්ථිරයි 

කාලයත් සමග විවාහයේ  චමත්කාරය කාලයත් සමඟ මැකී යන්න පුළුවන් කියන එක පිළිගන්න පුළුවන් නේද?

ඔබට එහි මිහිර  දශක ගණනාවක් තිස්සේ නිරන්තරයෙන් විදින්න බැහැ. කාලයත් සමග ලිංගික ජිවිතයේ උච්චතම අවස්ථාව ක්‍රමයෙන් අඩු වී යනවා.

වයස, සෞඛ්‍යමය හේතුන් හෝ වගකීම් නිසා ලිංගිකව එකතු වෙන වාර ගණන අඩු වී යනවා.

ඔබේ යුගදිවි යහන හැමදාම රාගයෙන් උණුසුම් නොවනු ඇති. රාගය තාවකාලිකයි ඒ නිසා ඔබ දෙදෙනා ආදරය කරන්න.

එය කිසිම හේතුවක් නිසා වියැකි නොවනු ඇති

  1. ඒ ගැන බලාපොරොත්තු ගොඩාගසා ඒ තුල ජිවත්වෙන්න එපා

විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

විවාහයට පෙර ලිංගික ජිවිතය මේ වගේ යැයි සිහින ගොඩ නගා ගැනීම භයානයක වෙන්න පුළුවන්.

බොහෝදෙනා සිනමා පට තුලින් ඒ පිළිබද චිත්‍රයක් ගොඩනගා ගන්න උත්සහා කරනවා.

නමුත් ඔබ සැබවින්ම විවාහ වී ලිංගික ජිවිතයට පිවිස අත්දැකීම් ලබන විට එය ඔබ ගොඩනගා ගත් ලෝකයෙන් ඔබ්බට පවතියි නම් ඔබව බලාපොරොත්තු බිදුන තත්වයට පත් වී ලිංගික ජිවිතය පවා නිරස වෙන්න පුළුවන්.

  1. ඔබේ සහකරු ලිංගිකව අනුකූල වීම සැබවින්ම වැදගත්

ඔබේ ලිංගික ජිවිතය යනු ඔබ පමණක් අදාල වන්නක් නොවේ. එහි සියලු දුක හා සතුට සියල්ල ඔබේ සහකරුටත් අදාල වෙනවා.

ඔබ දෙදෙනාට හොද ලිංගික ගැලපීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලිංගික ජිවිතය ඔබ දෙදෙනාටම මිහිරි අත්දැකීමක් වේවි.

ඒ නිසා දෙදෙනාම ලිංගික ජිවිතය තුල තම රුචි අරුචි කම් කතාබහ කර එය ඔබ දෙදෙනාට ගැලපෙන සේ සකස් කරගන්න.

  1. අළුත් දේවල් අත්හදා බැලීමේදි ප්‍රවේශම් වෙන්න

විවාහයට පෙර නම් ලිංගිකත්වය යනු හුදෙක් විනෝදය හා තෘප්තිය ලබා දෙන්නක් බව බොහෝ දෙනෙක් සිතනවා.

නමුත් යථාර්තය නම් එය තෘප්තිය මෙන්ම වේදනාකාරි වෙන අවස්ථා තියෙනවා.

ඒ නිසා ඔබ දෙපල අලුත් දේවල් අත්හදා බැලීමේදි එය විදවන්න නොව විදින්න හැකි වෙන ලෙස සැලසුම් කරන්න.

  1. කාලයත් සමග ඔබ ලිංගිකත්වයට නම්‍යශිලි වෙනවා

සැමියා සතුටු කරන්නේ කෙසේද

 මුලදී ලිංගික ජිවිතය තුල ඔබගේ අදහස් කාලයත් සමග නම්‍යශීලි වෙනවා.

තම සිරුරේ ස්වභාවය ගැන කණගාටු වෙමින් සිටීම හෝ තම සිරුර අනෙකාගෙන් සැගවීමට අදුර ප්‍රිය කිරීම වැනි සියල්ල කාලයත් සමගම දිය වී ගොස් අවසානයේ ඔබ එයට නම්‍යශිලි වෙනවා.

ඒ තුලින් ඔබට ලිංගික ජිවිතය උපරිමයෙන්ම විදින්න පුළුවන් . 

  1. ඔබට අවැසි නම් ලිංගිකත්වයේ වික්‍රමය සහ ප්‍රබෝධය විවාහය තුල අඛණ්ඩව ලබාගන්න පුළුවන්

විවාහ වු අලුත ලිංගික ජිවිතයේ තියෙන වික්‍රමය සහ ප්‍රබෝධය පසුව ගිලිහි යන බවක් බොහෝ දෙනා පවසනවා.

නමුත් උවමනාවක් ඇති නම් යුවලකට එය විවාහය තුල දිගටම පවත්වා ගන්න පුළුවන්.

අවශ්‍ය වන්නේ උවමනාව සහ කැපවීම පමණයි.

ඒ නිසා ලැබෙන සෑම අවස්ථාවකම උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ඔබේ යුග දිවියත් සරාගයෙන් පුරවා ගන්න. 

  1. ලිංගික ජිවිතය නිසා ඔබේ සිරුරේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්  ඇති වෙනවා

ඔබේ ලිංගික ජිවිතය ආරම්භ වීමත් සමග සමහර පුද්ගලයන් තම සිරුරේ යම් යම් වෙනස්කම් අත්විදිනවා.

එයට හේතුව වන්නේ ලිංගික ජිවිතය සමග ක්‍රියාත්මක වෙන හොමෝන වල බලපෑමයි.

සමහර කාන්තාවන්ට මාසික ඔසප්වීම ප්‍රමාදවීම හෝ එහි යම් යම් වෙනස්කම් ඇතිවීම දකින්න පුළුවන්.

ඒ සදහා ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  1. ලිංගිකත්වය උපරිමයෙන් විදින්න දෙදෙනාගේම උත්සාහය හා කැමැත්ත අවශ්‍යයි

ලිංගික ජීවිතයේ වැදගත්කම

විවාහය තුල කාලයක් යද්දි ලිංගිකත්ව ඒකාකාරි අත්දැකීමක් වෙන්න පුළුවන්.

ඒ නිසා දෙදෙනාම එයට අලුත් මුහුණුවරක් ලබා දීමට හා ලිංගික උද්දීපනයක් ඇති කර ගැනීමට අලුත් ක්‍රම සොයා යා යුතුයි.

ඒ සදහා දෙදෙනාගේම ප්‍රයන්ත දැරීම මෙන්ම කැමැත්තත් තිබීම වැදගත් වෙනවා.

  1. විවාහයේදි උපත් පාලන ක්‍රම කළමනාකරණය අභියෝගයක් වෙනවා

ඔබ විවාහ වු අලුතම දරුවන් බලාපොරොත්තු නොවේ නම් හෝ දරුවන් අතර පරතයක් තිබීම අවශ්‍ය නම් ඔබ ලිංගිකව එක්වීම ආරක්ෂිතව කල යුතු වෙනවා.

නැතිනම් ඔබ බලාපොරොත්තු නොවු ගැබ් ගැනීම් නිසා කලබලයට පත් වෙන්න සිදුවෙන්න පුළුවන්.

ඒ වගේම ඔබ භාවිතා කරන්න යන උපත් පාලන ක්‍රම වල සාර්ථක බාවය හා එය ඔබට කොයිතරම් දුරට ගැලපේද යන්න සොයා බලන්න.

අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හා සාකච්ඡා කර ඔබට ගැලපෙන උපත් පාලන ක්‍රමයකට යොමුවෙන්න.

  1. සමහර අයට ගර්භණිකාලය තුල ලිංගිත ආශාව නැතිවෙනවා

ගර්භණි කාලය යනු කාන්තා සිරුරේ හෝමෝන වීශාල වශයෙන් සිදුවෙන කාලයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස ලිංගික ආශාව අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

එයිනුත් සමහර කාන්තාවන්ට මෙලෙස ලිංගික ආශාව නැති වි යාම නිසා ලිංගික ජිවිතය කඩා වැටෙන්න ඉඩ තියෙනවා.

ඒ සදහා දෙදෙනාම එක්ව ක්‍රියාකල යුතු අතර යුගදිවි යහන යලිත් ආශාවෙන් හා තෘප්තියෙන් යුතු තැනක් කර ගැනීම ඔබ දෙපලගේම වගකීමකි.

විවාහයට ලිංගික උපදෙස්

විවාහයට පිවිසෙන විට අපි බොහෝ දෙනෙකුට ඒ තුල ජිවිතය කොයි වගේදැයි දැනුමක් නැහැ. අන්න ඒ නිසාම අපි ඒ තුල අසාර්ථක වෙන්න පුළුවන්. විවාහය ආදරය, තේරුම් ගැනීම මෙන්ම රාගය ද හා එක්ව යන අමුතුම ගමනකි. එය දැන ගියොත් හරිම මගත් නොදැන ගියොත් වැරදි මගත් යන්න වෙන ගමනකි.  අන්න ඒ නිසාම ඔබට නිතර අහන්න නොලැබෙන මේ ලිංගික උපදෙස් 10 වැදගත් වේවි කියා අපි සිතනවා.

මුලාශ්‍ර -  timesofindia.indiatimes.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න
බෙදාගන්න :
  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

  • ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

    ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

  • ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

    ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it