දරුවන් හරියට හිස් කැන්වස් එකක් වගෙයි. ඔවුන්ගෙන් පෙනෙන්නට ඇති සමහර ගති ලක්ෂණ ඔවුන් වැඩිහිටියන් වු පසුවත් දකින්න ලැබෙන්න පුළුවන්. පිරිමි දරුවන් විශේෂයෙන් අම්මා සමග ඇති බැඳීම සුවිශේෂියි.
ඉතින් අම්මලා තමන්ගේ පුතුන්ට මේ විශේෂතා ඔවුන්ට දැක්වුවොත් ඔවුන් ලොකු මහත් වු පසු ඔවුන්ගෙනුත් ඒවා දකින්නට ලැබේවි.

පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන දේවල් 10 ක්
1. ඇඟෑලුම්
පිරිමින් හුඟක් වෙලාවට ඇඟෑලුම් බව දක්වන්න දන්නේ නැහැ. ඉතින් කුඩා කාලයේ ඔවුන් එය අත්දුටුවා නම් නැතිනම් ඇඟෑලුම් පෑම වරදක් නොවන බව දරුවාට ඒත්තු ගන්වන්න. පෙන්වන්න.

2. සුවපහසුව
අම්මා කෙනෙකුගේ තුරුලේ දරුවෙකුට ලැබෙන සුවය කොයිතරම් දැයි කියන්න බැහැනෙ. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඉතින් ඒ බව නොඅඩුව දරුවට විඳින්න ඉඩ දෙන්න.
3. නර්තනය
තාත්තලා දූලත් එක්ක නර්තනයක යෙදෙන විට දකින ලස්සන වගේම තමයි පුතෙකුයි අම්මෙකුයි ලස්සන නර්තනයක යෙදෙන විට දැනෙන අපූරුව.
4. අසීමාන්තික ආදරය
අම්මගේ ආදරයට සීමාවන් නැහැ. කොයි වයසේ හිටියත් ඒ ආදරය එක වගෙයි.

5. ඔහුට හොඳම පියෙකු හිමිකර දෙන්න
ඔබේ පුතා ඔබේ සැමියා තුළින් දකින දේම හෙට ඔහු ඔහුගේ ජිවිතයේ ඔහු සැමියෙකු පියෙකු ලෙස ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පීතෘත්වයේ වටිනාකම ඔහුට කියාදෙන්න.
6. පරමාදර්ශී බව
ඔබේ පුතා හැමවිටම ඔබව අනුගමනය කරන බව මතක තබා ගන්න. ඊට ඔහු හැමදාමත් හිස නමනවා. ඒ නිසා හැකි උපරිම ඔබෙන් ඉටු කරන්න.
7. සහයෝගය
මිනිසුන් ලෙස අපි එකිනෙකට උදවු කර ගැනීම වටිනවා. ඉතින් තමන්ට අමාරු අවදානම් අවස්ථාවන් වල පිහිටට අම්මා හැර වෙන කවුරුන් ඉදිරිපත් වෙන්නද?
8. තාත්තට ගරු කරන්න
ඔබ ඔබේ සැමියාට ගරු කරන ආකාරය දෙස බලා ඔවුනුත් ඔහුගේ පියාට ගරු කරන්න ඉගෙන ගන්නවා.
9. වගකීම
වගකීම් දරන මවක් දරුවෙකුට සැබෑම ආදර්ශයක්. ඔහු ඒ මග නිබඳවම යනවා.
10. රහස්
කිසිවිටකත් දඬුවම් හෝ විනිශ්චයන්ගෙන් තොරව ඔහුගේ රහස් ඔබට කියන්නට හැකි ලෙස පරිසරය සකසන්න. මේ ලෙස ඔබට නොබිඳෙනා සබඳතාවයක් ගොඩනගා ගන්න පුළුවන්.
අපි නොසිතන දේවල් දරුවන් අපෙන් උකහා ගන්නවා අනුගමනය කරනවා. ඔවුන් ලොකුමහත් වු පසු ඔවුන් තුළ ඒ දේවල් දකින්න ලැබෙනවා. ඒ නිසා අද දෙමාපියන් ලෙස හරි මග යාමට වැදගත් theAsianparent Sri Lanka ඒ වෙනුවෙන් මේ අදහස් ගෙන ආවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ