මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

ආදරණිය සම්බන්ධතාවයකට ඔබේ ආදරය හා සැලකිලිමත් බව වදනින් ප්‍රකාශ කිරීමත් අවශ්‍යයයි.

මේ දේවල් 10 ඔබේ බිරිදට කියන්න. අද අපි කියන්න යන්නේ ඔබේ ඔලුව බේරගෙන ගෙදර ඉන්න පුළුවන් විදියක් ගැනයි.

ඒක එච්චර අමාරු ‌දෙයක් ‌නෙමෙයි. ඔබ කරන්න අවශ්‍ය වන්නේ ඔබේ හැගීම් අකුරු කිරීම පමණයි. 

සම්බන්ධතා වලදී අදහස් හුවමාරු ටිකක් අසීරූ කාර්යයක් වෙනවා. අපිට කියන්න අවශ්‍ය දේවල් මග හැරුනු  වේලාවල් කොච්චර තියෙනවාද?

ඒත් ඔබේ බිරිදට එසේ වෙන්න දෙන්න එපා. ඒ නිසා මේ දේවල් 10 අනිවාර්යයෙන්ම ඇයට නිතර  කියන්න.

1.ඔයාට ස්තූතියි කියලා බිරිදට කියන්න

ඔබේ බිරිද, මවක් බිරිදක් විදියට නිවස පුරා කරන කටයුතු කොච්චරද? ඇයගේ වෙහෙස මහන්සිය සුළුකොට තකන්න එපා.

නිවසේ කටයුතු දරුවන්ගේ කටයුතු වගේම සමහර කාන්තාවන් රැකියාවක පවා ‌යෙදෙමින් ඔබට ආර්ථිකයට සහයෝගයක් දක්වනවා. 

පවුල ‌වෙනුවෙන් ඇයගේ ‌සේවය ‌මේ තරම් යැයි ‌පෙන්වා නිමා  කරන්න බැහැ.

ඒ නිසාම ඔබ කොතරම් ඇයව අගය කරනවාද යන්න ඔබට කොයි තරම් ඇයව වටිනවාද යන්න ඇයට කියන්න.

ඔබ හදවතින් කියන මේ වචන දෙක ඇයට ලොකු සතුටක් ලබා දේවි.

2.ඔයා හොද අම්මා කෙනෙක් කියලා බිරිදට කියන්න

හැම අම්මා කෙනෙක්ම කොතරම් කැප වී කටයුතු කලත් තමන් හොද අම්මා කෙනෙක්ද කියලා නිතර කල්පනා කරනවා.

දරුවන් රැකබලා ගැනීම ගැන තාත්තලාට හොද කියන සමාජය අම්මලාගේ සෑම පුංචි වැරැද්දක්ම ලොකු කොට දකිනවා.

ඒ නිසා ඇයට මාතෘත්වය සදහා ඇගයීම් ලැබෙනවා අඩුයි.

ඉතින් ඇය තමන් හොද අම්මා කෙනෙක්ද කියලා පසුතැවෙන එකේ අරුමයක් නැහැ.

ඒ නිසා ඔබේ බිරිඳගේ මාතෘත්වය  ඇය අසාධාරණ ලෙස විවේචනයට ලක්වන විට ඇය වෙනුවෙන් පෙනී සිටින්න.

ඇය ‌හොද අම්මා ‌කෙනෙක් බව ඇයට ඔබ කියන්න. එවිට ඇය තුලම විශ්වාසයක් ‌ගොඩ නැගේවි.

3.ඔයා ලස්සනයි කියලා බිරිදට කියන්න

දරුවන් ලැබීමෙන් පසු කාන්තාවන්ට රූප ස්වභාවය ලස්සනට පවත්වා ගන්න අසිරූයි. ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඔබේ දරුවන් පසුපසයි.

නමුත් ඇයට ඇයගේ ලස්සන වචනයෙන් පවසමින් ඇයට එය මතක් කරන්න පුළුවන්.

එතකොට කුස පුරා ඇදි අවලස්සන සම ඇදුනු සලකුණු වගේම ටිකක් හැඩ වෙනස් වුන සිරුර නිසා ඇයගේ හිතේ ඇති  දුකට සැනසීමක් ලැබේවි.

ආදරය කරන ‌කොට හිටපු ලස්සන ලාබාල බිරිද කාලය වගකීම් එක්ක මුහුකුරා යද්දී ඇයගේ ‌පෙර තිබු සුන්දරත්වය මදින් මද අඩු ‌වෙන්න හැකි වුවත් ඔබේ ඇස් වලින් හැමදාම ඇය සුන්දරම කාන්තාව විදියට දකින්න.

එවිට ඉ‌බේම ඇය ලස්සන බව ඔබ කියාවි.

4.අපි එළියට යමුද?

කාලයත් එක්ක ආදරයට පස්ස දොරෙන් පලා යන්න දෙන්න එපා. වයස , වගකීම් නිසා ඔබ මුහුකුරා ගියත් ඔබේ ආදරය එහි මුල් කාලයේ වගේම පවත්වා ගන්න.

ඇයත් එක්ක එලියට යන්න. ඇයගේ අතින් අල්ලගන්න. මේ වගේ දේ්වල් වලට ඔබගේ විවාහයට පණ දෙන්න පුළුවන්.

බිරිදට පුංචි කාලයක් ‌වෙන් කිරීම හිතන තරම් අමාරු දෙයක් ‌‌නෙමෙයි.

ඇයත් එයට මහ ඉහළින් කැමති ‌වේවි.  අදම ‌යෝජනාවක් කරලා බලන්නකෝ.

5.මොනවා වුනත් මම ඔයා එක්ක ඉන්නවා කියලා බිරිදට කියන්න

මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

අම්මලාට, විශේෂයෙන් නිවසේ ඉදන් බබාලා එක්ක ඔට්ටු වෙන අම්මලාට ගොඩාක් වේලාවට තමන් තනි වෙලා වගේ දැනෙනවා. ඒ නිසා නිතර ඇය ගැන සොයා බලන්න.

ඇයට උදව් කරන්න. ඇයට උදව් අවැසි වේලාවක ඔබ ඇය ලග බව ඇයට දැනෙන්න දෙන්න. ඇය එය නොපැකිළිව කියන්න. එවිට ඔබ ඇයට ‌ලොකු ශක්තියක් ‌සේ දැනේවි.

6.කියන්න. මම අහගෙන ඉන්නේ කියලා බිරිදට කියන්න

ඇයගේ දවස ගැන, ඇගේ සිතුවිලි ගැන, ඇගේ පවුලේ අය ගැන, ඇයට ඔබ සමඟ කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔබ ඇයට සාවධානව සවන් දෙන්න.

ඇයට කතා කරන්න ඉඩ දෙන්න. ඇය කතා කරන්න අවශ්‍ය වු විට ඔබ ඇයට සවන් දෙන්න සුදානම් බව පවසන්න.

එය විවාහය තුල වැදගත්ම දෙයකි. විවාහය සාර්ථකව ගලා යෑමට නම් ඇයගේ හදවතේ නිහඩ සිතුවිලි වලට වචන ‌වෙන්න ඉඩ දිය යුතුයි. එපමණක් ‌නොවෙයි.

ඒ වචන වලට වටිනාකමක් ලැබෙනු‌යේ ඔබ ඒවා උනන්දුවෙන් අහනවා නම් පමණයි.

7.මම ඔයාට උදව් කරන්නද?

ඔබ ගෙදර වැඩට උදව් කරන්නේ නැතිනම් ඔබේ බිරිඳට ළමයින් හා ගෙදර කටයුතු එක්ක කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඇයට වෙහෙසයි මහන්සියි.

පියෙක් සැමියෙක් විදියට ඒවාට උදව් කරන්න ඔබටත් වගකීමක් ඇති බව අමතක නොකරන්න. ඒ නිසා ඇයට උදව් අවශ්‍යදැයි විමසන්න.

ඔබට ඇයට සහය ලබා දිය හැකි සෑමවිටම ඒවා සොයා බලා කරන්න. ඔබ ඇයට උදව් කරන විට ඇය ‌වෙහෙස මහන්සි විය යුතු ‌දේවල් අඩු‌වෙනවා.

ඒ මගින් ඔබට ඔබේ බිරිදට පුංචි විවේකයක් ‌දෙන්න පුළුවන් ‌නේද?

8.අපේ විවාහය තවත් හොද තත්වයකට ගේන්නේ කොහොමද?

මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

විවාහයකට කැපකිරීමක් මෙන්ම විවෘතව අදහස් හුවමාරූ කරගැනීමත් වැදගත් වෙනවා.

ඒ නිසා දෙදෙනා එක්වී අඩුපාඩු හා ඒවාට පිළියම් මෙන්ම විවාහයේ ගුණාත්මක බව ඉහල නංවන්න කල හැකි දේවල කතා බහ කරන්න.

එවිට දෙදෙනාටම තම අදහස් හුවමාරු කරගෙන ඒ අනුව කටයුතු කරන්න පුළුවන්.

එවිට විවාහ තුල පැන නැගී ඇති ගැටළු වලට  විසදුම් ‌සොයන්න වගේම ඔබ ‌‌‌දෙදෙනාගේ රුචි අරුචිකම් ‌තේරූම් ‌ගෙන ‌දෙදෙනා අතර ‌හොද අවබෝධයක් ‌ගොඩ නගා ගනනත් එය වැදගත් ‌වෙනවා.

ඉතින් විවාහය තුල රණ්ඩු ‌නොවී සාකච්ඡා කරන්න.

9. මට සමාවෙන්න කියලා බිරිදට කියන්න

සැබෑ මිනිසෙකු තම වැරදි පිළිගත යුතුයි. ඔබේ ආඩම්බරය පසෙකලා පළමුව සමාව ඉල්ලන්න.මෙහි වැරදි ඔබම පමණක් නොවුනත් ඔබේ වැරැද්දක් ඇත්නම් එය පිළිගෙන සමාව ඉල්ලන්න.

 එය ඔබේ බිරිද තුල ඔබ ගැන ඔබේ විනීත බව ගැන ‌ලොකු හැගීමක් ඇති කරාවි.

10.මං ඔයාට ආදරෙයි කියලා බිරිදට කියන්න

මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

දවස පුරාම මතුරා කිව්වත් ඇතිවෙන්නේ නැති වචන තුන මෙයයි. ඒ නිසා ඔබේ බිරිදට මෙය නිතර කියන්න. බිරිදක් තමන් ආදරය කරන පුරුෂයාගේ වචනයෙන් ඒ ආදරය අහන්න හරිම කැමතියි.

ඒක සමහරවිට ඇය වදනින් ‌නොකියාවි. නමුත් ඇයගේ එම අවශ්‍යතාවය ඔබ හදවතින් හැදින ‌ගෙන නිතරම ඇයගේ සවනට ඔබේ ආදරය මුමුණන්න.

ඔබටත් ‌මෙයට එක් කරන්න අදහස් ඇතිනම් පහලින් සටහනක් ‌යොදන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.