theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

5 අවම කියවීම
නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

නැන්දම්මා ‌ලේලි ‌නොනවතින ගැටුමට තිත තියමුද?

නැන්දම්මා ලේලිට හා ලේලි නැන්දම්මාට එරෙහිව යන අවස්ථා උතුරන්න තියෙද්දි යුග දෙකක ගැහැණුන් මෙසේ ගැටීමට ඇත්තටම හේතු ගොඩාක් තියෙනවා.

ඔබත් ‌මේ ගැන දැනුවත් ඇති නැතිනම් ඔබටත් ‌මේ ගැන අත්දැකීම් ඇති. එහෙම ‌නේද?

මේ තත්වය සමතකයට පත්කර ගෙන ජීවත් වෙන්න නැන්දම්මා හා ලේලිය මනා අවබෝධයකින් සිටිය යුතු වෙනවා.

ඒ වගේම ඔවුන්නොවුන් එකිනෙකාට නොකල යුතු දේවල් ගොඩාක් තියෙනවා. මේ ඒ අතරින් කිහිපයක්.

නැන්දම්මා කිසිවිටකත් ලේලියට නොකල යුතු දේවල් 10 ක් මෙන්න.

1.“ඔබ දරුවන් හදාගන්නා විදිය වැරදියි “ කියලා නැන්දම්මා ලේලිට කියන්න එපා

ඇත්තටම දරුවන්ගේ මව වන්නේ ලේලිය බව නැන්දම්මා තේරූම් ගත යුතුයි. ඇය නැන්දම්මාගේ ක්‍රමවේදයන් වලට එකග විය යුතුමයි නිතීයක් කොහේවත්ම නැහැ.

ඒ වගේම දරුවන්ගේ වගකීම ඇත්තේ ඇය අතේ බව නැන්දම්මා තේරූම් ගත යුතුයි.

කාලය අලුත් වෙද්දි හැමදෙයක්ම වෙනස් වෙනවා. දරුවන් හිල් පොල්කට්ටෙන් නාවපු යුගය දැන් යල් පැන ගිහින්. දැන් ඒ වෙනුවට අලුත් දේවල් එකතු වෙලා.

ගොඩාක් වේලාට ලේලිය පිළිපදින්නේ මේ අලුත් දේවල් වෙන්න පුළුවන්.

ඒ නිසා නැන්දම්මා තමන්ගේ කාලය ගැන හිතා ලේලිය කරන දේවල් වැරදියි කියලා හිතනවාට වඩා මේ අලුත් අභියෝග ජයගන්න ඇයට උදව් කරනවා නම් මේ ගැටුම් අඩුයි.

2.ලේලියට එරෙහිව නැන්දම්මා තම පුතාව උසි ගන්වන්න එපා

විවාහයක් සිදුවන්නේ සැමියා හා බිරිද අතරයි. නැන්දම්මාට විවාහය තුල චරිතයක් නැහැ. ඒ නිසා නැන්දම්මා විවාහය තුල මැදහත්වීම අනවශ්‍යයි.

නැන්දම්මා ලේලිය ගැන දොස් සිය පුතාට පවසන විට එයින් ඔහුගේ විවාහයට වන්නේ අවැඩකි. ලේලිය දෙස ඍණාත්මකව බැලීම පසෙකලා ධනාත්මකව බලන්න.

ඇයගේ එකම එක හොදක් හරි ඇති නේද? ඒ හොද දේවල් දකින්න නැන්දම්මාට පුළුවන් නම් මේ නැන්දම්මා ලේලි ගැටුමට නිමා තිත තියන එක එච්චරම අපහසු නැහැ.

3.“මේ විදියට කරන්න?” කියලා නැන්දම්මා ලේලිට කියන්න එපා

නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

ඔහොම වැරදියි. ‌මෙහෙම කරන්න කියලා කියන්න එපා.

ලේලිය කියන්නේත් මනුශ්‍ය ගැහැනියක්. ඇය කරන සියල්ලම සීයයට සීයක්ම සාර්ථක වෙනවා කියන එක ප්‍රයෝගීක නැහැනේ.

ඇය අතිනුත් අත්වැරදීම් වෙන්න පුළුවන්. ඇය දෙයක් කරනවා නම් මෙහෙම කරන්න ඔහොම කරන්න කියලා ඔබ මැදිහත් වෙන්න යන්න එපා.

වැරදිමක් වුනත් ඇයට ඇයගේ ක්‍රමයට කරන්න ඉඩ දෙන්න. ඇයට වැරදීම් තුලින් ඉගෙන ගන්න දෙන්න. ඒවා ඇයගේ ජිවිතයට හොද අත්දැකීම් වේවි.

4.පවුලේ අය ලේලිය සමඟ ගත කරන කාලය ගැන කිසි විටෙකත් අමනාප  වෙන්න එපා

ස්වාභාවිකවම නැන්දම්මා ඇගේ  පවුලේ අය සමඟ කාලය ගත කිරීමට කැමතියි.

නමුත් එසේ කියා ඇයගේ පුතා ලේලිය සමග කාලය ගත කරන විට ඇය හා ගමනක් යන විට නැන්දම්මා කෝපවීම සුදුසු නොවේ. පුතා ඔබගේ වුනත් දැන් ඔහු වෙනම පවුලක් හදාගෙන අවසන්.

ඔහුට ඔහුගේ පවුල එනම් ලේලිය හා දරුවන් සමග ගත කරන්න ඉඩදෙන්න.

5.තම පුතා තමාට මුල් තැන දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න එපා

පුතාට දැන් පවුලක් ඉන්නවා කියලා නැන්දම්මා තේරූම් ගන්න අවශ්‍ය වෙනවා. මේ පවුල ඔහුගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. 

නැන්දම්මාට ඔහුගේ් මව වුනත් හැමදාම ඔහුගේ ජිවිතයේ අංක එක වෙන්න බැහැ. ඒ වගේම නැන්දම්මා තමා හා ලේලිය අතරින් කෙනෙකු තෝරාගන්න කියා තම පුතාව කවදාවත් අසරණ කරන්න එපා.

මවක් ‌ලෙස නැන්දම්මාට ඔහු ගැන ඇති ලේ අයිතිය ලේලියට නැතත් ඔහුගේ ලේ අයිතිය මෙලොවට බිහිකරන්නේ ලේලියයි. ඒ වගේම ඔහුගේ හදවතේ පළමු තැන දැන් ඔහුගේ පවුලයි.

නැන්දම්මා මෙය තේරූම් ගැනීම අනවශ්‍ය ගැටලු ගොඩාක් යටපත් කර දමාවි

6.නැන්දම්මා ලේලිට හිතාමතා සතුරුකම් කරන්න එපා

නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

හිතාමතාම ඇයට සතුරුකම් කරන්න එපා

ලේලිය යනු තම පුතාගේ තේරිමයි. නැන්දම්මා පළමුව තම පුතාගේ තේරිමට ගරු කල යුතුයි. ඔබ ලේලියට හෝ ඇයගේ ගතිගුණ වලට නැන්දම්මා අකමැති වෙන්න පුළුවන්.

නමුත් නැන්දම්මා ලේලියට දරුණු විදියට සැලකීම ඇගේ පුතා සමඟ ඇති සබඳතාවයට හානි කර ගැනීමක්ද වෙනවා. ඒ නිසා ඇයට හිතාමතා සතුරුකම් කරන්න එපා.

නැන්දම්මා තම දියණියට සලකන අයුරින් ලේලියටත් සලකනවා නම් මේ ගැටුම් නැතිව යාවි.

7.උත්සව සදහා පැමිණීම අතපසු වෙන විට නැන්දම්මා ලේලිට වරද පවරන්න එපා

යම්කිසි අවස්ථාවකට නොපැමිණීම ගැන ඔබේ පුතා හෝ ලේලිය ගැන වරදකාරි හැඟීමක් ඇති කර ගන්න එපා.

ඔවුන් පවුලක් බැවින් එම පවුලේ කටයුතු සමග ඔබගේ නිවසේ සෑම උත්සවයක් සදහාම සමහර විට පැමිණෙන්න බැරි වේවි. එවැනි අවස්ථා වල ඔබ ලේලියට දොස් පවරන්න යාමෙන් වන්නේ ඔවුන් තවත් ඈත්වීමයි.

8.ලගම ජිවත් වෙන්න කියලා නැන්දම්මා ලේලිට බල කරන්න එපා

පුතාගේ පවුල තමන් ගාව සිටිය යුතුයැයි නැන්දම්මාට තීරණය කරන්න බැහැ. නැන්දම්මාට පුතා ගාව ජිවත්වෙන්න අවශ්‍ය වෙන්න පුළුවන්.

නමුත් දැන් ඔවුන් වෙනම පවුලක් බව නැන්දම්මා තේරුම් යුතුයි. ඒ නිසා ඒ පවුලට නිදහසේ ජිවත්වෙන්න ඉඩදෙන්න.

9.තමාව නිතර බැලීමට පැමිණිය යුතුයැයි නැන්දම්මා ලේලි ‌ගෙන් බලාපොරොත්තු වෙන්න එපා

දෙපාර්ශ්වයම එකිනෙකා බලන්න යන්න අවශ්‍යයයි.  නැන්දම්මා තම ලේලි ව බලන්න යන්නේ නැතිනම් ඇය තමාව බලන්න පැමිණිය යුතුයැයි බලාපෙරොත්තු වෙන්න එපා.

එය තේරූම් ගෙන ජිවත්වීම  නැන්දම්මා ලේලි ගැටුම් ඈත් කරාවි.

10.දැනුම් නොදි නැන්දම්මා ලේලියගේ නිවසට එකවර යන්න එපා

නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

නොදන්නා නිවසට යන්න එපා

නැන්දම්මා එකපාරටම ලේලියගේ නිවසට ගොස් දොරට තට්ටු කරන්න එපා. නැන්දම්මා ලේලියගේ නිවසට යන්නේ නම් අනිවාර්යයෙන්ම පුර්ව දැනුම් දීමක් කරන්න.

ඔවුන්ගේ පවුල අමුත්තෙක් සදහා සුදානම් විය යුතුයි. නොදන්වා යාමෙන් වන්නේ ඔවුන් අපහසුතාවයට පත්වීම පමණයි.

මේ ලිපියේ නැන්දම්මාට උපදෙස් රැගෙන ආවත් ලේලියද නැන්දම්මා හා කටයුතු කල ආකාරයක් තියෙනවා. නැන්දම්මා ලේලි කියන්නේ අවබෝධයෙන් යුතුව රගපාන්න් අවශ්‍ය එකම කතාවක චරිත දෙකක් වෙනවා.

ඒ වගේම හැම ගැහැනියකම අමතක නොකල යුතු තිත්ත ඇත්තක් තියෙනවා. අද ලේලියක වන ඔබ මතු නැන්දම්මාගේ තැනට ගමන් කරන බවත් අද නැන්දම්මා වන ඔබ පෙරදා ලේලියගේ තැන සිටි බවත් කවදාවත්ම අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්
බෙදාගන්න :
  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it