theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?

4 අවම කියවීම
පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?

සිංගපූරුවේ දන්ත වෛද්‍ය විශේෂඥ ස්කොට් චාඕ විසින් පුංචි පැටවුන්ගේ කිරිදත් රැකබලා ගන්නා ආකාරය ඉතා හොඳින් විස්තර කරනවා. ඔබත් ඒ ගැන දැනුවත් වෙන්න.

පුංචි පැටියාගේ කුළුඳුල් කිරිදත් මෝදු වුනහම දෙමාපියන් හා වැඩිහිටියන් හුඟක් සතුටට පත්වන්නේ එක දතක් විලිස්සලා හිනා වෙන සුරතලය බලමිනුයි. නමුත් ක්‍රමයෙන් අනිත් දත් එන්න ගන්නකොට බබාගේ දත් රැකබලා ගන්නේ කොහොමද කියලා ඔබ සිතන්න පුළුවන්.

ළමයින්ට, වැඩිහිටියන්ට වගේම බිළිඳු වියේ සිටම දත් රැකබලා ගැනීම ඉතා වැදගත්. ඔබට නැඟෙන මේ ගැටළු වලට පිළිතුරු අපි සිංගපූරුවේ දන්ත වෛද්‍ය විශේෂඥ Dental Icon Ltdහි වෛද්‍ය ස්කොට් චාඕ ගෙන් අහලා බැලුවේ ඒකයි.

කිරිදත්

 

බබාගේ  දත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?

මගේ බබාව මුලින්ම දන්ත වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුත්තේ කොයි කාලයේද? කී වතාවක් ඒ වගේ කළ යුතුද?

පළවෙනි දත, පළවෙනි උපන්දිනය වගේම පළවෙනි වර දන්ත වෛද්‍යවරයා මුණගැසීමත් ඉතා වැදගත්. පළමු වාරයෙන් පසු මාස 6 කට සැරයක් වත් වෛද්‍යවරයා මුණගැසීමත් වෙනත් දන්ත ගැටළු ඇත්නම් මාස 3-4 දක්වා යාම වැදගත්.

බබාගේ කිරිදත් මැදීම ඇරඹිය යුත්තේ කොයි කාලයේදීද?

පුංචි කාලයේ ඉඳන්ම. ඒ කියන්නේ සතියක පමණ වයසේ ඉඳන් දරුවන්ට දත් නැතත් විදුරුමස් ඇතුළු මුඛය පිරිසිදු කිරීම කළයුතු වෙනවා. ගෝස් කැබැල්ලක් පිරිසිදු වතුරෙන් පොඟවා කට ඇතුළු විදුරුමස් හකු ආදිය ප්‍රවේසමෙන් පිරිසිදු කළයුතු වෙනවා. කිරිදත් පැමිණි මුල් කාලයේත් එලෙසම පිරිසිදු කරන්න පුළුවන්.

ගෙදරදී බබාගේ මුඛ හා දන්ත සෞක්‍ය හොඳින් පවත්වාගෙන යන්න කළ හැක්කේ මොනවද?

බබාගේ දත්

ගෙදරදීම දත් රැකබලා ගැනීම හැකි තරම් සරල කරගන්න බලන්න. පුංචි බබාලට තෙමා ගත් ගෝස් කැබැල්ලකින් කට පිරිසිදු කිරීම ප්‍රමාණවත්. ක්‍රමයෙන් ඇඟිල්ලේ රඳවන බුරුසුවක් ආධාරයෙන් පිරිසිදු කරන්න පුළුවන්.

දිනකට දෙවරක්වත් මේ ආකාරයෙන් කිරිදත් මැදීම වැදගත්. හරි නම් කෑම කෑමෙන් පසු දරුවාගේ දත් පිරිසිදු කිරීම වැදගත්. ඒ වගේම රාත්‍රියේදී කෑම ගැනීම හෝ කිරි බීමෙන් පසුවත් මුඛය පිරිසිදු කිරීම වැදගත් වන්නේ කෑම වල ඇති සීනි දත් මත හා මුඛය තුළ තැන්පත් වන නිසයි.

මගේ බබා පැණිරස කෑම කන්න හරිම කැමතියි. එසේ කෑමෙන් බබාගේ දත් වලට හානිකර වේවිද?

ඔව්. පැණිරස කෑම අනිවාර්යයෙන්ම දත්වලට හානිකරයි. නමුත් සත්‍යට අපිට මුහුණ දෙන්න වෙනවා.

දරුවන්ට පැණිරස කෑම නැතිව ජීවිතයක් නැතිතරම්. නමුත් මෙහිදී දෙමාපියන් ඒ ගැන වගකීම දැරිය යුතු වෙනවා. මොකද දරුවන්ට ඔවුන්ගේ දත් රැකබලා ගැනීමේ වගකීම තවමත් තනිව දරන්න බැහැ. ඒ නිසා ඔබේ අවධානය උනන්දුව වැදගත්. දත් දිරායාම මැඩ ගැනීමට පැණිරස කෑම කාපු හැම වෙලාවෙම දත් පිරිසිදු කිරීම වැදගත්.

මගේ බබාට ෆ්ලෝරයිඩ්  ඕනෙද?

හුඟක් දෙමාපියන් ෆ්ලෝරයිඩ් වලට විරුද්ධයි. අන්තර්ජාලය පුරා පෙන්වන්නේ ෆ්ලෝරයිඩ් දරුවන්ට විෂවිය හැකි බවත් මොලයට පවා හානි කරවිය හැකි බවත් පැවසෙනවා. නමුත් එසේ වන්නේ දරුවෙකු ෆ්ලෝරයිඩ් බෝතල් දෙක තුනක් පානය කළහොත් පමණයි.

මීට ඔබ ඉතා සත්‍ය තොරතුරු පිළිගත් දන්ත සායන ආයතනයකින් දැනගැනීම වැදගත්. මා නිතරම තොරතුරු ලබන්නේ ඇමරිකා දන්ත වෛද්‍ය සංවිධානයේ ජර්නලයක් හා දන්ත සෞක්‍ය පිළිබඳ ඇමරිකාවේ ජනලය වැනි ජර්නල් වලිනුයි.

මේ හැම ආයතනයකින්ම ෆ්ලෝරයිඩ් මගින් දත්වලට බොහෝ යහපත් ප්‍රතිඵල මිස අයහපත් ප්‍රතිඵල සකසන්නේ නැති බව කියවෙනවා. ඒ නිසා ළමා දන්තාලේප තෝරාගැනීමේදී එහි ෆ්ලෝරයිඩ් අඩංගු දැයි දැනගෙන භාවිත කරන්න. 

දන්තාලේප කොපමණ ප්‍රමාණයක් භාවිත කළයුතු ද?

ඇමරිකාවේ ළමා දන්ත ඇකඩමිය සඳහන් කරන ආකාරයට වයස වන්නේ අවුරුදු 2 ට අඩු දරුවන්ට ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් යන්තම් පොඩි ප්‍රමාණයක් තැවරීම ප්‍රමාණවත් වුනත් එය වයස 2-5 දක්වා දරුවන්ට රටකජු ඇටයක තරම් ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා.

සුදුසුම දත් බුරුසු වර්ගය කුමක්ද?

වෙළඳ සල්වල විවිධ දත් බුරුසු තිබුණත් සරල දරුවා කැමති එකක් තෝරාගන්න ඉඩදෙන්න පුළුවන්. වැදගත් වෙන්නෙ අකමැත්තකින් තොරව බබාගේ දත් මදින එකයි.

බබාගේ කිරිදත් මම මදින්නද ?

දත් ආව ගමන් මැදීම හොඳ වුණත් එය එතරම් කාලෝචිත නොවන්නේ දරුවන් හුඟක් වෙලාවට ඊට අකමැති වෙන්න පුළුවන් නිසයි. එයට දරුවා බිය වීමට ඉඩ තිබෙනවා. බබා දත් මදින්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් එය ඉතාම කදිමයි.

නමුත් ඒ ගැන වැඩිය වදවෙන්න එපා. දරුවන්ම දත් මැදගන්න කැමති වීම ඉතා හොඳ වගේම විශේෂයෙන් පිටුපස දත් එයාටම මදින්න පුළුවන්නම් හොඳයි. ඉන්පසුව ඉතා මෘදු ලෙස ඔබට දත් මදින්න පුළුවන්.

බබාගේ දත්

දත්වලට සුදුසුම කෑම වර්ග මොනවාද?

බබාගේ දත් දිරායාම සඳහා විටමින් D අඩංගු කෑම වර්ග ඉතාම හිතකරයි. ටූනා, මැකරල්, සමන් වැනි මාළු වර්ග වල විටමින් D බහුල යි. කිරි ආහාර, දොඩම් යුෂ, සෝයා කිරි හා සිරියල් ද ගුණදායකයි. චීස්, බිත්තර කහ මදය මේ අතර වෙනවා.

කිරිදත් ගැලවෙනවනේ. ඉතින් ඒවා පිරිසිදු කරන්න ඕනෙද?

සත්‍ය කරුණ නම් සමහර දත් දරුවන්ට අවුරුදු 11-12 තෙක් පවතිනවා. නමුත් ඊට පෙර මේ දත් දිරායාම හෝ කැඩීම නිසා දරුවාගේ කථනයට හා ආහාර ගැනීමට බලපාන්න පුළුවන්.

මගේ බබා දත් මදින්න කැමති නෑ. මම මොනවද කරන්නේ?

මේ හුඟක් දෙමාපියන්ට තියෙන ගැටළුවක්. නමුත් වෛද්‍ය චාඕ පවසන්නේ පුංචි කාලෙම මේ පුරුද්ද පටන් ගත්තොත් එහෙම වෙන්නේ නැහැ කියලයි. මේක පොඩි කාලේ පටන් පටන් ගත්තොත් වැඩිවිය දක්වාම වර්ධනය වෙනවා.

හැමදාම දිනචර්යාවේ අංගයක් ලෙස එය පටන් ගැනීමට වෛද්‍යවරයා යෝජනා කරනවා. ඉන්පසුව එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා.

දරුවන්ගේ දත් රැකගැනීම ජීවිත කාලයටම වැදගත් වන නිසා theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ ලිපිය සකස් කළා.

 

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?
බෙදාගන්න :
  • දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

    දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

  • දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

    දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

  • දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

    දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

  • දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

    දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it