අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

නිවසේ බඩු අඩු කර ලස්සන කර ගනිමුද?

භාණ්ඩ අඩුවෙන්  සහිත සරල ජීවිතයක් ගත කිරීම කදිම අදහසක් නේද? ගෙදර අස් කිරීම පහසු නිසාත්, එහි පිළිවෙල හා සුන්දරත්වය වැඩි නිසාත් බොහෝ දෙනෙක් එයට කැමතියි.

මෙලෙස භාණ්ඩ අඩුකිරීම ක්‍රියාත්මක කිරීමේදි හෝ එය අධික ලෙස කරන්න යාමෙන් කණගාටුවට පත් නොවිය යුතුය.

භාණ්ඩ අඩුකර ඔබේ ගෙදර අස් කිරීම කරන්නේ කෙලෙසදැයි  ඉගෙන ගන්න. ඒ තුලින් ඔබට බොහෝ ප්‍රතිලාභ ලබන්න පුළු වන්.

ඔබේ ගෙදර අස් කිරීම නිසා ඔබේ ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ

බඩු භාණ්ඩ අඩුවීමෙන් වාසි රැසක් ලැබෙනවා. හැබැයි එය ක්‍රියාත්මක කිරීම ලේසී පහසු නැහැ.

අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්1.පිරිසිදු කිරීමට ඇති භාණ්ඩ ප්‍රමාණය අඩුයි

පිරිසිදු කිරීම ටිකක වෙලා යන මහන්සි වෙන වැඩක්.  ඒ නිසා ගෙදර අස්කිරීම ඔබට පීඩා කාරි දෙයක් වෙනවා.

භාණ්ඩ අඩු විට ඔබට අස් කරන්න මහන්සි වෙන්න අවශ්‍ය ප්‍රමාණය අඩුයි. ඒ සදහා යන වේලාවත් අඩු වෙනවා.

2.සංවිධානය කිරීම අඩුයි

භාණ්ඩ අඩු විට ඉක්මනින් සොයා ගැනීම පහසු වෙනවා. භාණ්ඩ නැතිවෙලා තවදුරටත් නැති වී සොයන්න මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඒ නිසා ඔබට භාණ්ඩ සොය සොය වෙන මහන්සිය හා කාලය ඉතිරි කරගන්න පුළුවන්.

3.මානසික පීඩනය අඩුයි

භාණ්ඩ වැඩිවිට නිවස නිතර හැඩි වෙනවා. නිවස නිතරම අවුල් සහගත වෙනවා දැකීමත් පීඩාකාරියි.

නිවස අස් කරන්න තියෙනවා කියලා මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා. ලස්සනට අස් කල නිවසක් හිතටත් අස්වැසිල්ලක් ලබා දෙනවා.

4.මුදල් වියදම් වෙනවා අඩුයි.

භාණ්ඩ අඩු කිරීම තීරණය කිරීමෙන් ඔබට වෙළද පොලට යැවෙනවා අඩු වෙනවා කියන්නේ ඔබේ මුදල් පසුම්බියට වාසියි කියන එකයි. 

5.වැඩි මූල්‍ය නිදහසක් ලැබෙනවා.

 අනවශ්‍ය දේවල් වලට බොරු වියදම් අඩු වීමෙන් ඔබට අවශ්‍ය දේවල් වලට වියදම් කරන්න මුදල් ඉතිරි වෙනවා.

6.ඔබගේ දැඩි තම ආශාවන් සඳහා වැඩි ශක්තියක් ඉතිරි වෙනවා.

අඩු ණය, වැඩි මූල්‍ය නිදහසක් සහ පිරිසිදු නිවසක් ලැබීමෙන් ඔබට මානසික නිදහසක් වගේම ලොකු ශක්තියක් ඉතිරි වෙනවා.

එම ශක්තිය , මානසික නිදහස හා ඉතිරි වෙන මුදල් ඔබේ ආශාවන් සංතෘප්ත කරගන්න යොදාගන්න පුළුවන්. එය ඔබව ප්‍රිතීමත් කරාවි.

ඔන්න ඔබට භාණ්ඩ අඩු පිළිවෙල නිවසකින් ලැබෙන ප්‍රයෝජන රැසක්ම අපි ගෙනාවා.

දැන් අපි මේ භාණ්ඩ අඩු කර නිර්මාණාත්මකව ගෙදර අස්කරගන්නා ආකාරය බලමු.

නිර්මාණාත්මකව ගෙදර අස් කිරීම සදහා ඉගි 10 ක්

අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

නිවසේ භාණ්ඩ අඩු කර සුන්දර නිවසක් සකස් කරගන්න ඔබ හිතනවා නේද?

ඒත් ඒ සදහා ප්‍රමාණවත් මග පෙන්වීමක් තිබුනොත් හොදයි කියලා ඔබට හිතෙනවාද?

එහෙනම් ඔන්න අපි සුදානම් ඔබට නිර්මාණශීලි ඉගි 10 ක් ගෙන එන්න.

  • මිනිත්තු 5 ක් පමණක් වැය කර ආරම්භ කරන්න. ඔබ මේ කාර්යයට අලුත් නම්, ඔබට දිනකට මිනිත්තු පහක් වගේ පුංචි කාලයකින් අරඹා සෙමෙන් කාලය වැඩි කරගන්න පුළුවන්.
  • සෑම දිනකම එක් භාණ්ඩයක් ඉවත් කරන්න. ඒ අනුව  සෑම වසරකම ඔබේ නිවසෙන් භාණ්ඩ 365 ක් ඉවත් වෙනවා. ඔබ දිනකට භාණ්ඩ  2 දක්වා ඉවත් කිරීම වැඩි කළේ නම්, ඔබට තවදුරටත් අවශ්‍ය නොවන භාණ්ඩ 730 ක් ඉවත් කරගන්න පුළුවන්. ඔබේ නිවසේ අනවශ්‍ය භාණ්ඩ වැඩි නම් දවසකට ඉවත් කරන ප්‍රමාණය වැඩි කරන්න.
  • මල්ලක් ගෙන  ඔබට හැකි ඉක්මනින් අන් අයට පරිත්‍යාග කරන්න හැකි දේවල් පුළුවන් තරම්  පුරවන්න.
  • ඔබ ඇදපු නැති ඇඳුම් පරිත්‍යාග කරන්න. ඒවා හඳුනා ගැනීම සඳහා, ඔබ භාවිතා කරන ඇදුම් එක් පසෙක අසුරන්න. 
  • ඉවත් කල යුතු භාණ්ඩ හදුනා ගැනීම සදහා පිරික්සුම් ලැයිස්තුවක් සාදන්න. එය ඔබට අවශ්‍ය හා අනවශ්‍ය භාන්ඩ වර්ග කරගැනීම උදව් කරාවි.
  • 12-12-12 අභියෝගය ගන්න. ඉවත දැමීමට භාණ්ඩ 12 ක්, පරිත්‍යාග කිරීමට භාණ්ඩ  12 ක් සහ නිසි තැනට ආපසු යැවීමට භාණ්ඩ 12 ක් සොයා ගන්න.

  • ඔබගේ නිවස දෙස මුලින්ම පැමිණි ආගන්තුකයෙකු ලෙස බලන්න.ඉන්පසු  නිවස කෙතරම් පිරිසිදු හා සංවිධානාත්මකද යන්න පිළිබඳ ඔබේ පළමු හැඟීම ලියා ඒ අනුව වෙනස්කම් කරන්න.
  • භාණ්ඩ අඩු කොට අස්පස් කිරීමට පෙර හා පසු කුඩා ප්‍රදේශයක ඡායාරූප ගන්න පුළුවන්. ඔබේ මුළුතැන්ගෙයි කවුන්ටරය මෙන් ඔබේ නිවසේ එක් කොටසක් තෝරාගන්න. ඡායාරූපයෙහි ඇති භාණ්ඩ ඉක්මනින් පිරිසිදු කර පසුව ඡායාරූපයක් ගන්න. ඔබේ නිවස පෙනෙන්නේ කෙසේදැයි බැලූ පසු, ඔබේ නිවසේ වැඩි ප්‍රමාණයක් භාණ්ඩ අඩු කර පිරිසිදු කිරීම ආරම්භ කිරීම පහසු වෙනවා.
  • මේ සදහා මිතුරෙකුගෙන් උදව් ලබා ගන්න. මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ඔබේ නිවස පුරා ගොස් විශාල භාණ්ඩ ටිකක් විසි කිරීමට හෝ වෙනත් කෙනෙකුට දීමට යෝජනා කරන ලෙස පවසන්න. ඔබට භාණ්ඩය ආරක්ෂා කර එය තබා ගැනීමට අවශ්‍ය නම්, ඔබේ මිතුරා ඔබ ලබා දෙන හේතුව සමඟ එකඟ විය යුතුය. ඔවුන් එකඟ නොවන්නේ නම්, එය ඉවත් කිරීමට කාලයයි.
  • පෙට්ටි හතරේ ක්‍රමය භාවිතා කරන්න. පෙට්ටි හතරක් ගෙන ඒවා  කුණු කූඩය, ලබා දීම, තබා ගැනීම හෝ නැවත සොයා ගැනීම ලෙස ලේබල් කරන්න. ඔබේ නිවසේ සෑම කාමරයක් ඇතුලේ ඇති භාන්ඩ පරීකෂාකර ඔබ නම් කරගත් පෙට්ටි වලට දමන්න. ඔබ කොතරම් වැදගත් යැයි සිතුවත් එක භාණ්ඩයක් වත් මඟ හරින්න එපා. මේ සඳහා ලොකු කාලයක් වැය වෙන්න පුළුවන්. නමුත් මේ මගින් ඔබට සැබවින්ම අවශ්‍ය භාන්ඩ  තෝරා ගත හැකි අතර අනෙක් භාණ්ඩ වලට කළ යුත්තේ කුමක්දැයි දැනගන්න පුළුවන්.

අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

ගෙදර අස් කිරීම පහසුයි ‌නේද?

ඔබ මේ සදහා යොදා ගන්නා ක්‍රමය කුමක් වුවත් අවසානයේදි ඔබ නිවසේ ඇති අනවශ්‍ය දේවල් සියල්ල ඉවත් වී තිබීම වැදගත් වෙනවා.

මුලින් මේක අමාරු වෙන්න පුළුවන් නමුත් අවසාන ප්‍රතිඵලය ඔබට සුන්දර නිවසක් ලැබීමයි. ඉහත ඉගි 10 ක ඔබට වැදගත් වේවි යැයි අපි හිතනවා.

නිදහසේ හා නැවුම් හුස්මේ සුන්දර ලෝකයක් නිවසේ අවුල් ජාලයන් අතර සැග වී තියෙනවා. ඔබ කල යුත්තේ අනවශ්‍ය භාණ්ඩ සියල්ල ඉවත් කර ඒ සුන්දර ලෝකය මතු කර ගැනීමයි.

මේ ගැන සමහර විට ඔබ ලගත් සුන්දර අදහස් ඇති. ඒවා අප හා බෙදා ගන්න.

මූලාශ්‍ර: www.becomingminimalist.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.