theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

5 අවම කියවීම
හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

ඔබත් ‌මේ ‌දේවල් කරන හොඳ සැමියෙක්ද?

හොඳ සැමියෙක් ලබන බිරිදක් වාසනාවන්තයි. එහෙම කියන්නේ ඇයි කියලා ඔබ දන්නවාද?

යුග දිවියත් හරියට කරත්තයක ගමනක් වගෙයි. එහි රෝද දෙකෙන් එකක ගැටලුවක් තිබුනොත් මුළු ගමනම අසාර්ථකයි.

ඇත්තටම විවාහ ජිවිතයක් කියන්නේ දවසින් දෙකකින් නිම වෙන්නක් නොවෙයි. ශ්‍රී ලංකාව වගේ ආසියානු රටක විවාහ ජිවිතය අවුරුදු ගානක් නැතිනම් ජිවිතය පුරාම පවතින්නක් වෙනවා.

එහිදි බොහෝ දුරට  එකම බිරිදක් නැතිනම් සැමියෙක් එක්ක අපි මේ ගමන යනවා.

ඒ කියන්නේ අපි දවස ගණනේ සැමියා හෝ බිරිද මාරු කරන්නේ නැහැ.

ජිවිතයේ දිනා ගැනීම් වලදී මෙන්ම පරාජයන් ඉදිරිය්ද තමන්ගේ බිරිදට ඇගිල්ල දික් කරන්නේ නැතුව එම අඩුපාඩුකම් හදාගන්න උත්සහ කරන සැමියෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම බිරදකගේ වාසනාවක්.

අපි අද කතා කරන්නේ එවන් සැමියෙන් වෙන්න ඔබ සතු විය යුතු ගුණාංග 10 ක් ගැනයි.

අපි අපේ බිරිඳට වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්නේ කෙසේද? වඩා කල්පනාකාරීද?නැතිනම්  වඩා ආදරණීයද?

“ඔබට ඔබේ බිරිඳගේ ක්‍රියා පාලනය කළ නොහැක, නමුත් ඔබ වෙනුවෙන් වැඩ කරන්න. එවිට අනෙක් දේවලි ඒවා ගැනම බලා ගනී යැයි විශ්වාස කරන්න. ”

හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

1.සෑම දිනකම ඔබේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් අහඹු ලෙස ප්‍රේමණිය ක්‍රියාවක් කරන්න

මුලදී මේ දේවල් අමතක වෙනවා. විශේෂයෙන් පිරිමින් කාන්තාවන් වගේ නෙමෙයි. ප්‍රේමණිය බව පෙන්නවන්න ගොඩාක් පිරිමි දන්නේ නැහැ.

ඒ නිසා තම සහකාරිය වෙනුවෙන් ප්‍රේමණිය ක්‍රියාවක් කිරීමට  සැලසුම් කරන්න. ඔබ කිරීමට යන දේ සටහන් කර තබා එය අවසන් වූ පසු පරීක්ෂා කරන්න.

හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

 

2.ඔබේ ආර්ථිකය ගැන විවෘතව කතා කරන්න

අයවැය පිළිබඳ නිතර  ඔබේ බිරිඳ සමග කතා කරන්න. පවුල තුල මුදල් හැසිරවීම පිළිබද තීරණ වලදී ඇයගේ අදහස් හා මතයන් විමසන්න.

ඒ වගේම ඔබේ ආර්ථික ස්ථාවරය ඇයට දැනුම් දෙන්න. මේ කියන්නේ ඇයගේ වියදම් පස්සෙන් පන්නමින් ඒවා කපා දමන්න කියා නොවේ.

පවුල තුල ආර්ථිකය ඔබේ බිරිදට රහසක් කරන්න එපා. ඔබ දෙපළ කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න.

3.ඔබේ බිරිඳ ගැන වැඩි විස්තර දැනගැනීමට උත්සාහ කරන්න

ඔබේ ආදරණිය බිරිදගේ මනාපයන් දැනසිටීමෙන් ඔබට ඇයව මන්මත් කරන්න පුළුවන්. ඒ නිසා ඇයගේ මනාපයන් නිතර සොයා බලන්න.

  • ඔබ ඇගේ ප්‍රියතම වාදක මඩුල්ල  දන්නවාද?
  • ඇය පසුගිය වසරේ කියවූ පොත් මොනවාද / ඇය දැන් කියවන්නේ මොන පොත්ද?
  • දින තුනක සති අන්තයකදී ඇය කොහෙද යන්න කැමති?
  • ඇය යන්න කැමතිම අවන්හල කුමක්ද?

මේවා ඉතින් බිරිද එක්ක කතා කරද්දි හෙමිහිට ප්‍රශ්න අහලා ඔබ දැනුවත් වෙන්න.

4.ඔබ ඔබේ බිරිඳට ඔබේ ආදරයේ තරම පැවසීමට කලාත්මක ක්‍රම කිහිපයක් උත්සාහ කරන්න

හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

ඔබගේ ආදරය කලාත්මක ඉදිරිපත් කිරීම ගොඩාක් ප්‍රේමණිය වෙනවා. ඒ සදහා ඔබට විවිධ ක්‍රම අත්හදා බලන්න පුළුවන්

  • දවසේ ආරම්භයේ දී ඇගේ පසුම්බියට ආදර සටහනක් දමන්න
  • පුංචි පුංචි සංවත්සරයන් (පළමු දිනය, විවාහ ගිවිස ගැනීමේ දිනය, අප අපගේ පළමු නිවසට ගිය දිනය ආදිය) මතක් කර එය සමරන්න
  •  ආදර පණිවුඩ යවන්න
  • ඇඳ සාදා ඇගේ කොට්ටය මත තනි රෝස මලක් තබන්න.
  • ඇයට විනෝද වෙන්න ප්‍රේමණිය අවස්ථාවන් ලබා දී නිවසේ අනෙකුත් කටයුතු වලින් ඇයව මුදවන්න.
  • රසවත් කෑමක් ඇය වෙනුවෙන් සකස් කරන්න

මේවා ටිකක් බොළද වැඩ වගේ ඔබේ පැසුනු බුද්ධියට පේන්න පුළුවන්. ඒත් තමන් ආදරය කරන තමන්ට ආදරය කරන තමන් වෙනුවෙන් කැපවුන ජිවිතයක සතුට වෙනුවෙන් පොඩ්ඩක් බොළද වෙන එක මහ ලොකු වරදක් නෙමෙයිනේ නේද?

5.විනෝදය සදහා දේවල් සැලසුම් කරන්න.

මේ කියන්නේ අධික ලෙස වියදම් කරමින් කරන දේවල් ගැන නම් නෙමෙයි. ඔබට ඒ සදහා මුදල් තියෙනවා නම් මිල අධික දේවල් කලත් ගැටළුවක් නැහැ.

නමුත් ඔබට පුංචි පුංචි දේවල් ටිකක් විනෝදය වෙනුවෙන් කරන්න පුළුවන්.

  • නිවසෙන් පිට කැන්ඩල් ලයිට් ඩිනර් එකක්
  • මධ්‍යම රාත්‍රීයේ දෙදෙනා එක්ව චිත්‍රපටයක් බැලීම
  • රෑ මුහුදු වෙරළේ ඇවිදීම
  • සැනකෙළියකට යෑම
  • අනපේක්ෂිත සාප්පු සවාරියක්

මේ දේවල්ම කරන්න අවශ්‍ය නැහැ. චුට්ටක් හිතන්නකෝ. ඔබේ බිරිද කැමති දේවල් මතක් වුනා නේද?

දැන් ඒ දේවල් නිර්මාණශිලිව ඇයගේ හා ඔබගේ විනෝදය පිණිස භාවිතා කරන්න. හරිම සරලයි.

6.හොඳ සැමියෙක් වීමට නම් ඔබගේ රූපවාහිනී නැරඹීමේ කාලය අඩු කරන්න

ඔබ රූපවාහිනිය ලග හෝ වෙනත් උපාංගයක් ලග‌ බොහෝ වෙලා කල් මරන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒ කාලය අඩු කරන්න.

ඒ වෙනුවට ඒ කාලය ඔබේ බිරිඳ වෙනුවෙන් හෝ ඇය සමඟ යමක් කිරීමට යොදවන්න.

එය ඔබ තනිව රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවාට වඩා විනෝදජනක මෙන්ම ප්‍රේමණිය වේවි.

7.ඔබ වඩාත් උනන්දුවක් දක්වන සහ ඔබ වැඩි කාලයක් ගත කරන ස්ථාන 5 ක් ලැයිස්තුගත කරන්න

ඔබේ බිරිඳ ඔබේ  ලැයිස්තුවේ අංක එකේ නොවේ නම්, අනිවාර්යයෙන්ම ඔබගේ ජිවිතයේ ඔබ ඊටවඩා උඩින් තියාගත්ත දේවල් තියෙනවා.

මුලින්ම කරන්න අවශ්‍ය මේ දේවල් ලැයිස්තුවක් සකස් කරගන්න. ඉන්පසු පරීක්ෂාවෙන් ඒ ගැන බලන්න.

ඉන්පසු ඔබේ බිරිදව මේ ලැයිස්තුවේ මුලට ගෙන එන්න ඔබට කල හැකි දේවල් හිතන්න. ඒ දේවල් අනුගමනය කරන්න.

8.විශ්වාසනීය  මිතුරන් ගෙන් අදහස් ගන්න

ඔභට විශ්වාසනීය මිතුරෙකු හෝ මිතුරන් පිරිසක් තබාගන්න. අවශ්‍ය විටදි ඔවුන්ගේ උපදෙස් අදහස් ලබාගන්න.

එවිට සමහර විට ඔබ කරන්න යන අනුවණ ක්‍රියා වළක්වා ගෙන ඔබේ බිරිද මෙන්ම ඔබේ විවාහයත් රැකගන්න පුළුවන්.

9.ධනාත්මක වෙන්න

හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්

ඔබේ බිරිඳ සමඟ ඔබේ සම්බන්ධතාවය ගැන විමසිලිමත්ව බලන්න. ඔබ දෙපළ කොතරම් රණ්ඩු වෙනවාද? ඔබ එකිනෙකාට විහිළු කොතරම් විහිලු කරනවාද?

ඔබේ සම්බන්ධතාවයේ ඉදිරිය ගැන කොතරම් කතා කරනවාද? ධනාත්මක, සමීප, කතාබහක යෙදෙන්න නිතර උත්සහ කරන්න.

ප්‍රතික්‍රියාශීලී වීමට නොව පුර්ව ක්‍රියාශීලී වීමට කටයුතු කරන්න.

10.උපදේශන ලබා ගන්න

ඔබ වඩා හොඳ ස්වාමිපුරුෂයෙකු වීමට අවශ්‍ය බව  ඔබේ බිරිඳට කියන්න. ඒ සදහා අවශ්‍ය උපදේශන ලබා ගැනීමට පැකිළෙන්න එපා

ඔබටත් මෙම ලිපියට එකතු කිරීමට යමක් තිබේද? එහෙනම් ඔබේ අදහස් අප හා බෙදා ගන්න.

මුලාශ්‍ර -  www.allprodad.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • හොඳ සැමියෙක් වෙන්න ඉගි 10 ක්
බෙදාගන්න :
  • හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

    හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

  • මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

    මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

  • හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

    හොඳ විවාහයක තිබිය යුතු වැදගත් දේවල් 10 ක්

  • මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

    මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it