theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම (වයස 2 සිට 12)

3 අවම කියවීම
දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම  (වයස 2 සිට 12)දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම  (වයස 2 සිට 12)

ඔබට අනෙක් වයස් පරතරයන් වල දරුවන් වුනත් විවිධ වගකීම් ලබාදෙන්න පුළුවන් බව සිතනවා නම් ඒ ගැන අපිට කියන්න.

ගෙදර වැඩට දරුවන්ගේ උදව් ගැනීමට දැන් පමා වුවා යැයි කවදාවත් සිතන්න එපා. නමුත් ඔවුන් ඔවුන්ට හැකි දේවල් කරන්න පුරුදු වීම ඔවුන්ට වගේම ඔවුන් සමග අනාගතයේ ජීවත් වන අයටත් හුඟක් වැදගත් වෙනවා.

අනෙක් අතට නිවාඩු කාලයටත් සති අන්තයටත් ඔවුන්ට කාලය නීරස නොවී ගෙවන්නට මෙය හොඳ පියවරක් වෙයි.

වයස අවුරුදු 2

මේසයක් පිළිවෙලට තබන විට හැඳි නිසි තැන තියන්න, නැප්කින් තියන්න වගේ දේවල් වලට ඔවුන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඔහුට සෙල්ලම් කරන්න අවශ්‍ය වූ විට එය සෙල්ලම් බඩු අසුරණ පෙට්ටියකට දමන්න. නෑමට පෙර ඔහුගේ කිළුටු ඇඳුම් කූඩයකට ගලවා දමන්න ඔහුව හුරු කරන්න පුළුවන්.

වයස අවුරුදු 3

දරුවන් පොත් බැලීමෙන් පසු පහත තට්ටු ඇති රාක්කයක එය නැවත තබන ලෙස කියන්න පුළුවන්. කුණු නිසි තැන දමන්නත්, කෑම කා අවසන් වූ පසු ප්ලාස්ටික් පිඟන් කෝප්ප සෝදන තැනට ගෙනවිත් තබන්න කියන්නත් පුළුවන්.

ගෙදර වැඩට දරුවන්ගේ උදව්

වයස අවුරුදු 4 

වත්තේ ඇති පුංචි මල් පෝච්චි වලට පුංචි වතුර දමන බඳුනකින් වතුර දමන්න ඔවුන්ට පුළුවන්. සුරතලුන්ට කෑම දෙන්න වගේම කොපමණ ප්‍රමාණයක් දිය යුතු දැයි කියා දෙන්න පුළුවන්.

ගෙදර හැඳි, බටර් ගාන පිහිය වගේ දේවල් ප්‍රවේසමෙන් හරි තැන්වල තබන්න හා මිශ්‍රවූ හැඳි ගෑරුප්පු නැවත පිළිවෙලට සැකසීම වැනි දේවල් ඔවුන්ට කියා දෙන්න පුළුවන්.

වයස අවුරුදු 5

ගෙදර වැඩට දරුවන්ගේ උදව්

ඔහු කෑම කාපු පිඟාන පුළුවන් විදිහට සෝදන්නත්, නිදාගත්තු ඇඳ පිළිවෙල කරන්නත් ඔහුට කියාදෙන්න පුළුවන්. මුළුතැන්ගෙයි නිසිතැන බඩු තියන්න, නිවසට එළවළු පලතුරු ගෙන ආ විට නිසි තැන ඒවා තියන්න උදවු කර ගන්නත් පුළුවන්. ඉවුම් පිහුම් කරන්න කැමති දරුවන්ට සැලඩ් එකක් වගේ දේවල් ගැනත්, සැන්විච් එකක් හදන්න වුනත් කියාදෙන්න පුළුවන්.

වයස අවුරුදු 6

ඔවුන් වයසින් වැඩෙත්ම ඔවුන්ට තරමක් ලොකු වගකීම් දෙන්න පුළුවන්. කෑම කාලා ඉවර වුනහම මේසය පිහදාන්න, ටිකක් අතුගන්න, ඔවුන්ගේ රෙදි නවන්න, ඒවා ඔවුන්ගේ කබඩ් වල තියන්න, මුළුතැන්ගෙයි හදන කෑමක මිශ්‍රණයක් මිශ්‍ර කරන්න, බිත්තර කටු ගලවන්න වගේ දේවල් දරුවන්ට කරන්න පුළුවන්.

වයස අවුරුදු 7

ගෙදර වැඩට දරුවන්ගේ උදව්

ගෙදර වැඩට දරුවන්ගේ උදව්

 

අවුරුදු 7 ක දරුවෙකුට පුරුදු වුනොත් කෑමට පෙර මේසය සුදානම් කරන්නත් කෑමෙන් පසු මේසය අස් කරන්නත් උදවු කරන්න පුළුවන්. සැන්විච් තැවරුමක් තවරන්න වගේම සැන්විච් එකක් හදාගන්න වුනත් ඔවුන්ට දැන් පුළුවන්. ඒ වගේම උයන්න ආස දරුවන්ට අල, කැරට් වගේ දේවල් පොතු හරින්න උගන්වන්නත් පුළුවන්.

වයස අවුරුදු 8

ඒ වගේම කිළුටු රෙදි ටික වොෂින් මැෂින් එකට දමන්න වගේම ඉවුම් පිහුම් වලදී අවශ්‍ය දේවල් කිරීම, මැනීම, ඒවා නැවත නිසි තැන්වල ගබඩා කිරීම වැනි දේවලුත් ඔවුන්ට කරන්න පුළුවන්.

වයස අවුරුදු 9

අවුරුදු 9 දී නම් ඔබේ අධීක්ෂණය යටතේ ඔවුන්ට බිත්තරය ඔම්ලට් එකක් හදාගන්න, පෑන් කේක් එකක් හදාගන්න වගේ දේවල් පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කළ පසු නාන කාමරය පිරිසිදුව නැවත තබා එන්න, වතුර ටිකක් වැටුනොත් වයිපර් එකකින් ඉවත්කර පිරිසිදු කරන්න වැනි දේවල් ඔවුන්ට කරන්න පුළුවන්. ගෙදර වත්තේ කොළ ඇහිඳින්න, මල්වලට වතුර දාන්න වගේම සුපර්මාකට් එකට ගියහම බඩු ගන්න උදවු කරන්නත් මේ වයසේ දරුවන්ට උදවු දෙන්න පුළුවන්.

වයස අවුරුදු 10

රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න, ගෙදර කාර් එක සෝදන්න උදවු වෙන්න, භාජන සෝදන්න උදවු වෙන්න ඔවුන්ට පුළුවන්. ඇඳ හදන්න වගේම කිළුටු ඇඳ ඇතිරිලි සහ කොට්ට උර ඉවත් කරන්නත් දැන් ඔවුන්ට පුළුවන්.

වයස අවුරුදු 11

පුංචි දෙයක් මහන්න, බොත්තමක් අල්ලන්න, වත්තේ තණකොළ කපන කොට ඒවා අතුගන්න වගේ උයන්න පිහන්නත් ටික ටික උදවු කරන්න පුළුවන්.

වයස අවුරුදු 12

එයාගේ පුංචි නංගි මල්ලි එක්ක සෙල්ලම් කරන්න, ඉස්කෝලේ වැඩට උදවු කරන්න, ඇඳුමක් අන්දවන්න වගේ දේවල් වලට ඔහුට උදවු වෙන්න පුළුවන්.

ඒ වගේම ගෙදර අඩුපාඩු දේවල් මිලදී ගන්න ලිස්ට් එක වුනත් ලියන්න ඔහුට දැන් පුළුවන්.

දරුවන් පුංචි පුංචි දේවල් ඉගෙන ගැනීමෙන් ඔවුන් වගකීම් ගැනීමට හුරුවෙන අතරම අනාගතයේ පිටස්තර ලෝකය තුළ මේ නිසා ඔවුන් තනි වෙන්නේ නැහැ. ඔවුන් ස්වාධීන පුද්ගලයන් බවට පත්කරන්න theAsianparent Sri Lanka වෙතින් පණිවිඩයක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ .

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම (වයස 2 සිට 12)
බෙදාගන්න :
  • දරුවන්ට  කෑගැසීම: දරුවන්ට  කෑගැසීම සුදුසු නොවන්නේ ඇයි?

    දරුවන්ට කෑගැසීම: දරුවන්ට කෑගැසීම සුදුසු නොවන්නේ ඇයි?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • දරුවන්ට  කෑගැසීම: දරුවන්ට  කෑගැසීම සුදුසු නොවන්නේ ඇයි?

    දරුවන්ට කෑගැසීම: දරුවන්ට කෑගැසීම සුදුසු නොවන්නේ ඇයි?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it