theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්

6 අවම කියවීම
ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්

සිත ගත දෙකම සෞඛ්‍ය සම්පන්නව මෙන්ම ප්‍රියමනාපව තබාගන්නට පහසුවෙන්ම කළ හැකි මේ දේවල් 10 උත්සාහ කර බලන්න

ගැබිනි මවට ගර්භනී සමයේ රූමත් බව රැකගැනීම සඳහා රූපලාවණ්‍ය උපදෙස් කිහිපයක් මේ.

ගැබ් ගැනීම යනු කාන්තාවකගේ ජීවිතයම වෙනස් කරන එක් සංධිස්ථානයක්. ඔබේත් ඔබේ දරුවාගේත් පෝෂණය සඳහා ඔබ පරිභෝජනය කරන සියළු දේ පිළිබඳව ඔබ දැනුවත් වන අතර, ඔබේ සෞඛ්‍යය ගැනද  ඔබ වැඩි සැලකිල්ලක් දක්වන්නට පටන් ගන්නවා.

ඉතින් ඒ හා සමානම උනන්දුවක් හා අවධනයක් ඔබේ සම මත ආලේප කරන දේ  කෙරෙහි ද ඔබ යොමු කළ යුතු වනවා. ගර්භණී සමයේදී ඔබේ සමේ රැකවරණය සඳහා භාවිතා කරන නිෂ්පාදනවල හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් ඔබ සැලකිලිමත් විය යුතුය.

ඔබේ ශරීරයේ අතුළාන්තය මෙන්ම පිටතත් ලස්සන කරගන්න ඔබේ ගර්භනී සමයේ රූමත් බව රැකගන්න වගේම ඔබේ ගර්භනී අවදිය වඩාත් සුන්දර එකක් කරවීම සඳහා ගර්භනී කාන්තාවන් සඳහා මෙම රූපලාවණ්‍ය උපදෙස් දහය අනුගමනය කරන්න පුළුවන්.

ගැබිනි මවට ගර්භනී සමයේ රූමත් බව රැකගැනීම සඳහා රූපලාවණ්‍ය උපදෙස්  10ක්

1. නිවැරදිව ආහාර ගැනීම

ඔබේ ගර්භනී අවදියේ, ඔබ ආහාරයට ගන්නා දේ ගැන හොඳ අවධානයකින් පසු විය යුතුයි.

මන්ද, විශේෂයෙන්ම ඔබ ගන්නා ආහාර මත ඔබේ කුසේ වැඩෙන දරුවාගේ බොහෝ දේවල් යැපෙන නිසා.

ඔබ නිවැරදිව ආකාරයට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ඉතා වැදගත් වනවා.

ගර්භනී සමයේ රූමත් බව

නට් වර්ග, බිත්තර සහ මාළු වැනි ඔමේගා තෙල් අඩංගු ආහාර ඔබේ සම සුමටව හා සිනිඳු ලෙස තබා ගැනීමට උපකාරී වනවා.

එමෙන්ම, රනිල කුලයට අයත් කොළ, එළවළු සහ චොකලට් වලත් විටමින් ඒ, සී සහ ඊ අඩංගු වන අතර එවා සම රැළී වීම වලක්වා සමේ පැහැය රැකගන්නවා. මෙමගින් හා ඔබේ සමට තරුණ පෙනුමක් ලබා දෙනවා.

අලංකාරය ළඟා කරගන්න භාහිර රැකවරණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට අභ්‍යන්තර සත්කාරත් අවශ්‍ය වනවා.

2. ගර්භනී සමයේ රූමත් බව සජලීව සිටින්න

ගර්භණී සමයේදී ඔබේ වෛද්‍යවරයා ඔබට දෙන පළමු උපදෙස නම් හැකි තරම් ජලය පානය කරන ලෙසයි.

ඔබේ රුධිරය ඝන වන විට ඔබේ අවයව සමේ ​​සෛල වලින් ජලය උරා ගැනීමට පෙළඹෙනවා. මෙය ඔබේ සම වියළි හා අඳුරු පෙනුමක් ඇති කරන අතර සමේ රැළි ඇති කරනවා.

මෙම කාලය තුළ තරුණ පෙනුමැති සමේ රහස වන්නේ දිනකට අවම වශයෙන් ජලය ලීටර් දෙකක් වත් පානය කිරීමයි.

මෙම ඉඟිය ඔබට සහ ඔබේ දරුවාට වටිනා එකක් වන අතර එහි ප්‍රතිලාභ බොහෝය.

ජලය ඔබේ ශරීරයෙන් පිටවන සියලුම විෂ ද්‍රව්‍ය බැහැර කරනු ලබනවා. ඔබේ සම සජලීව තබා ගන්නා අතර නිරෝගී සහ පැහැදිලි පෙනුමක් ඇති සමක් ප්‍රවර්ධනය කිරීමට ජලය උපකාරී වනවා.

3. ස්ට්‍රෙච් මාක් (Stretch Marks) පරාජය කරන්න

ගර්භණී සමයේදී කනස්සල්ලට හේතු වන මෙම ස්ට්‍රෙච් මාක් සමනය කිරීමට හොඳම ක්‍රමය වන්නේ ඔබේ සම ගැන හොඳ සැලකිල්ලක් දැක්වීමයි.

ආමන්ඩ් තෙල් හෝ ඔලිව් තෙල් හෝ ෂී බටර් හෝ ස්වාභාවික ශරීර තෙල් වර්ග වලට ඔබට ආයෝජනය කරන්නට පුළුවන්.

ඔබේ උදරය, පියයුරු සහ ඉණ කෙරෙහි අවධානය යොමු කරමින් දිනපතා ක්‍රීම් හෝ තෙල් මෘදු ලෙස සම්බාහනය කරන්නට වග බලාගන්න.

4. ගර්භනී සමයේ රූමත් බව ප්‍රමාණවත් නින්ද

නින්ද නොමැතිකම නිසා ඇස් යට අඳුරු විය හැකිය. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනී මගින් ඔබේ සමට හෝමෝන වෙනස්කම් නිසා සිදුවන කුඩා හානි අලුත්වැඩියා වනවා.

එමෙන්ම ඇස් යට පැහැපත් කිරීමට සහ ඔබේ සමට හොඳ නැවුම් පෙනුමක් ලබා දෙන්නටත් හොඳ නින්ද සමත් වනවා. හොඳනින්දක් ලබාගැනීම සඳහා ඔබට මාතෘ කුෂන් එකක් හෝ මෘදු අක්ෂි ආවරණයක් භාවිතා කළ හැකියි!

5. නිවැරදි ලෙස සම පිරිසිඳු කිරීම

ගර්භනී අවධියේදී, ඔබේ ශරීරය හරහා සිදුවන හෝමෝන වෙනස්කම් වළක්වා ගැනීමට ඔබට කළ හැකි කිසිවක් නැත. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් සමඟ කටයුතු කිරීමට ඔබේ සමට අවශ්‍ය සත්කාරය ඔබට සපයන්නට පුළුවන්.

ගර්භනී අවදියේ මාස නවයක ගමන තුළ ඔබ භාවිතා කරන නිෂ්පාදන මෘදු විය යුතු අතර හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවිය යුතුය.

ගර්භනී සමයේ රූමත් බව

සමේ අපද්‍රව්‍ය, දුහුවිලි මෙන්ම මේක් අප් ඉවත් කරන්නට වගබලාගන්න. එමෙන්ම ඔබේ සමේ pH මට්ටම පවත්වා ගෙන යන ක්ලෙන්සර් එකක් භාවිතා කරන්නටත් අමතක කරන්න එපා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දිනකට දෙවරක් භාවිතා කරන මෘදු පිරිසිදුකාරකයක් මඟින් ඔබේ සම පිරිසිදුව තබා ගැනීමටත්, ඔබේ මුහුණ මෘදු හා නැවුම්ව තබා ගැනීමටත් වගබලාගන්න.

6. ගර්භනී සමයේ රූමත් බව වැඩි කරගන්න පමණ ඉක්මවා නොයන්න

ගර්භණී සමයේදී සමේ කඩතොලු වීම්, පැල්ලම් ඇතිවීම හෝ ඔබේ සම ස්වභාවය වෙනස් වීම ගැන කනස්සලු වීම  කරදර වීම සාමාන්‍ය දෙයක්.

බොහෝ ගැබිනි මව්වරුන් මෙම කඩතොලු සම ගැලවීමට උත්සාහ කරනවා. මේ දෙය කිසි විටෙකත් කරන්නට එපා!

ගර්භණී සමයේදී ඔබේ සම වඩාත් සංවේදී වනවා. මේ නිසා සම සමඟ දැඩි ලෙස ප්‍රතික්‍රියා කරන කිසිවක් භාවිතා නොකරන්නට වගබලාගන්න.

මෘදු ආලේපනයක් ගල්ල්වා සම නැවුම්ව හා සුමුදුව තබාගන්න. කුරුලෑ කැඩීමෙන් හෝ කඩතොලු කඩන්නට යාමෙන් වලකින්න.

7. සූර්ය රශ්මියෙන් ආරක්ෂා වීම

ගර්භණී සමයේදී ඔබේ සම සූර්යයාට ඉතා සංවේදී වනවා.

එළි මහනට යාම ගැන තීරණය කිරීම ඔබට අභියෝගයක් වනවා. ඔබට එළිමහනට යාමට අවශ්‍ය වුවත් ඔබ අව්වේ පිච්චෙන්නට කැමති නැහැ.

සන් ස්ක්‍රීන් වල අඩංගු ඒවායේ ඔක්සිබෙන්සෝන්, ඔක්ටෝක්‍රයිලීන් සහ සමජාතීය වැනි හානිකර රසායනික පෙරහන් අඩංගු වන බැවින් මෙම අවදියේ සන් ස්කීන් භාවිතයත් ඔබ මග හරිනවා.

එසේ නම් විසඳුම කුමක්ද?

සින්ක් ඔක්සයිඩ් හෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් වැනි ඛනිජ පෙරහන් අඩංගු ගර්භණී හිතකාමී සන්ස්ක්‍රීන් කීම් හෝ දියර සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ ඔබේ දේශීය ඖෂධ හලෙන් විමසා සිටින්න.

මේවා නිෂ්ක්‍රීය ඛනිජයන් වන අතර එය ඔබේ සම UVA සහ UVB කිරණ වලින් ආරක්ෂා කරනවා.

මේවා භාවිත කලත්, දැඩි හිරු කිරණට නිරාවණය නොවන්නට ප්‍රවේසම් වන්න.

පුළුල් ආවරණ සහිත තොප්පි පැළඳීමෙන් ඔබට හිරු රශ්මිය පාලනය කරගත හැකියි.

8. වේශ නිරූපණ මාර්ගෝපදේශය

ගර්භනී අවදියේදී ඔබේ මුහුණේ සම මත පැල්ලම්, කුරුලෑ, අඳුරු කව හෝ වර්ණක ඇතිවීමේ ප්‍රවණතාව ඔබ අත්දකීවි.

මේවා වසන් කිරීමට ඔබට රූපලාවන්‍ය ආලේපන භාවිත කරන්නට සිදු වේවි. ඉතින් මෙම ලප කැලැල් සැඟවීමට හොඳ ප්‍රමිතියෙන් යුත් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරන්නට  වගබලාගන්න.

9. විෂ සහිත අමුද්‍රව්‍ය ඉවත් කරන්න

බොහෝ ගර්භනී මව්වරුනට ගර්භණී සමයේදී තම සමට යහපත් නොවන දේ පිළිබඳව වැඩි අවබෝධයක් නැහැ.

පැරබීන්, තැලේට්, ෆෝමල්ඩිහයිඩ්, ටොලුයින්, ඩයිහයිඩ්‍රොක්සිඇසිටෝන් (ඩීඑච්ඒ), ඇලුමිනියම් ක්ලෝරයිඩ්, සැලිසිලික් සහ බීටා-හයිඩ්‍රොක්සි අම්ල වැනි රසායනික ද්‍රව්‍ ටතිබෙනවා.

මේවා ඔබේ සමට අතිශයින්ම හානිකර බලපෑම් ඇති කළ හැකිය.

කුරුලෑ කීම් වලද රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර ඔබේ සම හරහා ඔබේ බවටත් අවසානයේදී ඔබේ දරුවාගේ රුධිරයටත් අවශෝෂණය කරගත හැකිය.

මේ නිසා ක්‍රීම් හා වෙනත් ආලේපන භාවිතා කිරීමට ප්‍රථමයෙන්, ලේබලය ඉතා හොඳින් කියවා එහි ඇති අමුද්‍රව්‍ය පරීක්ෂා කරන්නටත් අමතක කරන්න එපා.

ඔබට සැකයක් හෝ ගැටළුවක් තිබේ නම් එය භාවිතා කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගන්නට වගබලාගන්න.

10. වැඩෙන උදරය ගැන අභිමානයෙන් ඉන්න

ගර්භනී සමය සුන්දර ගමනකි, නමුත් බොහෝ ගැබිනි මව්වරුන් තමන් ඳින පළඳින දේ ගැන නිතරම ව්‍යාකූල බවින් යුක්තය. ඉතින් මේ ව්‍යාකූලත්වයට විසඳුමක් තිබෙනවා!

ගර්භණී සමය විලාසිතා කර්මාන්තයේ නව ස්ථානයක් ගන්නවා. ඔබට සුවපහසු මෙන්ම නවීන විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් අද විවිධාකාරයෙන් තිබෙනවා.

ඔබේ වඩෙන උදරය ලස්සනට පෙන්වනවා වගේම ගතට සුවපහසු ඇඳුම් අඳින්නට වගබලාගන්න.

ගර්භනී සමයේ රූමත් බව

ගැබිනි මව්වරුනි, මෙය ඔබට අභියෝගාත්මක කාලයක් විය හැකියි.

ඔබ කනස්සල්ලට පත්වන බොහෝ දේ සමඟ, ඔබට දැන් ‘ගර්භනී සමයේ රූමත් බව රැකගැනීම’ ගැන කරදර වන්නට අවශ්‍ය නැහැ.

ඉහත පියවර අනුගමනය කරන ගම්න්ම, ඔබේ රූමත් බව තීව්‍ර කරගන්නට ලස්සක සිනහවකින් ඔබේ මුව සරසාගන්නට අමතක කරන්න එපා.

සිනහව යනු ඔබව වඩාත් සුන්දර කරවීමෙ ලොකුම රහසයි. ඔබේ හිතේ සතුට පවත්වාගන්නවා නම්, රැකගන්නවා නම්, සිනහව නිතැතින්ම ඔබව වෙලාගන්නව ඇත.

ඉතින් සිතේ සතුට පුරවාගෙන, ලස්සන සිනහවෙන් මුව සරසාගන්න.

ඔබ ඔබටම ලස්සනට සාත්තු සප්පායම් කරගෙන මේ දස මාසයේ ගර්භනී ගමන අති සුන්දර එකක් කරගන්න.

මූලාශ්‍ර: parenting.firstcry.com

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භනී සමයේ රූමත් බව රැකගන්න කළ හැකි දේවල් 10ක්
බෙදාගන්න :
  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

    පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

    පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it