ඔබ මවක් වූ විට, ඔබ කවදාවත් මීට පෙර නොදැන වුන් භාණ්ඩ බොහොමයක් ඔබේ හොඳම මිතුරා බවට පත් වේ. බේබි වයිප්ස් ද(baby wipes) මේ ගණයට අයත් වේ.
පුංචි තට්ටම් පිසිමේ සිට පුංචි අත් මුහුණු පිසීම දක්වා වු සියලුම ආකාරයේ ළදරුවන්ගේ හදිසි අවස්ථාවන් ඒවා සඳහා මව්වරුන් භාවිතා කරනවා.
එහෙත්, දරුවන් සම්බන්ධ කාර්යයන් සඳහා හැරෙන්නට තවත් විවිධ දේ සදහා මේ බේබි වයිප්ස් භාවිතා කල හැකි බව මෙම බේබි වයිප්ස් භාවිතයන් ගැන කියවන්න , මව්වරුනි ඒවා පුංචි තට්ටම් හා මුහුණු පිසදැමීමට පමණක් නොවේ.
1. ඇඳුම්, බුමුතුරුණු හා කුෂන් කවර වල පැල්ලම් ඉවත් කිරීම
ඔබගේ සුදු සෝෆාව මත කුරුටු ගා තිබීම
හෝ ඔබ අලුත් කාපර්ට් එක මත පැල්ලමක් පැල්ලමක් තිබීමට වඩා නරක දෙයක් තිබිය නොහැකිය. ඒ වගේම ඔබගේ අළුත් ඇඳුම පුරාවටම අපිරිසිදු පුංචි ඇඟිලිවලින් ඇතිවන පැල්ලම් (කුමක් වුවත්, ඔබේ දරුවා විසින් එය අත් පිස්නාවක් ලෙස භාවිතා කරනු ලැබීම නිසා) ගැන මොකද හිතෙන්නේ ?
ස්පොන්ජියකින් මෙම පැල්ලම්වලින් තදින් අතුල්ලනවා වෙනුවට, ඔබේ කෑම කාමරයේ සුවපසුවෙන් අතුරා ඇත ිBaby wipes භාවිතා කරන්න. ඒවා කොතරම් කාර්යක්ෂම පැල්ලම් ඉවත් කරනයන්ද ඔබව පුදුමයට පත් කරාවි.
2. ඔබගේ යතුරු පුවරුව (Key board) පිරිසිදු කිරීම
ඔබගේ යතුරු පුවරුවෙහි කුණු හා විෂබීජ ගොඩවල් එකතු වී හැකිය. එහෙත් ඔබේ කාර්යබහුල මවක් ලෙස ඔබේ ලැයිස්තුවේ ඇති අවසාන කාරණය එය පිරිසිදු කිරීම විය හැකිය. ඔබේ සාප්පු ලැයිස්තුවේ 'යතුරු පුවරුව පිරිසිදු කිරීමේ පිස්නා' ලිවීමට මතක් වෙන්නේ කොපමණ කාලෙකින්ද?
මව්වරුනි Baby wipes භාවිතා කරන්න.හරිම පහසුයි, එය ඇත්තෙන්ම පහසුවෙන්ම කුණු ඉවත් කරනු ලබයි .
3. ඔබේ අත්බෑග් සහ සපත්තු පොලිෂ් කිරීම
ඔබේ සුන්දර අත්බෑගයේ ඇති යෝගට් පැල්ලම් පිරිසිදු කිරීමට කෙළ භාවිතා කිරීමට තවදුරටත් අවශ්‍ය නැත. ඔබේ බෑගයේ මතුපිට පිරිසිදු කිරීමට Baby wipes එකක් භාවිතා කරන්න, ඒ මගින් පිරිසිදු,දිලිසෙන හා නව පෙනුමක් ලැබේ. .ඔබේ සපත්තු සඳහාද මෙය අදාල වේ. ඉක්මනින් පිරිසිදු කිරීමක් මෙන්ම පොලිෂ් වීමක් සදහා Baby wipes සුදුසු වේ.
4. ඔබේ මේකප් ඉවත් කරන්න
විලාසිතා ලෝකයේ අපූරු රහසක් අපි ඔබට කියන්නයි මේ සුදානම් වෙන්නේ, දවසේ අවසානයේ දී ඔබගේ මුහුණේ මේකප් ඉවත් කිරීමට මෙන්ම සම මත ඇති දෑ ඉවත් කර ගැනීම සඳහා Baby wipes භාවිතා කරන්න. ඔබට විශේෂයෙන් මේකප් ඉවත් කරන විප්ස් මිලදී සිදු නොවීමෙන් මුදල් ඉතිරිකර ගත හැකි අතර , සෑම විටම, Baby wipes සොයා ගත හැකි අතර එය ඉතා පහසු විකල්පයක්ද වෙනවා.
5. ලාච්චු නැවුම්ව තබා ගැනීම
ඔබේ ලාච්චු සහ bedsheet කබඩ් එක ආශ්චර්යමත් සුවඳක් සහිතව තබා ගැනීමට, Baby wipes කුඩා කොටු කපන්න, ඔබේ ප්‍රියතම එසෙන්ස් තෙල් බිංදු කිහිපයක් එකතු කර (මම ලැවැන්ඩර් යෝජනා කරමි.) ඒවා ඔබේ ලාච්චුවල බහාලන්න. ඒවා ඔබේ ඇඳුම් පැළඳුම් හා bedsheet නැවුම් සුවඳකින් තබනු ඇත.
6. ලොම් බෝල කරදරේ ඉවරයි.
ඔබේ නිවසේ සෑම තැනකම ඔබේ සුරතලාගේ ලොම් විසිරීම වැලැක්වීමට ඔබේ සුරතලා සෑම දිනකම දැඩිලෙස පීරීම අමතක කරන්න. කලින් කලට Baby wipes වලින් ඒවා අතුල්ලන්න . එය ඉතා ඉක්මනින් සියලු ලිහිල් ලොම් එකතු කරගනු ඇත, ඒ වගේම එය ඔබගේ සුරතලාට නැවුම්ම නැවුම් ඩේසි සුවඳක් ලබා දෙනු ඇත.
7. දහඩිය පැල්ලම් ඉවත් කරන්න.
ඔබගේ ඩියෝඩ්රන්ට් සම්පූර්ණයෙන්ම වියළී යාමට පෙර ඔබගේ කළු බ්ලවුසය හිසෙන් පැන්නවීමට කීවරක් කඩිනම් වී තිබෙනවාද?
Baby wipes ගැලවීම වෙයි. ඩියෝ පැල්ලම උඩට පිරිමදින්න. එය නොපෙනී යාවි.
8. ඔබේ කාර් කවුළු පිරිසිදු කිරීම
ඔබේ වින්ඩ්ස්ක්රීන් එක මත කුරුල්ලෙකු අපද්‍රව්‍ය දමා තිබේද ? කිසිදු ගැටළුවක් නැත. ඔබ Baby wipes එකක් ගෙන පිසදමා(සියලු මව්වරුන් ඔවුන්ගේ මෝටර් රථ තුළ මේවා තබා ගෙන සිටියි) එය පිරිසිදු කරන්න. සරලයි
9. පීඩනයට පත් සම මෘදු කිරීම
ඔබ ටිකක් දිගු කාලයක් පුරා හිරු එලියේ සිටගෙන සිට ඔබේ සම රතු සහ පිලිස්සුන ස්වභාවයක් ඇති බවට පත්ව ඇත්නම් , Baby wipes කිහිපයක් මේ පීඩාවට පත් සම මත තබන්න. ඔබ කෝමාරිකා ජෙල් ටිකක් ආලේප කරන තුරු එය ඔබේ සම සංසුන්ව හා මෘදුව තබා ගැනීමට උදව් කරයි.
10. කැපීම් හා සිරීම්
ගලා යන ජලය නොමැති අවස්ථාවන් හිදි විෂබීජ නාශක ආලේපනයක් ආලේප කිරීමට පෙර තුවාල හා සීරීම් වල Baby wipes වලින් ඉතා ඉක්මනින් කුණු ඉවත් කල හැකිය. ඒවා ඉතා මෘදු බැවින්, තුවාලයේ වේදනාවක් ඇති කරන්නේ නැති නමුත් ඒවා ඵලදායීව (හා ඉක්මණින්) කුණු ඉවත් කරනු ලබයි.
එහෙනම් අම්මේ තාත්තේ ඔයාලට ඒ දේ තියෙනවා. වෙනත් බොහෝ දේ සඳහා Baby wipes භාවිතා කළ හැකි බව ඔබ සිතුවද? දැන්ම ඒවා මත ගබඩා කර ගන්න. අපිට භාවිතා කරන කාරණා මගහැරී ඇත්නම් ඒවා අපට කියන්න අමතක කරන්න එපා.
ගෙදර භාවිතා වෙන මේ වගේ පුංචි දේවල් වලින් ගොඩාක් දේවල් කරන්න පුලුවන්. ඉතින් මේ Baby wipes , Multitasking wipes බවට පත්වෙන අපූරු තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණී