theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසුතියේදි සහකරු අතින් අල්ලගෙන හිටියහම වේදනාව අඩුවෙනවාලු

5 අවම කියවීම
දරු ප්‍රසුතියේදි සහකරු අතින් අල්ලගෙන හිටියහම වේදනාව අඩුවෙනවාලුදරු ප්‍රසුතියේදි සහකරු අතින් අල්ලගෙන හිටියහම වේදනාව අඩුවෙනවාලු

සැමියාගේ ස්පර්ශය බිරිදගේ විලිරුදාව සමනය කරන බව අධ්‍යයනයක් ‌හෙළිකරයි.

ඔබේ දරු ප්‍රසූතියේදී සැමියාගේ උදව් අත්‍යවශ්‍ය ඇයි කියලා අපි අද මතක් කරනවා. ඒ ඇයි කියලා දැනගනිමු.

දරු ප්‍රසුතියේදි දැනෙන ‌වේදනාව කියන්න වෙනම වචන අවශ්‍ය නැහැනේ නේද? 

දරු ප්‍රසුතියේදි සහකරු අතින් අල්ලගෙන හිටියහම වේදනාව අඩුවෙනවාලු

 සාමාන්‍ය දරු ප්‍රසුතියට මුහුණ දුන්න මවක් නම් ඒ සජිවි වේදනාව කොච්චරද කියලා හොදට දන්නවා.

ඔබ ඒ වේදනාව විදලා නැතිනම් ඒ ගැන අදහසක් නැතුව ඇති නේද? ඒක ලෝකයේ විශාලම වේදනාවන් අතරින් එකක්.

 ඒ වේදනාව සමනය කරන්න එක් එක් ක්‍රම ලෝකය මේ වෙන කොට අත් හදා බලලා තියෙනවා.

 විවිධ වේදනා නාශක, සිනහා වායුව ඒවායින් කිහිපයක්. 

මේ අතර අධ්‍යනයක් අලුතින් හෙලි කරන කරුණ ඔබ දන්නවාද?

 දරු උපතේදි සහකරුගේ අතින් අල්ලගෙන සිටීමෙන් වේදනාව තුනී වෙනවාලු.

ඇත්තටම එය සැබෑවක් වෙන්න ඇති නේද?

අපි ආදරය කරන, අපි විශ්වාස කරන, ලග ඉන්නකොට අපිට ලොකු ආරක්ෂාවක් දැනෙන පුද්ගලයා ඒ වේදනාත්මක මොහොතේ අපේ අතින් අල්ලගන්නවා නම් ලොකු සැනසීමක් ලැබේවි නේද? 

ඇත්තටම සහකරුගේ ආදරය හා සැලකිලිමත් බව මෙයින් පෙන්වුවද එය ඉක්මවා යන මානසික සැනසීමක් දරු ප්‍රසුතියේදි මවට ලගා වෙන බව නවතම අධ්‍යනයක් හෙලිදරව් කරගෙන තියෙනවා.

එය ඇයගේ ශාරිරික වේදනාව සමනය කිරීමට උපකාරී වෙනවාලු. 

 ප්‍රසුතියේදි දැනෙන ‌වේදනාව සමනය කර ගැනීමට ඔබේ සහකරුගේ අත අල්ලගන්න

දරු ප්‍රසුතියේදි සහකරු අතින් අල්ලගෙන හිටියහම වේදනාව අඩුවෙනවාලු

සහකරුගේ ස්පර්ශය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන බව කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින් සොයා ගත්තා.

මෙම ලිපියෙන් මිනිස් ස්පර්ශයේ බලය හා වැදගත්කම විදහා දක්වන බව අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන පවෙල් ගෝල්ඩ්ස්ටයින් Medical Daily වෙත පැහැදිලි කළා. 

එහිදි ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් මෙම අධ්‍යයනය සදහා හේතු වු අයුරු ඔහු මතක් කලා.

වෛද්‍ය ගෝල්ඩ්ස්ටයින්ගේ බිරිඳ දරු ප්‍රසූතිය සිදු කල විට ඔහු ඇගේ අත අල්ලාගෙන සිටී අතර එය  ඇගේ වේදනාව සමනය කිරීමට උපකාරී වන බව ඔහු දුටුවා. 

එබැවින් ඔහු න්‍යාය පරීක්ෂා කිරීමට තීරණය කළා.

ඒ අනුව හයිෆා විශ්ව විද්‍යාලයේ කණ්ඩායම්වලද සහාය ඇතිව ඔහු වයස අවුරුදු 22 ත් 32 ත් අතර විෂමලිංගික ජෝඩු 22 ක දත්ත එක්රැස් කලා.

එහිදි වේදනාව අත්විඳින අතරතුර ඔවුන්ගේ මොළය ස්පර්ශයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබද ඔහු පරීක්ෂා කළා.

ඔබ ඔබේ සහකරුගේ අත අල්ලාගෙන සිටින විට, ඔබේ මොළය ඒ ස්පර්ශය හා එකම අනුපාතයකින් ක්‍රියා කරනවා. 

මෙම අධ්‍යනයේදි අවම වශයෙන් අවුරුද්දක් වත් එකට ජිවත් වු යුවළයන් තෝරා ගත් අතර කාන්තාවට මෘදු වේදනාවක් ලබා දෙන අතරතුර අත අල්ලා සිටින ලෙස සහකරුට දැන්වුවා.

දෑත් අල්ලා සිටින විටද හා එසේ නොවන විටදි ඔවුන්ගේ මොළ තරංග ප්‍රතිචාර විද්‍යුත් විච්ඡේදක විද්‍යාව (ECG) මගින් නිරීක්ෂණය කළා. ඒ සදහා ඔවුන්ගේ නළලට අවම තාපයක් යොදන ලදි.

එහිදි ඔවුන් පහත කරුණු සොයා ගනු ලැබුවා.

  • ඔබ ඔබේ සහකරුගේ අත අල්ලා ගත් පසු, ඔබේ හුස්ම ගැනීම, හෘද ස්පන්දන වේගය සහ මොළයේ ක්‍රියාකාරිත්වය එම ස්පර්ශය හා එකම අනුපාතයකට පත් වෙනවා.
  • ස්පර්ශ නොකර වුවද, ECG වල යම් ආකාරයක මොළ තරංග එකම අනුපාතයකින් ක්‍රියා කරන බව සොයා ගත්තා. 
  • කාන්තාවට තම සහකරු කෙරෙහි දැනෙන සංවේදනය වැඩි වන තරමට එය මොළය එකම අනුපාතයකින් ක්‍රියා කිරීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනවා.
  • යුවළකගේ මොළය එකම අනුපාතයකින් ක්‍රියා කරන විට, එය වේදනාව දැනීම අඩු කරනවා.
  • මෙම අධ්‍යයනය මේ සම්බන්ධව කල නවතම අධ්‍යනයයි.

අපූරුයි නේද?

ඔබ හිතනවාට වඩා දෙයක් සැමියෙකුගේ ස්පර්ශයකට කරන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දෙදෙනෙක් හදවතින්, හිතින් හා ගතින් බැදෙද්දි ඒ දෙදෙනා අතර සම්බන්ධතාවය අති විශාලයි.

ලොව ලොකුම වේදනාවන් අතුරෙන් එකක් වෙන ප්‍රසව වේදනාවටත් ඒ ආදරණිය ස්පර්ශයට අභියෝග කරන්න දැන් පුළුවන් කියලා සොයා ගැනීමත් ආඩම්බරයක් නේද?

දරු ප්‍රසුතියේදි දැනෙන ‌වේදනාව සමනයට බිරිදට ප්‍රසූතියේදී සැමියාගේ උදව් කල යුත්‌තේ ‌මෙහෙමයි

දරු ප්‍රසුතියේදි සහකරු අතින් අල්ලගෙන හිටියහම වේදනාව අඩුවෙනවාලු

ඔබ දරු ප්‍රසුතියට මුහුණ දී නොමැති නම් එහි වේදනාව ඔබ දැන සිටින්නට නොහැකි විය හැකිය. නමුත් ඇය ඉදිරියේ ඒ අවස්ථාවේදි පෙනි සිටිමින් හෝ සවන් දෙමින් ඔබට ඇයට ඒ සදහා උදව් කරන්න උපරිමයෙන් උත්සහ කරන්න පුළුවන්.

ඒ ගැන වැඩිදුර දැනගන්න අපේ තාත්තලා කැමති ඇති ‌නේද? ප්‍රසුති‌යේදි අත අල්ලා සිටීම ඇයගේ ‌වේදනාව සමනය කරන්න පුළුවන් තමයි.

මෙලෙස ඔබේ සහකරුගේ අත අල්ලගන්න එක හැරුණු විට, ප්‍රසූතියේදී සැමියාගේ උදව්  කල හැකි ‌මේ ආකාර මතක තබා ගන්න.

  • දරු ප්‍රසූතියේ ආරම්භක අවස්ථාවේදි ඔබේ බිරිඳ ලගින් සිට ඇයව  ප්‍රීතිමත් කරන්න.
  • අවශ්‍ය විටදී ඔබේ බිරිඳගේ මුහුණ පිස දමා ඔවුන්ට වතුර හෝ අයිස් කැට දෙන්න (ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව)
  • ඔබේ බිරිඳගේ උරහිස් සහ කොන්ද සම්බාහනය කරන්න.
  • ඔබේ බිරිඳට ඇවිදීමට හෝ අවශ්‍ය විට ඇඳෙහි ඉරියව් වෙනස් කිරීමට උදව් කරන්න.
  • ප්‍රසුතිය උත්සන්න වන විට ඔවුන්ට දිරිගැන්වීමේ වචන පවසමින් මානසික සහයක් ලබාදෙන්න.
  • විවේකය සහ හුස්ම ගැනීමේ ක්‍රම භාවිතා කිරීමට ඔවුන්ට උදව් කරන්න.
  • ඔබගේ ප්‍රසුතියේ සැලැස්මේ වෙනස් වුයේ නම් (උදා: හදිසි වේදනා නාශක ක්‍රම තෝරා ගැනීමට) සහය වන්න.
  • ප්‍රසුති ක්‍රියාවලිය පුරාම ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමට කිරීමට වග බලා ගන්න. ඔබේ බිරිඳගේ අවශ්‍යතා සහ ඇයගේ බිය පවා ඔවුන්ට කියන්න.
  • දරු ප්‍රසූතිය නොතකා සිටිය නොහැකි තරම් බලවත් නිසා  ඔබේ බිරිඳ සහ වෛද්‍යවරයා අතර සම්බන්ධිකරණය පවත්වා ගන්න. ප්‍රසුති ක්‍රියාවලිය පිළිබඳ ඇගේ ප්‍රශ්නවලට පිළිතුරු දී ඔබේ දරුවා ඉපදුණු පසු සිදුවන්නේ කුමක්දැයි ඇයට පවසන්න.
  • ඔබ ගැනත් සැලකිලිමත් වීමට අමතක නොකරන්න. ආහාර ගැනීම සහ විවේක ගැනීම වැනි  ඔබේ අවශ්‍යතා ගැනත් සැලකිලිමත් වෙන්න. එවිට ඔබට ඔබේ බිරිදට ප්‍රසුතියේදි ඉහළ සහයක් සපයන්න පුළුවන්.

මේ ඔබේ ආදරණිය කථාවේ සුවිශේෂි සංධිස්ථානයක්. ඇයගේ වේදනාව තුනී කරගන්න ඔබට හැකියි.

ඒ ඔබගේ ඇස් දෙකෙන් දැක හෝ කන් දෙකෙන් අසා ඒ ‌වේදනාව දරා ගැනීමෙන් පමණක් ‌‌නො‌වෙයි.

ඔබගේ ආදරණිය ස්පර්ශය ඇය වෙත ලබා දීමෙන් ඔබට ඇයගේ වේදනාව තුනී කරන්න පුලුවන්.

ඔබට මේ සම්බන්යෙන් ගැටලුවක් ඇතිනම් හෝ අදහස් දක්වන්න අවශ්‍ය නම් පහතින් සටනක් යොදන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • දරු ප්‍රසුතියේදි සහකරු අතින් අල්ලගෙන හිටියහම වේදනාව අඩුවෙනවාලු
බෙදාගන්න :
  • Simply Holding Hands Can Help Ease Labour Pain, Suggests Study

    Simply Holding Hands Can Help Ease Labour Pain, Suggests Study

  • Husband Reimburses Wife For 6 Months' Worth Of Breast Milk

    Husband Reimburses Wife For 6 Months' Worth Of Breast Milk

  • Simply Holding Hands Can Help Ease Labour Pain, Suggests Study

    Simply Holding Hands Can Help Ease Labour Pain, Suggests Study

  • Husband Reimburses Wife For 6 Months' Worth Of Breast Milk

    Husband Reimburses Wife For 6 Months' Worth Of Breast Milk

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it