theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා සිනහා ගැන්වීමට අපූරු ක්‍රම දහයක් මෙන්න

4 අවම කියවීම
ඔබේ දරුවා සිනහා ගැන්වීමට අපූරු ක්‍රම දහයක්  මෙන්නඔබේ දරුවා සිනහා ගැන්වීමට අපූරු ක්‍රම දහයක්  මෙන්න

ළදරුවන් සිනහා ගන්වන්නේ කොහොමද?

ඔබේ දරුවා සිනහා ගැන්වීම ඔබේ දවසම දීප්තිමත්ව තබාවි.  ඔබේ දරුවා වෙන කවරදාටත් වඩා සිනහවෙන් තැබිය හැකි හොඳම මාර්ග 10 ඉගෙන ගන්න.

ඔබගේ දරුවාගේ මුහුණේ සිනහවක් දැකීම හෝ එය ඇසීම තරම්  හොඳ දෙයක් නම් කිරීමට පවා අමාරුයි.

ඔවුන්ගේ සිනහවට කාමරයම ආලෝකවත් කළ හැකි අතර, ඔවුන් සිනාහවක්  ඔබගේ දවස නිම නොවන ප්‍රීතියෙන්  පුරවාවි.

එසේ නම් දරුවා සිනහා ගැන්වීම හැම විටම  ඔබට කල හැකි සියල්ල නොකරන්නේ ඇයි?

වාසනාවකට  අද අපි කරන්නට අදිටන් කරගන්නේ එයයි. ඔබේ දරුවා සිනහා ගැන්විය  හැකි ක්‍රම දහයක් අපි බලමු.

ඒ වගේම ඔවුන්ව අන් කවරදාටත් වඩා සිනහා ගන්වමු. අපගේ ලයිස්තුව පරීක්ෂා කර බලන්න.

ඔබේ දරුවා සිනහා ගැන්වීම

ඔබේ දරුවා සිනහා ගැන්වීමට අපූරු ක්‍රම දහයක්  මෙන්න

 1.  "Blowing raspberries" 

මේ සදහා තවත්  බොහෝ නම් තිබිය හැක. නමුත් එය ඔබ නොදන්නවා නම්  ඔබ ඔබේ තොල් දරුවාගේ බන්ඩිය මත තබා පිඹීම එයයි.

එය අනිවාර්යයෙන්ම පුංචි  හිනා හඩක් ලබාදේවි. ඒ මගින් ඔබේ දරුවාට නොනවතිනා සිනාවක් ඇතිවේවි .

ඔබට මේ සෙල්ලම පුංචි පැටියාගේ යටිපතුල් වලටද  කල හැක, එය දරුවාගේ ශරීරයේ සිනාහව සදහා වඩාත් සංවේදී  ස්ථානය වේ.

 2. පීකාබෝ  කරමු.

මෙය  බිළිඳෙකුගේ  සිනහවක් ඇති කිරීමට පිලි ගත් ක්‍රමයකි. එය සරලයි.

ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ ප්‍රසන්න හැසිරීමක්, සැහැල්ලු ස්වරයෙන් කථා කිරීම හා දෑත් පමණයි.

කෙසේවෙතත්, ඔබ දරුවන්ට උත්තේජනය කිරීම  සඳහා වර්ණවත් වස්තූන් පිටුපස සැඟවීම වැනි  විවිධාකාර ක්‍රීඩා එකතු කරගැනීමට ඔබට පුළුවන්.

වර්ණවත් බ්ලැන්කට්ටුවක් , කොට්ටයක් හෝ පිරවූ සතෙක් භාවිතා කරමින් උත්සාහ කර ඔබේ දරුවා කොතරම්  සිනා වේ දැයි  බලන්න.

3. වැඩිමල්  දරුවන් / සහෝදර සහෝදරියන්

ඔබේ දරුවා වැඩිමල්  සහෝදර සහෝදරියන්ගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් මහත් සතුටක් ලබනවා.

එනම් ඒ මගින් ඔවුන්  ශක්තිමත් බැඳීමක් ඇති කරගන්නා අතර සැමවිටම ඔවුන්ගේ ජීවිතවල කොටසක් කර ගන්නා අය සදහා ආදරයක් දක්වනවා.

තවද, හැගීම් වලින් බලපෑමක් ලබා ගැනීමට වැඩිමල් සහෝදර සහෝදරියන්ගේ හාස්‍ය උපදවන සුළු හැසිරීම් වලට පුංචි දරුවන් නැඹුරුතාවක් දක්වනවා.

ඔබේ අනිත් දරුවන්  අතර ඇති බැඳීම ශක්තිමත්  කිරීම  සඳහා එය හොඳ ක්‍රමයක්  වන අතර එය ඔබේ මුළු පවුලටම ප්‍රිතියෙන් තබාවි.

ඔබ ළදරුවා පවුලේ සිටින එකම දරුවා නම් ඒ වෙනුවට  පවුලේ වෙනත් සාමාජිකයන් සම්බන්ධ කරගැනිමට ඔබට උත්සාහ කළ හැකිය.

 4. සිනහා උපදවන ශබ්ද

අළුත් අම්මාට තාත්තාගේ උදව් 5

 

සමහර වෙලාවට වැඩිහිටියන් පවා හාස්‍ය උපදවා ගැනීමට මෙවැනි ශබ්ද භාවිතා කරනු ලබයි. ඔබ ඔබගේ දරුවා වටා හාස්‍ය උපදවන ශබ්දයන් ඇති කිරීමට උත්සාහ කරන්න

. එයින් ඔවුන් ප්‍රමෝදයට  පත්වේ දැයි බලන්න.

ඔබට අත්හදා බැලීමට සිදුවිය හැකි, නමුත් ඔබේ හාස්‍ය උපදවන  ශබ්ද මුදාහැරීම  ඔබේ ළදරුවන්ගේ මුහුණට සිනහවක් ඇති  කිරීමට හෝ ඔබ හොද සිනහා සැසියක් ඇති කිරීම සදහා විය හැකිය.

5. සතුන් 

පිරවූ විවිධාකාර සතුන් පමණක්  නොවේ. අපි සැබෑ සතුන්ද අදහස් කරනවා. ඔබට මිත්‍රශීලී හා දරුවාට ආරක්ෂිත,  සෙල්ලම් කිරීමට කැමති සුරතලෙක් සිටියි නම්  දෙදෙනාට එක්ව සෙල්ලම් කිරීමට දෙන්න.

මේ දෙදෙනා එකිනෙකා අතර බැඳීමක් ඇති කර ගන්නා අයුරු මෙන්ම ඔබේ දරුවා ප්‍රීතියෙන්  ඉපිල යන අයුරු  නරඹන්න.

බල්ලා හා බළලුන් සාමාන්‍යයෙන්  ළදරුවෙකු හා සෙල්ලම් කිරීමේ සීමාවන් තේරුම් නොගන්නා  දෙපාර්ශවයටම පමණ ඉක්මවා නොයෑමට  වගබලා ගන්න.

6.  විසුළු  මුහුණු වලින් සිනහා ගැන්වීම

හාස්‍ය උපදවන සුළු මුහුණු සැකසීම ඔබේ දරුවා තුළ සිනහවක් ඇති කිරීමට තවත් ප්‍රචලිත ක්‍රමයකි.

එය සරල, මෙන්ම ස්වභාවිකව විනෝදය සපයන්නක් වෙනවා. තවද පීකාබු වැනි ක්‍රීඩා  සදහා සැබවින්ම ගොඩක් දේවල් අවශ්‍ය නොවේ.

ඔබගේ විවිධ හාස්‍යජනක  මුහුණු ටිකක් හදන්න උත්සාහ කරන්න ඒ වගේම එයට හාස්‍යජනක ශබ්ද එකතු කරමින් විනෝදය තවත් වැඩි කරන්න.

ඔබ ඇත්තටම දරුවන්ව ඇතුලාන්තයෙන්ම සිනහා ගන්වන්න  අවශ්‍ය නම්  ඔවුන්ව සැහැල්ලුවෙන් තබා හාස්‍යජනක  මුහුණු ඇති කරන්න.

 7. විහිලුවට සැපීම

ඔබේ දරුවාගේ ශරීර කොටස් විහිලුවට සැපීමෙන්  අනිවාර්යයෙන්ම ඔහු  සිනාසෙනු ඇත.

ඔබේ සිනාසීමේ හැගීම්  ඔබේ දරුවා සමඟ සෙල්ලම් කිරීම සඳහා හැපීම  විශිෂ්ට ක්‍රමයක්  බව මවා පානවා.  බොහෝ දෙනෙක් මෙම ක්‍රියාව හාස්‍යජනක ලෙස දකිනවා.

එය ඔවුන්ගේ මුහුණේ සිනහවක් ගේනවා පමණක් නොව, ඔවුන්ට සහ ඔබට විනෝදයක්ද ලබා දෙයි.

8. ඔබේ දරුවා සමඟ සිනාසෙන්න.

දරුවා එසවීම

ඔබ සමඟ යමෙකු සමඟ හිනා වෙන විට සෑම දෙයක්ම විනෝදජනක වේ. ඔබට හැකි ඕනෑම වෙලාවක ඔබේ දරුවා සමඟ හිනාවෙන්න අවශ්‍ය වන්නේ අන්න ඒ නිසයි.

ඔබේ දරුවා  සිනාසෙන ඕනෑම  අවස්ථාවක ඔවුන් සමඟ සිනාසීමට හැකි උපරිමයෙන්  උත්සාහ කරන්න.

බොහෝ විට ළදරුවන්ගේ සිනාහවන් සිනහා උපදවන නිසා ඔබ ඒ සදහා උත්සාහ කිරීමට වත් අවශ්‍ය වෙන එකක් නැහැ.

ඔවුන් සමඟ සිනාසෙමින්, ඔවුන් සිනාසෙන සෑම විටම සිනාසෙමින් ඔබ ඔබේ ළදරුවන් සමඟ ඔබේ සබඳතාව ශක්තිමත් කර ගන්න.

 9. "පුසා සහ මීයා" කරමින් සිනහා ගැන්වීම

දණ ගෑමේ කලාවේ දැනටමත් උපරිමයට පැමිණ සිටින  ළදරුවන්ට, සිනා සිනාසීමට එක් විශිෂ්ට ක්‍රමයක් වනුයේ පුසා සහ මීයා  වැනි හඹා යාමේ ක්‍රීඩාවක්  කිරීම වේ.

ඔබේ දරුවාගේ චලන හැකියාව වැඩි කිරීමට ඔවුන්ව නිදහස් කර තබන්න. ඉන්පසු  සෙල්ලමින් ඔවුන්ව හඹායන්න.

එය ඔබේ දරුවා සමඟ සෙල්ලම් කිරීම සඳහා විශිෂ්ට ක්‍රමයක් වන අතර නිසැකව ම ඔවුන්ගේ මුහුණට සිනහවක් එනු ඇත. ඔවුන් නොනවත්වා සිනාසෙන බව සදහන් කිරීම අවශ්‍ය නොවනු ඇති.

10. කුචු කැවීම 

මෙම උපායමාර්ගය හැම දෙනාටම  ක්‍රියාත්මක වේ. ළදරුවන් පමණක් නොවෙයි.

ඔබ ළදරුවාගේ බඩ, කිහිල්, යටි පතුල්, යනාදිය ඔබට කුචු කැවිය හැකිනම්  ඔබ සිනහවක් ගෙන ඒමට නිසැකවම හැකිවෙනු ඇත.

සමහර ළදරුවන්ට අන් අයට වඩා කිචි ඇත. නමුත් ඔබේ දරුවාගේ සුන්දර සිනහව දැකීමට කැමති නම් ඔබ එය අත්විදින්න.

සිනහාවෙන් හිත සතුටින් තබයි. ඔබේ දරුවාට ඒ සතුටට පාර මෙසේ ගෙන එන්නේ The Asianparent Sri Lanka  වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබේ දරුවා සිනහා ගැන්වීමට අපූරු ක්‍රම දහයක් මෙන්න
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

    වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

    වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it