theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

6 අවම කියවීම
සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

කියන ‌දේ අහන්නේ නැති සැමියා එක්ක කටයුතු කරන්න විසදුම් 10 ක්

ඔබේ සැමියා නිතරම ඔබ කියන දේ අහන්නේ නෑ නේද? බිරිඳට සවන් නොදෙන සැමියන් සමාජයේ සුලබයි. එහෙනම් ඔහුව වෙනස් කරන්න ඔබට කරන්න පුළුවන් දේවල් මෙන්න.

අවධානය යොමු කිරීම ආදරයේ වඩාත් අවංක ප්‍රකාශයක් වෙනවා. ඔබ  සවන් දීම එනම් සැබවින්ම ඇහුම්කන් දීම මගින් ඔබේ සහකරුට වඩා හොඳ සන්නිවේදනයකට මග පාදනවා.

එය සෙනෙහස ගැඹුරු කරන අතර ඔබේ බැඳීම ශක්තිමත් කරනවා. නමුත් සමහර විට එහි ගැටළු තියෙන්න පුළුවන්.

නිරන්තරයෙන් අවධානය වෙනතකට යොමු කරන සැමියන් සිටින භාර්යාවන් සඳහා, එය කලකිරීමට හේතුවක් වෙන්න පුළුවන්.

නමුත් පිරිමින් සවන් දෙන්නේ නැත්තේ ඇයිදැයි දැන ගැනීමෙන් විවාහ ආරවුල් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය දැනුම හා සැනසිල්ල ලගා කරගන්න පුළුවන්.

බිරිඳට සවන් නොදෙන සැමියන්: පිරිමින් සවන් නොදීමට හේතු සහ එය වෙනස් කිරීමට ඔබට කළ හැකි දේ

සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

 

  1. ඔබේ සැමියාට සමහර කතාබහ මගහරින්න අවශ්‍ය වු විට කියන දේ අහන්නේ නෑ

 Psychology Today අනුව, පිරිමින් සවන් නොදීමට එක් හේතුවක් වන්නේ අසීරූ සංවාදවලින් වැළකී සිටීමයි.

ඔවුන් මේ සදහා භාවිතා කරන හොඳම ක්‍රමය වන්නේ සංවාදයේ යෙදීම ප්‍රතික්ෂේප කිරීමයි.

නිදසුනක් වශයෙන්, ඔහුට ඔබේ සංවත්සරය අමතක වුවා නම් ඔහුගේ වැරැද්දට මුහුණ දීමෙන් වැළකී සිටීමට හොඳම ක්‍රමය ලෙස භාවිතා කරන්නේ ඔබව නිහඩ කිරීමයි.

විසදුම: 

අසීරූ කාරණා ගැන කතා කරන විට, දොස් පැවරීමෙන් තොරව අවංක වීමට උත්සාහ කරන්න. 

පළමුව ධනාත්මක දේ කෙරෙහි අවධානය යොමු කරන්න.

එවිට ඔබට කරදරකාරී දේවල් ගැන සන්සුන්ව කතාබහ කරන්න පුළුවන්.

මේ මගින් , ඔහුට මග හැරිය නොහැකි වෙන අතර තවත් බොහෝ දේ  කතා බහ කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

  1. ඔහු ඔබව සනසන්න හැකි මානසිකත්වයක නැති විට කියන දේ අහන්නේ නෑ

ඔහු ඔබේ දුක බෙදා ගැනීමට  තරම් මානසිකත්වයක් නොමැති නිසා ඔහු කතා බහ කිරීම නොසලකා හරින්න පුළුවන්.

ඔහුට ඔබ වෙනුවෙන් මානසිකව සැනසිල්ලක් ලබා දිය නොහැකි යන ඔහුගේම සිතුවිලි වලට ඔහු වහල් වී සිටිනවා වෙන්නත් පුළුවන්.

විසදුම්: 

පළමුව ඔහු ඔබට ආදරය කරන බව ඔබට මතක් කරන්න.

 ඔහු නරක මානසිකත්වයකින් සිටින බවක් පෙනෙන්නට තිබුණත්, විවාහයේ තුල සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වයත් කැටි වෙලා තියෙනවා.

ඔහුට මේ මොහොතේ ඇහුම්කන් දීමට අවශ්‍ය නැති  වුනත් ඉදිරි දින වලදීද ඔහු කතා නොකරාවි යැයි එයින් අදහස් කරන්නේ නැහැ.

  1. බාධා කිරීමට ඔහු කැමති නැති විට කියන දේ අහන්නේ නෑ :බිරිඳට සවන් නොදෙන සැමියන්

පිරිමින් ඇහුම්කන් නොදීමට තවත් හේතුවක් වන්නේ, ඔවුන් ඇතැම් කාර්යයන් කෙරෙහි තදින් අවධානය යොමු කිරීමයි.

ඔවුන් කාන්තාවන් මෙන්  බහු කාර්යයන් කිරීමට එතරම් දක්ෂ නැහැ.

ඒ නිසා ඔහු සවන් නොදීමට හේතුව වෙනත් දෙයක් ඔහුගේ අවධානය අවශ්‍ය වීම වෙන්න පුළුවන්.

විසදුම්: ඔහු කාර්යබහුල බව දුටු විට වඩාත් ඉවසිලිවන්ත වීමට උත්සාහ කරන්න.

ඔහු වැඩය නිම කල  කළ පසු ඔබට කතා කිරීමට අවශ්‍ය බව ඔහුට දන්වන්න. නමුත් ස්ථිරව හා ආදරයෙන් එය කරන්න.

  1. ඔහු වෙනත් දේවල් ගැන සිතමින් සිටින විට සවන් දෙන්නේ නැහැ:බිරිඳට සවන් නොදෙන සැමියන්

සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

සැමියා වෙනත් කාන්තාවක් ගැන සිතනවා කියන්න අපි මෙහිදි අදහස් කරන්නේ නැහැ. 

ඔහුගේ මනස වෙනත් කාරණා කෙරෙහි යොමු වෙන්න පුළුවන්. එය ඔහුගේ වැරදි ලැයිස්තුව තරම් සරල  වෙන්න පුළුවන්.

ඒ වගේම එය ඔබගේ සම්බන්ධතාවයට කිසිදු සම්බන්ධයක් නැහැ.

විසදුම: අවධානය වෙනතකට යොමු නොකරන්න. කාන්තාවන්ට මෙන්  පිරිමින්ට බහු කාර්යයන් කළ නොහැක මතක තබා ගන්න .

ඔහු සවන් දීමට  සූදානම් වූ විට සමහර විට, ඔහුගේ අවධානය ලබා ගත හැකි හොඳම ක්‍රමය නම් ඔහුට ඔබේ අවධානය ලබා දීමයි

  1. ඔහු තාර්කික වීමට උත්සාහ කරන විට කියන දේ අහන්නේ නෑ

සැමියාට දුෂ්කර අවස්ථාවන්දි උපහාසයට ලක් කරන විට හෝ ඉවත් වී සිටීවමට සිදුවෙන විට, ඔහු තාර්කිකව කටයුතු කරන්න පුළුවන්.

ඔබ කලබල වෙන සුළු හා ඕනෑවට වඩා සිතන අයෙක් නම්, ඔහු මෙසේ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඔහු ඉවත් වී සිටින්න පුළුවන්.

විසදුම්:

සන්නිවේදනය යනු තොරතුරු විග්‍රහ කිරීම පමණක් නොවන බව පවසමින් ඔහුව ධෛර්යමත් කරන්න. 

එය එකිනෙකා සන්සුන් කිරීම සහ සැනසීමට හැකි ක්‍රමයකි.

හොඳ සන්නිවේදනයකදී එකිනෙකා සමඟ ගොඩාක් සම්බන්ධ වී ඇති බවක් දැනෙනවා.

වචනයෙන් බැන වැදීම හෝ දොස් පැවරීමට ඉඩ නොදිය යුතුය.

  1. ඔහුට පියවර ගැනීමට අවශ්‍ය වු විට කියන දේ අහන්නේ නෑ :බිරිඳට සවන් නොදෙන සැමියන්

බොහෝ විට ගැටලුවකදි  කාන්තාවන්ට කතා කිරීමට අවශ්‍ය වෙනවා. නමුත් පිරිමින් හිත හදාගැනීම වෙනුවට ගැටලු විසඳීමට ඔවුන් පෙළඹෙනවා.

එය ඔහු සවන් නොදීමට එක් හේතුවකි.

ඔබට මේ සියල්ල පවසමින් සිටින විට ඔහු එය කරදරයක් සේ දැනෙන්න පුළුවන්.

එබැවින් විසඳුම් ලබා දීමට වෑයම් කරමින් ඔහු ඔබට සවන් නොදී ඉන්න පුළුවන්.

විසදුම්:

ඒ සදහා ඔබ ඔහුගේ උපදෙස් ගත යුතු නැහැ. නමුත් ඔබට එය පිළිගන්න පුළුවන්.

ගැටලු විසඳීම සඳහා ඔහුගේ අවශ්‍යතාවය හඳුනා ගැනීම ඔහු සැලකිලිමත් බව පෙන්වන මාර්ගයකි.

ඔබට අවශ්‍ය දේ ලබා ගැනීමට ඔබට එය යොදා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය දේ ගැන නිශ්චිත වන්න.

ජීවිතය පහසු කිරීම සඳහා ගැටළු නිරාකරණය කිරීමට බොහෝ පිරිමින් බැදී සිටිනවා.

  1. ඔහුට තරහා ගොස් සිටින විට කියන දේ අහන්නේ නෑ

ඔබ හැඟීම්වලින් අන්ධව සිටින විට හොදින් සවන්දීම අසීරූයි. කෝපය යනු ඕනෑම තාර්කික සිතුවිලි අභිබවා යන මෙවන්  ප්‍රබල හැඟීමකි.

විසදුම්: 

ඔහුට ඉඩ දෙන්න. ඔහු සමඟ කතා බහ කිරීම සදහා යොමු වීමට  පෙර ඔහුට මුලින්ම ඔහුගේ හැඟීම් අනුව කටයුතු කිරීමට ඉඩ දෙන්න.

ඔහුගේ කෝපය ඔබවද කෝපයට පත් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ මුලින් සිටියාට වඩා කණගාටු වීමට ඉඩ තියෙනවා.

  1. ඔබ කතා කරන විදියට කැමති නැති විට සවන් දෙන්නේ නැහැ

බිරිඳට සවන් නොදෙන සැමියන්

ඔබ එය සමහර විට දැනෙන එකක් වත් නැහැ. ඔබ මහා හඩින් හෝ ඔහුට තර්ජනය කරමින් කතා කරනවා වෙන්න පුළුවන්.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු සවන් නොදී ඉන්න පුළුවන්.

 

විසදුම්:

 ඔබට දොස් පවරන්න එපා. ඇහුම්කන් දීම දෙපැත්තෙන්ම සිදු වන අතර ඔබේ සැමියාද මේ මොහොතේ ඔබට ඔහුගෙන් සැබවින්ම අවශ්‍ය දේ පිළිබඳව හා පෙර තිබු ඔබේ අයහපත් මානසිකත්වය දැකීමට උත්සුක විය යුතුයි.

  1. ඔහු අතීත ප්‍රශ්න වල කොටු වී සිටින විට සවන් දෙන්නේ නැහැ

පිරිමින්ට මේ වන තෙක් විසදා ගත නොහැකි ගැටළු ඇතිවිට ඔවුන් සවන් දෙන්නේ නැහැ.

නැත්නම් සමහර විට ඔබ පෙර කියූ දෙයකින් ඔහු කණගාටු වෙනවා වෙන්න පුළුවන්.

කෙසේවෙතත්, මේ ආකාර දෙකේදීම අතීතය හා කටයුතු කිරිමට යෑම නිසා ඔබට සවන් නොදි ඉන්න පුළුවන්. කා

Psychology Today පවසන පරිදි අලුත් තොරතුරු අවශෝෂණය කර සැකසීම සදහා පුද්ගලයෙකුගේ කෝපය බාධාවක් වෙනවා.

විසදුම්:

එයට කාලය දෙන්න.

පෙර කල කතාබහ ගැන නැවත සිතීමට උත්සාහ කරන්න. 

ඔබේ පෙර ගැටලුව ගැන ඔහු තවමත් කණගාටු වෙනවාද? වෙනත් කාරණයක් පිළිබඳව ඔහු සමඟ කතාබහ කිරීමට පෙර ගැටුම් නිරාකරණය කිරීමට උත්සාහ කරන්න.

  1. ඔහුගේ ක්‍රමය එකම ක්‍රමය බව සිතන විට  කියන දේ අහන්නේ නෑ

තමන් හරි යැයි සිතීම නිරෝගී සන්නිවේදනයට එක් ප්‍රධාන බාධාවක් වෙනවා. ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරන සැමියා අන් අයගේ අදහස්වලට සවන් දෙන්නේ නැහැ.

ඔහුගේ ක්‍රමය නිවැරදි ක්‍රමය බව ඔහු විශ්වාස කරන අතර, වෙනත් ක්‍රමයක් ඔහුට පවසන ඕනෑම කෙනෙකු ප්‍රතික්ෂේප කරනවා. පාශ්චාත් උපාධි ලාබී සුසාන් හයිට්ලර්ට අනුව යමෙකු ප්‍රශංසා කරන විට පමණක් අවධානය යොමු කරන්නන් සිටිම අයහපත්ම වර්ගයේ සවන්දෙන්නන් වෙනවා.

විසදුම්: ආදරයෙන් ඔහුට ඒ ගැන කතා කරන්න. ඔබ ඔහුට ආදරෙයි කියා අයහපත් හැසිරීම් වලට ඉඩ දිය යුතු නැහැ. 

මව්වරුනි, එය ඔබේ වරදක් නොවන බව මතක තබා ගන්න.  සැමියාගේ හැසිරීම වෙනස් කිරීමට තීරණය කිරීම ඔහු සතුයි. නමුත් ඔහුට එයින් මිදීම දුෂ්කර වු විට ඔබේ ආදරය සහ සහාය ලබා දෙන්න.

ඔබ සමීප වන විට, අව්‍යාජව අදහස් හුවමාරු කිරීම හා එකිනෙකාට ඇහුම්කන් දීම යන කාරණා දෙකෙහිම ඔබ දෙදෙනාම දිගින් දිගටම දියුණු වේවි.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • පියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න

    පියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න

  • මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

    මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

  • පියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න

    පියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න

  • මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

    මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it