බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

බිරිදට ඔබේ ආදරය ‌දෙන්න අපුරු ක්‍රම 100 ක්ම

බිරිඳට ආදරය කරන්න සැමියාට කියා දෙන්න අවශ්‍යද?  ඒ ගැන අපි සොයා බලමු.

සැමියා හා බිරිද බලාපොරොත්තු වෙන ආදරය එක සමාන නැහැ.

ඒ නිසා බිරිද සැමියාට කරන ආදරයත් සැමියා බිරිදට කරන ආදරයත් නොදැනී යන්න පුළුවන්. 

ආදරය කරන්න බිරිද කැමති විදිය සැමියාට නොදැනෙන්න පුළුවන්.

ඒ වගේම තමයි සැමියා කැමති ආදරය ලබන ක්‍රමය බිරිද හිතනවාට වඩා වෙනස් වෙන්න පුළුවන්

අද අපි බිරිදට ඇය පතන ආදරය දෙන්න පුළුවන් ක්‍රම 100 ක් බලමු. 

ඔබේ බිරිදට ප්‍රේමණිය වීමට හා ඇය පතන ආදරය ඇයට දෙන්න ඔබට අදහස් සීයක් මෙන්න

බිරිඳට ආදරය

බිරිඳට ආදරය කරමු. ඇය සතුටින් තබමු.

1.ඔබේ බිරිඳ සමඟ දෑත් අල්ලාගෙන ආගම සිහිකරමින් සෑම දිනකම ආරම්භ කරන්න. ඒ වගේම එලෙසම දවස අවසන් කරන්න.

2.සෑම දිනකම ඇය වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න. ඇය කරදරයට පත් වූ විට ඇයට ඉන් මිදීමට ප්‍රර්ථනා කරන්න.

3.ඇයගේ හැගීම් යටපත් වීමට නොදි ඇය හා සාකච්ඡා කරන්න.

4.පහත් කොට සැලකීමෙන් හෝ හැඟීම් රිදවීමකින් තොරව ගෞරවාන්විතව ඇය සමඟ කතා කරන්න.

5.ඔබ ඇය තුළ දකින ත්‍යාගශීලීභාවය ගැන ඇයට ප්‍රශංසා කරන්න.

6.ඇගේ මිතුරන් විශ්වාසනීය නම්, ඇයට ඔවුන් සමඟ සිටීමට කාලය ලබා දෙන්න.

7.ඇයගේ ආත්මයටම දැනෙන දෙයක් කරන්න. ඒ සදහා ඇයගේ අත් අල්ලගෙන ඇවිදින්න.

8.ඔබට ඇය අවශ්‍ය බව හා ඇයව අගය කරන බව ප්‍රකාශ කරන්න.

9.ඇය උනන්දු වන දේවල් සඳහා ඔබේ උද්යෝගය ක්‍රියාවෙන් පෙන්වන්න.

10.දෙදෙනාටම එක්ව සිනාසිය හැකි දෙයක් සොයා ගෙන සිනාසෙන්න.

බිරිඳට ආදරය11.ඇයට සැනසිල්ලක් අවශ්‍ය වූ විට නිහඩවම ඇයව වැළදගන්න.

12.ඇය ඉල්ලා සිටීමට පෙර ඇය‌ගේ අවශ්‍යතාවයක් ඉටු කර ඇයව පුදුමයට පත් කරන්න.

13.හදිසි වෙනස්කම් කිරීමට ප්‍රථම ඇය සමඟ සාකච්ඡා කරන්න.

14.ඇයගේ ජීවිතයේ වැදගත් යැයි ඇය අගය කරන දේ කෙරෙහි උනන්දුවක් දක්වන්න.

15.වැඩිය සංවේදී නොවී ඔබට දේවල් ඉගැන්වීමට ඔබේ බිරිඳට ඉඩ දෙන්න.

16.ඔබ ඇයව නිවැරදි කරන්න අවශ්‍ය නම් මෘදු වන්න.ආදරයෙන්  සත්‍යය පවසන්න.

17.අප සැමගේ සහකරුවන්ට වඩා වෙනස් කරදරකාරී පුරුදු සහ මනාපයන් තියෙන නිසා පුංචි පුංචි නොගැලපීම් අත්හරින්න

18.ඔබේ විවාහයේ ඇයගේ ආරක්ෂාවට තර්ජනයක් වන, ඔබ සමඟ සිටිය හැකි ඕනෑම කෙනෙකුට වඩා ඇය ඔබට වඩා වැදගත් බව ඇයට පෙන්වන්න.

19.හොඳ සවන්දෙන්නෙකු වන්න. ඇය කියන දේ ඔබ අගය කරන බව ඇයට පෙන්වන්න.

20.පුංචි මධුසමයක් යලිත් ගත කිරීමට සැලසුම් කරන්න, එහිදී ඔබ දෙදෙනා එකට ගුණාත්මක කාලයක් ගත කරන්න පුළුවන්.

බිරිඳට ආදරය

බිරිඳට ආදරය කරමින් ඔබේ විවාහ දිවිය ‌ප්‍රේමණිය කරගන්න

21.ඇය සමඟ සාප්පු සවාරි සවාරියක් යන්න. නමුත් ඒ ගැන ඔබ පසුතැවෙන බව පෙන්වන්න එපා.

22.ඇයව උදේ ආහාරයට සදහා පිටතට රැගෙන යන්න. නැතිනම් ඇය වෙනුවෙන් උදෑසන ආහාරය පිළියෙළ කරන්න.

23.සෑම වසරකම එක්ව ඉටු කරගැනීම සඳහා ඉලක්ක සකස්කර ගැනීමට කාලය වෙන් කරන්න.

24.ඇය ඔබට අමනාප වූ විට ඇයට සමාව දෙන්න (ඔබට සමාව අවශ්‍ය වුවද).

25.ජීවිතයේ සෑම අංශයකම ඔබ ඇයගේ සහකරු බව පෙන්වීමට ඇයට  උදව් කිරීමට ක්‍රම සොයන්න.

26.ආචාරශීලීව ඇය සමඟ කටයුතු කරන්න.

27.නිහතමානිකම වෙන්න, ඔබේ වැරදි පිළිගන්න, සමාව ඉල්ලන්න. ඇය එය අගය කරාවි.

28.ඇයව අන් අයගෙන්, විශේෂයෙන් ඔබේ පවුලෙන් ආරක්ෂා කරන්න.

29.ඇගේ බුද්ධිය හෑල්ලුවට ලක් නොකරන්න.

30.ඇගේ කොන්ද පිරිමදින්න. ඇගේ පාද පිරිමදින්න. ඇගේ බෙල්ල පිරිමදින්න. ඇය කැමති ඕනෑම දෙයක් කරන්න.

ඔබේ බිරිඳ පවසන දේවල්

බිරිදට ‌දෙන ආදරය ඔබගේ විවාහ‌ෙයේ යහපැවැත්ම සදහා කරන ආයෝජනයකි

31.රාත්‍රියේ නැගිට ඇය වෙනුවෙන් හඩන දරුවා නලවා ගන්න.

32.ඇයට රෝගී වු විට උපකාර කරන්න.

33.ඔබේ දවස කෙසේදැයි ඇය ඇසූ විට, “හොඳයි” පමණක් නොකියා ඇයට විස්තර කරන්න.

34.ඔබ දෙදෙනා එකට සිටීම ගැන ඔබ අදහන ආගම අනුව පින් දෙන්න. නැතිනම් දෙවියන්ට ස්තුති කරන්න.

35.මුදල් ගැන වාද නොකරන්න. ඒ වෙනුවට අනාගත වියදම් ගැන සාමකාමීව සාකච්ඡා කරන්න.

36.අන් අය ඉදිරියේ ඇය සමඟ වාද කිරීමෙන් ඇයව අපහසුතාවයට පත් නොකරන්න.

37.ඔබේ පවුල හා ඔබ අදහන ආගම සමඟ අධ්‍යාත්මික සම්බන්ධතාවයක් ඇති කරන්න. මෙය ඇයට වැදගත් වෙනවා.

38.ඇය ඔබ සමඟ කතා කරන විට සහ ඔබ ඇය සමඟ කතා කරන විට ඇයගේ ඇස් දෙස බලන්න..

39.ඔබ ඇයව අන් අයට වඩා ඇයට  කැමති බව ඇයට පෙන්වීමට හැකි සෑම විටම ඔබේ අවධානය ඇයට දෙන්න.

40.රැකියාවේදී සිදු වූ දේ හෝ ඇය නැතුව ඔබ කළ ඕනෑම දෙයක් ගැන විස්තර කරන්න.

බිරිඳට ආදරය

විවාහය අපූර්ව බැදිමකි. ආදරය එහි  සවිමත් රැහැන්පට ‌වෙයි

41.ඔබේ බිරිඳ හැර ඔබට ලිංගික තෘප්තියක් ලබා දෙන අනෙක් සෑම දෙයකින්ම සිටින්න.

42.ඔබේ නිවසට අමුත්තන් පැමිණී විට ඇයට  උදව් කරන්න.

43.ඇය සිටියදි සහ ඇය ඔබ සමඟ නොසිටින විට අන් අයට ඇයව වර්ණනා කරන්න.

44.වරින් වර කාඩ්පත්, මල් හෝ පුංචි පුංචි තෑගි වලින් ඇයව පුදුම කරන්න.

45.ඔබ ප්‍රමාද වන විට ඇයට දැනුම් දෙන්න

46.​​ඇයට කතා කිරීමට අවශ්‍ය වූ විට ඔබේ සම්පුර්ණ අවධානය ඇයට දෙන්න.

47. අහිතකර වචන පැවසීමෙන් හෝ ඇයව පහත් කරන කතා පැවසීමෙන් වළකින්න.

48.අසාධාරණ ලෙස ඇයව අන් අය සමඟ සංසන්දනය කරන්න එපා.

49.ඇය රැකියාව කර නිවසට පැමිණි පසු පුංචි විවේකයක් දෙන්න.

50.දරුවන්ගේ කටයුතු සදහා උදව් කරන්න.

බිරිඳට ආදරය

බිරිඳට ආදරය කිරීම යනු ඔබේ පවුල සතුටින් පිරවීමයි

51.හොඳ පෙනුමක් හා සුවඳක් පවත්වා ගන්න. ඔබ ගැන සැලකිලිමත් වෙන්න.

52.සහාය වන්න. ඇයගේ අරමුණුවලට යන්න ඇයට උදව් කරන්න.

53.ඇය කෙරෙහි  විශේෂ හැඟීමක් ඇති කර ගෙන ඇයව දකින්න.

54.වැරදි සදහා පැමිණිලි නොකරන්න

55.ඇගේ නැදෑයින්ට සලකන්න

56.ඇගේ නෑදෑයින් ඔබේ නැදෑයින් සමඟ සෘණාත්මකව සංසන්දනය කරන්න එපා.

57.හැකි සෑම විටම ඇය අසල හිඳගන්න.

58.දරුවන් ඉදිරියේ වාචිකව සහයෝගය දක්වමින් ඇයට ගෞරව කරන්න.

59.ඇයගේ එකගතාවය  නොමැතිව වී සැලසුම් හදන්න එපා.

60.කාන්තාවක් සහ බිරිඳක් ලෙස ඇයව ආදරයෙන් රැකබලා ගන්නා දේවල් ක්‍රියාශීලීව කරන්න.

බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

ආදරය හා විවාහය විදවන්න ‌නොව විදිමටයි

61.ඕනෑම වියදමකින් ඇගේ විශ්වාසය තබා ගන්න.

62.ඇය නිවසේදී කිරීමට කැමති දේවල් 3 ක ලැයිස්තුවක් ඉල්ල ගෙන හැකි ඉක්මනින් ඒවා කරන්න.

63.ඇයගෙන් විමසා  ඇයට අනාරක්ෂිත බවක් දැනෙන දේ විනිශ්චය නොකර සවන් දෙන්න

64.බිය සමනය කිරීම සඳහා ඔබට කළ හැකි දේ කරන්න.

65.ඇගේ ලිංගික අවශ්‍යතා මොනවාදැයි සොයා බලා ඒවා ඉටු කරන්න.

66.පුංචි හාදුවකින් ඇයව පුදුමයට පත් කරන්න

67.ඔබ සිරුර මනාව පවත්වා ගන්න. එවිට ඇය ඔබ සමඟ සිටීම ගැන ආඩම්බර වෙනවා.

68.ඔබේ විවාහය සහ පවුල සම්බන්ධ මෙහෙවර ප්‍රකාශයක් ලියන්න.

69.සෑම දිනකම ඇයව ස්පර්ශ කරන්න.

70.ආචාරශීලී හා කාරුණික වන්න.

බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

බිරිඳට ආදරය ලබා දී ඇයව සතුටින් තබන්න

71.ඔබ ඇයව කිසියම් ආකාරයකින් ලිංගිකව රිදවීමක් කරනවාදැයි ඇයගෙන් විමසීමට තරම් සංවේදී වන්න.

72.අනෙක් සියල්ලන්ට වඩා ඇයට වටිනාකමක් දැනීමට ඇයට උදව් කරන්න..

73.ඔබ මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ ඔබේ විවාහ සහකරු ලෙස ඇය සලකන්න.

74.ඔබ විවාහයට පෙර ඔබේ බිරිඳ ප්‍රේමණියව හැසිරි ආදරයෙන් බැදුනා සේ විවාහයෙන් පසුද ප්‍රේමණිය හැසිරෙමින් ආදරය පවත්වා ගන්න.

75.විශේෂයෙන් කෝප වන විට ඔබේ වචන ප්‍රවේශමෙන් භාවිතා කරන්න.

76.මිතුරන් ඉදිරියේ ඇයට සෙනෙහස දක්වන්න.

77.ඔබේ දරුවන් ඇයට ගෞරවනීය ලෙස සලකන බවට හා කතා කරන බවට වග බලා ගන්න.

78.සංවත්සර, උපන් දින සහ වෙනත් විශේෂ අවස්ථාවන් ඇයට ගෞරව දැක්වීමේ කාරණයක් කරන්න.

79.ඇයට අවශ්‍ය දේවල් සදහා වියදම් කිරීමට ඇයට මුදල් ලබාදෙන්න.

80.ඇයව වේදනාවට හෝ අධෛර්යයට පත් වූ විට ඇයව සමීපව තබාගෙන ඔබේ ආදරය ප්‍රකාශ කරන්න.

බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

ආදරය කරන කාලයේදි ‌මෙන්ම විවාහයෙන් පසුත් ‌‌ප්‍රේමණිය ‌වෙන්න

81.වරින් වර ඇයට විශේෂ තෑග්ගක් ලබා දී ඇයව පුදුමයට පත් කරන්න.

82.නිවසේ ඇති වගකීම් බෙදා ගන්න

83.සෑම විටම ඇයව විහිලුවකට නොගන්න

84.ඇයට  නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇයට ඉඩ දෙන්න.

85.ඔබ ඇය සමග ආදරයෙන් වෙලී සිටින කාලයේ මෙන් ඇයගේ අත ප්‍රසිද්ධියේ අල්ල ගෙන සිටීමට අමතක කරන්න එපා..

86.අන් අය ඉදිරියේ ඇයව විවේචනය නොකරන්න.  ඇයගේ ගෞරවය තබා ගන්න.

87.වෙනත් කාන්තාවකගේ ශරීර ලක්ෂණ කෙරෙහි අවධානය යොමු නොකරන්න (එය ඔබේ බිරිඳට කරන අගෞරවයකි).

88.ඇගේ අවශ්‍යතා ගැන සංවේදී වන්න. ඇයට ආශීර්වාද කිරීමට ක්‍රම සොයන්න.

89.ඔබට ඇය හා දරුවන් සමඟ විශේෂ කාලයක් ගත කිරීමට අවශ්‍ය බව ඇයට දන්වන්න.

90.හැකි විටෙක ඇය වෙනුවෙන් රාත්‍රී ආහාරය සකසන්න.

නිවසේ සිට කලහැකි ‌දේවල්

බිරිඳට ආදරය තරම් වටිනා ‌දෙයක් තවත් නැහැ

91.ඇය අසනීප වූ විට අනුකම්පා කරන්න. ඔබට හැකි පමණින් ඇයට උදව් කරන්න.

92.හැකි විට  ඇයට මදක් නිදාගන්න දෙන්න. ඒ වෙනුවෙන් ඔබ දරුවන් දවසේ කටයුතු වලට සූදානම් කරන්න.

93.දරුවන් ඉදිරියේ ඇය සමඟ තර්ක කරමින් ඇයට ගෞරව කරන්න.

94.ඇයගේ පුංචි පුංචි ප්‍රශ්න නොසලකා ඉන්න එපා.

95.ඇයට කිරීමට අවශ්‍ය  නිවසේ කටයුත්තක් කර ඇයව පුදුමයට පත් කරන්න.

96.ඔබ ඇයටආදරය කරන බව ඇයට  නිතරම කියන්න. ඇයට නිතරම පෙන්වන්න.

97.ඔබ ඇයගෙන් දුරස්ව සිටින විට ඇයට අමතන්න, ඊමේල් කරන්න හෝ කෙටි පණිවිඩයක් යවන්න. එවිට ඔබ ඇය ගැන සිතන බව ඇය දනී.

98.ඔබ දෙදෙනාට එකට සහභාගී විය හැකි විවාහ සම්මන්ත්‍රණයක් හෝ සති අන්ත සාදයකට සහභාගී වීමට යෝජනා කර ඇයව පුදුමයට පත් කරන්න.

99.ඔබේ ආදරය හා අගය ප්‍රකාශ කර ඇයට ආදර සටහනක් දෙන්න.

100. ලිංගික චේතනාවකින් තොරව ඇගේ සෙනෙහස පෙන්වන්න.

මූලාශ්‍ර: marriagemissions.com

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය