නව කොරෝනා වයිරසය පිළිබඳව විශේෂයෙන් ඵල කළ ලිපි 11ක එකතුවක්

නව කොරෝනා වයිරසය පිළිබඳව අප ඵල කළ, ඔබට අවශ්‍ය විය හැකි සියළු විස්තර ඇතුළත් ලිපි එකතුවක්.
නව කොරෝනා වයිරසය පිළිබඳ අප විසින් ඵල කළ ලිපි එකතුවයි මේ. මේ දිනවල සීග්‍රයෙන් පැතිරෙන කොරෝනා වයිරසය පිළිබඳ මේ පිලි හරහා මනා අවබෝධයක් ලබාගන්නට ඔබට පුළුවන් වනවා.
අප WHO වැනි වගකිව යුතු මාධ්‍ය හරහා පළවන තොරතුරු වලින් මෙම ලිපි සම්පාදනය කරන්නට ඇප කැපවී සිටිනවා.
නව කොරෝනා වයිරසය පිළිබඳ අප විසින් ඵල කළ ලිපි පෙළ
1. COVID-19/නව කොරෝනා වයිරසය ගැන ඔබ දත යුතු දේ
සිතුවාට වඩා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරස් ආසාදනයේ රෝග ලක්ෂණ, රෝගයෙන් වැළකිය යුතු ආකාර හා වයිරසය විස්තර අඩංගු ලිපියක්.
2. ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්
කොරෝනා වයිරසය ගැන යාවත්කාලීන කළ විස්තර සමඟ ඉන් ආරක්ෂා වන ආකාරයත්, දෙමාපියන් ලෙස පවුලේ ආරක්ෂාව තහවුරු කිරීමට කල්තියාම ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් ලිපියක්.
3. මිත්‍යාවෙන් බැහැරව, නව කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක පෙන්වාදීමක්
ආචාර්ය දිනාර ගුණසේකර මහතාගේ ලිපියක් අනුසාරයෙන් ගෙන එන, ප්‍රශ්ණෝත්තර 17ක් හරහා කොරෝනා වයිරසය පිළිබඳව විද්‍යාත්මකව මනා පැහැදිළි කිරීමක්.
4. COVID-19 ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ
COVID-19 වඩා හොඳින් අවබෝධ කර ගැනීමට දෙමාපියන්ට උපකාර කිරීම සඳහා, දෙමාපියන්ට පොදුවේ ඇති ගැටළු කිහිපයකට යුනිසෙෆ්, WHO සහ වෙනත් විශේෂඥයින්ගේ පිළිතුරු සමඟ සම්පාදනය කර ඇති ලිපියකි.
5. ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා
ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමඟ, කොරෝනා රෝග ලක්ෂණ 19ක් සමඟම ඒ බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය.
6. COVID19 ව්‍යාප්තිය පාලනයට මාර්තු 13-අප්‍රේල් 20 තෙක් පාසැල් වසයි
COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාර්තු මස 13 සිට අප්‍රියෙල් 20 දක්වා පාසැල් වසා තැබීමට රජය තීරණය කළා. ඒ අතර පවුලේ ආරාක්ෂාව රැකගන්නට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමින් නිකුත් කළ ලිපියක්.
7. COVID-19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ : නව කොරෝනා වයිරසය
කොරෝනා ශ්‍රී ලංකාව තුළට අවතීර්ණ වීමත් සමඟ වෙළඳසැල් බඩු භාණ්ඩ වලින් සිඟ වෙන්නට ගත්තේ බොහො අයගේ අනවශ්‍ය තැති ගැන්මත් සමඟයි. මෙම රෝගයට නොබියව මුහුණ දෙමින් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ නිසි ප්‍රමාණ වලින් මිලදී ගැනීමට මග පෙන්වීමක්.
8. කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්
නව කොරෝනා වයිරසය හා දරුවන් ගැන ඔබට ඇති ප්‍රශ්න වලට උත්තර සපයන ලිපියක්.
9. කොවිඩ්-19 වයිරසය ආසාදිත රෝගීන් රෝග ස්වභාවයේ අත්දැකීම් විස්තර කරයි
බ්‍රිතාන්‍යයේ සහ ලොව පුරා සිටින කොරොනා ආසාදිතයින් තම අත්දැකීම් හරහා තම්න්ට දැනුනු රෝග ලක්ෂණ අනුව කොරෝනා රෝග ස්වභාවය මනාව විස්තර කෙරෙන ලිපිය
10. කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු
කොරෝනා වයිරසයෙන් අපේ වයස්ගත දෙමව්පියන් රැකගන්නා ආකාරය කියැවෙන ලිපියක්.
11. කොවිඩ්-19 ගැන මිත්‍යා මත සහ සත්‍යය
ලොව පුරා සංසරණය වන කොරෝනා පිළිබඳ දත්ත අතර ඇත්තට වඩා මිත්‍යා මත බහුල බවක් පෙනෙනවා. මෙම වසංගත තත්වයට නිවැරදි ලෙස මුහුණ දෙන්නට ඇත්ත නැත්ත ගැන අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත්. එලෙස මිත්‍යාවන්ට එරෙහි සත්‍යය විස්තර කෙරෙන ලිපියක් මේ.