theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවිධ මාළු වර්ග හදන ආකාර සහිත අපූරු මාළු රෙසිපි 11ක්

11 අවම කියවීම
විවිධ මාළු වර්ග හදන ආකාර සහිත අපූරු මාළු රෙසිපි 11ක්විවිධ මාළු වර්ග හදන ආකාර සහිත අපූරු මාළු රෙසිපි 11ක්

ගෙදර ඉන්න ලොක්කන්ටයි පොඩ්ඩන්ටයි තළු මර මර කන්න රසම රස මාළු රෙසිපි 11ක්.

මහා ලොකුවට මාළු මාකට් ගියාට හැමදාම ගෙදර ගේන්නෙ හැමදාම ගෙදර ගේන මාළු ජාති දෙක තුන විතරයි. අළුත්ම අළුත් මාළු නානාවිද ජාති වලින් තිබුණත් මාළු ජාති ගැනත්, රස මාළු රෙසිපි ගැනත් නොදන්න කම නිසා නොදන්න මාළු ජාති ගේන්නෙ නැහැ. ඔයාලටත් මේ ප්‍රශ්ණෙ තියෙනවද?

මේ ප්‍රශ්ණෙ තියෙන ලොකු අවාසිය තමා ගෙදර පැටවුන්ට එහෙම ඉතාමත්ම ගුණදායී මාළු වර්ග තිබුණත් නොදන්න කම නිසා එවැනි ගුණ මාළු දීගන්න බැරි කම.

ඉතින් මේ ලිපියෙන් එදිනෙදා මාළු වෙළඳපළේ බහුලව දකින්නට ලැබෙන මාළු වර්ග කිහිපයක් හදාගන්නා  ආකාරය පැහැදිළි කරන ලිපියක් ගෙන එනවා.

මුලින්ම අපිට මාකට් එකේ මාළු ලේසියෙන්ම වර්ග කරන්න පුළුවන් ලොකු මාළු සහ පොඩි මාළු හැටියට.  (අපි සැර මාළු කියලා හුරුල්ලා,කුම්බලවා එහෙම ප්‍රතික්ෂේප කරාට ඒ මාළු රසදිය අඩු සහ මොළය වැඩි කරන ඩීඑච්ඒ ඉහළ මට්ටමක තියෙනවා. )

මාළු ආහාරයට ගැනීමේදී ඇතැම් පුද්ගලයින්ට ආසාත්මිකතා ඇතිවන්නට පුළුවන්

ලේ මාළු (Blood Fish) ඒ කියන්නේ කෙළවල්ලා, අලගොඩුවා, බලයා, සූඩයා වගේ මාළු ලේ මාළු වලට. ඒ කියන්නේ කෙළවල්ලා, අලගොඩුවා, බලයා, සූඩයා වගේ මාළු පරණ උනහම අපිට ආසාත්මිකතා වෙනවා. ලේ වඩවන මාළු ගොඩක් අයට උෂ්ණයි. මේ මාළු පරණවෙලා ආහාරයට ගත්තාම පළු දාලා ඇඟ කසනවා. ඒ වගේම කට කසලා හුස්ම ගන්නත් අමාරු වෙනවා. ඇස් අරින්න අමාරු වෙන්නත් පුළුවන්. බලයා, සූඩයා, කෙලවල්ලා, අලගොඩුවා, ඇටවල්ලා කියන මාළු තමයි ආහාරයට ගද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන.

ලංකාවේ මාළු වෙළඳපලේ සාමාන්‍යයෙන් ගන්නට තිබෙන පොඩි මාළු වර්ග

අමු හාල් මැස්සන්, හැඳැල්ලන්, හුරුල්ලෝ, සාලයෝ, සූඩයා, හබරලි, පියා මැස්සා, සවරා යන මේ ඔනෑම මාළු වර්ග වලින් පහත රෙසිපි රසට හදාගන්න පුළුවන්.

පොඩි මාළු රෙසිපි

කුඩා මාළු පිසගත හැකි ක්‍රම:

  • පොඩි මාළු වඩාත්ම රසවත් තෙලේ බැදගෙන සකසාගත් විටයි.
  • අඩු ගින්දරේ හින්දලා ගන්න පොඩි මාළු ව්‍යාංජනයත් ඉතා රසවත්.

1. මාළු රෙසිපි: අමු හාල් මැස්සන්/හැඳැල්ලන් සලාදය

අවශ්‍ය දේවල්

අමු හාල්මැස්සන්
ළූනු
අමුමිරිස්
තක්කාලි
ගම්මිරිස් කුඩු
ලුණු (රස අනුව)
දෙහි (රස අනුව)

සාදන ක්‍රමය

  1. හාල්මැස්සන් පිරිසිඳු කර ලුණු දමා  එක්කර වතුර ස්වල්පයක් දමා, වතුර හිදෙනතුරු තම්බාගන්න.
  2. දැන් ළූනු , අමුමිරිස් හා තක්කාලි සිහින්ව කපාගන්න.
  3. ළූනු හා අමුමිරිස් වලට රස අනුව ගම්මිරිස් , ලුණු, පොල්කිරි එක්කර හොදින් මිශ්‍රකර තක්කාලි මිශ්‍රකර ගන්න.
  4. දැන් තම්බාගත් හාල්මැස්සන් පොඩි නොවන්නට මිශ්‍රකර ගන්න.

** රස බලා අවශ්‍ය අය ඇඹුල් එක්කර ගන්න.

##හාල්මැස්සන් තෙලේ බැද මෙසේ සම්බෝල සාදාගන්න පුළුවන්. නමුත් හාල්මැස්සන් රට ළූනු සම්බෝලය ලෙස හදුන්වන්නෙ මෙසේ හාල්මැස්සන් තම්බා සාදාගන්න සම්බෝලයටයි..

කූරි මාළු රෙසිපි

මේ රෙසිපියට ජීලාවෝ, ලින්නා, අලගොඩුවා ආදියෙන් මේ රසවත් මාළු ව්‍යාංජනය පිළියෙළ කරගන්න පුළුවන්.

2. මාළු රෙසිපි: ජීලා මාළු කරියක් රසට හදා ගනිමු / Jilawa Fish Curry

අවශ්‍ය ද්‍රව්‍ය

සාමාන්‍ය සයිස් ජීලාවා කුරි 2

හොදින් ඉදුණු තක්කාලි ගෙඩි 3

කපා ගත් ලුනු ගෙඩියක්

කපා ගත් අමුමිරිස් කරල් 3

කරපිංචා කොල ටිකක්

උලුහාල් ටිකක්

සියඹලා ඉස්ම හෝ ගොරකා කෑලි 2

අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු

රස අනුව ලුණු

ෆිෂ් මසාල ටිකක්

ගම්මිරිස් පවුඩර් බොහොම ටිකක්

පොල් කිරි ටිකක් වෙන්න

ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක්

සාදන ක්‍රමය

  1. මුලින් මාලු ටික කැමති සයිස් කපා හොදින් සෝදා වතුර ගතිය යන්න. එයට ලුණු චුට්ටක් දමා හොදින් මිශ්‍ර කර පසෙකින් තියා ගන්න.
  2. දැන් හොදින් ඉදුණු තක්කාලි ටික හොදින් බේලෙන්ඩ් කර ගන්න පසු භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වෙන්න තියා එයටම උලුහාල් හා ඉගුරු සුදුලුනු පේස්ට් දමා බැදෙන්නට හරින්න.
  3. දැන් එයටම කපා ගත් ලුනු /අමුමිරිස් හා කරපිංචා දමා බැදෙන්නට හැර බේලෙන්ඩ් කර ගත් තක්කාලි මිශ්‍රණය දමා හොදින් කලවම් කර ගන්න.
  4. ටික වේලාවකින් එයටම අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු / ෆිෂ් මසාල පවුඩර් /ගම්මිරිස් කුඩු හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා හොදින් කලවම් කර ගන්න.
  5. පසුව මාලු ටික එයට දමා එයටම සියඹලා ඉස්ම ටිකක් දමා මාලු භාජනය හොදින් හොලවන්න. එතකොට එ සියල්ලම හොදින් මිශ්‍ර වන නිසා.
  6. දැන් එයටම වතුර ටිකක් වෙන්න කලවම් කර , භාජනය වසා මාලු ටික උයා ගෙන , මාලු කරිය උකුවන විට එයටම පොල් කිරි ටිකක් දමා ටික වේලාවක් තියා ලිපෙන් ඉවතට ගන්න.

4. ස්පයිසි ෆිෂ් ෆ්‍රයි මාළු රෙසිපි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පරා පැටව්, සාලයෝ, හුරුල්ලෝ වගේ මාළු ජාති බදිනකොට පාවිච්චි කළ හැකි ක්‍රමයක් ගැන. සරලවම කියනවනම් මිශ්‍රණයක මාළු දවටලා ඇරන් තෙල් වල බැදගන්න තමයි යන්නෙ. අපි මේකෙදී හදාගන්න මිශ්‍රණය කෑලි මාළු බදින්න ගන්න කොටත් පාවිච්චි කරන්න පුලුවන්.

විවිධ මාළු වර්ග හදන ආකාර සහිත අපූරු මාළු රෙසිපි 11ක්

අවශ්‍ය දේවල්

කුඩා මැකරල් මාළු 4 (250g ක් පමණ)
වියළි මිරිස් කරල් 7 – 8ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
චොප් කර ගත් (පොඩියට කපා ගත්ත) අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
සුදුලූණු බික් 6 – 7ක්
ගම්මිරිස් ඇට තේ හැදි 1 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
කහ කුඩු තේ හැදි ¼ – ½ ක් පමණ
කුරුඳු පොතු කෑල්ලක්
කරාබු නැටි 1 – 2ක්
සීනි තේ හැදි ½ – 1ක් පමණ
විනාකිරි මේස හැදි 3 – 3 ½ ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
ලුණු (රස අනුව)
ඔලිව් තෙල් මේස හැදි 1ක් පමණ
පොල් තෙල් (බැද ගැනීමට)

සාදා ගන්නා ආකාරය

  1. මුලින්ම විනාකිරි ටික භාජනයකට දාලා ඒකටම වියළි මිරිස් කරල් ටිකයි, චොප් කපු ඉඟුරු ටිකයි, සුදුලූණු බික් ටිකයි, ගම්මිරිස් ඇට ටිකයි, කුරුඳු පොතු කෑල්ලයි, කරාබු නැටි ටිකයි දාලා හොදට කලවම් කරන්න.
  2. මෙය විනාඩි 30 – 45ක් විතර විනාකිරි වල පොඟවලා තියෙන්න අරින්න.
  3. ඒ අතරතුරේ මාළු ටික සුද්ද කරන් හොදට සෝදලා පිරිසිදු කරන් පිහියකින් හරහට ඉරි ගහ ගන්න.
  4. ඊට පස්සේ කලින් විනාකිරි වල පෙඟෙන්න දාපු ඔක්කොමත් එක්ක ලුණුයි, සීනියි, කහ කුඩුයි, ඔලිව් තෙලුයි බ්ලෙන්ඩර් එකට දාලා පේස්ට් එකක් වෙන්න හොදට බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. (බ්ලෙන්ඩර් කරන කොට වතුර එකතු කරන්න එපා. කෑලි හිටින්නේ නැති විදියට බ්ලෙන්ඩර් කර ගන්න.)
  5. දැන් මාළු වලට හදා ගත්ත පේස්ට් එක දාලා මාළුන්ගෙ ඇතුලට පේස්ට් එක කා වදින විදියට හොදට දවට ගෙන විනාඩි 30 – 45ක් විතර පදම් වෙන්න තියන්න.
  6. පස්සේ පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න දෙන්න. තෙල් රත් වුණාට පස්සේ මාළු ටික රන්වන් දුඹුරු පාට වෙනකන් දෙපැත්ත හරවලා බැද ගෙන රස බලන්න.

වැදගත්: මේ විදියට පරා පැටව්, සාලයෝ, හුරුල්ලෝ වගේ මාළු ජාති හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ පේස්ට් එක කපපු මාළු බදින්න ගන්න කොට වුණත් පාවිච්චි කරන්න පුළුවන්. තව මේ පේස්ට් එක හදා ගන්න කොට බ්ලෙන්ඩර් කර ගන්නේ නැතුව ගලේ අඹර ගෙන වුණත් හදා ගන්න පුළුවන්. විනාකිරි වෙනුවට දෙහි ඉස්ම හරි, සියඹලා ඉස්ම හරි එකතු කර ගන්න පුළුවන්.

5. මාළු රෙසිපි: මාළු තෙම්පරාදුවක් දමමු

හැමදාම මාළු එකම විදිහට හදන්නෙ නැතුව මේ විදිහටත් හදලා බලන්නකෝ. එහෙනම් බලන්නකෝ මේක හදන්නේ කොහොමද කියල.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අවශ්‍ය දේවල්

පොඩි මාළු (සාලයා, පොඩි හුරුල්ලන්)
පොඩි රට ළුුනු ගෙඩියක්
අමු මිරිස් කරල් 4/5ක්
සුදුළුුනු බික් 2
කරපිංචා ටිකක්
රම්ප
කෑලි මිරිස් මේස හැඳි 1ක්
තෙල් ටිකක්
කහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කුඩා ගොරකා අන්ඩක්

සාදාගන්නා ආකාරය

  1. මාලු පිලී යන්නට හොදින් සෝදා ගන්න.(දෙහි හෝ විනාකිරි ටිකක් ලුනු සමඟ දැමූ විට හොදින් පිලී ගතිය යයි).
  2. පසුව මිරිස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු කුඩු, දමා හොදින් මිශ්‍ර කරගෙන පසෙකින් තබා ගන්න.
  3. බදුනකට තෙල් ටිකක් දමා ලිප තබා රත් වනවිට කපාගත් ළුුනු, අමුමිරිස්, රම්ප, කරපිංචා, සුදුළුුනු, දමා තෙම්පරාදු කරගන්න.
  4. යන්තම් රන්වන්පාට වූ විට මාලු එයට දමා කලවම් කර, අඩු ගින්දරේ වසා තබන්න. විටින් විට සෙමින් කලවම් කරගන්න. (නැත්නම් අඩිය අල්ලන්න පුලුවන්) මාලු හොදින් ඉදුණු පසුව ලිපෙන් බාගන්න.(ගොරකා වෙනුවට අවසානයේ දෙහි ඉස්ම ටිකක් ද දමා ගත හැක.)

ලොකු මාළු රෙසිපි

ලොකු මාළු රෙසිපි වලට වඩාත්ම සුදුසු මාළු තමා තලපත්. මේ අතර හරස් අතට ෆිලේ කරගත් මුහුදු කුකුළාද හරි රසවත්. කෙලවල්ලා සහ බල මාළුත් වලිනුත් මේ කෑම හදාගන්න පුළුවන්.

6. මාළු රෙසිපි: මාළු කේක්

මාළු කේක් කාල නැහැ නේද? වෙනදට මාළු කන්නෙ නැති ගෙදර ඉන්න පොඩ්ඩො එහෙම හැමදාම ඉල්ලයි ඔන්න හදලබලන්න.

විවිධ මාළු වර්ග හදන ආකාර සහිත අපූරු මාළු රෙසිපි 11ක්

අවශ්‍ය දේවල්

සුදුපාට මාළු වර්ගයකින් ග්‍රෑම් 250ක් විතර අරගන්න. තලපත් මාළු වඩාත් සුදුසුයි.

කොටු කපා ගත්ත කැරට් ටිකක්, ලූනු, සුදුලූනු, ග්‍රීන්පීස් ටිකක්, ලුණු, ගම්මිරිස් රස අනුව

බිත්තර තුනකුයි, පොල් කිරි මිලිලීටර 250ක්

සාදන ක්‍රමය

  1. හොඳින් සෝදා පිරිසිඳු කරගෙන අමුවෙන්ම හොඳට අඹරගන්න.
  2. හීනියට කොටු කපා ගත්ත කැරට් ටිකක්, ලූනු, සුදුලූනු, ග්‍රීන්පීස් ටිකක්, ලුණු, ගම්මිරිස් රස අනුව අඹරගත්ත මාළුවලට දාලා හොඳට කලවම් කරන්න.
  3. බිත්තර තුනකුයි, පොල් කිරි මිලිලීටර 250ක් එකට එකතු කරලා හොඳට බීට් කරගන්න.
  4. ඒකට අඹරගත්ත මාළු ටික දාලා කලවම් කරන්න. තැටියක් අරගෙන තෙල් කොළ අතුරලා බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න.
  5. හදාගත්ත මිශ්‍රණය තැටියට දාලා සෙන්ටිගේ්‍රඩ් අංශක 150ක උෂ්ණත්වයක විනාඩි 20ක් විතර බේක් කරගන්න.
  6. එහෙම නැත්නම් මාළු මිශ්‍රණය භාජනයකට දාලා ඇලුමිනියම් ෆොයිල් එකකින් වහලා විනාඩි 35ක් විතර හුමාලයෙන් තම්බා ගන්න.
  7. මේ ක්‍රම දෙකටම මාළු කේක් එකක් හදාගන්න පුළුවන්.

7. මාළු රෙසිපි: මාළු කෙබාබ්

ගෙදර පුංචි උත්සවයක් එහෙම තියෙන වෙලාවට මාළුවලින් කෙබාබ් හදලා කෑම මේසෙට තියන්නත් පුළුවන්. මේ සඳහා තරමක් ලොකු මාළු තෝරගත යුතුයි.

අවශ්‍ය දේවල්

සුදුසු මාළු වර්ගයක් (කෙලවල්ලා, තෝරා, තලපත්, වගේ මාළු වර්ග නම් හොඳට ගැළපෙනවා.)

ලුණූ, ගම්මිරිස් අවශ්‍ය පමණට

මාළු මිරිස්, ලූනු, තක්කාලි

සාදන ක්‍රමය

  1. මාළු හොඳට හෝදලා කොටු හැඩයට කපා ගන්න.
  2. ලුණු, ගම්මිරිස් එකතු කරලා මාළු ටික හොඳට සීසන් කරගන්න.
  3. මාළු මිරිස්, ලූනු, තක්කාලි, කොටු හැඩය කපා ගන්න. ලූනු, මාළු, මාළු මිරිස්, තක්කාලි පිළිවෙළට කෙබාබ් කූරේ රඳව ගන්න.
  4. විනාඩි 15ක් විතර තියෙන්න ඇරලා පෑන් එකක තෙල් රත්කරලා බැදගන්න.
  5. ඊට පස්සේ බටර් ටිකක් පෑන් එකට දාලා හීනියට කපා ගත්ත සුදු ලූනු ටික රන්වන් පාට වෙනකල් බදින්න.
  6. සුදුලූනු බැදුණට පස්සේ හොඳට බටර් ටිකක් එකතු කරලා වහලා තියන්න. මේ ගාලික් බටර් එක මාළු කෙබාබ්වලට හොඳින්ම ගැළපෙනවා.

8. මාළු රෙසිපි: මාළු බර්ගර්

මාළුවලින් බර්ගර් හදන්නත් පුළුවන්. මාළු කේක් හැදුවා වගේ බර්ගර් හදන්නත් සුදුපාට මාළු වර්ගයක් අවශ්‍යයි.

විවිධ මාළු වර්ග හදන ආකාර සහිත අපූරු මාළු රෙසිපි 11ක්

අවශ්‍ය දේවල්

මාළු අවශ්‍ය පමණට

කඩල පිටි මේස හැඳි 3ක්

බිත්තරයක්

ලුණු, ගම්මිරිස්

සදන ක්‍රමය

  1. මාළු හොඳට හෝදලා අඹරගන්න.
  2. කඩල පිටි මේස හැඳි තුනට, බිත්තරයක්, ලුණු, ගම්මිරිස් එකතු කරලා අඹරගන්න.
  3. මාළු ටික දාලා හොඳට අනාගන්න.
  4. තරමක් ගනකම රවුම් හැඩයට පැතැලි කරගෙන සෙන්ටිගේ‍ර්ඩ් අංශක 160ක විතර උෂ්ණත්වයක් විනාඩි 15ක් විතර බේක් කරගන්න.
  5. බර්ගර් බන් එක අරගෙන දෙකට මැදින් කපා ගෙන තැටියක් ළිපේ තියලා තරමක් ටෝස්ට් කරගන්න.
  6. අබ පේස්ට් ටිකකට බටර් ටිකකුත් කලවම් කරලා බර්ගර් බන් එකේ දෙපැත්තේ හොඳට ආලේප කරගන්න.
  7. සලාද කොළයක්, හීනියට කපාගන්න.
  8. තක්කාලි පෙති, බේක් කරගත්ත මාළු පෙත්තක්, හීනියට කැපුව ලූනු පෙති තියලා බර්ගර් බන් එක වහන්න. කැමැති නම් ඉතින් චීස් පෙත්තකුත් තියාගන්න.

9. කිරි මාළු රෙසිපි I (මාළු කිරට)

අවශ්‍ය දේවල්

මාළු ග්‍රෑම් 500 යි (කෑලි මාළු තමයි ගොඩක් වෙලාවට ගන්නේ)
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2 යි
තුනපහ කුඩු තේ හැඳි 2 යි
කහ ස්වල්පයක්
සුදු ළූණු බික් 3 යි
අමු ඉඟුරු කැබැල්ලක්
අමු මිරිස් කරල් 3 යි
ගොරකා කැබැල්ලක්
රතු ළූණු ගෙඩි 5 යි
රම්පෙ, කරපිංචා
කුරුඳු පොත්තක්
පොල් කිරි කෝප්ප 1 යි
අබ ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණ

සාදාගන්නා ආකාරය

  1. කපා සෝදා ගත් මාළු බඳුනකට දමන්න.
  2. ඉඟුරු, සුදු ළූණු අඹරා එයටම දමන්න. කිරි හැර අනෙකුත් ද්‍රව්‍ය මාළු සමග එයට දමන්න.
  3. සියල්ල හොඳින් කලවම් කර අතගා තබන්න. ලුණු ඇඹුල් ඇල්ලූ පසු මිටිකිරිද දමා කලවම් කරන්න.
  4. ඉන්පසු තෙම්පරාදුවට අවශ්‍ය දෑ ළිප තබා අබ ඇට ටිකද දමා අබ පුපුරන විට මාළු මිශ්‍රණය එයට දමා පියන වසා මදගින්නේ උයන්න.
  5. වරින් වර සොලවමින් උයාගන්න (මාළු කැබලි වීමට ඉඩ ඇති හෙයින් වැඩිය හැදි ගාන්න එපා. ඒ වෙනුවට වලඳ වරින් වර සොලවමින් උයාගන්න.)

වැදගත් – ගොඩක් හැදි ගෑවොත් මාළු කුඩු වෙන්න, කැබලි වෙන්න, එහෙමත් නැත්නම් හොද්දටම දිය වෙන්න බලනවා.

10. කිරි මාළු රෙසිපි II (මාළු කිරට)

අවශ්‍ය දේවල්

තලපත් මාළු (හෝ ඔනම මාළු වර්ගයක්)
ලුනු සහ දෙහි ඇඹුල් ස්වල්පයක්
තෙල්
ලොකු බිළුනු
අමුමිරිස්
තක්කාලි
සුදුලුනු
ඉගුරු
රම්ප
කරංපිචා
එනසාල්
කුරුපොතු
නොබැදපු මිරිස්කුඩු
ගම්බිරිස් කුඩු
ගොරක
මිටිකිරි කොප්පයක්

සාදාගන්නා ආකාරය

  1. තලපත් මාළු හෝ ඔනම මාළු වර්ගයක් අරන් සාමාන්‍යය කැබිලිවලට කපා ගන්න.
  2. එයට ලුනු සහ දෙහි ඇඹුල් ස්වල්පයක් දාමා සිසන් කර ගන්න. (හොදට අනාගන්න).
  3. දැන් මාළු ගැඹුරු තෙලෙ බැද ගන්න රන්වන් පාට වෙනකන්. දැන් ලොකු බිළුනු ගෙඩියක් හො දෙකක් රවුමට පෙති කපලා ගන්න.
  4. අමුමිරිස්, තක්කාලි කපාගන්න.
  5. සුදුලුනු, ඉගුරු සිහින්ව තලා ගන්න.
  6. රම්ප, කරංපිචා, එනසාල්, කුරුපොතු මේ සියල්ල ලැස්ති කර ගන්න.
  7. දැන් පැන් එකක් ලිප තබා එයට ඔනම වර්ගයක තෙල් අවශ්‍ය ප්‍රරමාණයට දාමා ගන්න.
  8. දැන් ලැස්ති කරගත් අඩුම කුඩුම ටික තෙලෙට දාමාගන්න. දැන් එයට නොබැදපු මිරිස්කුඩු දාමා ගන්න.
  9. මිරිස්කුඩු ටික රන්වන් පාට වෙනවා තෙලට දැම්මාම එතකොටම ගම්බිරිස් කුඩු දාමා ගන්න.
  10. දැන් හොදි කවලම් කරන්න ලිපෙ තියෙන අඩුම කුඩුමටිකට මිරිස්කුඩු මිශ්‍ර වෙන්න.
  11. දැන් බැදගත් මාළු ටික මිශ්‍ර කරන්න ලිපෙ තියන බිලුනු මිශ්‍රණයට දැන් හොදින් කවලම් කර කුඩා ගොරක කැල්ලක් දාමා මිටිකිරි කොප්පයක් දාමා නටවා ලුනුඇඹුල් බලා ලිපෙන් බාගන්න.

11. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

අවශ්‍ය දේවල්

මාළු ග්‍රෑම් 500 යි
මිරිස් කුඩු මේස හැඳි 1 1/2 යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි
රම්පේ, කරපිංචා
අමු ඉගුරු කැබැල්ලක්
සුදු ළූණු බික් 3 ක්
අමු මිරිස් කරල් 2 ක්
කුරුඳු කැබැල්ලක්
ගොරකා කැබලි 4 ක් පමණ
ලුණු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

  1. මාළු කපා සෝදා ගන්න.
  2. අමු ඉඟුරු හා සුදු ළූණු අඹරාගන්න. ගොරකා ද අඹරාගන්න.
  3. බඳුනකට මේ සියළුම දුව්‍ය සමග මිරිස් කුඩු ඇතුළුව මාළුද දමන්න.
  4. හොඳින් කළවම් කර මාළු කැබලි වැසෙන සේ වතුර ටිකක්ද දමා කළවම් කර මද ගින්නේ පිසගන්න.

(ඔබට අවශ්‍යනම් ගොරකා, ඉගුරු,සුදු ළූණු අඔරන්නේ නැතිව එකතු කරන්නත් පුඵවන්.)

ඉතින් මේ රෙසිපි අපි තරමටම ඔබත් රස විඳීවි කියා හිතනවා. හදලා බලලා අපටත් විස්තර කියන්න.
මූලාශ්‍ර: facebook.com/pg/Kanchi-Kitchen, Albums , wishmaya.com , thetruth.lk

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • විවිධ මාළු වර්ග හදන ආකාර සහිත අපූරු මාළු රෙසිපි 11ක්
බෙදාගන්න :
  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

  • බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

    බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

  • බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

    බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it