ඔබේ ලිංගික උද්දීපනය හීන කරන මේ ආහාර වලින් වළකින්න

ඔබේ ලිංගික උද්දීපනය හීන කරන මේ ආහාර වලින් වළකින්න

ඔබට තෘප්තිමත් ලිංගික ජීවිතයකට කැමති නම් මේ ආහාර වර්ග පරිභෝජනය කිරීම දැන්ම නවත්වන්න.   

ලිංගික ජීවිතයට හානිකර ආහාර? ප්‍රේමණීය මෙන්ම උණුසුම් ලිංගික පහසක් ලබන්නට ලිංගික උත්තේජනයක මනෝභාවයක් ඇති කර ගැනීමට අපි හැමෝම කැමතියි.

නමුත් සමහර එය දැනෙන්නේ නැති වේලාවල් තිබෙනවා.  ඇයි ඒ?

ඔබ තවමත් ඔබේ පෙම්වතාට ආදරය කරනවා. එහෙනම් මොකද මේ ලිංගික උද්දීපනයක් ඇතිවෙන්නේ නැත්තේ?

මෙය ඔබගේ ලිංගික ධාවනයට අහිතකර ලෙස බලපාන ඔබේ ආහාර වේලක් විය හැකිය.

ඔබේ ලිංගික උත්තේජනයට බහුල ලෙස බලපාන බෙල්ලන්, ස්ට්‍රෝබෙරි; ආදිය වැනි  ආහාරද විශාල බලපෑමක් ඇති කරන බව අපි කවුරුත් දනිමු.

නමුත් ඊට ප්‍රතිවිරුද්ධ දේ කරන ඇතැම් ආහාර වර්ගද ඇති බව අප අවබෝධ කරගත යුතුයි.

ලිංගික ජීවිතයට හානිකර ආහාර වර්ග 10ක්

1. ලිංගික ජීවිතයට හානිකර ආහාර: මත්පැන්

මෙය අරුමයක් නොවේ. පොඩි ඩ්‍රින්ක් එකක් අරන් සුරාමතින් රමණයේ යුදුනු අවස්ථා අප ජීවිතයේ ඇති තරම් තිබෙනවා.

බීමතින් ලිංගිකව එක්වුණු විට සුරතාන්තයට පැමිණිම කෙතරම් දුෂ්කරදැයි දන්නෝ දනිති, අත්දැක ඇති.

සාමාන්‍ය ප්‍රමාණයෙන් මත්පැන් පානය කිරීමෙන් ඔබේ ඔබේ ලිංගික උත්තේජනයට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ.

කෙසේ වෙතත්, අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පිරිමින්ට ශිෂේණයේ දුෂ්කරතා හෝ ලිංගික තෘප්තිය ලබා ගැනීමේ හෝ සුරතාන්තයට පත්වීමේ අපහසුතාවයක් ඇති විය හැකිය.

පිරිමි වඳභාවය

අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අදීක නිදිමත හා උනන්දුව හීන වීමද ඇතිවිය හැකිය.

2. රතු මාංශ

ඇතැම් රතු මාංශ වලට එකතු කර ඇති යම් යම් හෝමෝන හෝ ප්‍රතිජීවක අඩංගු විය හැකි අතර එය විශාල වශයෙන් ආහාරයට ගන්නේ නම් මිනිසෙකුගේ ස්වාභාවික හෝමෝන මට්ටම අසමතුලිත විය හැකියි.

ලිංගික ජීවිතයට හානිකර ආහාර

කෙසේ නමුත් බලාපොරොත්තු නැති අරගන්නට උවමනා නැහැ.

සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලකට සරිලන තුනී මස් පෙත්තක් ආහාර වේලටහ් ඇතුළත් කරගැනීමෙන් ලිංගික උත්තේජනයට හානි වන්නේ නැහැ.

3. සෝයා

පිරිමින්ට කුඩා ප්‍රමාණ වලින් සෝයා  ආහාර පරිභෝජනය කිරීමෙන් කිසිම හානියක් වන්නේ නැහැ. නමුත් මේවාටේ අන්තරගත ඊස්ට්‍රජන් ගුණාංග නිසා සෝයා ආහාර විශාල ප්‍රමාණ වලින් පරිභෝජනය කිරීම ලිංගික උත්තේජනය  හීන කරයි.

ටෝෆු, සෝයා කිරි, සෝයා සෝස් හෝ වෙනත් සෝයා නිෂ්පාදන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීමට සහ ශුක්‍රාණු ප්‍රමාණය පවා අඩු කිරීමට සමත් බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.

අධ්යයනයක දී සොයාගෙන ඇත්තේ, දිනකට සෝයා මිලිග්රෑම් 120ක් පරිභෝජනය කිරීම සෘණාත්මක ලිංගික බලපෑම් ඇති කර ඇති බවයි.

එබැවින් ඔබේ සෝයා පරිභෝජනය අවම මට්ටමක තබා ගන්න. එසේ නොමැතිනම් ඔබ පසුව  නිදි යහනේ පසුතැවෙනු ඇත.

4. මින්චි (මින්ට්)

මෙය ලැයිස්තුවේ තිබීම සිටීම පුදුමයට කරුණක් විය හැකියි. විශේෂයෙන්ම මුඛයේ ප්‍රසන්නතාව සඳහා මින්ට් අඩංගු ටොෆි හෝ චුවින් ගම් ආදිය අප හපන්නට ගන්නෙ විශේෂයෙම යහන්ගත වන්නට ප්‍රථම වන්නට පුළුවන් නිසයි.

කළු කූඹී

නමුත් මින්ට් උත්තේජනයට සෘණාත්මක ලෙස ක්‍රියා කළ හැකියි. විශේෂයෙන් ම පුරුෂයින්ට. මින්ට් වල අඩංගු මෙන්තෝල්, ටෙස්ටොස්ටෙරෝන් අඩු කිරීමට නැඹුරු වන අතර එමඟින් ලිංගික උද්දේජනය අඩු වනු ඇත.

5. වැල්මී (Liquorice)

ඔබ දවසක් පුරාවට වැල්මී ආහාරයට ගන්නේ නම් නැතිව ඇති. නමුත් බහුල ලෙස වැල්මී අඩංගු ආහාර පාන වලට ‘එපා’ කීම් නුවණට හුරුයි.

මන්ද, මෙම ශාකය බොහෝ විට පැනිරස ලොසින්ජර,  ශාකසාර තේ සහ වෙනත් බීම වල භාවිතා කරනු ලබනවා. රසවත් වුවත්, මෙහි ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමට බලපාන ෆයිටොස්ටොජන් අඩංගු වනවා.

පුරුෂයින්ට සහ කාන්තාවන්ට ටෙස්ටොස්ටෙරෝන් තිබෙනවා. මේ නිසා මෙමගින් ඔබේ ඔබේ ලිංගික ආශාව දුර්වල කරාවි."

6. කිරි ආහාර

අයිස්ක්‍රීම්, යෝගට් වැනි කිරි නිෂ්පාදන ඔබේ ප්‍රියතම ඒවා විය හැකි නමුත් පසුව ඔබේ සහකරු සමඟ රමණයේ යෙදීමට අවශ්‍ය නම් ඒවායින් ඈත්ව සිටීම නුවණට හුරුයි.

Fitness සඟරාවට අනුව කිරි වල ඇති ලැක්ටික් අම්ලයට ලිංගික උත්තේජනය අඩු කළ හැකියි.

ලිංගික ජීවිතයට හානිකර ආහාර

එළකිරි වලින් ලබාගත් නිෂ්පාදන වලට කෘතිම හෝමෝන අන්තර්ගත නිසා පුරුෂයින්ගේ සහ කාන්තාවන්ගේ ස්වභාවික හෝමෝන නිෂ්පාදනයට මෙමගින් බලපෑම් ඇතිකළ හැකියි.

අනෙක් අතට, කැල්සියම් වඩා හොඳ ලිංගික සෞඛ්‍යයක් සමඟ සම්බන්ධ වී ඇත.

එබැවින් කිරි ආහාර වලට ශක්තිමත් විකල්පයක් ලෙස කොළ පැහැති ඵලා වලින් කැල්සියම් ආදේශ කරගැනීමට වග බලා ගන්න.

7. චීස්

මේ තවත් කිරි ආහාරයකි. ඒත් ඇයි මේ හොඳ දේවල් මීට හානිකරයි කියන්නෙ? "චීස් ඇත්තෙන්ම රසවත් වුවත්, විශේෂයෙන් ඔබ ප්‍රවේසමෙන් තෝරාගත් චීස් වර්ග කිහිපයක් ඇති විට, ඉහත කී ලෙසම එය ඔබේ හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා කළ හැකිය.

නැවතත්, පිරිමින්ට සහ කාන්තාවන්ට, ටෙස්ටොස්ටෙරෝන් සහ එස්ටජන් වලට බලපාන අතර එමඟින් ලිංගික උත්තේජනය අඩු කරයි.

කෙසේවෙතත්, චීස් ඔබට ලිංගික තෘප්තියට වඩා වැඩි සතුටක් ලබා දෙයි නම්, ඔබේ ලිංගික උත්තේජනයේ නාමයෙන් එය අත්හැරීමට ඔබ සූදානම් නැතිනම්, අපි ඔබේ තීරණයට මුළුමනින්ම ගරු කරමු.

8. ලිංගික ජීවිතයට හානිකර ආහාර: චොකලට්

තවත් අසාධාරණ තෝරාගැනීමක්. චොකලට් වලට වඩා ලිංගික තෘප්තිය වැදගත්ද?  තීරණය ඔබ සතුයි.

ඇත්තෙන්ම රසවත් වුවත්, චොකලට් මෙතිල්සැන්ටයින් වලින් පිරී ඇති අතර එමඟින් අපට උදාසීන හා නිදිමත බවක් ඇතිකළ හැකි අතර ස්වභාවිකවම ඔබේ ලිංගික උද්දීපනය අඩු කරයි.

තවද, ඔබේ සහකරු සමඟ රමණයේ යෙදෙන අතරතුර නින්දට වැටීම ගැන කුමන කතාද?

9. බැදපු ආහාර

බැදපු ආහාර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉතා නුශුදුසු වනවා පමණක් නොව, ඒවා අපගේ ලිංගික උද්දීපනයටද බලපායි.

බොහෝ බැදපු ආහාර වල දක්නට ලැබෙන ට්‍රාන්ස් මේදය පිරිමින්ගේ අසාමාන්‍ය ශුක්‍රාණු නිෂ්පාදනය වැඩි කිරීම සහ ස්ත්‍රීන් තුළ ගර්භණීභාවයට බාධා කිරීම නිසා එමගින් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ලිංගික උද්‍යෝගිමත් බව අඩු කරයි."

10. ලිංගික ජීවිතයට හානිකර ආහාර: මයික්‍රෝවේව් පොප්කෝන්

චිත්‍රපටයක් බල්ලන්ට යොදාගත් රාත්‍රියකට පොප්කෝන් පරිපූර්ණ සහායකයකු වන නමුත්, මෙම සුළු  ආහාරයෙන් පවා ලිංගික උද්දීපනයට හානි සිදුවිය හැකිය.

පොප්කෝන් බෑග්වල ලයිනිං සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අඩු ලිංගික ධාවකයකට බලපානු ඇත.

පොප්කෝන් බෑග්වල පර්ෆ්ලෝරෝඇල්කයිල් අම්ල අඩංගු වන අතර එමඟින් පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වේ. එය  කාන්තාවන්ගේ කාමුක බවද අඩු කරයි.

නමුත් මූලික කාරණය වන්නේ පුරුෂයාට ලිංගික තෘප්තිය හා සුරතාන්තය අත්දැකීම සඳහා ශුක්‍රා  ප්‍රමාණය වැදගත් වේ.

11. ඉරිඟු පිටි/කෝන් ෆ්ලේක්ස් (Corn flakes)

මෙය පුදුමයට කරුණක්. නමුත් ඇත්තෙන්ම පරිපූර්ණ අර්ථයක් ලබා දෙනවා.

ඉරිඟු පිටි නැතහොත් කෝන් ෆ්ලේක්ස් විශිෂ්ට උදෑසන ආහාරයක් වන නමුත්, ඕනෑම ලිංගික එක්වීමකට පෙර මෙය ආහාරයට ගැනීමෙන් වළකින්න.

නැතිනම් කෝන්ෆ්ලේක්ස් ආහාරයට ගැනීමේදී ඔබේ ශරීරය සහ ඔබේ ලිංගික ධාවකය උණුසුම් කරන කුරුඳු කෑල්ලක් හෝ මී පැණි ටිකක් වැනි ස්වාභාවික කුළු බඩු ඊට එකතු කරගන්න. ධාන්ය වර්ග වලට මෙතරම් දෙයක් කරන්න පුළුවන් කියලා කවුද හිතුවේ?

මූලාශ්‍ර: cosmopolitan.com , cheatsheet.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි