theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්

3 අවම කියවීම
දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්

එතරම් හොඳින් හැසිරීමක් නැති දරුවෙක් පිරිසක් ඉදිරියේ නොසන්සුන් ලෙස හෝ අනුමත නොකරන ලෙස හැසිරීම කාගේත් අවධානයට ලක්වෙන කාරණයක්. නමුත් පහත කාරණා හොඳ ගුණ යහපත් දරුවෙකු හදාගන්න උදවු වෙන බව විශ්වාසයි.

එතරම් හොඳින් හැසිරීමක් නැති හොඳ පුරුදු නැති දරුවෙක් පිරිසක් ඉදිරියේ නොසන්සුන් ලෙස හෝ අනුමත නොකරන ලෙස හැසිරීම කාගේත් අවධානයට ලක්වෙන කාරණයක්. නමුත් පහත හොඳ පුරුදු කියා දුන්නොත් හොඳ ගුණ යහපත් දරුවෙකු හදාගන්න උදවු වෙන බව විශ්වාසයි.

1. ආචාර කිරීම

කරුණාකර, ස්තූතියි, සමාවෙන්න වගේ වචන වලින් මිනිසුන්ගේ ජීවිතය ප්‍රසන්න වෙනවා. මෙවැනි වචන ජීවිතයට එක්වීමෙන් මිනිසුන්ගේ මනුෂ්‍යත්වය කියාපාන අතර ඇගයීම හා ගෞරවය ඕනෑම සබඳතාවයකට වැදගත් වෙනවා. මේ නිසා ඔබේ දරුවා ඉතා ප්‍රසන්න කාගේත් පිළිගැනීමට ලක්වෙන දරුවෙක් වෙනවා.

බබාගේ සිනහව

2. බාධා නොකිරීම

ඉතාම අත්‍යවශ්‍ය කාරණාවකට හැරෙන්න යමක් අතර තුර බාධා කිරීම් නොකළ යුතු බව දරුවාට කියා දෙන්න. හුඟක් වෙලාවක වැඩිහිටියන් යම් කාර්යයක නිරතව ඉන්න විට දරුවන් ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට ඒ අතරට එනවා. දෙමාපියන් මෙහිදී හදිස්සියකට හැරෙන්න දරුවන්ට අතර මැද අශිලාචාර ලෙස වැඩිහිටියන්ගේ කතාව මැදට පැන බාධා කිරීම නොකළ යුතු බව කියා දෙන්න.

3. බෙදාගැනීම

දරුවන්ට හොඳ පුරුදු ඉගෙනීමට මෙය ඉතාම අමාරු කාර්යයක් වන නිසා ඉවසීමෙන් අවධානයෙන් ඉන්න. දරුවන් කුඩා කළ සිටම බෙදාගැනීමට හුරුවීමෙන් ඔවුන් වැඩිහිටියන් වූ පසු පරාර්ථකාමී වැඩිහිටියන් ලෙස සමාජයේ හැසිරෙනවා.

4. තමන්ගේ වාරය එනතුරු ඉවසීම

ඔබේ දරුවාට වෙනත් දරුවන් සමග සමාජානුයෝජනය වන්නට ඉඩ හැරීම මගින් ඔවුන් එකිනෙකාට අවස්ථාව ලබාදීමට ක්‍රමයෙන් ඉගෙන ගන්නවා. ගෙදරදී වුනත් කෑම බෙදන විට, නාන කාමරයට යන විට වැනි අවස්ථාවන් වාරය වෙන් කරමින් කරන්න උගන්වන්න පුළුවන්.

දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්

5. හිතේ තියාගෙන ඉන්න එපා

කතා කරනා විට දරුවන්ට මුමුණනවාට වඩා කෙලින් ඍජුව කතා කරන්න උගන්වන්න. එය බේරිහන්දීමත්, මිමිනීමත් අතරමැද ප්‍රසන්න ලීලාවෙන් කතා කරන්න උගන්වන්න.

6. හැමදේම අදින්න එපා

දරුවන් පිට තැනකට ගියහම එම තැන්වල තබා ඇති දේවල් ඔවුන්ට ක්‍රීඩා කිරීම පිණිස තබා ඇති දේවල් නොවන බව කියා දීම වැදගත්. ඔවුන්ට සුන්දර දේවල් ඇල්ලීමෙන් තොරව දුර ඉඳන් රස විඳින්නට කියා දෙන්න. ඔබ එක් වතාවක් ඊට ඉඩ දුන්නොත් ඔවුන් පිටතට යන හැම විටකම ඔවුන් දකින අලුත් දේ ඉල්ලන්නත් ඒවා ගැනීමටත් පුරුදු වෙනවා.

7. හොඳ ක්‍රීඩකයෙක් කරන්න

දරුවන්ට සාමාන්‍යයෙන් තේරෙන වයස එළඹෙත්ම ඔවුන්ව කුඩා ක්‍රීඩාවන්ට යොමු කරන්න. ඉන් දරුවන් පරාජය ඉගෙන ගන්නා අතර කිසි විටෙකත් ජයග්‍රහණය ඉතා විශිෂ්ට බව ඇගයීමට වඩා පරාජය දරා ගැනීමට ඉගැන්වීම ඉතා වැදගත්.ඉතා හොඳම දැක්ම නම් සමහර විට ජයග්‍රහණය කිරීම හා සමහර විට පරාජය වීම සාමාන්‍ය බව දරුවන්ට වටහා දීමයි.

සුවිශේෂී දක්ෂතා ඇති දරුවන්

 8. අවසර ගැනීම

ඕනෑම දෙයක් කිරීමට පෙර දෙමාපියන්ගෙන් අවසර ගැනීමට හුරු කරන්න. යාළුවන් සමග සෙල්ලම් කරන්න, පේන්ට් අරගෙන චිත්‍ර අඳින්න, ෆ්‍රිජ් එකකින් කෑමක් ගන්න වගේ පුංචි දේවල් වලට අවසර ගැනීමට හුරුවීම නිසා දරුවන් ගෞරවය      ගැන ඉගෙන ගන්නවා. එය පසුකාලීනව ඔහුගේ සබඳතාවයන් පවත්වාගෙන යන්න වැදගත් වෙනවා.

9. අගය කිරීම හා ප්‍රසංශාව

යමෙක් තමාව ඇගයීම හෝ ප්‍රසංශා කළවිට එයට ස්තූතිවන්ත වීමට උගන්වන්න. තුන් හැවිරිදි දරුවෙකුට “ඔයා හරිම හුරතල්” කිව්වහම “ඔව් මං දන්නවා” කියන එක හුරතල් වුනත් අවුරුදු 6-7 දරුවෙක් එසේ කීම සුරතල් වදනක් වන්නේ නැහැ. ඒ නිසා තමන් අගය කළවිට හරි ආකාරයට ඊට පිළිතුරු දෙන්න දරුවන්ට උගන්වන්න.

10. තමාගේ සෞක්‍ය

තමන්ගේ පිරිසිදු බව ගැන දරුවනට අවබෝධයක් තිබීම වැදගත්. කිවිසුම් යවන විට, කහින විට මුවට අත තැබීමට, නාසය පිස දැමීමට ලේන්සුවක් හෝ ටිෂු එකක් භාවිත කරන්න. වැසිකිලි ගිය පසු දෑත් සේදීමට වැනි දේවල් කියා දෙන්න. අනෙක් අතට විෂබීජ නිසා අපට ඇතිවන රෝගාබාධ ගැනත් කියාදෙන්න.

11. අනුකම්පාව හා දයාව

අපිට වඩා වෙනස් ආබාධිත අයෙක් දුටු විට ඔවුන්ට දයාව දක්වන්න කියා දෙන්න. හුඟක් වෙලාවට දරුවන් දෙමාපියන් කරන දේවල් අනුගමනය කරන නිසා ඔබ අන් අයට සලකන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

හොඳ ආචාර ධර්ම දන්නා දරුවන් කොයි වෙලාවෙත් කැපී පේනවා. ඒ නිසා ඔබේ දරුවා යහපත් දරුවෙක් කරන්න theAsianparent Sri Lanka මේ තොරතුරු ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්
බෙදාගන්න :
  • මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

    මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

  • මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

    මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it