ගබ්සා වීමකින් පසු ඔබේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන්නේ කෙසේද?

ගබ්සා වීමකින් පසු ඔබේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන්නේ කෙසේද?

ගබ්සාවෙන් පසු මානසික සුවය ලබා ගැනීම සඳහා යුවලකට එකිනෙකා අතර බැඳීම මෙන්ම අනෙකුත් දේවල් ද උපකාරී කර ගත යුතු ය.

සෑම වසරකම දරු උපත් මිලියන 2.6 ක් ඇතැයි ගණන් බලා තිබේ. එහෙත්, කිසියම් හේතුවක් නිසා තවමත් බොහෝ විට සිදුවන කණගාටුදායක දෙයක් ගැන කතා කිරීමට අපට සිදුවේ. එනම් ගර්භණීභාවය අහිමි වීම යි. ගබ්සාවෙන් පසු මානසික සුවය ගැන විශේශ අවධානයක් යොමු විය යුතුයි.

ශාරීරික විපර්‍යාස සහ විපාක පමණක් නොව, ගර්භණීභාවය අහිමි වීමෙන් පසු ඇතිවෙන 
මානසික සෞඛ්‍යය ගැටළු ලොව පුරා බොහෝ සමාජවල තහනම් විෂයයක් ලෙස පවතී.
ගර්භණීභාවය අහිමි වීමෙන් පසු මානසික සෞඛ්‍යය පිළිබඳ මූලික අවබෝධය නැති කමින් 
මානසික ගැටළු අමතක කර දැමේ. බොහෝ විට කාන්තාවන්ට සහ ඔවුන්ගේ සහකරුවන්ට 
හුදෙකලා බවක් දැනෙන අතර ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය සහය ලබා ගත හැකිය.
හෝමෝන මට්ටම පහත වැටීම හේතුවෙන් මනෝභාවයේ වෙනස්වීම් කම්පනයට හේතු විය 
හැකි බව අමතක නොකළ යුතුය.
කෙසේ වෙතත්, මූල හේතුව අවබෝධ කර ගැනීමෙන් සහ උපදේශන වලින්, ආදරය සහ 
රැකවරණය මත පදනම් වූ යාන්ත්‍රණයන් සමඟ කටයුතු කිරීමෙන් ගර්භණීභාවය අහිමිවන 
යුවලකට වන හානිය ජය ගත හැකිය.

ගබ්සාවෙන් පසු මානසික සුවය : මූලික වූ හේතූන් ගැන අවබෝධය

ගබ්සාවෙන් පසු මානසික සුවය

ගබ්සාවෙන් පසු මානසික සුවය

ගර්භණීභාවය අහිමි වීමෙන් පසු ඔබේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කිරීම මුලින්ම 
ආරම්භ විය යුත්තේ එහි මූලික හේතුව වටහා ගැනීමෙනි.
සාමාන්‍යයෙන් ගර්භණීභාවය නැතිවීම ගබ්සා වීමක් හෝ මළ දරු උපතක් ලෙස පුළුල් ලෙස 
විග්‍රහ කළ හැකිය.
පළමුවැන්න සති 20 ට පෙර ඕනෑම වේලාවක ස්වයංසිද්ධ ගබ්සාවක් වන අතර, සති 20 සිට
සති 37 දක්වා ඕනෑම තැනක සිදුවිය හැකිය.
මළ දරු උපත, විශේෂයෙන් ගර්භනී කාලය කොතරම් දුරට පමිණ ඇතිදැයි යන්න මත 
පදනම්ව හඳුනාගත හැකිය:
  • සති 0 සිට 27 දක්වා: මුල් මළ දරු උපත් (Early stillbirth)
  • ඊළඟ සති 28 ත් 36 ත් අතර: ප්‍රමාද වූ මළ දරු උපත (Late stillbirth)
  • සති 37 කට පසු: පූර්ණ කාලීන මළ දරු උපත් (Term stillbirth)
ගර්භණී සමයේදී මාතෘ රෝගාබාධ හා සංකූලතා ගර්භණීභාවය අහිමිවීමට හේතු විය හැකි 
බව දන්නා අතර, ඊළඟ පියවර සැලසුම් කිරීම සඳහා මූලික හේතුව හඳුනා ගැනීම ඉතා 
වැදගත් වේ.

බොහෝ වෛද්‍යවරු කැමති වන්නේ මවක් ගර්භණී ස්කෑන් පරීක්ෂණයක් කර සාමාන්‍ය පරීක්ෂාවන් සඳහා පැමිණීමටයි.

නමුත් නොවැළැක්විය හැකි ගබ්සාවකදී, මූලික වන හේතු කිහිපයක් මෙන්න:

  • ගර්භණීභාවය සහ දරු ප්‍රසූතියේ සංකූලතා: නොමේරූ දරු ප්‍රසූතිය, සති 42 කට වඩා වැඩි කාලයක් පවතින ගැබ් ගැනීම සමඟ කල් ඉකුත් වූ ළදරුවා, එකවර ළදරුවන් කිහිප දෙනෙකු  දරා සිටීම (නිවුන්) හෝ ගර්භණී සමයේදී හදිසි අනතුරක් හෝ තුවාල ඇතුළත් විය හැකිය.
  • වැදෑමහ සමඟ ඇති ගැටළු: වැදෑමහ දරුවාට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, ඔක්සිජන් සහ රුධිරය සපයන තීරණාත්මක සම්බන්ධකයකි. රුධිර ප්රවාහය, දැවිල්ල හෝ ආසාදනය වැනි ගැටළු වලට එය සම්බන්ධ වේ නම්, එය ගර්භණීභාවය අහිමි වීමට හේතු විය හැක.
  • උපත් දෝෂ: ජාතික ළමා සෞඛ්‍ය හා මානව සංවර්ධන ආයතනයට අනුව, සෑම දරු උපත් 10 න් 1 ක්ම උපත් ආබාධ නිසා ඇති වේ. ව්‍යුහාත්මක දෝෂ, Rh නොගැලපීම, ජානමය තත්වයන් හෝ කලලරූපී වර්ධන සීමාවන් මෙයට ඇතුළත් ය.
  • ශරීරයේ යම් ආසාදන තත්ත්වයක්: එය මවගේ ශරීරයේ හෝ දරුවාගේ වේවා, සයිටෝමෙගෙලෝ වයිරස් (CMV), ෆිෆ්ත් රෝගය (fifth disease), සිෆිලිස් (syphilis), ලිස්ටීරියෝසිස් (listeriosis), ලිංගික හර්පීස් (genital herpes) හෝ ටොක්සොප්ලාස්මෝසිස් (toxoplasmosis) වැනි ආසාදන ගර්භණීභාවය නැතිවීමට හේතු විය හැක. සාමාන්‍යයෙන්, ගර්භනීභාවයේ 24 වන සතියට පෙර සිදුවන දරු උපත් වලදී ආසාදන බහුලව දක්නට ලැබේ.
  • පෙකණි වැල සම්බන්ධව ඇතිවන ගැටළු: පෙකණි වැල දරුවා වැදෑමහ හරහා මවට සම්බන්ධ කරයි. එය තුළ ආසාදනයක් හෝ දැවිල්ලක් ඇති වුවහොත් හෝ එය ගැටගැසීමක් හෝ මිරිකීමක් සිදුවුවහොත් එය ගර්භණීභාවය අහිමි වීමට හේතු වේ.
  • මාතෘ සෞඛ්‍යය: අවසාන වශයෙන්, මවකගේ අසනීප තත්වය ගර්භණීභාවය නැතිවීමට එක් හේතුවක් විය හැකිය. ප්‍රීක්ලෑම්ප්සියාව (preeclampsia), හෝ නිදන්ගත අධි රුධිර පීඩනය හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ ප්‍රශ්න, තරබාරුකම හා දියවැඩියාව වැනි වෛද්‍ය තත්වයන් වේවා, මේ සියල්ලම හේතුවිය හැකි බව ඔප්පු කළ හැකිය.
අවාසනාවකට මෙන්, ඔබ නිසි වෛද්‍ය පරීක්‍ෂණයක් කර නොමැති නම් මෙම රෝග ලක්ෂණ
කිසිවක් මුලදී ඔබ නොදකිනු ඇත. ඔබ ලේ ගැලීම, හෝ යෝනි වේදනාව හෝ බඩේ 
කැක්කුම වැනි ශාරීරික වෙනස්කම් අත්විඳීමට පටන් ගත් විට පමණක් යමක් වැරදී ඇති බව 
ඔබට වැටහෙනු ඇත.
ගර්භණීභාවය නැතිවීමේ තවත් පැහැදිලි ලකුණක් නම් දරුවා ගර්භාෂය තුළ එහෙ චලනය වීම
නතර කිරීමයි.
කෙසේ හෝ ඔබ මෙම ලකුණු කිසිවක් හෝ දුටුවහොත් වහාම වෛද්‍යවරයා වෙත වාර්තා 
කිරීමෙන් පසු ඔබට කනගාටුදායක ලෙස දරුවා අහිමි වී ඇති බව දැන ගැනීමට ලැබුණි නම්, 
ඔබ ප්‍රමුඛතාවය දිය යුත්තේ ඔබේ ඊළඟ විකල්පයන් සාකච්ඡා කිරීමයි.

ගබ්සාවෙන් පසු මානසික සුවය : ගබ්සාවෙන් පසු සිදුවන්නේ කුමක්ද?

ශාරීරිකව නම්, ඔබේ ශරීරය යථා තත්ත්වයට පත්වීමට මාස 2ත් 4ත් අතර කාලයක් ගතවනු 
ඇත. මෙය ඔබේ සෞඛ්‍යය හා දරුවා නැති වීමට තිබූ මූලික හේතුව මත පදනම් වේ.
නිදසුනක් වශයෙන්, එය ගබ්සාවක් නම් කළලය ඔබේ ශරීරයෙන් ස්වයංක්‍රීයව මුදා 
හැරීමට ඉඩ තිබේ. මෙය අපේක්ෂිත ගබ්සාව (expectant miscarriage) ලෙසද හැඳින්වේ.
විකල්පයක් ලෙස, සමහර අවස්ථාවල ඉතිරි කළල පටක සැත්කම් මගින් ඉවත් කරනු ලැබේ.
යම් හෙයකින් මළ දරු උපතක් සිදුව ඇති නම්, නැතහොත් දරුවා  ප්‍රසූතියට පෙර මියගොස් 
ඇත්නම්, දරු ප්‍රසූතියක් සිදුවීම සඳහා ඔබට ඖෂධ ලබා දිය හැකිය. සිසේරියන් සැත්කමකට 
සාපේක්ෂව මෙය ආරක්ෂිත විකල්පයකි.
කෙසේ වෙතත්, නියමිත දිනය දක්වා තවමත් කාලය තිබේ නම්, ඖෂධය ශරීරය ගත වී 
ක්‍රියාකාරී වන තුරු (සාමාන්‍යයෙන් පැය 48 ක් පමණ) සහ ඒ සඳහා ශරීරය සූදානම් වන 
අතරතුර ඔබට දින කිහිපයක් විවේක ගැනීමට උපදෙස් දෙනු ලැබේ.
ඔබේ ශරීරය දිගින් දිගටම ශාරීරික වෙනස්කම් වලට අනුවර්තනය වන අතර, ගබ්සාවෙන් පසු
මානසික සුවය යනු අත්‍යවශ්‍ය අංගයක් බව තේරුම් ගත යුතු වේ.
 
යුවලක් ප්‍රබල චිත්තවේගීය බලපෑමක් අත්විඳින විට, මානසික සුවය ලැබීමට නම් මානසික 
සහයෝගය සහ රැකවරණය අවශ්‍ය වනු ඇත.

ගබ්සාවෙන් පසු මානසික සුවය : මානසික හා ශාරීරික කළමනාකරණය සිදු කරන්නේ කෙසේද?

මේ වන විට ඔබේ හැඟීම් ඉතා ක්‍රියාකාරී මට්ටමක පැවතිය හැකිය. ඔබට දරුවා අහිමි වීම, 
කෝපය, දුක සහ එය වළක්වා ගැනීම සඳහා ඔබට කළ හැකි දේ ගැන නිරන්තරයෙන් 
මෙනෙහි වනු ඇත; කෙසේ වෙතත්, ඔබටම දොස් පවරා නොගෙන කෙසේ හෝ සිතිවිලි 
අභිබවා යාමේ වැදගත් කම ඔබ තේරුම් ගත යුතුය. 

ඔබේ මේ සිතිවිලි, හැඟීම් පිළිබඳ දිනපොතක් තබා ගැනීම මෙවන් අවස්තාවකදී උපකාරී වේ. 

ශෝකජනක අත්දැකීමකින් පසු ඉන් මිදීමට ඔබට උපකාරී වන කරුණු කිහිපයක් මෙන්න.

1) ශෝක වීම ‘වැරැද්දක් නොවන’ බව දැන ගන්න

ඔබ නූපන් දරුවා සමඟ මාස ගණනාවක් බැඳී සිටින්නට ඇත. එය බලාපොරොත්තු සහගතව
හා ධනාත්මකව විසූ කාලයක් විය. ඔබ ඔබේ දරුවා සඳහා ඇඳුම් සකස් කරගෙන, සමහර 
විට තොටිල්ලක් සහ ඔබේ බිළිඳාට අවශ්‍ය අනෙකුත් උපකරණ වුවද මිලදී ගන්නට ඇත.
ඔබේ දරුවාගේ පෙනුම කෙබඳුදැයි සහ ගති ලක්ෂණ කෙසේ වනු ඇතැයි ද පවා ඔබ කල්පනා 
කරන්නට ඇත.
ඇත්ත වශයෙන්ම, මෙම අහිමි වීමෙන් ඔබ දැඩි ලෙස පීඩාවට පත් ව ඇත. ඔබ එසේ 
නොවුනහොත් එය පුදුමයකි! එබැවින් ඔබේම අහිමි වීම ගැන දුක්වීම වරදක් නොවන බව 
පිළිගන්න.

2) ඔබ ඔබටම වරද පැනවීම පාලනය කිරීමට කටයුතු කරන්න

වරදකාරි හැඟීමක් ඇති නොවීම අපහසු විය හැකිය. ඔබට වෙනස් ආකාරයකින් කුමක් කළ 
හැකි විනි දැයි සිතනු ඇත. ඔබ මීට වඩා පරිස්සම් විය යුතුව තිබුනේ නම් හෝ මීට පෙර 
රෝහලට ගොස් තිබේ නම් කියා තෙනු ඇත.
සත්‍යය නම්, ඔබට කළ හැකි කිසිවක් කල ද බොහෝ විට මේ සිදුවීම වෙනස් නොවී තිබෙනු
ඇත.
නමුත් ඔබේ වෛද්‍යවරයාගෙන් පිළිතුරු ලබා ගැනීමෙන් තත්වය වඩාත් හොඳින් වටහා ගත 
හැකිය. ඔබගේ වර්තමාන සෞඛ්‍ය තත්වය, ඊළඟ වතාවේදී ඔබට වෙනස් ආකාරයකින් කළ
හැකි දේ සහ එය නැවත සිදුවිය හැකිදැයි ඔහුගෙන්/ඇයගෙන් විමසන්න.
මෙම දේවල් වර්තමානය වෙනස් නොකළද, ඒවා අනාගතය සඳහා ඔබව සූදානම් කරන අතර 
සිදුවූ දේ පිළිබඳව යම් පමණක අවසානයක් දැකීමට ඔබට උපකාරී වේ.

ගබ්සාවෙන් පසු මානසික සුවය

3) ඔබේ සහකරු හෝ සහකාරිය ගැන සිතන්න

ඔබ මෙම අහිමි වීම ගැන දුක් වන අතරම, එකම මානසික කම්පනයකට මුහුණ දෙන ඔබේ
සහකරු හෝ සහකරු හෝ සහකාරිය ගැන අමතක වීමක් සිදු වීම පහසුය. ස්ත්‍රීන් හා 
පුරුෂයන් ශෝකය වෙනස් ආකාරයකින් පෙන්වන බව මතක තබා ගන්න.
එහෙයින් අවස්ථාවෙහිදී, ඔබ ඔබේ සහකරුද මතකයේ තබා ගැනීම ඉතා වැදගත්ය. 
ඉවසිලිවන්තව ඔබේ හැඟීම් එකිනෙකා සමඟ බෙදා ගන්න. හොඳ සවන්දෙන්නෙකු වීමට 
උත්සාහ කරන්න සහ එකිනෙකාගේ ශෝකජනක ක්‍රියාවලීන්ට ගරු කරන්න.

5) අහිමි වූ දරුවා මතකයේ  තබා ගන්න

ඔබේ ළදරුවාට නමක් තැබීම දරුවා මතක තබා ගැනීමට හා ගෞරව කිරීමට කරන 
උප්ක්රමයක් විය හැකිය. ඔබ ඔබේ දරුවාට නම් තැබුවහොත් ඔබ අවට සිටින අයටද ශෝක 
වීමට වඩාත් පහසුවක් දැනේ.
සමහර අය දැනටමත් තම ළදරුවන් සඳහා නම් තෝරාගෙන තිබිය හැකි අතර, ඔබේ 
ආදරණීයයා, දේව දූතයා. සුරංගනාව වැනි නියෝජිත නාමයකින් මතක තබා ගැනීමට පවා 
ඔබට හැකිය. ඔබට ශබ්ද නඟා පැවසීමට පහසු නමක් තෝරා ගැනීම සුදුසුය.
සමහර අවස්ථාවලදී, දෙමව්පියන් ට තම ළදරුවන් සඳහා අවමංගල්‍ය කටයුතු පවා සංවිධානය 
කළ හැකිය. මෙම තීරණ සියල්ලම ඔබේ ළදරුවා මතක තබා ගැනීමට කැමති ආකාරය මත 
පදනම් වේ.

6) ගබ්සාවෙන් පසු මානසික සුවය : නැවත නිවස කරා යාමට සූදානම් වන්න

මෙම අවස්ථාවේදී ශාරීරිකව හා මානසිකව නැවත නිවසට පැමිණීම දුෂ්කර විය හැකිය. ඔබ 
මිලදී ගත් තොටිල්ල දෙස බැලීමට ඔබට නොහැකි බව හෝ ඔබේ ළදරුවා සමඟ තවදුරටත් 
සම්බන්ධ වී නැති බවක් ඔබට හැඟෙන්නට පුළුවන. එබැවින් ඔබේ සිතැඟි තේරුම් ගත 
හැක්කේ ඔබටම පමණකි.
ඔබේ දරුවා නවත නවතත් මතක් කර දෙන දේවල් ඉවත් කිරීමට පවුලේ අය සහ මිතුරන් ගේ 
සහය ඔබට අවශ්‍ය නම් ඔවුන්ට පවසන්න. එය සිදුවීමට ඔබට අවශ්‍ය නැතිනම්, එයද බෙදා 
ගන්න. ඔබ ආපසු නිවෙස බලා යාමට කලින් මේ පිළිබඳව දැනුම් දෙන්න.

9) මානසික අවපීඩනයේ (depression) හැම සලකුණක් ගැන ම විමසිල්ලෙන් සිටින්න

සමහර විට සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීම්වල දී වුවද ‘බේබි බ්ලූස්’ (මානසික අවපීඩන 
තත්තවයන්) දැකිය හැකිය. නමුත් ගබ්සාවක දී ඔබට වැඩි මානසික බලපෑමක් ඇතිවිය හැකිය.
ශෝකය සහ මානසික අවපීඩනය අතර වෙනස තේරුම් ගැනීම ඉතා වැදගත් වන්නේ එබැවිනි.
ඔබ නිරන්තරයෙන් සාමාන්‍ය ජීවිතයෙන් ඉවත් වී සිටීමට වෙර දරයි නම්, ඔබේ ආහාර රුචිය 
නැති වී සියදිවි නසාගැනීමේ ප්‍රවණතා පවා අත්විඳින්නේ නම්, මේවා මානසික අවපීඩනයේ 
සලකුණු වේ. ඔබට ක්ෂණික වෛද්‍ය උපදෙස් හා උපකාර පැතීමට අවශ්‍ය විය හැකිය.

ගබ්සා වීමකින් පසු ඔබේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන්නේ කෙසේද?

10) ඔබේ ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න

ගබ්සාවෙන් පසු මානසික සුවය ගැන සැලකිලිමත් වීමට ඔබ කටයුතු කරන අතරම, ඔබ 
ශාරීරිකව නිරෝගීව සිටින බවට වග බලා ගැනීමද වැදගත්ය.
සමබර ආහාර වේලක් සහ ප්‍රමාණවත් ජලය පානය කිරීම තුළින් යහපත් සෞඛ්‍යයක් සහ 
හොඳින් විවේක ගත් හයිඩ්‍රේටඩ් ශරීරයක් ඔබට ඉක්මනින් සුවය ලබා ගැනීමට සහ ඔබේ 
හෝමෝන පාලනය කර ගැනීමට උපකාරී වේ.

11) අනාගත ගැබ් ගැනීම් සැලසුම් කරන්න

අවසානයේදී, නැවත පිළිසිඳ ගත යුතුද නැද්ද යන්න ඔබට තීරණය කළ හැකිය. මෙම තේරීම 
ඇත්ත වශයෙන්ම පෞද්ගලික ය. ඔබ නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීමට තීරණය කරන්නේ
නම්, එය ඔබේම කොන්දේසි මත පදනම් විය යුතුය.
ඔබේ අහිමි වීම ඔබට අමතක වී ඇති බවක් එයින් අදහස් නොකරන බව තේරුම් ගන්න. 
එයින් අදහස් කරන්නේ ජීවිතය ඉදිරියට ගෙන යන බව ඔබ පිළිගෙන ඔබේ කුඩා ළදරුවා 
තවමත් ඔබේ මතකයේ ඇති බවයි.
ඔබ මෙම පියවර ගැනීමට මානසිකව සූදානම් වන විට, ඔබ ශාරීරිකව සූදානම් ද නැද්ද යන්න 
තහවුරු කර ගැනීමට ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඔබේ සෞඛ්‍යය ගැන හොඳින් 
සැලකිලිමත් වන්න. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කාලය ගත කරන්න එවිට ඔබ 
දෙදෙනාම එකම තීරණයක ද නැද්ද යන්න වටහා ගනු ඇත.
වැදගත්ම දෙය නම්, ගබ්සාව ට පසු යහපත් මානසික සෞඛ්‍යයක් ලබා ගැනීම දුෂ්කර හා 
මන්දගාමී ක්‍රියාවලියක් විය හැකි බව දැන ගන්න. නමුත් පවුලේ අයගේ සහ මිතුරන්ගේ සහය මෙන්ම 
වෛද්‍ය උපදෙස් ද ලබා ගැනීමෙන් ඔබේ ජීවිතයේ ඊළඟ අදියර කරා පහසුවෙන් ගමන් කළ 
හැකිය.

වෙනදා පරිදි ම මෙවැනි ඔවදන් සහිත ලිපි ඔබ වෙත ගෙන ගෙන ඒමට theAsianParent LK 
හි අප සැදී පැහැදී සිටින්නෙමු.


පරිවර්තනය - බෝසඳුන් ගුණසේකර

මූලාශ්‍ර: WHO, Healthline, NHS

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

bosandun