theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි අවදියේ මගේ කුස මේ තරම් තද ගතියකින් යුක්ත වන්නේ ඇයි?

9 අවම කියවීම
ගැබිනි අවදියේ මගේ කුස මේ තරම් තද ගතියකින් යුක්ත වන්නේ ඇයි?ගැබිනි අවදියේ මගේ කුස මේ තරම් තද ගතියකින් යුක්ත වන්නේ ඇයි?

ඔබේ ගර්භණී කුසේ තද ගතිය අසාමාන්‍ය නොවන අතර එය දිගු කාලයක් පවතින්නේද නැත. නමුත් එය මතුපිටින් නොපෙනෙන පවතින ගැටලුවක ඇඟවීමක් විය හැකිය.

ඔබේ ගර්භනී උදරය තද වීම අසාමාන්‍ය නොවන අතර එය එතරම් කාලයක් පවතින්නේ නැත. නමුත් එය මතුපිටින් නොපෙනෙන ගැටලුවක ලක්ෂණයක ඇඟවීමක්ද විය හැකිය.

ඔබේ කුස තුළ මොළකැටියා පිළිසිඳගත් දා සිට ඔබේ දරුවා ලැබෙන තුරු ඔබේ ගර්භණී බඩද නොයෙක් හැල හැප්පීම් සමඟ ගමනක් යයි.

මාස නවයක් තුළ ඔබේ ගර්භාෂය ප්‍රසාරණය වන විට, වැඩෙන දරුවාට නවාතැන් ගැනීම සඳහා ශාරීරිකව වෙනස් වීමට එය උදරයට බලපෑම්  කරයි.

වඩාත්ම කැපී පෙනෙන වෙනසක් වන්නේ ඔබේ ගර්භනී උදරය තද වීම වේ. මෙය වෛද්‍යමය වශයෙන් ගර්භාෂ හයිපර්ස්ටීනියා ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් එය දෙවන ත්‍රෛමාසිකයේ අවසානය වන විට ආරම්භ වන අත එය ඔසප් වේදනාවට සමාන කැක්කුමක් ඇති කළ හැකිය.

නමුත් සමහර කාන්තාවන් සඳහා එය සති 12 ක් තරම් කලින්ම ආරම්භ වේ. කෙසේ වෙතත්, ගර්භනී බඩ තඩ වීම එතරම් කාලයක් පවතින්නේ නැත.

ඔබට ගර්භනී උදරය තද වීම තදින් දැනෙන්නේ ඇයි?

ඔබ ඔබේ තුන්වන ත්‍රෛමාසිකයට ඇතුළු වූ පසු, මෙම දැඩි හැඟීම පහව යාමට පටන් ගන්නා අතර ඔබේ ගර්භණී බඩ නැවත සාමාන්‍ය තත්වයට පත්වේ.

අහඹු ලෙස, මෙම තත්වය බොහෝ ගර්භනී කාන්තාවන් සඳහා සත්ය වන අතර ඒ ගැන කරදර වීමට හේතුවක් නැත.

සෑම ගැබ් ගැනීමක්ම අද්විතීය බැවින් සමහර විට ගර්භණී බඩ තද වීමට හේතු ද වෙනස් වනු ඇත.

නමුත් සාමාන්‍යයෙන්, ඔබේ උදරීය මාංශ පේශි හැර වෙනත් හේතු කිහිපයක් තිබේ, එය ඔබේ ගර්භණී බඩේ දැඩි බවක් ඇතිවීමට හේතු වේ.

අපි ඒ සෑම එකක් ගැනම සමීපව බලමු.

1. ඝන වැදෑමහ නිසා ගර්භනී උදරය තද වීම

ගර්භණී සමයේදී ඔබේ ගර්භාෂයත් සමග වැඩෙන තවත් වැදගත් අවයවයක් තමා වැදෑමහ.

එය ඔබේ වැඩෙන දරුවාට ජීව ආධාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඔහුගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ හා ආහාර සපයනවා.

දුර්ලභ අවස්ථාවන්හිදී, වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් වෙන් වනවා. මෙය සිදු වූ විට ගර්භාෂය දැඩි වීමට පටන් ගන්නවා.

ඝන වීම වඩාත් ස්ථාවර වී යථා තත්වයට පත් නොවන්නේ නම්, ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

ගර්භනී සමයේ අපහසුතා

වැදෑමහ දරු ප්‍රසූතියේදී ගර්භාෂ බිත්තියෙන් වෙන්විය යුතුය. නමුත් ඊට පෙර එය සිදුවුවහොත් එය දරුවාට බරපතල හානියක් විය හැකිය.

මෙය තරමක් දුර්ලභ වන අතර එය සිදු වන්නේ ලොව පුරා ගැබ් ගැනීම් වලින් සියයට 1.5 කට පමණි.

එසේම, සමහර අවස්ථාවල උදරය තද වීම  බහිෂිකේතනක ගැබ් ගැනීමක (ectopic pregnancy) ලකුණක් විය හැකිය. (ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී) මෙහිදී සිදු වන්නේ ෆැලෝපියානු නළය තුළ සංසේචනය වූ ඩිම්බය වර්ධනය වීමට පටන් ගැනීමයි.

2. ගර්භාෂය උදරයේ ඇතිල්ලීම

මාස නවයක් පුරාවට කුඩා දොඩම් ගෙඩියක ප්‍රමාණයේ ඉඳන් කොමඩු ගෙඩියක ප්‍රමාණයක් දක්වා වධනය වේ.

මෙසේ වර්ධනය වන ගර්භාෂයට කුස තුළ ඉඩ සාදාගැනීම සඳහා නිරතුරුවම උදරය ඉදිරියට තල්ලු කරමින් ඇතිල්ලෙනු ඇත.

දෙවන ත්‍රෛමාසිකය අවසන් වන විට, ඔබේ ගර්භාෂය උදරයේ බුරිය ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශි පිටතට තල්ලු කරන්නට පටන් ගනී.

ගර්භාෂය තව දුරටත් ප්‍රසාරණය වන විට, එය ඔබේ උදරයේ බිත්ති තෙරපීමට පටන් ගනී. මෙම අභ්‍යන්තර වර්ධනය නිසා ඔබේ බඩ තව තවත් තද වන බව ඔබට හැඟෙන්නට ගනී.

ඝන උදරයත් සමඟම ඇතැම් කාන්තාවන්ට ඔක්කාරය හා බඩ පිපුණු ගතියද ඇති වන්නට පිළිවෙන.

මෙවැනි අවස්ථාවක, ඔබට ඒ ගැන සැබවින්ම කළ හැකි දෙයක් නොමැත. එබැවින් බර පිපීමෙන් සහ මල බද්ධයෙන් මිදීමට ඔබේ ආහාර වේලට තන්තු ඇතුළත් කිරීම වඩාත් සුදුසුය. නිතිපතා ව්‍යායාම කරන බවටද ඔබ වග බලා ගත යුතුය.

3. ගර්භණී මේදය වැඩිවීම

ගර්භණී සමයේදී ඔබගේ සිරුරට සැලකිය යුතු බරක් එකතු වන බව රහසක් නොවේ. ගැබිනි මවක් අකමැති නොවන හොඳ මේදය වුවද, එය ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරයේ පෙනුම වෙනස් කරන අතර ඉන් ගැබිනි කුස තද කරයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එයට හේතුව ඔබේ පළමු හා දෙවන ත්‍රෛමාසික තුළ ඔබගේ බර වැඩිවන විට, ඔබේ ශරීරයට අතිරික්ත මේද සෛල බෙදා හැරිය හැකි ප්‍රදේශ හඳුනාගත යුතු වීමයි. මෙම මේදය තැන්පත් වන මූලික ස්ථානය බෝහෝ විට ඔබගේ උදරය වනු ඇත.

ඔබ ගර්භණී කුස පිටතට දිස් වන්නට පටන් ගත් විට, මේද සෛල විසින් වැඩෙන ගර්භාෂයටද ඉඩ සලසයි.

ගර්භනී සමයේ මුල් අවධියේදී මෙය සිදුවිය හැකිය. සමහර කාන්තාවන් තුළ දෙවන ත්‍රෛමාසික කාලය දීතුළ එය සිදුවිය හැකිය.

ඔබේ කුසේ මේද සෛල සමුච්චය වීම නිසා ඔබට ඔසප් වේදනා වැනි  කැක්කුම් පවා දැනෙන්නට පුළුවන.

ගර්භනී උදරය තද වීම

කෙඳි වලින් පිරුණු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මෙන්ම ප්‍රමාණවත් තරම් ජල ප්‍රමාණයක්ද ඔබේ බඩේ දෘඩතාව ලිහිල් කළ හැකිය. | රූප අනුග්‍රහය: Dreamstime

4. ආහාර අසමතුලිතතාවය සහ ආහාර දිරවීමේ ගැටළු

ගර්භණී සමයේදී ඔබ ඇත්ත වශයෙන්ම “දෙදෙනෙකුට හරියන්න කෑම” නොකළ යුතු ද්‍යකි. ඔබ ආහාරයට ගත යුත්තේ ඔබට ඇති තරම් ආහාර පමණය.

කෙසේ වෙතත්, එම ආහාරය ඔබේ දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, අත්‍යවශ්‍ය මේද හා ඛනිජ වලින් පොහොසත් විය යුතුය.

නමුත් බොහෝ අවස්ථාවලදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් පවා ගර්භනී කාන්තාවකට මල බද්ධය දැනීම වළක්වා ගත නොහැකිය.

ගර්භණී සමයේදී මල බද්ධය යනු ඔබ නොදකින බොහෝ අපහසුතාවයන්ගෙන් එකකි. කෙසේ වෙතත්, මල බද්ධය අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරයක් නිසා නොවිය හැකිය.

ඔබේ ගර්භාෂය නිරන්තරයෙන් ඔබේ බඩවැල් වලට තද කරන නිසා විය හැකිය.

මීට අමතරව, නිරන්තරයෙන් මුදාහැරෙන ප්‍රොජෙස්ටරෝන් මගින් ඔබේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධරතියේ ක්‍රියාවන් මන්දගාමී කරයි.

මෙම සියලු සාධක ඔබගේ ගර්භණී උදරයේ දෘඩ හැඟීම ඇති කරයි. නමුත් කෙඳි වලින් පිරුණු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මෙන්ම ප්‍රමාණවත් තරම් ජල ප්‍රමාණයක්ද  ගැනීමෙන් මෙම ගැටළුව සමනය කළ හැකිය.

5. ඔබේ කුස තුළ පිනුම් පිටියක්

ඔබේ ගර්භණී බඩ ඔබේ වැඩෙන දරුවාට සෙල්ලම් පිටියක් වගෙයි. ඔබේ ගර්භාෂය තුළ ඔහුගේ පයින් පහරවල් ඔබට අත්විඳිය හැකිය.

මේ දරුවා වර්ධනය වන වබත්, නිරෝගීව සිටින බවත් පෙන්වන හොඳ ලකුණකි. නමුත් ඔබේ දරුවා ක්‍රියාශීලී වන විට ඔබේ බඩට බරපතල පහරක් එල්ල වේ. ඔබේ දරුවා කුසට පයින් ගසන සෑම අවස්ථාවකම එම උත්තේජනයට ප්‍රතිචාරයක් ලෙස ආමාශ බිත්තිය ඝන වේ.

මෙම ප්‍රතික්‍රියාව ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් වලට ඉඩ සැලසීමට පමණක් වුවද, එය මවට තරමක් අපහසු විය හැකිය.

ඔසප් වේදනාව වැනි කැක්කුම් ඔබට දැනෙන්නේ නැත. නමුත් ආහාර ගැනීමෙන් පසු ඔබට දැනෙන පරිදි බඩ පිපී හෝ බඩ ප්‍රවා දමපු ස්වභාවයක් ඔබ අත්දැකිය හැකිය. මෙම ආකාරයේ අසහනය දිගු කලක් නොපවතින අතර ඔබට එය ඉක්මනින්ම සාමාන්‍ය වනු ඇත.

6. දෙදෙනෙකුට හරියන්න ආහාර ගැනීම?

ඔබ ගැබ්ගෙන ඇති නිසා ඔබට වචනාර්ථයෙන් දෙදෙනෙකු වෙනුවෙන් ආහාර ගැනීමට අවශ්‍ය නැත. ඔබේ දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය තවමත් නිසි ලෙස සැකසී නැත. එබැවින් දරුවා  වෙනුවෙන් ආහාර ගැනීම තේරුමක් නැත.

කෙසේ වෙතත්, සමහර විට ඔබේ ගර්භණී රසනහර පිනවීමට ඇති තෘෂ්ණාව නිසා අධික ලෙස ආහාර ගැනීමට ඔබේ සිරුර ඔබට බල කරනු ඇත.

මෙය ඔබේ ගර්භණී බඩට තද බවක් හා පූර්ණ හැඟීමක් ඇති කරයි. මෙය ඔබට බඩ පිපුම හා වායු තත්ව ඇති කළ හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස උදරයේ දෘඩතාව වැඩි වේ.

නිසැකවම බඩ පිපුම වළක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ අධික ලෙස කෑම නොගැනීමයි.

ඔබ සාමාන්‍යයෙන් කන තරම් ආහාර ඔබේ පිඟානට බෙදාගන්න. ඔබට යම් තෘෂ්ණාවක් තිබේ නම්, මුළු අයිස්ක්‍රීම් ටබ් පෙට්ටියම කනවා වෙනුවට ඉන් ටිකක් පමණක් බෙදාගෙන කන්න. විරාම ලබාගනිමින් ඔබ් කැමති දේ හෙමිහිට කන්න.

ගර්භනී උදරය තද වීම

අවසාන ත්‍රෛමාසික කාලය තුළ වටකුරු බන්ධනය දිගු වීම නිසා ගර්භණී බඩ තරමක් අපහසු වේ. | රූප අනුග්‍රහය: Dreamstime

7. මාංශපේෂි  වේදනාව

මෙය ඔබේ යටි බඩේ හෝ ඉඟටියෙහි දැනෙන තියුණු වේදනාවකි. එය ගර්භනීභාවයේ සාමාන්‍යතත්වයක් වුවද, දෙවන ත්‍රෛමාසික කාලය තුළ එය වඩාත් පොදු අපහසුතා වලින් එකකි.

ඔබේ ගර්භාෂය හා ඔබේ බඩ වටා ඝන පටක සහ මාංෂපේශි කොටස් ඇති බව ඔබ දැන සිටිය හැකිය. ගර්භාෂයේ ඉදිරිපස කොටසේ සිට ඉඟටිය දෙසට විහිදෙන වටකුරු අස්ථිබන්ධය ඉන් එකකි.

ඔබේ ගර්භාෂය වර්ධනය වන විට, මෙම පඨක ප්‍රසාරණය වන විට වැඩෙන දරුවාට නවාතැන් ගත හැකිය.

නමුත් එම දිගු වීම නිසා ගර්භණී බඩට තරමක අපහසුතාවක් අත්වේ. වටකුරු අස්ථි බිඳීම නිසා ඇතිවන වේදනාව යමෙකු ඔබව උදරයට තෙරපනවා වැනි හැඟීමෛ.  එය සාමාන්‍යයෙන් ගර්භණී බඩේ දකුණු පැත්තට බලපායි.

නමුත් බොහෝ කාන්තාවන්ට එය එක් පසකින් හෝ දෙපැත්තෙන්ම සිදුවිය හැකිය.

මෙය සමඟ ගනුදෙනු කිරීමට ඇති හොඳම ක්‍රමය නම් උදර මාංෂපේශි ශක්තිමත් කිරීම, හදිසි චලනයන් වළක්වා ගැනීම සහ කිවිසුම් යාමට හෝ කැස්සීමට පෙර ඔබේ ඉණ නැමීමයි. වේදනාව සමනය කිරීම සඳහා, තාපන පෑඩ් භාවිතා කරන්න.

8. බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන (Braxton hicks contractions) නිසා ගර්භනී උදරය තද වීම

ඔබේ අවසාන ත්‍රෛමාසිකයට (සති 30 ක් පමණ) ඇතුළු වන විට ඔබට බ්‍රැක්ස්ටන් හික්ස් හැකිලීම් දැනෙනු ඇත.

මේවා ව්‍යාජ සංකෝචන වන අතර, ඇතැම් අවස්ථා වල සුළු වශයෙන්ද තවත් අවස්ථා වල විශාල වශ්‍යෙන්ද මේවා ඔබ අත්දකිනු ඇත.

ඔබට මෙම සංකෝචන දැනෙන විට (තත්පර 30 සිට විනාඩිය දක්වා), ඔබේ ගර්භණී බඩ තරමක් තද හා දෘඩ වේ.

නමුත් ඒවා ගැබ්ගෙල විස්තාරණය වීමට තුඩු නොදෙන අතර එම විස්තාරණය ඔබ දරු ප්‍රසූතියේදී අත්දකිනු ඇත.

මෙම සංකෝචන ටික කලකට පසු පහව ගියද, ඒවා යථාර්ථයක් ලෙස දැනෙන අතර වේදනාකාරී වේ.

ඔබ තවමත් ඔබේ ගර්භනී අවධියේ මෙම අත්දැකීම් වලට ඔබ තවමත් අවතීර්ණ වී නැතිනම් මෙම සංකෝචන ඔබට බලාපොරොත්තුවෙන් සිටිය හැකිය.

9. ඔබේ ගර්භාෂයේ ගැටළු ගර්භනී උදරය තද වීම

අවසාන ත්‍රෛමාසිකය තුළදී, ඔබේ ගර්භණී බඩ තද වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ගර්භාෂයේ ඇති විය හැකි ගැටළුය.

බඩ තද වීම රෝග ලක්ෂණයක් නොවුනත්, එයට මතුපිටින් නොපෙනෙන ගැටලුවක ලක්ෂණයක්ද විය හැකිය හැකිය.

ඔබේ බඩේ තදවීම ඔබේ ශරීරයේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින ප්‍රීක්ලාම්ප්සියාවේ සංඥාවක්ද විය හැකිය.

සමහර අවස්ථාවල එය ගබ්සාවක් පවා විය හැකිය.

රුධිර වහනය වීම, රුධිර පැල්ලම් ඇතිවීම, ඇඟ සීතල වීම, උණ, ඔක්කාරය හෝ යෝනි ශ්‍රා සමඟ උදරයේ තද වීමක් ඇති වුවහොත් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය.

10. ගර්භණී සමයේදී ශරීර වේදනාව

ඔබ ගර්භණී සමයේ කෙළවරට ගොස් නියමිත දිනට ළඟා වන විට, ඔබේ මුළු සිරුරම නොසන්සුන් හෝ වෙහෙසට පත් විය හැකිය.

ඔබේ මුළු ශරීරයම කැක්කුමක් ඇතිවන සේ දැනෙනු ඇත.

කොන්දේ වේදනාව, ඔබ දන්නා පරිදි, ගර්භනීභාවයේ පොදු රෝග ලක්ෂණයකි. එයට හේතුව එය වැඩෙන උදරයට සහාය වීමයි.

නමුත් ඔබේ ගර්භණී බඩ තද වීමට මෙයද හේතුවකි.

කලවා සහ ඉණෙහි වේදනාව ද සුලබ ය. මන්ද යත්, ඉණ වටා ඇති පටක හා ගර්භාෂය සම්බන්ධ වී ඇති හෙයිනි.

වේදනාව සමනය කර ගත හැකි හොඳම ක්‍රමය නම් ඔබට අපහසුතාවයක් දැනෙන විට විවේක ගැනීමයි. ඔබට තාප චිකිත්සාව භාවිතා කළ හැකිය.

නැතහොත් සගන්ධ තෙල් භාවිතා කරමින් ඔබට සම්බාහනයක් ලබා දෙන ලෙස ඔබේ ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලා සිටින්න.

ගර්භණී සමයේදී ඔබ ගැන හොඳ සැලකිල්ලක් දැක්වීමට ඔබට සිදුවනු ඇත.

එයින් අදහස් කරන්නේ, විශේෂයෙන් ඔබට අපහසුතාවයක් දැනෙන විට, ප්‍රමාණවත් විවේකයක් ගැනීමයි.

11. හුරේ! මෙන්න පැටියා එනවා

ඔව්, ප්‍රීති වීමට කාලයයි. නමුත් එය ඔබේ ගර්භණී බඩ අතිශයින්ම් තද ගතියක් අත්දකින කාලයයි.

තද වීමේ සංවේදනය ඔබේ දරුවා පිටතට යන බවට සංඥාවක් වනු ඇත.

ඔබ දරු ප්‍රසූතියට යාමට සූදානම් වන විට, ඔබේ බඩ තද වීම අඩු නොවන බව දැන සිටින්න. සංකෝචන වඩාත් විධිමත් හා ළං ළංව සිදු වන විට,. ඔබගේ දරුවා ප්‍රසූත වීම ආරම්භ වනු ඇත.

ඔබේ කුඩා දරුවා ඔබේ ගර්භාෂයෙන් ඉවතට යන තුරු ඔබේ බඩ එක් එක් සංකෝචනය සමඟ තද වේ.

ඔබේ ගර්භණී බඩ තද වීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් බව මතක තබා ගන්න.ඉහත  සාකච්ඡා කළ ඕනෑම හේතුවක් නිසා එය සිදුවිය හැකිය. එබැවින් හොඳම දේ ඔබේ ශරීරයට ඇහුම්කන් දීමයි.

යම් අවස්ථාවක දී වේදනාව ඉතා තියුණු නම් හෝ ඔබේ තද බඩට අතිශයින් අපහසුතාවයක් දැනේ නම්,. ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

මූලාශ්‍ර: WebMD, Boldsky

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය – නිලූෆ පෙරේරා

මුල් රචනය: Deepshikha Punj

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිනි අවදියේ මගේ කුස මේ තරම් තද ගතියකින් යුක්ත වන්නේ ඇයි?
බෙදාගන්න :
  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it