theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවන්ට සුරාන්තය අත්දකින්නට අපහසු වීමට හේතු 11

4 අවම කියවීම
කාන්තාවන්ට සුරාන්තය අත්දකින්නට අපහසු වීමට හේතු 11කාන්තාවන්ට සුරාන්තය අත්දකින්නට අපහසු වීමට හේතු 11

කාන්තාවන් බොහොමයකට ලිංගික තෘප්තිය අත්දැකීම අභියෝගයක් වන හේතු කාරනා කිහිපයක් තිබිය හැකියි. මේ මූලික හේතු 11 ඔබත් අත්දකිනවාද? ඒවා ජයගන්නේ කෙසේද? මෙතැනින් මඟපෙන්වීමක්ත්

ලිංගිකත්වය තුළ සුරාන්තය කියන්නේ ලිංගික තෘතිය මනින්නට තියෙන එකම මිණුම් දණ්ඩ නොවෙයි. නමුත් එය මූලිකම වගේම ප්‍රධානතම අත්දැකීමක් නෙවෙයි කියන්නටත් බැහැ.

සුරාන්තය තුළින් යමෙකුගේ ලිංගික තෘප්තිය වඩාත් උඩ්දීපනය කළ හැකි බව අප නොදන්නා රහසක් නෙවෙයි.

සුරාන්තය මගින් අත්පත් වන තවත් වාසි කිහිපයක් තිබෙන බව ඔබ දැන සිටියාද? මෙය යෝනි ප්‍රදේශයේ  සෞඛ්‍යය සම්පන්න බව වැඩි කරනවා පමණක් නොව, හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩු කරන බව කියැවෙනවා. තවද හොඳ නින්දක් වගේම නිදි චර්යාවක් ඇතිකර ගැනීම පහසු කරනවා.

බර අඩු කර ගැනීමට වගේම වේදනා සමනය කරන්නටද මීට හැකි වනවා. මේ නිසා සුරන්තය අත්දැකීම ඔබට අභියෝගයක් නම්, මෙකී වාසි කිහිපයක්ද ඔබ නොදැනුවත්වම අහිමි විය හැකි බව ඔඅට පෙනෙනවා ඇති.

ස්ත්‍රී ස්වයං වින්දනය

කාන්තාවන්ට ලිංගිකව තෘප්තිමත් වීම නැතහොත් සුරාන්තය අත්දැකීම දුෂ්කර වීමට බලපෑ හැකි හේතු

ලිංගික ජීවිතය හා ලිංගික චිකිත්සාව Journal of Marital Sex & Therapy ජර්නලයේ පළ වූ නව අධ්‍යයනයක් මගින් කාන්තාවන්ට සුරාන්තය අත්දකින්නට බාධා වන හේතු විය හැක්කේ මොනවාදැයි සොයා බලනු ලැබුවා.

සමීක්ෂණයට ලක් කළ කාන්තාවන් 452 දෙනාගෙන් ලිංගික තෘප්තිය අත්දැකීම නොලැබීමට බලපානවා යැයි සිතන වඩාත් පොදු හේතුසාධක මොනවාදැයි ඔවුන් ලැයිස්තුගත කළා.

මුලින්ම වයස අවු. 18ට වැඩි කාන්තාවන් 913ක් සමීක්ෂණයට ලක්ක් කල පර්‍යේෂකයින්, ඔවුන් අතරින් සුරාන්තය අතිදැකීම අභියෝගයක් වූ කාන්තාවන් 452 නෙක් තෝරාගනු ලැබුවා.

මේ අතුරින් 45% ක් එක්වීමෙන් අඩක කාලයකට පසුව තෲප්තියට පත්වීම පමා වූවන් වූ අතර 30% දෙනෙක්ම ලිංගිකව හැසිරෙන කිසිඳු අවස්ථාවක සුරාන්තය අත්දැකීම අභියෝගයක් වුනා.

මින් පසුව, පර්යේෂකයන් විසින්, කාන්තාවන්ගේ වයස, පසුබිම, ජීවන රටාව, සම්බන්ධතා තත්ත්වය, සෞඛ්‍ය ඉතිහාසය වැනි විවිධ සාධක සැලකිල්ලට ගත් අතර  සුරාන්තය අත්දැකීම හා සම්නබන්ධ “මානසික පීඩාවේ මට්ටම” තක්සේරු කළා.

difficult to orgasm

කාන්තාවන්ට තොරාගැනීම සඳහා පහත හේතූන් ඔවුන් ලැයිස්තුගත කළා:

  1. මගේ සහකරු සමඟ ලිංගිකව හැසිරීමට මට  උනන්දුවක් නැහැ.
  2. මා සමඟ ලිංගිකව හැසිරීම මගේ සහකරුට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.
  3. මගේ සහකරු සමඟ ලිංගිකව හැසිරීම මට සතුටක් නොවේ.
  4. මගේ සහකරුට මා සමඟ ලිංගිකව හැසිරීමෙන් තෘප්තියක් ඇතිවන බව පෙනෙන්නට නැහැ.
  5. මට ලිංගිකව හැසිරෙන විට ප්‍රමාණවත් ලෙස උත්තේජනයක් හෝ උද්දීපනයක් ඇති වෙලා නැහැ.
  6. සංසර්ගය අතරතුර මාගේ ලිංගික පෙදෙස ප්‍රමාණවත් ලෙස ලිහිසි වී නැතහොත් තෙත් වී නැහැ.
  7. ලිංගික එක්වීමේදී මට වේදනාකාරී බවක් දැනෙනවා.
  8. අපට ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා ලිංගිකව හැසිරීම කඩිනම් කළ යුතු වනවා.
  9. මගේ ශරීරය සහ ශාරීරික පෙනුම ගැන මම මානසිකව වද වෙනවා.
  10. සෞඛ්‍යය තත්වය හා ඖෂධ නිසා මට සුරාන්තය ලබාගන්නට බැහැ.
  11. මගේ මානසික ආතතිය හා කාංසාව නිසා මට සුරාන්තය අත්දකින්නට අපහසුයි. හැඟේ.

සහභාගී වූ කාන්තාවන්ගෙන් 58% ක්ම මානසික අවපීඩනය හා කාංසාව උපුටා දැක්වූයේ ඔවුන්ට ලිංගික තෘප්තිය ලබා ගැනීමට අපහසු වීමට ප්‍රධාන හේතුව ලෙසයි.

අනෙක් ප්‍රධාන හේතු මෙන්න:

  • 48% ක් කියා සිටියේ උද්දීපනයක් හෝ උත්තේජනයක් නොමැතිකම ඔවුන්ගේ තෘප්තියයට බාධා කරන බවයි.
  • 40% ක් කියා සිටියේ ප්‍රමාණවත් කාලයක් නොමැති වීම සුරාන්තය ලබාගැනීමට බාධාවක් බවයි.
  • 28% ක් දුර්වල ශරීර ප්‍රතිරූපයක් වාර්තා කර ඇත.
  • 25% ක් පැවසුවේ ලිංගික ක්‍රියාව තුළ වේදනාව ප්‍රධාන ගැටළුව බවයි.
  • 24% ක් කියා සිටියේ ප්‍රමාණවත් ලිහිසිකරණය නොමැති කම ඊට හේතුව බවයි.
  • සෞඛ්‍යය හා ඖෂධ තත්ව නිසා බව කියා සිටියේ 17% ක් පමණයි.

මනෝචිකිත්සක ග්‍රාන්ට් බ්‍රෙනර් ලියන්නේ ප්‍රතිචාර දැක්වූවන්ට හේතු එකකට වඩා තිබිය හැකි බවයි. නිදසුනක් වශයෙන්, දුර්වල උද්දීපනයක් නිසා කාන්තාවන්ට මානසික ආතතිය හා කාංසාව අත්විඳිය හැකිය. නැතහොත් ප්‍රමාණවත් ලිහිසි කිරීම වේදනාව හා නොරිස්සීමට හේතු විය හැක.

ලිංගික තෘප්තිය අත්දැකීම අපහසු වීම: සුරාන්තය ලබාගැනීම දුෂ්කර වූ විට සහකාරිය සමඟ කටයුතු කරන්නේ කෙසේද?

difficult to orgasm

අධ්‍යයනවලින් පෙනී යන්නේ කාන්තාවන්ගෙන් 50% ක් පමණ ලිංගිකව එක්වීමේදී සුරාන්තය අත්දකින්නේ නොමැති බවයි.

මෙය ඔබේ වරදක් නිසා සිදු නොවන්නක් බව සිහි තබාගැනීම ඉතා වැදගත්.  සුරාන්තය නොලැබුනු පමණින් එය ඔබේ කාන්තා පෞරුෂය සුලු කොට තැකීමට හේතුවක් වන්නේ නැහැ.

කාන්තාවකගේ තෘප්තියට මූලිකවම බලපානුයේ කාන්තාවගේ මානසික තත්වය බව රහසක් නෙවෙයි.

ඉහත කී කාරනා වලින් කුමන සාධකය සත්‍යය වුවත්, එක් දෙයක් ස්ථීර ලෙස කිව හැකියි. එනම් විවාහය තුළ ලිංගික ජීවිතය ප්‍රේමයේ හා සමීප සම්බන්ධතාවයේ ගැඹුරුතම ප්‍රකාශනයක් විය යුතු බවයි.

ලිංගික තෘප්තිය හීන වූ විට, එය වෙනත් ගැටළු වල මූලාරම්භයක් විය හැකියි. ඒ ලෙසම තෘප්තිමත් නොමැති ලිංගික ජීවිතය, ජීවිතයේ වෙනත් ගැටළු වල ප්‍රමූර්තියක්ද විය හැකියි.

සුරාන්තය ලඟා කරගැනීමට කළ හැකි දේවල්

  • ලිංගික ශිල්ප ක්‍රම හා විවිධත්වය වැඩි දියුණු කිරීම
  • දෙදෙනා අතර සන්නිවේදන උපාය මාර්ග ශක්තිමත් කිරීම
  • දුර්වල ශරීර ප්‍රතිරූපයක් සමඟ පොරබදින සහකරුවන් දිරිගැන්වීම සහ සහාය ලබා දීම
  • සෞඛ්‍යය ගැටළු වලට මුහුණ දෙන්නේ නම් නොපමාව විශ්වාසදායී වෛද්‍යවරයකු සමඟ විවෘතව කතාබහ කිරීම සැමවිටම සුදුසුය.
  • විවාහ ගැටළු වලට යුවළක් ලෙස වෘත්තීය සහාය ලබා ගත යුතුය.

ලිංගික ජීවිතයේ අපේක්ෂා කළ යුතු එකම දෙය සුරාන්තය නොවුනත්, එය නොමැතිකම බොහෝ විට අවධානය යොමු කළ යුතු ගැටලුවක් පිළිබිඹු කරනු ඇත.

මෙයට නිසි ලෙස ප්‍රතිකර්ම සොයාගැනීමෙන් තෘප්තිමත් ලිංගික ජීවිතයක් මෙන්ම ශක්තිමත් විවාහ ජීවිතයක්ද අහ්ට්පත් කරගත හැකි වනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා

මූලාශ්‍ර: Psychology Today, NCBI, Healthline, SELF

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • කාන්තාවන්ට සුරාන්තය අත්දකින්නට අපහසු වීමට හේතු 11
බෙදාගන්න :
  • මුඛ සංසර්ගයේදී බොහෝ ස්වාමිපුරුෂයන් අතින් සිදුවන වැරදි සහ ඒවා නිවැරදි කරන්නේ කෙසේද?

    මුඛ සංසර්ගයේදී බොහෝ ස්වාමිපුරුෂයන් අතින් සිදුවන වැරදි සහ ඒවා නිවැරදි කරන්නේ කෙසේද?

  • Study: 11 Reasons Why Women Find It Difficult To Orgasm

    Study: 11 Reasons Why Women Find It Difficult To Orgasm

  • මුඛ සංසර්ගයේදී බොහෝ ස්වාමිපුරුෂයන් අතින් සිදුවන වැරදි සහ ඒවා නිවැරදි කරන්නේ කෙසේද?

    මුඛ සංසර්ගයේදී බොහෝ ස්වාමිපුරුෂයන් අතින් සිදුවන වැරදි සහ ඒවා නිවැරදි කරන්නේ කෙසේද?

  • Study: 11 Reasons Why Women Find It Difficult To Orgasm

    Study: 11 Reasons Why Women Find It Difficult To Orgasm

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it