theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

3 අවම කියවීම
සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

ස‌ෙමට ගම් පළාත්වල තිය‌ෙන පුංචි පුංචි අත්‌බ‌ෙහතේ

සෙමට අත්බෙහෙත් ගැන කතා කරන්න අපි අද සුදානම්. ඕනෑම රෝගයක් වැඩිවෙන්න නැතුව පාලනය කර ගන්න, නැතිනම් එම රෝගය වළක්වන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? 

ගම් පළාත් වල නම් ඔය පුංචි පුංචි දේවල් වලට අත්බෙහෙත් තියෙනවා.

අත්බෙහෙත් කියන්නේ වෛද්‍යවරයා නිර්දේශ නොකර ඒ ඒ රෝග වලට ගම්වැසියන් ගන්න පුරුදු වෙලා තියෙන පහසුවෙන් සොයා ගන්න පුළුවන් බෙහෙත්. 

මේ අත්බෙහෙත් භාවිතා කර ප්‍රතිඵල අත් විදින එකේ වරදක් නැහැ. 

ඒත් ඔබට ප්‍රබල රෝග ලක්ෂණ පෙන්වනවා නම්, නැතිනම් අත් බෙහෙත් කර සුව කල නොහැකි රෝගයක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම අවශ්‍ය වෙනවා.

දරුවාගේ කැස්ස

නිතර හැදෙන ‌බබාව ‌ලෙඩ කරන කැස්ස හා ‌සෙම්ප්‍රතිශ්‍යාව

 

සෙමට අත්බෙහෙත් 

සෙම කියන්නේ අපි හැමෝම අත්විදින කරදරකාරී ලෙඩක්, මේ සෙමට කරන්න පුළුවන් අත්බෙහෙත් මොනවාද කියලා අපි බලමු.

1. සෙමක් හැදෙන බවට මුල් සලකුණු දැනෙද්දී ආච්චි අම්මාගේ කොත්තමල්ලි මුට්ටියක් ලිප උඩ නටන්න ගන්නවා.

සෙම හෙම්බිරිස්සාව හැදෙන්න එනකොට කොත්තමල්ලි ටිකක් බිව්වාහම සෙම හොද වෙනවාලු. සමහරු නම් ඉගුරු කෑල්ලක් ඒකට තලලා දානවා.

කොත්තමල්ලි සෝදලා වේලලා කුඩු කරගන්න. එය පිරිසිදු කරගත් බෝතලයක ගබඩා කර ගන්න.   බබාට සතියට දෙවරක් මේ කොත්තමල්ලි කුඩු තේ හදනවා වගේ හදලා දීමෙන් සෙම් රෝග අඩුකරගන්න පුළුවන්ලු.

2. සෙමට තව ගුණ බෙහෙතක් තමයි ලුණු කියන්නේ, මද රස්නෙට ගත්ත වතුර ටිකකට ලුණු හොදින් කලවම් කරලා උගුර හෝදන්න. සමහරු නම් සෙම කැඩිලා යන්න කියලා මේකටම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

3. සෙම් ගෙඩි සදහා අමු ඉගුරු, සුදුලූණු, ගම්මිරිස්, සමව ගෙන දෙහි ඇඹුල් එකතුකර පොට්ටනියක් බැද හක්කේ තබා ගෙන සෙම අරින්න

4. දැඩි සෙමට කළු උක් දඬු යුෂ තේ හැඳි 2 මී පැණි තේ හැඳි 1 එකට දමා උදේ සවස බොන්න

5. කැස්සට ඉඟුරු පෙති 1 ලුණු කැටයක් ගම්මිරිස් ඇට 2ක් එකට සපා කන්න.

6. සෙමට ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න.

7. සෙමට මී පැණි තේ හැන්දක්, නාරාං බික් 3, ඉඟුරු ඉස්ම සහ ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර කන්න

8. පීනස සමඟ සෙමට ඉඟුරු පියළි රතුළූණු ගොටුකොළ දඬු තම්බා බොන්න.

9. පීනස සමඟ සෙමට කහ කුඩු තේ හැඳි 1/2 උණුවතුර කෝප්ප 1/2 ට දමා දියකර බොන්න

10. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට දෙහි කොළ තම්බා දුම් අල්ලන්න

11. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට බෙලි කොළ පාවට්ටා, නික කොළ තම්බා දුම් අල්ලන්න.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

සෙමට හදන අත්බෙහෙත් වලට එකතු ‌වෙන දිව ඔසුව මී පැණි

මේ ගැනත් සැලකීලිමත්වෙන්න

මේ එදිනෙදා ගෙවල් වල සෙමට භාවිතා වෙන පුංචි අත්බෙහෙත් වර්ග කිහිපයක් විතරයි. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබ දන්නා මෙවැනි අත් බෙහෙත් ඇති නම් ඔබත් කමෙන්ට් කරන්න.

ඔබට යම් අසාත්මිකතාවයක් ඇත්නම් අත්බෙහෙත්  භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. 

ඒ වගේම සෙම රෝගය කල් පවතිනවා නම්, වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්,රෝගය උග්‍ර වේ නම් අත්බෙහෙත් කරමින් නොසිට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්
බෙදාගන්න :
  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • 5 Soothing Home Remedies For Your Child's Fever

    5 Soothing Home Remedies For Your Child's Fever

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • 5 Soothing Home Remedies For Your Child's Fever

    5 Soothing Home Remedies For Your Child's Fever

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it