theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු

6 අවම කියවීම
මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමුමේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු

වියදම් අඩුකර මුදල් ඉතිරි කරගන්නේ මෙහෙමයි.

ලෝකයම තවමත් මුහුණ දෙමින් සිටින වසංගත තත්වයත් එක්ක ලෝක ආර්ථිකයටම වැදුනේ මරු පහරක්. මුදල් ඉතිරි කිරීම කෙසේ වෙතත් එදිනෙදා ජිවත් වෙන්න විදියක් නැතුව මිනිස්සු දහ අතේ කල්පනා කරන්න පටන් ගන්න ඇති.

සමහර අයට රැකියාවන් පවා අහිමි වෙද්දි තවත් පිරිසකට වැටුපෙන් භාගයකට හිමිකම් කියන්න වුනා.

මෙය අපේ රටේ විතරක් ඇති වු තත්වයක් නොවේ. මුළු ලෝකයේ ජනතාව මේ වෙනවිටත් වසංගතයට අමතරව ආර්ථික ගැටළු වලින් පීඩා විදිනවා.

පිරිමි වඳභාවය

ආර්ථිකය කියන්නේ පවුලක ශක්තිමත් බවට සුරක්ෂිත බවට හොද පදනමක් සපයන මුලික කරුණක්.

ඉස්සර ලුණු බතුයි කාලා පවුල් කන්න පුළුවන් බව කිව්වත් අග හිග කම් පෑල දොරින් එබෙන කොට ආදරය පස්ස දොරෙන් පැනලා යන බව දන්නෝ දනිති.

ඒ නිසාම අපි අද ආර්ථිකය සම්බන්ධ වැදගත් තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න හිතුවා.

මුදල් ඉතිරි කිරීම සදහා වියදම් පාලනය කරන්නේ කොහොමද?

ඉතිරි කිරීම කොතරම් වැදගත්ද කියලා ගොඩාක් දෙනා තේරූම් ගත්තේ වසංගතය එක්ක ගෙවල් දොරවල් වලට කොටු වුනාට පස්සේ.

කන්න බොන්න හිග වෙද්දි ඉතිරි වෙච්චි සල්ලි ටික කොච්චර නම් ප්‍රයෝජනවත් වුනාද? 

මුදල් ටිකක් ඉතිරි කරගෙන තිබුනොත් මේ වගේ ව්‍යසන අවස්ථාවක ඒක හයියක් වෙනවා.

ඒ වගේම තමයි පවුලේ කවුරු හරි අනපේක්ෂිතව රෝගී වුනොත් අතේ මිටේ කීයක් හරි තියෙනවා.

ඒ වගේම තමයි දරුවන්ට අවැසි දෙයක් අරගෙන දෙන්න වගේම ඔවුන්ගේ අමතර අධ්‍යාපන කටයුත්තකට වුනත් වියදම් කරන්න සහයක් වෙනවා.

  • සල්ලි ඉතිරි කරන්න කතා කලාට කෝ අපිට සල්ලි ? ගොඩාක් අය ඊලගට අහන ප්‍රශ්නය එයයි. ඉතිරි කරන සල්ලි අපි වියදම් වලින් පිරි මහගන්න අවශ්‍ය වෙනවා. 
  • ඒක කරන්නේ කොහොමද අපි අත්‍යාවශ්‍ය දේවල් වලට විතරයි වියදම් කරන්නේ? එහෙම වෙන්න පුළුවන් නමුත් ඔබේ අත්‍යාවශ්‍ය වියදම් අතරින් කොහොමද මුදල් ඉතිරි කරගන්නේ කියලා බලමු.

ආදයම් සීමාවීම සමග වියදම් පාලනය

මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු

1. අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගන්න

ඔබ නිවසට අවශ්‍යම කරන දේවල් මිලට ගැනීමට යන්නේ නම් අවශ්‍ය දේවල් ලැයිස්තු ගත කරගෙන එකවර යම් කාලයකට ඒ කියන්නේ සතියකට දෙකකට සරිලන්න මිලදී ගන්න.

නිතරම සුපර් මාර්කට් දුවන්න සැරසෙන්න එපා. එහෙම ගියාහම අපිට නැති උවමනාවන් පවා ඇති වී අත්‍යාවශ්‍ය නැති දේවල් ගන්න පෙළඹෙනවා.

සුපර් මාර්කට් වල බඩු ගන්නකොට වට්ටම් ලැබෙන ක්‍රම තියෙනවා ඒවා හොයලා බලලා භාවිතා කරන්න.

ඒ වගේම තමයි මිල ස්ථීර දේවල් සුපර් මාකර්ට් වලින් ගත්තාට එළවළු, පළතුරු, මස් හා මාළු වැනි දේවල් පුංචි පුංචි කඩ වලින් නැවුම්ව සහ අඩු මුදලට සොයා ගන්න පුළුවන්.

ඔක්කොම එකපාර සුපර් මාකට් එකෙන් ගන්නවා තරම් පහසු නැති වෙන්න පුළුවන්.

නමුත් මුදල් ඉතිරි කරන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔබට මාසික වියදමින් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි කරන්න පුළුවන්. 

2. අතේ ඇති මුදලට සරිලන්න බඩු ගන්න

ඔබේ අතේ තියෙන්නේ දහසයි නම් ඔබ එක්දහස් පන්සීයක බඩු ගත්තොත් ඊලගට අඩුව පිරිමහන්න මතක් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එක.

ඔහොම කිහිප පොළකටම අපි මේ ක්‍රෙඩිට් කාඩ් එක දික් කලාහම අපි දන්නෙම නැතුව අපේ ඊලග වැටුපට ණයක් එකතු වෙනවා.

ක්‍රෙඩිට් කාඩ් එක තියෙන බව දන්න නිසාම අපි අවශ්‍ය අනවශ්‍ය දේවල් රැසක් බියක් නැතුවම ගන්න පෙළඹෙනවා.

ඉතින් අපි ක්‍රෙඩිට් කාඩ් එකට එකතු කරගන්න ණයයි, එයට එකතු වෙන පොලියයි ගෙවලා ඉවර වුනාහම ඊලග මාසේ කොහොමත් ක්‍රෙඩිට් කාඩ් එකට ණ්‍ය වෙලා තමයි ජිවත් වෙන්න පුරුදු වෙන්නේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මෙහෙම යන කොට අපි දන්නෙම නැතුව තවත් සමාගමක් පොහොසත් කරනවා.

ටිකක් විධිමත් විදියට වියදම් කරන්න පුරුදු වෙලා ඒක අපිම ඉතිරි කරගත්තොත් නරකද?

3. අනවශ්‍ය ක්‍රෙඩිට් කාඩ් අවලංගු කරන්න

සමහර අය ආයතන කිහිපයක ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන එක දැන් විලාසිතාවක් වෙලා.

එයාලා දන්නෙම නැතුව වාර්ෂික ගාස්තු හා පොලිය විදියට මුදල් සෑහෙන ප්‍රමානයක් ආයතන වලට ගෙවනවා.

ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ඉන්න පුළුවන් නම් සහනයක්. නමුත් ඔබට අවශ්‍ය නම් වට්ටම් හා දීමනා ලබා සහිත එක් ක්‍රෙඩිට් කාඩ් පතක් පමණක් භාවිතා කරන්න.

නමුත් එයට වුනත් අනවශ්‍ය විදියට ණය වෙන්න එපා.

4. මුදල් ඉතිරි කිරීම සදහා ජලය හා විදුලිය ඉතිරි කරන්න

ජලය හා විදුලිය කියන්නේ ඔබේ වියදම් ඒ කියන්නේ බිල්පත් ගාස්තු අඩු කරන්න පුළුවන් දෙන්නෙක් තමයි.

ජලය නම් අනවශ්‍ය ලෙස නාස්ති නොකර අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.

විදුලිය භාවිතා කිරීමේදි නිතරම ඔබ භාවිතා නොකරන විදුලි බුබුළු හා විදුලි උපකරණ නිමා දමන්න.

විදුලි බලය අඩුවෙන් වැයවෙන බල්බ් හා උපකරණ වලට මාරු වෙන්න.

භාවිතා නොකරන විටදි උපකරණ විදුලි පේනුවෙන් ගලවා තබන්න.

ඔබට බිල කොතරම් අඩු කරගන්න පුළුවන්ද කියලා මෙහෙම මාසයක් දෙකක් කරලා බලන්න.

5. වගා කරන්න 

මේක ඇහුවාම නම් ගොඩාක් අය අපිට ඉඩකඩ නැහැ කියලා කියන්න පුළුවන්.

ඒත් පහුගිය කාලේ මිනිස්සු නැති ඉඩකඩෙත් අපුරුවට වගා කරපු විදිය හා වගා කරපු ක්‍රම අපි ඇති තරම් දැක්කා.

එහෙම ඉඩක නැහැම කියන අය ඇරෙන්න අනෙක් අයට තමන්ට ඉඩකඩ ලැබෙන විදියට එළවළු  හා පළතුරු ටිකක් හිටවන්න පුළුවන්.

එතකොට එළවළු වලට හා පළතුරු  වලට යන මුදල් ඔබට ඉතිරි වෙනවා.

ඒ වගේම වස විෂ නැති නැවුම් ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්.

6. මුදල් ඉතිරි කිරීම  සදහා වාහනයේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න

සමහර අය පුරුදු වෙලා විදියට වාහනය නැතුව අඩි දෙක තුනක් වත් යන්න බැහැ.

තෙල් කියන්නේ ඔයාගේ පොකට් එකට වැඩිපුරම තට්ටු කරන තව කෙනෙක් තමයි. අ

හල පහල කඩයකට යද්දි, නැතිනම් ලග යාළුවෙක් හම්බවෙන්න යද්දි පයින් හරි පාපැදියක හරි යන්න.

ඒක ඔයාගේ පොකට් එකට වගේම ශරීර සෞඛ්‍යයටත් හොදයි.

7. නිවසේ පිසු කෑම කන්න

සතියේ කෑම

මේ දවස් වල කොවිඩ් එක්ක තත්වය වෙනස් වුනත් ගොඩාක් අය කඩෙන් කෑම ගෙනත් කන්න කැමතියි.

සමහර පවුල් වල හැමදාම රෑ කෑම වේල එළියෙන් ගන්නේ. 

මේ පිසු ආහාර වල මිල ගණන් එක්ක අපි ගෙදර කෑම දවස් කිහිපයක් කන්න පුළුවන් මුදල එක වේලකට වැය වෙනවා.

ඒ වගේම පිටින් ගේන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා කියන්නත් බැහැ.

හොදම දේ තමයි නිවසේදීම ආහාර කටට රසට පිළියෙල කරගන්න එක.

පොඩ්ඩක් උත්සහ කලොත් කඩේ හදන කෑම වට්ටෝරු ගොඩාක් අපිට ඊට වඩා රසවත්ව නිවසේදීම සකස් කරගන්න පුළුවන්.

මෙවැනි පුරුදු අවම කරගැනීමෙන් ඔබට සැහෙන්න මුදලක් ඉතිරි කරගන්න පුළුවන්.

8. අනවශ්‍ය ඇමතුම් බිල් ගොඩගසා ගන්න එපා

මුදල් ගොඩාක් වැය කරන අනෙක් උපාංගය දුරකථනයි. දිගු ඇමතුම් ඔබේ බිල ඉහළ නංවන අතර ඔබේ වටිනා කාලයද කා දමයි.

දුරකථනයේ අරමුණ පණිවුඩ හුවමුරුව බැවින් එය ඒ සදහාම තබා ගන්න. සෑම විටම ඇමතුම කෙටි කරන්න.

අනවශ්‍ය වැඩකට නැති පහසුකම් දුරකථන ජාලයෙන් ලබා ගෙන ඇතිනම් ඒවා විසන්ධි කරන්න.

9. මුදලට කරගන්නා කටයුතු සෑමවිටම ඔබ කරගන්න

ලොන්ඩ්‍රි වැඩ කටයුතු, සමහර රූපලාවන්‍ය වැඩ කටයුතු වැනි ඔබට කරගත හැකි සමහර සේවාවන් ඔබම කරගැනීමෙන් මුදල් වැයවීම අවම කරගන්න පුළුවන්. 

10. ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න

ඔබ හෝ ඔබේ පවුලේ අයෙක් රෝගි වුනොත් ඔබට සෑහෙන වියදම් දරන්න වෙනවා.

වෛද්‍ය ගාස්තු, පරික්ෂණ ගාස්තු, ඖෂධ ගාස්තු වැනි විවිධ සේවා සදහා ඔබට දරන්න වෙන මුදල අතිමහත්.

ඒ නිසා ඔබ නිරෝගි දිවියක් ගත කරන්න. සමබර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම වැනි දේවල් මගින් ඔබේ සෞඛ්‍යය ඉහළ නංවාගන්න.

11. my wallet App භාවිතා කරන්න

ඔබේ ජංගම දුරකථනයට my wallet App ‌ඩවුන්ඩ්ලෝඩ් කරගෙන ඔබේ අය වැය සටහන් කරගෙන එය කළමණාකරණය කරගන්න.

මේ ඔබට ඔබ තුලින්ම වියදම අඩු කර මුදල් ඉතිරි කරගත හැකි ක්‍රම කිහිපයකි. තවත් මෙවැනි ක්‍රම රාශියක් තියෙනවා.

හිත ඇත්නම් පත කුඩාද? ඔබට මේ විදියට ටිකක් හිතා මතා කටයුතු කලහොත් ඔබේ වියදම් තුලින්ම සෑහෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වේවි.

ඔබ මෙලෙස ඉතිරි කරගන්නා මුදල් කැටයක හො බැංකු ගිණුමක ඉතිරි කරන්න. 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මූල්‍ය
  • /
  • මේ දවස්වල අගහිගකම් මැද්දෙන් ආර්ථිකය බැලන්ස් කරන් ජිවත් වෙමු
බෙදාගන්න :
  • අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

    අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

  • උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

    උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

  • අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

    අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

  • උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

    උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it