විවාහය තුළ දිගුකාලීන සමීපතාවය සහ ලිංගික ජීවිතයේ වැදගත්කම

විවාහය තුළ දිගුකාලීන සමීපතාවය සහ ලිංගික ජීවිතයේ වැදගත්කම

සාර්ථක විවාහයකට බලපාන සාධක අතරට විශ්වාසය, කැපවීම, සන්නිවේදනය ආදී ගුණාංග අඩංගු වන මුත් තෘප්තිමත් ලිංගික ජීවිතයත් එහි මූලික ගුණාංගයක්.

ආදරය, විශ්වාසවන්තභාවය, ඇදහිල්ල සහ ශ්‍රේෂ්ඨ ලිංගික ජීවිතය යන පරිපූර්ණ මිශ්‍රණයක් සදාකාලික සම්බන්ධතාවයක් සඳහා අපූරු වට්ටෝරුවකි. සාර්ථක දිගුකාලීන විවාහයන් පවත්වාගෙන යන බොහෝ යුවළයන් ඔබට කියනු ඇත්තේ විවාහ පොරොන්දුව ආරක්ෂා කිරීමට මිත්‍රත්වය, සහයෝගය සහ විශ්වාසය යන  ගුණාංග, සමීප සම්බන්ධතාවයක් පවත්වාගැනීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. මේ අතර මූලික දේ නම්, විවාහය තුළ ලිංගික ජීවිතයේ වැදගත්කම කිසි විටෙකත් අවතක්සේරු නොකළ යුතුය.

ඔබේ සම්බන්ධතාවයේ මුල් වසර දෙස ආපසු හැරී බලන විට, ඔබේ මතකයට මුලින්ම ඇතිවූ ප්‍රීතිමත් සතුට සිහිපත් වේවි. හොඳ සම්බන්ධතාවයක සහ ස්වයං සතුට සෙවීමේ වෙනත් සාධකත් සමඟම සාර්ථක විවාහයකට හොඳ ලිංගික ජීවිතයක් යනු නැතිවම බැරි අංගයක්. විවාහය නොවෙනස්ව තබා ගැනීමට මේ සියළු ගුණාංග හොඳ වට්ටෝරුවක් විය හැකිය.

විවාහයේදී ලිංගික ජීවිතයේ වැදගත්කම

ලිංගික ජීවිතයේ තෘප්තිමත් බව පිටුපස විද්‍යාවක් තිබේ. ටෙස්ටොස්ටෙරෝන් (testosterone) සහ ඊස්ට්‍රජන් (oestrogen) යන හෝමෝන වල අන්තර් ක්‍රියාකාරිත්වය ශරීරය ලිංගික හැසිරීම සඳහා සූදානම් කිරීම හා සකස් කිරීම සිදු කරනවා. ලිංගික තෘප්තිය ලබන අවස්ථාවෙහිදී මොළයේ ස්නායු ආවේගයන් වේගවත් පිබිදීමකට ලක්වන්නේ අවසානයේ සතුට හා බැඳීම් ආශ්‍රිත හෝමෝන වන ඔක්සිටොසින් සහ සෙරොටොනින් මුදා හැරීමෙන්.

ඔබේ සහකරු කෙරෙහි ඔබට ඇති සෙනෙහස, තෘප්තිමත් ලිංගික එක්වීමකින් පසුව ආත්මීය බැඳීමක හැඟීමක් දක්වා වර්ධනය වනවා. මෙම හැඟීම හා විවාහයේ සාමාන්‍ය මිත්‍රත්වය මිශ්‍ර වී දෙදෙනා අතර බැඳීම වඩ වඩාත් තියුණු වනවා

ලිංගික ජීවිතයේ වැදගත්කම

ඡායාරූප: iStock

දිගුකාලීන විවාහයන්හි අහිමි වන්නේ මොනවාද?

වසර ගණනාවක් ගෙවී යත්ම, විවාහය තුළ නව්‍යතාවයෙන් බොහොමයක් ඉවත්ව යන අතර සම්බන්ධතාවය සමීප සම්බන්ධතාවයකින් තොරව උදාසීන කලාපයකට ගමන් කරන්නට ගන්නවා. වෙනස් වූ ප්‍රමුඛතා සහ දෛනික ජීවිත ආතති එක් වූ විවාහ ජීවිතය තුළ සහකරුවන් එකිනෙකා සමඟ ගත කරන කාලය සොරකම් කරනවා.

තවත් කාරණයක් වන්නේ තෘප්තිමත් බවයි. උදාසීන බව හා කම්මැලි කම සාමාන්‍ය මිනිස් ප්‍රවණතාවක්. මේත් සමඟ දෙදෙනා අතර මුලදී හටගත් සමීප සම්බන්ධතාවයේ ඈලෝකය කෙමෙන් අඳුරු වනට ගන්නවා.

තෙවනුව, වයස්ගත වීමත් සමඟ සෞඛ්‍ය ගැටලු වර්ධනය වන අතර ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු වේ. ලිංගික උද්‍යෝගය නැතිවීම, ගැබ් ගැනීම, වගකීම් සහ ශරීර ප්‍රතිරූපය යන කරුණු යුවළකගේ ලිංගික ජීවිතයට බලපෑම් කළ හැකිය.

විවාහය තුළ සමීප සම්බන්ධතාවයක් නොමැතිද? දිගුකාලීන විවාහ සඳහා විසඳුම කුමක්ද?

ඔබ විවාහ වී අවුරුදු 8 කට වඩා වැඩි යුවළක් ද? නැතිනම් දිගු කලක් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවළක්ද? කෙසේ හෝ වේවා, ඔබ විවාහයේ ලිංගික හැසිරීමේ මෙම වැදගත්කම පිළිගත යුතුය. සමීප සබඳතාවට ප්‍රමුඛත්වය නොදක්වන එම සහකරුවන්ගේ විවාහය කෙළවර වන්නේ වන්නේ ලිංගික සම්බන්ධකම් නොමැතිවය. මෙය බොහෝ විට විවාහයේ අතෘප්තියට හා බිඳවැටීමට හේතු වේ. ඔබේ විවාහය ලිංගික උණුසුම නැති වී ඇති බව ඔබට හැඟේ නම්, ඔබ හැකි ඉක්මනින් ගැටලුව නිවැරදි කළ යුතුය.

ලිංගික උණුසුම නැවත ඇතිකරගැනීම සඳහා ඔබේ පළමු පියවර වන්නේ ‘ලිංගික ඇසුර පවත්වාගෙන යාමයි’. සහකරුවන් දෙදෙනාම අකමැති වුවද මේ සඳහා උත්සාහයක් දැරිය යුතුයි. කිසියම් ශාරීරික සමීපතාවයක් ආරම්භ කිරීමට පෙර, වාචික හා චිත්තවේගීය ලැංවීමක් ඇතිකරගත යුතුය. මෙය යුවළට සන්නිවේදනය කිරීමට හා සම්බන්ධ වීමට උපකාරී වේ. බොහෝ යුවළයන් වාර්තා කර ඇත්තේ ඔවුනෙගේ ලිංගික ජීවිතය නැවත් පණ ගැන්වීමට ගත් උත්සාහයන් වලින් පසු අත්දැකීම් ධනාත්මක වූ බවයි.

දිගුකාලීන විවාහයන් පවත්වා ගෙන ගිය යුවළයන්ට පහත සඳහන් උපදෙස් ඇත:

  1. එකිනෙකාව කොන්දේසි විරහිතව පිළිගන්න. එකිනෙකාගේ ආශාවන් නොසලකා හරින්නට එපා.
  2. වික්‍රමාන්විත වන්න. විස්මයන් එකට භුක්ති විඳින්න.
  3. කාලසටහනක් සකසා ඒ අනුව වැඩ කරන්න.
  4. චිත්තවේගීය සම්බන්ධතාවය අමතක නොකරන්න.
  5. එකිනෙකාගේ සහ ඔබේ සතුට එකට පිළිගන්න.
  6. විවාහය තුළ දිගුකාලීන සමීපතාවය සහ ලිංගික හැසිරීමේ වැදගත්කම
ලිංගික ජීවිතයේ වැදගත්කම

ඡායාරූප: iStock

ලිංගික ජීවිතයේ වැදගත්කම ආශ්‍රිත ප්‍රායෝගික අදහස් කිහිපයක්

  • පූර්ව ලිංගික චර්‍යා  නොහොත් Foreplay සරල සංවාදයකින් ආරම්භ විය හැකිය.

ඔබේ සහකරු ගැන උනන්දුවක් දැක්වීම, හොඳ දේවල් පැවසීම සහ වාචික අවධානය යොමු කිරීම බොහෝ විට ඉදිරි කාලය සඳහා පළමු පියවර විය හැකිය.

  • එය සැමවිටම ක්‍රියාව ගැන නොවේ.

දිගුකාලීන යුවළකගේ ශාරීරික සම්බන්ධතාවය සංසර්ගයට වඩා බොහෝ සෙයින් ඔබ්බට ගිය දෙයකි. එය එකට ස්නානය කිරීම, තුරුළ් කරගැනීම හෝ එකිනෙකාව සැහැල්ලුවෙන් සම්බාහනය කිරීම විය හැකිය.

  • මනෝභාවය සකසාගන්න සියළු ගැජට් ක්‍රියා විරහිත කරන්න.

ඔබ තිරයක් කෙරෙහි අවධානය යොමු නොකරන විට, ඔබ අවධානය යොමු කරන්නේ ඔබ සමඟ සිටින පුද්ගලයා වෙත පමණය. ඇවිදින්නට යාම හෝ බෙල්ල ටිකක් අත්ගෑම මගින් පරිපූර්ණ මනෝභාවයක් ඇති කළ හැකිය.

ලිංගික ජීවිතයේ වැදගත්කම

ඡායාරූප: iStock

  • සමීපභාවය ඔබට බලපාන ආකාරය හඳුනාගෙන සන්නිවේදනය කරන්න.

ලිංගික ඇසුරක් පැවැත්වීම පිටුපස ඇති උවමනාව හා අභිප්‍රේරණය තේරුම් ගන්න. ඔබේ සහකරුට හෝ සහකාරියට ඔහුගේ හේතු ද දැන ගැනීමට හා අගය කිරීමට ඉඩ දෙන්න. පොදු සාධක කිහිපයක් සොයා ගන්න හෝ එකිනෙකා වෙත හැරෙන්න.

  • සන්නිවේදනය, සන්නිවේදනය, සන්නිවේදනය.

සන්නිවේදනයේ වැදගත්කම මෙතෙකැයි කියා කීමට අපහසුය. ඔබේ විවාහය ඇති කිරීම හෝ නැතිකිරීම සිදුකිරීමෙ සම්පූර්ණ බල සන්නිවේදනයට පමණක් ඇත. මේ නිසා එකෙනෙකා සමඟ කතා කරන්න. එකිනෙකාට සවන් දෙන්න.

ඇයට ඉඟි

ඔබටම ආදරය කිරීමට පුරුදු වන්න. ශරීර ප්‍රතිරූප ගැටළු වලින් මිදීමට ඉගෙන ගන්න. සන්සුන් වී විනෝද වන්න. ඔබේ දෛනික කාර්යභාරය වටා කාලය හා ස්ථානය සකසාගන්න.

ඔහුට ඉඟි

ඔබේ සහකරු උච්චතම අවස්ථාව කරා ළඟා වූ බවට වග බලා ගන්න. දේවල් රසවත් කිරීමට උත්සාහ කරන්න. නව ස්ථාන සහ සම්බන්ධ වීමට ක්‍රම සොයන්න.

අවවාදයයි: පරිස්සමින් හැසිරෙන්න එපා. ඇය බිඳෙනසුලු නොවේ. බිඳී නොයනු ඇත; ඇය ඔබේ ස්පර්ශයට නැමේ. ඈ මත නිවැරදි දෑත් යුගල තැබෙන තාක්කල් ඇය එම දෑත් වලට නතු වනු ඇත… ”- එන්. ආර්. හාර්ට්.

මුලාශ්‍ර: ABC News, Fatherly, NBC News, Women’s Weekly

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි