theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

4 අවම කියවීම
ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

ඔබ දරුවන්ගේ පාසල් බෑගය හරි ලෙස තෝරා ගන්නේ නැතිනම් අවසානයේ දරුවන්ට ඉතා අවාසනාවන්ත ලෙස පිටකොන්දේ වේදනාවන්ට ලක්වන්නට සිදුවේවි.

දරුවා පාසල් යාම ඇරඹීමත් සමග දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් භාවිතා කිරීමද ඔහුගේ ජීවිතයේ වැදගත් අංගයක් බවට පත්වෙනවා. දිනචර්යාවේ වැදගත් දෙයක් ලෙස දිනපතා රැඳෙනවා.

දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක්

නමුත් ඉතා සුපරික්ෂාකාරීව පාසල් බෑගය තෝරා නොගත්තොත් ඉන් ලැබෙන ප්‍රතිඵල දරුවාගේ ජීවිත කාලයටම දැනෙන්න පුළුවන්.

විකලාංග පිළිබඳ අධ්‍යනයක නිරතවෙන ජර්නලයක් විසින් දරුවන් 3500ක් ඇසුරෙන් කළ පරීක්ෂණයකදී බොහෝ දෙනෙකුට කොන්දේ වේදනා ඇති බව සොයා ගැනුණා.

පාසල් බෑගයක් තෝරා ගන්න විට ඔබ සිතිය යුතු කාරණා, කොන්දේ වේදනාවකදී කළයුතු දේවල් හා නොකළ යුතු දේවල් රැසක් තිබෙනවා.

හුඟක් බර බෑගයක් පිටේ එල්ලගෙන යාමෙන් වන අනිසි බලපෑම්, වේදනා ආදිය ගැනත් දැනගන්න විකලාංග ශල්‍ය වෛද්‍ය සිවො හුආ මින්ග් ට කතා කළා. ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් නොවෙනා රෝහලේ සේවය කරනවා.

බර වැඩි, නිවැරදි ලෙස දරා ගත නොහැකි බෑග් හා සෞක්‍ය ගැටළු

ඉතා බර වැඩි බෑගයක් නිසා දරුවන්ගේ පිටකොන්දට පීඩනය නොදිය යුතු ස්ථාන වලට පීඩනයක් දැනෙන්න පුළුවන්.

ඉන් දරුවාගේ සමබරතාවය බිඳෙන්න ඉඩ තියෙනවා. මේ නිසා දරුවන්ට නිකරුනේ වේදනා විඳින්නට සිදුවන්නේ කශේරුකාවේ හා ඒ ආශ්‍රිත මාංශ පේෂින්ට වන බලපෑම නිසයි.

දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක්

ඊට අමතරව උරහිස් හා කොඳු නාරටියේ ඉහළ පහළ කොටසට මේ නිසා හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බව වෛද්‍යවරයා පවසනවා.

ඒ වගේම ඉන් ඉල ඇට කටු අපහසුතා, බෙල්ලේ මස්පිඬු වල වේදනා, හිසරදය, අත්වල වේදනා ආදියත් වෙනත් ශරීරයේ ස්ථාන වලටත් බලපෑමක් ඇතිකරනවා.

බොහෝ පිටකොන්දේ වේදනාවන්ට ප්‍රමිතියෙන් තොර බෑග් වල බලපෑමක් තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙම බර දැරීමට නොහැකි වීම නිසා මෙම වේදනාවන් හටගන්නා බවයි.

එක පැත්තකට පමණක් බෑගයක් එල්ලගෙන යාම නිසාත් කශේරුකාව එක පැත්තකට ඇඹරී යන්න පුළුවන්.

ඊට කශේරුකාව මැදට පීඩනයක් එල්ල වෙනවා. මෙලෙස ආරම්භයේ වේදනාවක් ලෙස ඇතිවුණත් දීර්ඝ කාලීන බලපෑම් ඉන් ඇතිවෙනවා.

මගේ දරුවාගේ පාසල් බෑගය බරින් වැඩිද? හඳුනාගන්නේ මෙහෙමයි

  • සමබර නැති ගමන් විලාසය.
  • ඉරියව් වල වෙනසක්.
  • ප්‍රමාණය ට වඩා කුදුවී බෑගය රැගෙන යාම.
  • පාසල් ගොස් පැමිණි විට කොන්දේ වේදනා ඇතිවීම.

මෙවැනි ලක්ෂණ ඇත්නම් එය පාසල් බෑගයේ බර නිසා ඇතිවන තත්වයක් බව වටහා ගතයුතු වෙනවා. පාසල් බෑගය වෙනස් කිරීම හා වෛද්‍ය උපදෙස් ගැනීම කළයුතු වෙනවා.

දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තේරීමේදී මේ වැරදි සාදාගන්නේ කොහොමද?

ඔබේ දරුවාගේ පාසල් බෑගය සුළු වෙනසක් කිරීමෙන් හෝ පිළිවෙත් වෙනස් කම් කිරීමෙන් මේ වැරදි නිවැරදි කරගන්න පුළුවන්.

ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

වෛද්‍යවරයාට අනුව හරි ආකාරව ෆිට් නොවන පාසල් බෑගයක් උරහිස් වලින් පිටට තද කර සමබර කිරීමත්, බර වැඩි දේවල් වෙනත් බෑගයකට දැමීමත් කළහැකි වෙනවා. ඉන් බෑගය සමබර කර ගැනීමට පුළුවන්.

ඒ වගේම අත්‍යවශ්‍ය බඩු විතරක් බෑගය තුළ දමා ගන්නත් අනවශ්‍ය පොත් පත් ඉවත් කිරීමද වැදගත්. නමුත් බෑගයේ ප්‍රමිතිය හොඳ තත්වයේ නැත්නම් මෙලෙස වෙනත් ආකාරයෙන් විසඳුම් ලබාදීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. 

බැක් පැක් පාසල් බෑගයක් තෝරාගන්නා විට මේ කරුණු ගැන සිතන්න.

choosing the right school bag for your child

Back Width =  පිටිපස පළල
Ridge of Shoulder Blade to - දෙපස උරහිස් සමග
Ridge of Shoulder Blade - සමානුපාත වීම

Shoulder line - උරහිස් සීමාව

Back Height = පිටුපස උස
shoulder Line to - උරහිස සීමාව සිට
waist Line + 2 inches - ඉනට දිග + අඟල් 2ක්

Waist Line - ඉන
Hip Line - උකුල

නිවැරදි පාසල් බෑගයක් දරුවන්ට තෝරා ගන්නේ කොහොමද?

  1. වඩාත් සුදුසු වන්නේ පැත්තට එල්ලගෙන යන බෑග් වලට වඩා (බැක් පැක්) හෙවත් පිටුපසට එල්ලගෙන යන බෑග් එකයි.
  2. දරුවන්ට පහසුව සඳහා මැදින් ඇති පටි සහිත බෑගයක් හා පටි මහත වීමත් හරියට සමබර ලෙස පිටුපසට සිටින ලෙස ගෙනයා හැකි වීමත් වැදගත්.
  3. බෑගය බර නම් පපුවට පහළ ඉනට තදකරන පටි වැදගත් වෙනවා.
  4. වීල් සහිත බෑග් ළදරු පාසල් හා ප්‍රාථමික පාසල් වියේ සිටිනා දරුවන්ට තෝරාගන්න.
  5. දණහිස් වලින් නැමී බර බෑගයක් එසවීමට දරුවන්ට කියා දෙන්න.
  6. හැම විටම බරින් වැඩි පොත් මැදට වනසේ තැන්පත් කරන ලෙස උපදෙස් දෙන්න.
  7. දිනපතා, හෙට ගෙනයන බෑගය අලුතින් සුදානම් කිරීමට උපදෙස් දෙන්න.
  8. බෑගය ගෙන යන හැම අවස්ථාවකම එහි පටි නැවත නැවත පරික්ෂා කිරීමත් දරුවාට ඊට උපදෙස් දීමත් වැදගත්.
  9. සමහර දිනක ඔහුට වැඩිපුර පොත්පත් ගෙනයාමට සිදුවේනම් ඒවා අතේ රැගෙන යාමට සුදානම් කර දෙන්න.
  10. ඔවුන්ට තරමක් දුර, බෑගය සමග ඇවිදයාමටත් බෑගය ගැලවූ පසු වේදනාවක් ඇති නොවීමත් සිදුවිය යුතු වෙනවා. දරුවා රැගෙන යන බර දරුවාගේ බරින් 10% - 20% දක්වා නොඉක්මවීම වැදගත්.
  11. දරුවාට දැනටමත් කොන්දේ වේදනා ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා දෙන්න.

වර්තමානයේ අධ්‍යාපනය සඳහා වන තරගය සමග දරුවන්ගේ නිරෝගී බව ගැන අවධානය නැතිවී යන නිසාම theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය. 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?
බෙදාගන්න :
  • පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

    පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

  • හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

    හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

  • පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

    පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

  • හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

    හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it